තැලුණ පෙති. World Of Aru ඒක අපේ අක්කා පැල කරපු වැල. අක්කා ගිහින් දවස් කිහිපයක් වුණාට පස්සෙයි ඒ වැලේ මල් පිපෙන්න ගත්තේ.. ඈතින් ඇහෙන හිනා හඬ මගේ යාලුවොන්ගේ.. අක්කගේ හත් දවසේ බණට ඇවිත්.. හාමුදුරුවෝ බණ කියලා ගියා විතරයි.. මිනිස්සු පෝලිමට ගියේ කෑම කන්න. "බුෆේ තියෙන්නේ.. " කවුරුහරි කියනවා මට ඇහුනා. මට මේ සිය ගාණක් මිනිස්සු හිටියා වුණත් මහා තනිකමක් දැනෙනවා.."අක්කේ..." මගේ ඇතුල් හිත කෑගහනවා..ඒත් මට ...
පර්සියස් World Of Aru පර්සියස් ඔබ නොසිටි නම්, රූමත් කුමරියගේ සිත් ගත් වීරයෙකු, මේ මිහිබට නොසිටින්නට ඇත... මලවුන් අතරය අප දැනුදු දස දහස් වසකට පෙර මියැදුන, නුමුත් මතකය නොම මියෙන තවමත් ආලෝකය වපුරන. රූමත් රජ කුමරියකට වුව, හදවත ගැහෙන රාවයක් තිබිය හැක, එකම හදවතක් පමණක්ම හඳුනන... දුප්පත්ම හදවතක් වුව විය හැකිය පර්සියස්, හිමි කරුද ඔබ.... පසු කරන් කලියුගය, එලි කලත් දිගු රැයැක, විරහවකින් පෙලෙන, ...
අලුත් වෑන් අංකල් World Of Aru අයියා ජීවිකාව ගෙන ගියේ පාසල් සේවා වෑන් රියක් පවත්වාගෙන යාමෙනි. ඒ වෑන් රථය පාසල් නිවාඩු කාලෙයේදී අපේ පරිභෝජනය සඳහා සැදි පැහැදී ඉන්න නිසාම අයියා ඉල්ලු උදව්ව මට පැහැර හැරීම කල නොහැකි විය. ඒ අක්කා හදිසියේ අසනීප වූ නිසා පාසල් වල ළමුන් පාසල් අවසන් වූ පසු රැගෙන ඒමටය. එහි එකම පහසුව වූයේ එකම පාසලේ ළමුන් පමණක් වෑන් රියේ ගමන් ගැනීමය. පාසල ...
මනමේ කුමරි 02 World Of Aru පළමු කොටස මෙතනින්. මේක හීනයක්ද. මනමේ කුමරු මගේ ඉදිරියේ... ඔහු ඔටුන්න ගලවා ඇත. නමුත් ඒ වස්ත්‍ර ඉවත් කොට නැත. තවමත් රුධිරය ලෙසට රතු පැහැ දියරයක් ඔහුගේ ළය මතය. "ලේ..." මගේ ඒ වචනෙන් ඔහු සිනාසෙන්නට විය.. නමුත් මා සිටියේ බය වී සේය. දුක භය මගේ මුහුණේ ඉරියව් වලින් ඔහු හඳුනා ගන්නට ඇත. "ලේ නෙවෙයි ළමයෝ තීන්ත.." ඔහු පැවසුවේ සිනහසෙමින් ය. මට ...
මියැදුනු පෙමක කොහි තවත් සැමරුම්.... World Of Aru සොඳුර... මියැදුනු පෙමක කොහි තවත් සැමරුම්... මා සොයා ඔබ අදටත් අහසටම අමෝරා දුනු හී, විදියි... අහස නිසලව කැලඹෙයි.. තකහනියක්ම... ඒ සිදුරු දිලිහෙන්න පටන් ගනී... ඔබ නොදන්නවා වුවත් තරු පිපෙන්නේ එහෙම, නිර්මල අහසේ... මා සොයා ඔබම රිද්දන අහසේ. සොඳුර.... තවත් කොහේ සැමරුම්... අත්‍යන්තයෙන් ඔබ්බටත්... ඔබයි මගෙයි ප්‍රේමයේ සැමරුම්.. මා මියැදුනත්, ඔබේ රළු පෙමම ස්වර්ගයේ සිටද අදටත් බලා ඉමි... ඉදින් සොඳුර, මා ...
යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්. World Of Aru සතුරු වෙසින් රට හාවෝ පැන යද්දීපතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දීපදම් කල යකඩ මෙන් හරි බර වෙද්දීසිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.කළුවර රෑට දුම් දමනා ලයිට් කණුසෙවනක් වෙන්න උසට උසේ සිට ගත්තුහවහක ඇවිත් ඉස ඉඹ අතගා බලනුරත් වුණ යකඩ මෙන් ලෝ බොර සේ පුළිගු.සතා වෙසින් නොව දෙවියන් සේ වෙසෙසින්රෑට රෑට මඟ මරුවෝ රඟ පාමින්අත ගුලි කරන් මිට මොලවන මොණර කොලෙන්හෙට මගෙ ...
Untitled Post World Of Aru මැනිය හැකිමද..ඔය ප්‍රේමය.,ළතෙත් හිත හංගාරුදුරුකම් කෙරෙන.පැතුම් පොඩි මිරිකාඔහේ ගලන්න ඉඩ හරින..මේකමද ප්‍රේමය.සොඳුර...නුඹ නොදනිතැයි නොසිතමි.නමුදු නොසොයමි.ප්‍රේමය නම්,නොරිදවා නොහඬවානොසඟවාපැවසීමය.සනහස පිදීමයතෙත හිතින් ස්පර්ශයමය..ප්‍රති ප්‍රේමයක් නොමැතිව වුවප්රේමය දලු ලෑමය..අවසානයේ අතහැරීමය.. ...
මනමේ කුමරි.. 1 World Of Aru මං කැමති වුනේ නැහැ මනමේ කුමාරයා මැරෙනවට. මට වුවමනා වුනේ මනමේ කුමරියම වෙලා වැද්දව මරන්න, අවසානේ වෙනස් කරන්න... මොකද එයා මැරෙනවා මට බලන් ඉන්න බැරි උනා. ප්‍රේක්ෂකාගරයේ හිටපු මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුනා. මං පුටුවටම ඇලිලා හිටියේ. මගේ පිට කොන්දත් පුටුවට ඇලිලා.. ඇස් පිය සැලුන් නෑ.. මං එයා දිහාම බලන් හිටියා. මනමේ කුමරා දිහා... එයා එහෙම නාට්‍යයට වුණත් මෙහෙම මැරෙනවා ...
Untitled Post World Of Aru ඔබට අවැසි වුනේ සිප ගන්න... මට අවැසි වුනේ කියවන්න.. ඔබ හොඳ අසන්නෙක්.. මේ කටකාරිව ඉවසපු... ඒ හුඟක් ඉස්සර... ඒත් දැන්, මට අවැසි සිපගන්න. ඔබ ආස බලා හිඳින්න. මගේ දෙනෙතේ එල්ලෙන්න. තව හුඟක් කියවන්න.. මං දැන් හොඳ දඟකාරියෙක්.., දන්නවා...,ඔබ මාව ඉවසනවා... ...
වෙනස World Of Aru කලු කෙස් අතර තිබ්බ සුදු කෙස් ගහක් කිසා ඇදලා දැම්මා.ඒ සුදු කෙස් ගහ හොයා ගත්තේ ටිකක් වෙලා ගිහින්. කෙස් ගහ ගලවනකොට දැනුන රිදිල්ලට වඩා කිසාගේ හිත රිදිලා තිබුනේ. විහිළුවට වගේ "කිසාගේත් දැන් සුදු කෙස් ගස් එක දෙක පේනවා" කියලා ස්ටාෆ් එකේ අය කිව්වම කිසා නම් හිනා වෙලා නිකම් හිටියට මොකද එයා දැනන් හිටියා ඒවා කියන්නේ රිද්දන්න කියලා.. ඒ සුදු කෙස් ...
අතහරිනු කොහොම World Of Aru දල්ව ගෙන උන්නට උඹ..ප්‍රේමය වළකන්නේ කොහොම මම.එකම එක බැල්මෙන් ඇරඹි ප්‍රේමයේ අභිමන්..වියවුලක් වුණේ කොහොම අහිංසක හිතකට..බිව්වට කමක් නැහැ,විහිළුවක් නොවී..නමුත් දුම් දමන විස කූරූතහනමට ලක් වුණා..ආයේ සිගරට් දැල්වුණොත්අතහරිනවා ඔබව...නමුත් ඔබ පහසුවෙන්අතහැරියා මාව.අමතකව මගේ නිතී මැදනුඹ ඔහේ පිච්චුණා.කිසිම හොරකමක් නැතිවනුඹෙ මෙලෙස කියන කොට,අද මිතුරන් සමඟ තුටුවෙච්ච බව එලෙසපිච්චෙන්න විස කූරූ නිසා නුඹ ...
ගැහැණු හිත් World Of Aru ගැහැණු හිතකට අමාරුම,ආදරේ බව දැන දැනත්දුරින් ඉන්නා එකට..සිප වැලඳ ආදරණීය වුන පපුවක් ආයේ වැලඳ නොගන්නා එකට...ශක්තියක් වුන මහ සෙවනැල්ලඅතැර ගිය එකට....ගැහැණු හිතකට අමාරුම,මියෙන බව දැන දැනත්ආලෝකයට ඇදෙන මෙරු වගේ..මැරි මැරි ආදරේ කල එකට.. ...
තරුණ වැන්දඹුවගේ අඳෝනාව. World Of Aru අනගි පොල් වුව ළපටි කාලෙක, කැකුලු මල් ලෙස හැලී වැටුනය වපුල බීජය ඉපල් වූවම හිරුත් ගිනි කර සෙමර සැලුවය. අගුණ කොල වුව, සිනා සැලුවය, කැකුණ ගෙඩි එක දෙක වැටූනෙය. වැකෙන කට කයි වාරු එක දෙක,. කැකුලු හිතනම් එමට තැලුවය. මයුර වැස්සේ පෑව මනමල් හැගුම් අස්සේ සියල් එලිවෙද් සෙබඩ අවලස්සනම වූවත් නොබිඳුනේ ඇගෙය හිරි ඔතප්. අවුරුද්දේ එක දිනෙකදී දරුණුවන, හදවතේ කැක්කුමක ...
රැවටුම World Of Aru අපෙ මතක සැඟවුනු මහ සයුරු වෙරළ මත රැලි නගන කල ඇහෙරෙනව අපටත් නොදැනීම ප්‍රේමය... වැහිලිහිනියනුත් හඳුනන ඒ විසල් ප්‍රේමයේ අක්ෂර විමසාවි සියොතුනුත් පවත් දැන අපේ... ඔබේ මුතු කඳුලු සැඟවිලා මගේ විසල් ලය මැද ඔබ ගැන විම්සන සියොතුන්ට ඒ මුතු දිස්නය පෙන්වා රවටමි අදටත්... ...
සඳ දූ World Of Aru පියෙක් තමන්ගේ දුවට කොයිතරම් ආදරේද කියා පවසන්න මේ විශ්වයේ භාෂාවක අකුරක්වත් තියෙනවද කියන්න සැකයි. ඒ තරම් මහා ස්නේහයක් මහ ළය මත දරාගෙන වදනක්වත් නොපවසා හුස්ම ගන්න පියෙක්ට මේ වගේ සිදුවීමක් දරා ගැනීමම දෛවයේ කෲරතර දඬුවමක්... මේ වචන මේ හඬ, වගේම මෙලඩි එක,යන තුනම සමපාත කරලා කෙනෙක්ට විඳින්න පුලුවන් නම් ඒක විඳීමකට වඩා වඩා දරුණු වේදනාවක් විඳවීමක්ම වෙනවා... ඒ තරම් දරුණුවට ...
අම්බපාලිය World Of Aru අම්බපාලිය ඉපදුනේ ඒ වෛශාලි නුවරම නොවේ...ඈත පිටිසර ගොවි ගමකි එය සොඳුරු අනුරාපුරේ...පියා ගොවිකම් කලේ නම් ඒ අඳ කුඹුරු පමණකි එහේ...නියං කාලෙට, වැස්ස කාලෙට ණය හුඟක් පිරුණා වැවේ...තවුතිසාවට එන්න කියලා ඇයට අඬගහනා වෙලේ..නොයනු කෙලෙසක තනිව උරදී පවුල ගොඩයන හීනයේ..තවුතිසා නොව කොළොම්පුරයේ, ඈ වැටුනේ ස්පා කඩේ..තෙරපන්න නොව ඇයට වූයේ සැතපෙන්න පොඩි අඟුපිලේ..හීන ඔහොමයි කඳුලු පමණයි හිතම තද කරගන්නා වෙලේ.ඇගේ තනියට ...
වැරදි කවුරුද World Of Aru සිනහවක් දීගෙන ලෝකයට පාඩුවේ ඉන්න බව පෙන්වාම සුගන්ධය විදා මත් කරන එකයි වරද පාඩුවේ මල් මැදින් පියඹන බඹරුන්ව උන් උනුන් පියඹන්නෙ සනුහරේ එක්ක. මල් ඉඳන් උන්ගේ පාරෙම ඉඟි කරන එක හොඳද. හැමදාම බැන්නේ මල් වලට බව ඇත්ත. ඉතින් මල් මැදින් පාඩුවේ යන බඹරුත් වැරදිද. මල් වුණත් පිපෙන්නෙම රොන් දෙන්න බඹරුන්ට. බඹරු වුව සැලෙන්නේ රොන් නිසා මලක. මේ දම ලොව අමුත්තක් ...
අත්හැරීම World Of Aru සියලුම ක්ෂුද්‍ර කාරණා මෙන්ම විසල් කාරණා ඇඟිලි තුඩු වලින් එකතු කරමින් හුන්නෙමි. මහා සක්වල ධාතුව කම්පා කරන්නා වූ ක්ෂුද්‍ර කාරණාද, මහා ධරණිතලයේ කුඩා භූමිකම්පා ඇති කරන්නට සමර්ථ වන්නාවූ විසල් කාරණාද වෙන් වෙන්ව මා එක ගොඩකට ගසමින් හුන්නෙමි.. ඒ යටින් රතු පාට තීන්ත වලින් විශේෂ කාරණා පමණක්ම ඉස්මතු කලෙමි.. එය භූ ගර්භය කම්පා කරගෙන මධ්‍ය ලක්ෂයේ සිට කුණාටු මාරුතයක්ව සුන්නත්දූලි කරගෙන ...
Untitled Post World Of Aru "ප්‍රේමයම මඟ හැරුණු හුස්මකම..තවත් පිනි බිඳු තරම්තෙතම තෙත ප්‍රේමයන්....ඉතිරිවී තිබේවිද...ඒ තෙත ප්‍රේමයට ඔබට ගතු කියනු හැකිමද...." සොඳුර..., ඔබ දෙමල බව ඇත්ත...ඒත් සිංහල කෙල්ලෙක්ට,දෙමල කොල්ලෙක්ට,"කාදල්" වෙන්න බැරිමද... පොංගල් දවසට පාට පාටින් රටා මවන්න, ඉගෙන ගන්න බැරිවද...පිච්ච මල් මාලයක් කෙහෙරැල්ලේ ගවසගෙන, නල්ලුර් යන්න තහනම්ද,කෝණේෂ්වරම් ගිහින් කිරි හීන ගැනශිව වන්දනා අහිමිද...මේ තරම් ...