රහස් World Of Aru පෙමින් බැඳෙන විට..හතර වටේටම බැඳිනෛතිකය.හිනැහි හිනැහී ඔච්චමට..කියනු ඇත කයි කතන්දර වටේටම.රහස නොරහසක්ව හමයි බමන් මතින්...#අරු
එන්න අපි තනි වෙන්න. World Of Aru හිම වැටෙන දිගු රැයක උණුසුමක් මට දෙන්න.ගිනි උඳුන ළඟ ඉඳන් උණු කෝපී හුඟ බොන්න.තනිකමක් නොදැනෙන්න තුරුලු වී හිනැහෙන්න.ආදරේ ගැන කියා එන්න මා සිප ...
නෙට් වර්ක් ඉංජිනේරු පෙම්වතාට World Of Aru නින්ද නැතිව අරුණෝදය නැගුනාද, රෑ සඳ හරිම වේගයකින් පිපුනාද, ඒසී නිසා දාහය නොම දැනුනාද, අහරක් නොගෙන නිදි තුරුලට වැදුනාද, එකවිට ඩවුන් දෙක තුන හෙම වෙන්වාද, හිස ඔසවන්නවත් කාලය නැතිවාද, මොනිටරයට නෙත් දෙක හුඟ රිදුනාද, නෙත්දෙක පියා නිදි ඔබ ඒ හින්දමද, බග්ස් හුඟ නිසා තව තව හිර වීද,. කෝල්ස් නිසා සවනත හුඟ රිදෙනවද, කෝඩ් හුඟක් මතකයේ නොම නැවතේද, ටීම් එකත් පිස්සු ...
මේ කවි නුඹට .... World Of Aru බරටම දැනෙන හුස්මක් සුසුමක් වීලාගහගෙන යාවී මාරුතයම කලඹාලාඒ සුසුමෙන් උපදින කවි පබඳාලානිහඬව ඉන්නේ නුඹ දකිනවා රිසි වීලාඅඹ ගහෙ හැදෙන්නේ අඹ ඵල නොවේදමඩෙ වුව පිපෙන්නේ නෙලුඹු නොවේදසැඟවු නියා ආදරයක් බිඳේ දමේ කවි සියල් නුඹ නමටම නොවේද ...
දර්ශනය World Of Aru නාඩි වැටෙනව තවමමැරිලා නෑමයි දැනටනොමියව, හුස්ම ගන්න සවිය තියෙන්නෙම තරබෑරුමක...ඉතින්... මං යනව හැමදාම බොන්න...මගේ වීදුරුව අස්සේඋඹ හිනහෙනවා. මා එක්ක කියවනවා..පෙම් කතා කියනවා....මං ඔහේ ඒ දර්ශනෙ බලලාගෙදර එනවා..ආයේ හෙට දර්ශනෙටත් යනවා..**********************************************සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.. මට හිතෙනවා දැන් බ්ලොග් ලෝකේ යාලුවොත් දැන්දැන් හරියට බිසී වෙලා කියලා.. දුමී අයියත් ...
අභව්‍ය නොවෙම් World Of Aru මලක් වුව පිපෙනපරවෙන නියමයක් ඇත්තේද...ගසක් වුව අතු බෙදී කොල හැලී, වෙනස් වෙන නියමයක වන්නේද...ගගන වුව නිල් වලා විසිරුවා අලු මැදින් ගිනි විදා හඬන්නේද.....අභව්‍යයි සොඳුර නිසලතාවය. ඉදින් ඒකයි මගෙත් මේ සසලතාවය... ...
වලාකුලු ☁ World Of Aru මගේ ඇස් තිබුනේ මොහොතකට නිල් වලාකුලු වල එල්ලිලා. හරියටම කියනවා නම් මගේ උපැස් යුවල වලාකුලු බොඳ නොවී බලන්න මට උදව් කලා. ලා පැහැති නිල, ධවල පැහැති වලාකුලු එක්කලා හරියට තරඟෙක යෙදිලා වගේ මං බලා ඉද්දි මාව පහු කරලා ගියා. ඔෆිස් එක ඇතුලේ සීතල නිසා මට ජනේල් පියන්පත් හැරලා ඒ සුන්දරත්වය විඳ ගන්න බැහැ. තට්ටු දහයක් උඩ හිටියත් වලාකුලු හිටියේ මට ...
ඉරණම World Of Aru උපන් සැනෙකින් ඉරණමම ඇතිය ලියැවී. නොවන් කිසිවත් බාර කැපු ඉනි ගඟට වැටෙතී. මුදුන් මුලෙකත් විපත කුණාටු සැඩ රකුස් මවති. පවන් නොපහත් වීම මහ ගහක් උදුරාලන මඟකි. කන්දකින් මියදි උල්පතක් කඩාගෙන දිය රැලක් උපදී. පන්සලක් ළඟදි වුව රාග ගිනි සිලුත් නොසැඟ ඉපදී. කඳුලකින් ඉපදී සිනහවක් නම් රැවටුමක් පමණී. පින්සලක් අතැති සිත්තරෙක් විය නුඹ මැව් රටා වැරදී. උදෑසන දිනිඳු උව කාෂ්ටක බවක් ...
විස්මය World Of Aru ඔබ එනතුරු බලා හිඳ,නිදිමත තරු, නයනත සිඹිනි.මා අනියත බියෙන් තරු වැරෙන් ගලවා විසි කරමි.ඔබවිත් (නො)සිප (නො)වැලඳනාන කාමරයට වැදෙනි.මම, දොර'ගුල නොහැර ඒ තුල මැවෙමි.ඔබ නුදුරුව හිඳිමි.නොදුටු නුඹ සැනෙන් විත් බොජුන් කිසනිදිමත තරු බලෙන් නයනතට ඔබා නිදති.මා තරු නිවා පහනක් ගෙන එලිය ගමි.ඔබ දෙස බලා මත් වෙමි.තොල් මත වැතිරෙමි.සිහිනෙන්ම හාදු අත'රිමි.විඩාවට බනිමි. ඔබට නොබනිමි.ආදරෙන් හිස මත අතැඟිමි දුවමි.ඉදින් මේ ...
විසඳුමක්?? World Of Aru පිරිමි පපුවක ලතෙත් බව මහ හුඟක් මිහිරියි දන්නවා. තුරුලු කරගෙන නින්ද එනතුරු නලල හෙමිහිට ඉඹිනවා. මට හෙමින් හෙමින් හැම හැඟීමක්ම ලියන්න හිතුනා. මේ මහ රෑ ඇහෙරෙනවා සමහර වෙලාවට.. එතකොට මං ඔයා දිහා බලන් ඉන්නවා.. සමහර වෙලාවට ඔයා මාව තුරුල් කරගෙන ඉන්නවා මං හදිස්සියේ නැගිට්ටෙන කොට. සමහර වෙලාවට අනික් පැත්ත හැරිලා ඔයා නිදි. ඇත්තටම හුඟක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදා ගන්නේ ...
රටබීම හා තවත් කතා World Of Aru කාලෙකින් කිසිම දෙයක් නොලිව්ව නිසා මං අලුත් කතා ටිකක් පල කරන්න හිතුවා.. මේක කලින් ලියපු එකක්.. වැඩිය එඩිට් පාරවල් දැම්මෙත් නැහැ.. එහෙනම් කියවන්නකෝ යාලුවනේ.... රටබීම හා තවත් කතා යනු තවත් එක් ප්‍රබන්දයක් නෙවෙයි ඇත්තටම.. මගේ පුංචි කාලේ ගැන ලියන කතාවක්. මෝඩ වැඩ, සීරියස් වැඩ, හොඳ වැඩ, නරක වැඩ, අබිරහස් වැඩ ගැන ලියන කතා එකතුවක්. රට බීම කතාව මං චූටිම කාලේ ...
කවියකුගේ උපත World Of Aru කවියකඳු කියවලා නොසොයන්නා එහි මූල මූලකේෂෙක වුණත් තියෙන්නේ සවිවුණම හීන. හීන එකිනෙක බොඳවෙච්ච අතීතය ගිය යෑම මතකයට වැටුන කල මැවෙන්නේ කවි කෝව. මිනිහෙක්ගේ හිත තලපු ආදරය මවන දුක් ගීය හලන්නේ හදවතින් දැනුන කල රහ බීර. කවියකු මවනකොට කවි වලින් විරහ බීම. ඉවසන්න හැකිය ප්‍රේමයේ තිත, නැතිවම බීර . ...
නම World Of Aru පාවහන් පැලැඳ විත් ගලවාම නොතබා...හදවත මත ඇවිදින විදියත්,ඔබ හුඟක් අරුමයක්.ඇනී සිර වුණ ගල් කැට පතුලතගැලවි ගැලවී විසි වනනුමුත් රිදුමට වඩා නොරිදවන.....මා නොඇඳ කිසිවක්.ඉවසමි නුඹේ අඩි.රිදෙමි, රිදවගමි.ආයෙත් සිඹිමි නුඹේ අඩි.සටහන්ව ඇත්දැයි බලමි,නොදුටු සේ ඉමි...යලිත් හිස රුවා පා සටහන් ගැනම වෙහෙසෙමි..ඝනීභවනය තරම් රිදුමකුඳු නොදනිමි.නුමුත්, නටඹුනුත් නොසලකමි.පොසිල පමණක්ම පතමි.ඒ පොසිලයට ආදරය යන නම තබමි. ...
රස විඳින්න World Of Aru ඉන් පසු ඔබ සිටින විට..තුරුලුව පෙම් බස් දොඩන විට..මගේ ඉසව්වටභූමි කම්පා කරවන්න.අව් රැස් වැඩිව නිද්‍රා කරවන්න.ඔබ රැඳෙන පෙදෙසෙසුළඟ වුව දඟ කරවන්න.ඔබේ බස උකහා නොගන්න.නුඹ නුඹේ නව ප්‍රේමීය හා බැඳෙන්න.සම්මත බව පසෙක අසම් රස විඳින්න... ...
කඳුලු World Of Aru කඳු මුදුන්, ගිරි දුර්ග මැද නිසල තැනිතලා......... ඒ තැනිතලාවෙක නුඹ නැතිව මං පාළුවෙන..... මැණික දැන් බෝ කලක්ය... කඳු මුඳුන් හැර දමා,, ගිරි දුර්ග මත හෙලා පහත් බිම් තෙම තෙමා අයිස් වී සීතව හුඟ කල් නිදන්ව හුන් මගෙ කඳුළු කැට ගලන්නේ දැන් ය.. නුඹම සොයානය... මගෙ මැණික නුඹ විනෝදෙන් ගිලෙන්නේ එහිය.. ...
පැතුම World Of Aru සිත රිදිලා නෙත් කඳුලැලි පුරවන්නා.හිස නොනිදා නුඹ ගැන සිහිනෙන් විඳිනා.ප්‍රේමය තිබුණමුදු කන්දක තරම් පවා.නුඹ හිමිකම ලියනුයේ නිරිඳුනි කවදා.ඔබ අවුදින් යන ක්ෂණයෙන් සිත මිදුනා.ඔබ කිව් වදන් වෙනසක් නැතුවෙත් නැතුවා.එක එක වදන් ගෙන වෙනසත් තෝරන්නා.රිදෙන සිතට තව ගල් කුළු කුමට සදා.කෙලෙසක මෙ'කව අවහර වෙනවද සොඳුර.කෙලෙසක සිදුවුණත් රැකදෙනු නුඹ ...
නොරිදවන World Of Aru ලිඛිතා ලියු කවියක් මගේ හිත රැයක් පුරා පහුරු ගෑවෙන්, ලියා දැම්මෙමි.... රිදවන දනන් මැද දුවෙකුට නොරිදවන එකම පිරිමි ලය හිමි පියෙකුටම පමණ රුහිර කිර නොවුනට හිත ලෙයෙන් මිරිකෙන ගල් බොරලු වැදී වැදී කැලල් වුන හදකි ඉතිරිව නොකීවට ආදරේ බැව්, නොකියාම මහ සයුර පරදන, ආදරේ පුද දුන්න මහ විසල් හද පත්ල හිමි එකඳු පිරිමි හිත ඈත හිඳ බලන් හිඳ හදවතින් තුරුලු ...
කෙහෙරැලි World Of Aru "නිර්මා...!" බොස්ගේ වචන එක පාරටම මාව බය කලා. උදේ පාන්දරම මාව දුටු බොහෝ දෙනෙක් වගේම බොස් ඉන්නේත් ශොක් වෙලා වගෙයි. මං සුපුරුදු හිනාවෙන්... "ගුඩ් මෝනින් සර්.." සුපුරුදු විදියටම මං ගුඩ් මෝනින් කිව්වේ කිසිම වෙනසක් නැතුව... තත්පර කිහිපයකට පස්සේ බොස් දබරගිල්ලෙනුයි මාපටගිල්ලෙනුයි නලල පිරිමැද එතනින් ගියා.. සිදුවුන සිද්දිය වටේ ඉන්න හැමෝම බලාගෙන.. ඊටත් මං දිහා කන්න වගේ ...
ප්‍රේමයේ ප්‍රාර්ථනා.... World Of Aru පෙම්වත, ඔය හුඟක් ලස්සනට වහ වැටුනු කෙල්ලන්'තර, ප්‍රේමය විහිදුවාලා අතු පතර.. "මා නුඹට නුසුදුසුයි." කියා විඳවනා හර්දය.. රකිමි මියෙනතුරු පුරවලා අනවතර පෙම් දියර... ඉන්න බැරි තැන සීරුවට "මා දුරින් ඉන්නම් මැණික" යැයි වයන. එකම එක චලනය වෘත්තීය බවම නොදන්නවා ලෙසම නුඹ සිටීමත් අරුම.. නෙක පැහැ මල් අතර නුඹම පෙම් කල අවලස්සනම මල.. මා හැර වෙන කවුද, සුවඳ පමණක්ම විදාලුව... දුකම ...
Untitled Post World Of Aru සනහස මැවී බොඳවුණ එක නිමේෂෙක.තොටුපල පෙනි පෙනී හැරගිය පාරුවෙක.සිතිජය දැන දැනම හොයමින් ඇසිල්ලෙක.කුමකට පෙමම තව පූදිනු නුරාවෙක.තනිකම තුටකි, තොටුපල හැර ගිය දාක.නැවියෙකු වේද පාරුව පැද ගියදාට.මදහස මැවෙන නෙත අග ඇති කඳුලෙකද.ශෝකය නැතැයි කා හට නම් කිව හැකිද. ...