නිදහස් සෞඛ්‍ය, තම සෞඛ්‍ය අහිමි කරගත් අධි මානවයා හා රෝහල් පිරිවැය


ශ්‍රී ලංකාව දරුණුම ආගාධයකට වැටි සිටී. එය නැවත ගොඩ ගත් හැකි නම් ඒ ව්‍යවසකයින්ට පමණි. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගෙන, තමා ගොඩ යෑමක් නොව ප්‍රජාවක් ගොඩ යෑමක් ගැන සැලසුම්කරමින් පරාර්ථකාමින් ක්‍රියා කරන්නේ නම් රට නැවත ගොඩ නැංවිය හැකිය. දේශපාලනය නැවත කෝවක දමා හෝ ගොඩ ගත නොහැක. ඔවුන් සිදු කරන්නේ යළි යළිත් රට ආගාධයෙන් ආගාධයට දැමීම පමණි. ඔවුනොවුන්ගේ දරු මුණුපුරන් ග්‍රීන් කාඩ් ගෙන, ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන ඒ ඒ රටවල පදිංචි වෙනු ඇත. එසේ නොහැකි නම් ඩුබායි වල හෝ ජීවිතය ගෙවනු ඇත. ඒ කෙසේ නමුත් මා කතා කරන්න සිතුවේ වෙන්ම මාතෘකාවකි.

කෙසේ නමුත් මෙය කියන්න ඇවැසිය. ඔබට සියදිවි නසා ගැනීමට සිතේ නම්, බෝම්බයක් සොයාගෙන එය බැඳගෙන ගොස්, දියවන්නාව පසු කර ඒ කුඩා දූපතේ දී පුපුරවා ගන්න. එය මේ මුළු සිංහල ජාතියටම කරන උපකාරයකි.

දැන් අපි මාතෘකාවට යමු.

ඔබට මට මේ ලක්දිවෙන් හිමිව ඇති එකම වාසිය නම්, නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනයයි. නිදහස් අධ්‍යාපනයේ බහුතර වාසි ලබා ගන්නන් දැනටමත් අන් රටවලට ගොස් හමාරය.

නමුත් නිදහස් සෞඛ්‍යයේ වාසි ලබා ගන්නේ කවුද?

මට අනුව නම්, ආත්මාර්ථකාමි මිනිසුන්‍ ය. ඔබ ඒ කතාවට එකඟ නොවනු ඇත.

විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ පැතිරී ඇති රෝග ලෙස පෙනහලු පිළිකා, මුඛ පිළිකා, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, වකුගඩු රෝග, හර්ද රෝග, දියවැඩියාව , අධි රුධිර පීඩනය, අක්මා රෝග හඳුනාගත හැක.

 ඒවාගේ මූලාරම්භය සොයා බලමු.
බහුතර පෙනහලු පිළිකා මෙන්ම හර්ද රෝග ඇතිවන්නේ බොහෝවිට දුම්පානයෙනි. මුඛ පිළිකාවේ මූලාරම්භය දුම්වැටි හා, බුලත් විටය.  අක්මා රෝග, ඇතිවන්නේ විශාල ලෙස මත්පැන් පානය නිසාය. මේ සියල්ලටම වගකිවයුතු පුද්ගලයා තමාය. නමුත් රජයෙන් නොමිලේ ඖෂධ ඉල්ලයි. එය සාධාරණ ඉල්ලීමක්දැයි ඔබම සිතන්න.

දැන් ඉතිරි රෝග පිළිබඳ සොයා බලමු.
වකුගඩු රෝග බොහොමයක් කුඹුරු හා වගා සඳහා යෙදූ රසායනික විෂ , කෘමිනාශක වල් නාශක හා පොහොර නිසා නිර්මාණය වූවකි. එනම් එයට හේතුව මිනිසාය.

ගැබ්ගෙල පිළිකා පිළිකා ඇති වන්නේ human papilloma virus ය නම් වෛරසය වැළඳීමෙනි. මීට ගැහැණු පාර්ශවය බලපෑමට ලක් වුවත්, වෛරස රැගෙනයන්නා බොහොමයක් දුරට පුරුෂ පක්ෂය වේ. එසේම එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි. එනම් බහු ලිංගික සහකරුවක් පැවතීම මීට ප්‍රධානතම හේතුව වේ. බොහොවිට එයද ඔබ හෝ ඔබේ සහකරු නිසා ඇතිවන තත්වයකි. 
පියයුරු පිළිකා මෙන්ම, ගැබ්ගෙල පිළිකා සඳහාද රජයෙන්, රෝග කල් තියා හඳුනාගැනීමේ වැඩ පිළිවෙළ යටතේ ප්‍රධාන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලවලදී, ප්‍රජා සෞඛ්‍ය හෙදියන් හා, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් ඒ ඒ රෝග අවදානම පිළිබඳව ඔබව  පරික්ෂා කරයි. එය නොමිලේ ලබා දෙන සේවාවකි. එය ස්ත්‍රී පක්ෂයේ ඔබ විසින් වසරක් පාසා සිදු කර ගැනීමෙන්, රෝගය වැළඳී බරපතළවීමට පෙරම , රෝගයෙන් වැළකීමට හැකියාව ඇත. එයද ඔබගේ ඇති කම්මැලි කම හෝ නොදැනුවත්භාවය නිසා රජය විසින් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීමකි.

දියවැඩියාව , අධි රුධිර පීඩනය , හර්ද රෝගවලින් ආරක්ෂා වීමට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, හොඳ පාලනයෙන් යුතු ආහාර රටාවක් හා, ව්‍යායාම සහිත ජීවිතයක් පවත්වා ගැනීමෙන් හැකි වේ. එනම් එම රෝගද මිනිසාගෙ නොසැලකිලිමත්කම නිසා ඇති වන්නකි.

මෙලෙස රෝගයන්ගෙන් ආරක්ෂා වීමට විවිධ ක්‍රම පවතිද්දී වුවත්, මිනිස්සු, තමාගේ පුරුදු අත් නොහැර රෝග වෙතම ගමන් කරති. එනම් ආත්මාර්ථකාමි මිනිසාම නිර්මාණය කරගන්නා රෝගයන් සුවකරගැනීමට රජයෙන් වියදම් කරයි. අනතුරුව ඖෂධ නොමැති විට රජයට බැනුම් දෙයි.. මේ සියල්ල සාධාරණ තත්ත්වයන්දැයි ඔබම කල්පනා කර බලන්න.


එසේම.. ඔබ වෙනුවෙන් ලබා දෙන ඖෂධ වල මිල විටෙක ඔබගේ වැටුපත් පසු කර යයි.
 උදාහරණයක් විදියට ප්‍රතිජීවක ඖෂධ එන්නත් ලෙස ලබා දෙන ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව, ඒ සඳහා රුපියල්  1000 සිට 20000 දක්වා වියදම්ඩ් දරයි. රු. 10000ක එන්නතක් දිනකට තුන බැගින් දින පහක් ඔබ වෙනුවෙන් එන්නත් කළේ නම් ඔබ වෙනුවෙන්, එම ප්‍රතිජීවක ඖෂධය වෙනුවෙන් පමණක් රජය, රු. 1 50 000/= මුදලක් වැය කර ඇත. 



එසේම තවත් කාරණයක් සාකච්ඡා කළ යුතුය. බ්ලොග් අඩවි වල මේ පිළිබඳ සාකච්ඡා කර ඇත. එනම් එය, ජැක්සන් ඇන්තනීට ලබා දෙන දැඩි සත්කාර පහසුකම පිළිබඳවය. ඔබ විසින් නිකමට ඇමතුමක් ගෙන පෞද්ගලික රෝහලකින් විමසා බලන්න.. එක දිනයකට, මැෂින් (ventilator) එකකට සවි කළ රෝගියකුට යන වියදම කෙතෙක්දැයි. එය නිවැරදිවම දිනකට රුපියල් ලක්ෂය පසු කරනු ඇත.


 එනම් ඔබ මා ජැක්සන් ඇන්තනීය වෙනුවෙන් මේ අවුරුද්ද පුරාවට බදු ගෙවා ඇත. එය කෝටි ගණනක්‍ ය. ඔහු නිසා බේරා ගැනීමට හැකියාව තිබු ශ්‍රී ලාංකිකයන් මිය ගොස් තිබීමට හැක. ඒ ඔබේ මව පියා, දරුවා, භාර්‍යාව, ස්වාමියා හෝ සහෝදරයකු විය හැක.  මන්ද ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඇඳක් වෙනුවෙන් විටෙක කොළඹ සිට අම්පාර රෝහල දක්වාද රෝගීන් රැගෙන යයි. ඒ තරමට දැඩි සත්කාර ඇඳවල් අවමය. දැඩි සත්කාර පහසුකම් අහිමිව හෝ, සොයා ගැනීමට නොහැකිව දිනකට මිය යන රෝගීන් ප්‍රමාණයද සැලකිය යුතු තරම් වේ.



Comments

Popular Posts