පුරහඳ World Of Aru බොහෝ පිහි ඇනුම් පහරවල්, ඇනී ඇනී දුක් සුළි වරා.. රුහිරයෙන් තෙත් නොවූවත් සඳ, ආවාට විය දුක වරා... නුමුත් කිසිදා නොපැරදි දෙන, මහත් ආලෝකය දරා.. හෙටත් සඳ ඇති පුරහඳක් වී, ලොවට ප්‍රේමය කියවනා... ================================= ලියැවෙන්නේ නැති කතන්දර ගැන දුකය.. බාගෙට ලියැවුන කතන්දර ගැන ඊටත් දුකය... පුංචි කවියකින් සිත සනස ගැනීම පහසු නුවූවත් එයට ඇබ්බැහි වෙන්නටම සිතේ, ඒත් කවියෙක් නොවෙමි මම්...
වසන්තය World Of Aru මලින් මල පිපෙන , කුරුලු ගී ගයන, සුපෙම් සිත් නිවෙන සමය නම් වසන්තය...නමුදු සුපෙම්වත....,,,නුඹෙ සිනා මැවෙන, සුවඳ නුඹෙ දැනෙන,ම'සිත පොබයන, සමය මට වසන්තය...
කුමරියකගේ වැලපුම World Of Aru සනහස් බවෙන් පිරි උතුමන් සේ පැහැද අනුහස් වියෙන් සිරි දිවියෙන් පිරි නිබඳ තිසුලවි පිනෙන් කිරි සීනය වේ ඉපිද පින්දම් වඩන් පිරි යන්නට සිරි නිරිද කුලුණු ගුණෙන් පිරි හද දෙවොලක වැඳුම සැලුණු හදින් කඳුලැල් දිය ...
කුරුලු දඩයම -03 World Of Aru ලිපියෙන් පසු දුර්ශාන් තීරණය කලේ අභියෝගය බාරගෙන කෙසේ හෝ ක්‍රිශෝලී දිනා ගන්න... ඇත්තටම ආදරයක් ජය ගන්නවා කියන්නේ ලෙසි පහසු දෙයක් නොවන වග දුර්ශාන්ට තේරුණා.. නමුත් ඔහු පසුබට වුණේ නැහැ.. ඔහු බීජ වර්ග එකින් එක හොයාගෙන තමන්ගෙ පැස පුරව ගත්තා.. ඒවා අරගෙන හනික වේගයෙන් පියඹා ගියේ දකුණු වියලි තීරුවට.. ඒකෙන් එක කොටසක් තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම තුරු වවන්න ආරම්භ ...
Untitled Post World Of Aru තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි.රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි.පෙමක් අහිමිව යන්නේ කෙලෙසකණයට දීමක් නොවේ පෙම සකි.යලිත් හමුවක් නැතිව ගිලුනත්සිඳුට නෞකා හුඟකි බර නැති. ...
නිදහස් සෞඛ්‍ය, තම සෞඛ්‍ය අහිමි කරගත් අධි මානවයා හා රෝහල් පිරිවැය World Of Aru ශ්‍රී ලංකාව දරුණුම ආගාධයකට වැටි සිටී. එය නැවත ගොඩ ගත් හැකි නම් ඒ ව්‍යවසකයින්ට පමණි. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගෙන, තමා ගොඩ යෑමක් නොව ප්‍රජාවක් ගොඩ යෑමක් ගැන සැලසුම්කරමින් පරාර්ථකාමින් ක්‍රියා කරන්නේ නම් රට නැවත ගොඩ නැංවිය හැකිය. දේශපාලනය නැවත කෝවක දමා හෝ ගොඩ ගත නොහැක. ඔවුන් සිදු කරන්නේ යළි යළිත් රට ආගාධයෙන් ආගාධයට දැමීම පමණි. ඔවුනොවුන්ගේ දරු මුණුපුරන් ග්‍රීන් ...
මීට ප්‍රේමය World Of Aru ඔබ දන්නවද..ඔබ ගැන හිත රිදවාගෙනමෙය ලියන බව...ගින්නක් නැතුව දුමක් නොනගින බවත්,ඔබ බිඳින්නට නොව අසම්මතය වැරදි බවත්, ප්‍රේමය නිවැරදි බවත් කියන්නට මෙය ලියන වග...ඔබ ඔබේ ප්‍රේමය පමණක් සුරක්ෂිත කරගන්න...ඔබද ඇයද, එකව හමාර බව හඳුනා ගන්න...ඔබ ගියත්, ඇය ගියත් අසම්මතය නම් කඩතොලු පාර දිග...ඔබ නොරිදවා ගන්න.. ප්‍රේමය නොමියෙන බව පමණක් මතක තබා ගන්න...මීට ප්‍රේමය. ...
සින්ඩරෙල්ලා World Of Aru එදා තමයි දවස... ඉර පායලා තිබ්බේ නැගෙනහිරෙන් වුණාට දූපතේ බටහිර පැත්තේ හිටපු මං ඉර ඈතින් අහසට නගිනවා දැක්කා.. ඒත් ඉර බටහිරට එනකම් මට වෙලාව තිබ්බ නිසා මං කලේ මේකප් දාලා පුරුදු වුණ එක... මේකප් එක දැම්මත් නොදැම්මා වගේ තියෙන්න ඕනා. මට ඕන වුනේ ස්වභාවික විදියට මේකප් එක දාන්න.. ඒත් මගේ මුහුනේ තියන කුරුලෑ වල වල්, කැඩිච්ච කුරුලෑ කැලැල් පෙන්නන්න වුවමනාවක් ...
හිස්තැන් World Of Aru සුසුම් හෙලා කුමට, සපත කෙරුවාට ආදරය.. මෙය නුඹේ ක්‍රමයැයි අදහමින් මියෙන තුරු හිඳින්නම් බලාපොරොත්තුවේ දෑස් දල්වගෙන.. නොහිඳියා නම් මේ තරම් දිගු දුරක්. පෙම් නොකල බවම පමණක්ම අදහන්න තිබුණා නොවෙද.. මේ තරම් පොඩි ගමනක අවුරුදු ගණනක නවාතැනක්ව නුඹ මා හුන් දින ගණන්.. වකවානු නොසිඳේවී මතකයෙන්.. තුති පුද කරන්නම්.. මේ තරම් සවියක් වූවාට මෙතරම් කාලයක් ළඟින් හිඳ, දුර ගියත් කෙටි තත්පර වලින්... ...
පෙම්බර හිත තවම.... World Of Aru කඳු සිටගෙන සිටියද බිම බලාගෙන තැනිතලාවට පෙම් කරන්නෙකි... සයුර රැලි ගසා නැවත ගියෙද වෙරලෙහි නවාතැනකට කැමැත්තෙනි... ඉදින්, ඔබ ගියෙද ඈත හිඳ බලා හිඳින මගේ ළඟ පෙම්බර හිතකි..... ...
පෘථිවියේ ජලය අවසන් වන ප්‍රථම නගරය World Of Aru පින්තුරය : 2018 ජනවාරි 20 වනදා. කේප් ටවුන් සඳහා බොහොමයක් ජලය සපයන මෙම ජලාශය වර්තමානයේ අනතුරු ලෙස අඩු මට්ටමක පවතී. නොබෝ දිනකින් එනම්, මාර්තු මුල් භාගයේදී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී සියලු ජලය තුරන් වනු ඇතැයි ස්වභාවික විද්‍යඥයෝ පෙන්වා දෙති. දැනටමත් ඉතා උග්‍ර ජල හිඟයකට ලක්ව සිටින දකුණු අප්‍රිකාව ජලය රැක ගැනීමේ හා, ජලය සොයා ගැනීමේ ව්‍යාපෘති රැසක් ආරම්භ කලද, සියල්ල ...
පුලුවන්ද..... World Of Aru ඔයා මුදු හිනාව රඳව ගන්න... එතකොට, මට පුළුවනි හිත හදා ගන්න... මේ දේවල් අවසාන ඉල්ලීම් යැයි සිහි තබා ගන්න.... පැය විසි හතරක්වත් මං මැරුණම තියා නොගන්න.. මං බයයි තාම මිදෙන තරම් සීතලට.. තුරුල් වුණ හැටි මතකද සීතල දැනුනම නුඹේ පපුවට... ඒ නිසා ඉක්මනින් වල දාන්න.., පුලුවන් නම් මල් ගහක් යට හොයාගන්න.. රොබෝසීයා, මැයි මල් ලස්සන බව මතක තියාගන්න... එකම එක ...
මොහොමඩ් නුඹට World Of Aru නුඹ නොදනවත් මොහොමඩ් ෆාතිමා හොරෙන් බැලුවා.. මුසල්මානුවන් නොවන වුන් වුව ඈට පෙම් හසුන් යැව්වා.. ඒවා නෙත් වලින් ඈත් වින්දා... කට්ට කරුවල ලෝගුවක් හැද ඈව නුඹ තනියමත් නොයවා අන්තවාදික දහම නාමෙන් ගෑණු බොරුවට රහසේ තිබ්බ. ඒත් නුඹ රට බඩුත් සෙව්වා.. රෑට නුඹ ඇගෙ සියල් රිදවා බිමට යන්නට පහර දුන්නා සුපිරි මෙට්ටයේ පහස විඳ විඳ නුඹ තනිව ඒ ඇඳේ උන්නා ඈ බිමට ...
ආවර්තීය චලන World Of Aru මට වුවමනා වුනේ වනවාසී වෙන්න.. හැමදේම ශුන්‍යත්වය මෙනෙහි කරමින්, සමාජයෙන් වෙන්වී, වෙනස්ම ජීවියෙක් ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්න. සත්තු , ශාක, විතරක්ම මගේ අසල්වැසියෝ කරගන්න. සියල්ලම අවසන් වෙලා තිබ්බේ අපහසුම විදියට. සියල්ලටම මං නිවැරදි වුණේ එයාලා සතුටක් වෙන අවස්ථාවකදිම පමණයි... ඒ හැර අන් සියල්ලම මං චෝදිතයි..ඒ වගේම එයා නඩු තීන්දුව නඩු ඇසීමක් හෝ නොමැතිව පල කර අවසන්... මේකත් අවසන් ...
රැවුල නැත්තම් මං ඔයාට අකමැතියි World Of Aru හීනියට හිනාවෙන තොල් සඟල. කතාවක් කියා නොකියන නෙත් අඳුන. ඔය කෝකෙන් මං වර්ණනා කලත්, මං කැමති රැවුලට...
සඳ World Of Aru සැඟවී මසක භාගයකුත් ගෙවාගෙන, දිලිහී ඉතිරි දින සොලොසත් පිපිගෙන, සඳ සේ එලිය කර මා දිවි, පිපිගෙන එක තරුවක්ද මම සඳ වට දල්වගෙන
වසන්ත පෙම World Of Aru සටන් කලද හද අරගලයකම වැදී පටන් දිනයෙ සිට කවිකම නුඹට හිමී ගයන් කෙලෙස රස කවියකම වැදී වසන් කලෙද නුඹ ලියකම් කරපු කවී වසන්තය පුරා පිපි මල් නුඹට හිමී දසන්තය පවා ලෙල දුන් මලම සිඹී අනන්තය දවා හළු ...
කුරුමිට්ටෝ World Of Aru ඉන්නවා කුරුමිට්ටෝ,තමන් උස යැයි හිතාන.අනෙක් මිටිවුන්ට හිනාවී..දළඹු කෝෂෙන් එන, සිරව ඉපදුන කුරුමිට්ටෝ..දන් නෑ තමන්ට වඩා උස වුන් සිටින බව..සේලයින් බෝතලය ගලවන්න පමණක්ම හැකි ඒ, උසැති කුරුමිට්ටෝ..ගස් නගිති ගෙඩි කඩන්නට.ඒ ගෙඩි, සමහරු ඇඟිලිතුඩෙන් ඉස්සි කඩති.කුරුමිට්ටෝ, උසැති යයි හිතාන ඇවිදිති.. කති... බොති... කුඩා කුරුමිට්ටන්ට සිනා වෙති.උසවුන් ඔවුන්ගේ ගමන යති.. කුරුමිට්ටොන්ව නොදකිති, නොසිතති.. ...
පිපුණු වසන්තයට World Of Aru කොඳුරනා ඇස් නවන බැල්මකි. කියවනා සිත් කවන රිදුමකි. නොහඬනා නෙත් තෙමන බිරුමකි. නොපවසා නුඹ දුරැර ගමනකි. කුරුල් නද ගී විසිර යන්නට. පීදෙනම මල් පිපෙන්නට දෙන. සිහිල් ගිම් නැති සෞම්‍යය වන. වසන්තය දැන් පිපිගෙන ඇත. සීතලම රැය පහන් කල මැන. දාහයම නුඹ සුන් කරනු මැන. ප්‍රේමයෙන් සිත මත් කරනු මැන. භාවනාවම නුඹම වෙනු මැන. ...
පෘථිවියේ ජලය අවසන් වන ප්‍රථම නගරය World Of Aru පින්තුරය : 2018 ජනවාරි 20 වනදා. කේප් ටවුන් සඳහා බොහොමයක් ජලය සපයන මෙම ජලාශය වර්තමානයේ අනතුරු ලෙස අඩු මට්ටමක පවතී. නොබෝ දිනකින් එනම්, මාර්තු මුල් භාගයේදී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී සියලු ජලය තුරන් වනු ඇතැයි ස්වභාවික විද්‍යඥයෝ පෙන්වා දෙති. දැනටමත් ඉතා උග්‍ර ජල හිඟයකට ලක්ව සිටින දකුණු අප්‍රිකාව ජලය රැක ගැනීමේ හා, ජලය සොයා ගැනීමේ ව්‍යාපෘති රැසක් ආරම්භ කලද, සියල්ල ...