ලැවෙන්ඩර් යාය. World Of Aru මං හිටියේ අනවරත පහසක ගැලිලා. ඒක කොච්චර අනවරත ද කියනවා නම්, මට මගේ මූලික අවශ්‍යතාත් අමතක වෙන්න පටන් ගත්තා.. හීන යායක් හරියට දම් පාට ලැවෙන්ඩර් මල යායක් මැද හිර වෙච්ච සමනල් පැටියෙක් වගේ, මං ඒ පහසේ හිර වුණා.ඒත් ඒ සිර වීමට මං ආසා කළා..කාලය බොහෝ ගත වුණත් සමනල් පැටියා දැනන් උන්නෙ හරිම පොඩි දේවල් ටිකක් විතරයි. ඒ ලැවෙන්ඩර් මල් වල ...
මිතුරුකම්. World Of Aru දයාද්රිත හදවතක් මවා මේකප් දා අපුරුවට හොරෙන් සඟවා කළු අඟුරු ඉරිසියාකාරත්වය.නුඹ පිපුණේ උඩු ගුවනේබැබලි බැබලී ඉන්න.මං උන්නේ පය ගසාපොළව කුහරේ රිදුම් වුව දැනෙන.ආදරේ පෙන්නන්න මිතුරකඩුව සඟවා පිටුපසින් මිනීමරුවා නුඹ රවටමින් මිහිදන් කළ නුඹේ බොරු මිතුරුකම.#අරු ...
නොලියවෙන කවිය.. World Of Aru කෙතරම් කවි ලියුවත්, නොලියවෙන කවිය ඔබය.. ඒනමුත් ඔබ, ලියැවුන හැම කවියකම හුස්ම ගන්න හැටිත් පුදුමය..
මනමේ කුමරි 03- අවසාන කොටස. World Of Aru ගේට්ටුවෙන් එලියට එද්දීම මට ත්‍රීවීලර් එකක් හම්බුනා. මං ඒකේ නැගලා එක්ස්ප්‍රස් හෝල්ට් එකට ගියා... මං හෝල්ට් එකට ඇවිත් විනාඩියක් ගත වුණේ නැහැ.. ඔහු ආවේ මෝටර් බයික් එකක යාලුවෙක් එක්ක.. ලොකු බෑග් එකක් ඔහු අතේ තිබුණා. මං නොදැක්ක ගානට හිටියේ මට ඔහුට ප්‍රතිචාර දක්වන්න නොතේරුණ නිසා.. එයා මාව ෆ්ලෝ කරලද. මට තේරුණේ මාව ක්ලාන්ත වෙනවා වගේ... මං හෝල්ට් එකේ බංකුව ...
මන්දාකිනියේදී World Of Aru මට පුංචි කාලේ ඉඳලම ආසවක් තිබ්බා. පොළව අතහැරලා අහසට යන්න.. හදිස්සියේ දවසක මට උඩට නගින්න අවස්ථාවක් ලැබුණා.. ඒ බැලුමකින්... බැලුමක් කිව්වට ඇත්තටම ඒක පැරෂුට් එකක් වගේ එකක්.. හැබැයි මමමයි ඒක පිම්බුවේ. මමම පුම්බගෙන ටික ටික මං ඉහලට නැග්ගා.. මුලදි නම් මට හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා.. ඒත් ටික දුරක් යද්දි මට එයාව සෙට් වුණා.. ඊට පස්සේ මට ශක්තියක් ආවා.. ඒ ...
පළමු තහනම World Of Aru මං කිව්වේ සුළඟටඋඹේ ලස්සනපුංචිම පුංචි පදපෙලකට එක්ක කර..සුළඟ ඇඹරුනේ ක්ෂණයෙන්ම,එය ඇසූ පමණින්ම..එතකොට උඹ උන්නේ සයුරු රැල්ලට දෙපා ඔබාගෙන...මං උඹ දෙස බලානඇස් මගේ නුඹෙ ළඟම...එකෙනෙහිම ආ සුළඟ උඹේ රතු කෙටි සායඉස්සුවේ හරි දඟව.මගේ ඇස් දිව්වේළඟපාත පිරිමි ඇස් වලට.රත් කලව යුග්මයදිලිසුනේ හිරු එලියත් උරාගෙන.ඒ සියක් ඇස් පිබිදුනේඋඹේ ඒ දිලිසුමට.හිරුත් රතුව ගිනි සිළුවක් දැවුනෙ සීරුවට.තරහ කොහෙන්දැයි නොදැනමා රතු වුනේ ...
සබඳ ... යලි අපි හමුවෙමු... World Of Aru ඉතා සීරුවට හීරුන,හදවතේ එකම එක රිදුමක් ඇත..ඒ රිදුම වසා අලවනු ලැබූපැලැස්තරයක සිනාවක් ඇත..ඔබ දකිනු රිසි ඒ සිනාවයි..මගේ නුපුරුදු කතාවයි..වහ වැටෙන එක නොවේ නම්..කුමට මේ මගේ ළබැඳිකම්...සබඳ ...යලි අපි හමුවෙමු...මේ භවය අහවරක් නැති නම්..නුඹ තවම මට පෙම් කරන බව,රහසින්ම මුමුණන්න හැකි නම්.සැබැයි මා හිනැහේවී.. සැබැවින්ම,පැලැස්තර ගලවා දමා... ...
බැලුම් World Of Aru අහසේ හිරු සයුරුතෙර හොයන් යන ගමන හුන්නේ.. තව ස්වල්ප වෙලාවයි තිබුණේ හිරු සයුරේ ගිලෙන්න.. ඇසල සඳ මෝදු වෙමින් රාත්‍රිය උදවනු ඇත.විහාරෙ පැත්තෙන් ඇහෙන බෙර හඬ හුන්නේ රාත්‍රියේ පැවැත්වෙන්න නියමිත පෙරහැරේ පූර්ව සුදානම් වීම් ගමටම ප්‍රසිද්ධ කරමින්.. ගමේ ළමෝ බයිසිකල් වලින් වගේම, පයිනුත් රංචු පිටින් විහාරේ දෙසට ඇදමින් තිබුණා.. සුදු හැඳි කාන්තාවන්, ළමෝ සහ සමහර පිරිමින් පන්සල වෙත ඇදෙමින් හුන්නේ මල් ...
හොඳටම වැඩියි. World Of Aru හොඳටම වැඩියි , දරා ගන්නේ කොහොමද නළල සුසුමකින් දිය කරන කොට. මගේ එකම එක වරදක්, හරවන්න බැරිව රිදුම් දෙනකොට නුඹත් ඔහේ එකම එක කඳුලකින් දිය කර මුවින් කිසිඳු රළු වදනක් නොදොඩාම, අතින් කිසිඳු පහරක් නොගසාම, බලා ගත් අත ඈත ගගනතල, වලාකුලත් පපුවට තද කරන්නට ඇද,, '"තවම ආදරෙයි මම" මුමුනනු ඇසෙනකොට, පහර පිට පහර තැලුවත්, දොස් තැබුවත් කම් නැතිය.. ප්‍රේමය මතින් ...
Raazi සමඟ කාශ්මීර ඉතිහාසය World Of Aru මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා... ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම් එක. ඊට අමතරව කාශ්මීර අර්බුදය ගැනත් මේ ලිපියෙන් කතා කරනවා.. මං හුඟක්ම බලන්න කැමති හින්දි ෆිල්ම් නිසා, කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරිවුණ නිසාත්, සම්මාන ගත්ත චිත්‍රපට ලිස්ට් එක බැලුවා.. ඒකෙන් ෆෙයාර් සම්මාන ලිස්ට් එක දිහා ...
අද ලෝක රුධිර දායක දිනයයි. World Of Aru ලෝක රුධිර පරිත්යාගකරන්නන්ගේ දිනය නැති නම් රුධිර දායක දිනය, ජූනි 14 ලෝක සෞඛ්‍ය සංවිධානය 2004 වසරේදී නම් කරන නිල ගෝලීය සෞඛ්‍ය වැඩසටහන් අටෙන් එකකි.මෙම දිනය ආරක්ෂිත රුධිර හා රුධිර නිෂ්පාදනවල අවශ්‍යතාවය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ රුධිර පරිත්‍යාගශීලීන්ගේ ස්වේච්ඡා, ජීවිතාරක්ෂක රුධිර පරිත්‍යාගය සඳහා තුති පුද කිරීමක් සඳහාද ඉවහල් වේ. 1930 වසරේදී , ABO රුධිර ඝන සොයා ගැනීම වෙනුවෙන් ...
හිමිකම World Of Aru විසල් රුකක එතුනා ලිය මඬුලු වෙමී.සුළං ඇවිත් කරවන දඟකම් සැහැසි.විසල් තුරු අතින් අල්ලා ගෙන පැහැදි.කෙලෙස් නසනු කෙලෙසින් දුක් භව නැවති.ආ මඟ දිගේ වැටුනා මල් මතක වැහි.සුළඟෙ නුඹද තතු කිව යුතු බවත් දනී.හිත තෙත වැඩී ඒ හන්දද දුකම වැඩී.කවියෙන් දවන්නේ වෙන් වූ පෙමක ගිනි.නැව් බඳ වටා ඇත රැලි එකිනෙකම හැපී.හැපී බිඳෙන රැලි තරමට නොහේ රිදී.නැව නොනැවතී ගමනේ යා යුතුය රැඳී.ලතෙත් හිතට ...
අතීතය හා වර්තමානය World Of Aru ඒ ඔරායන් පුංචි තරු කිහිපයක්,අපි රැවටුනත් දඩයක්කාරයෙක් කියලා..ඔහු වර්ෂ ගණනකටත් පෙර මිය ගිහින්..ඒ ආලෝකයට තාම අපි රැවටෙමින්මං බය වුණත් විසල් පිරිමින්ට,තරු කොහේ බය කරන්නට මාව..ඔරායන් දැන් මිය ගිහින්...සඳ හයියෙන් හිනා වෙවි... ...
එක් පෙති මල World Of Aru මට තව මල් පෙති නැහැ. සමනලුන්ට බෙදන්න තරම්.. එක සමනලයෙක් වැහුවොත් බර වෙලා පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වෙනවා. ඉතින් කොහොමද සමනල්ලු කිහිපදෙනෙක්ට ඉඩ දෙන්නේ..." ඔයා හිතන විදිය වෙනස් චාරු. මට ඕන හැමදාම ඉන්න වුනාට ඔයා බයයි. ඒ නිසයි ඔයා මාව අතැරියෙත්. හිනා වෙන්න එපා. අඬන්න ඕන වෙලාවට.." එහෙම කිව්වේ දසි හුඟක් කාලෙකට පෙර."මේ බලන්න අද මගේ අත කැපුනා. උයන්න ගිහින්. ...
කුරුලු දඩයම 02 World Of Aru කුරුලු දඩයම 01දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස. "ක්‍රිශෝලියි ඒකිගේ කණ්ඩායමයි මෙහේ ආවට පස්සේ තමයි මේ හැමදේම..." සංධීර් ආඩපාලි කියෙව්වා. "එහෙම නැහැ...""ඇයි ඔබ සවස හමුවීමටවත් මේ දවස් කිහිපය ආවේ නැත්තේ..."" මට සනීප නැහැ...""ආහ්.. මොකද්ද අසනීපය..."" හිසේ රුදාවක්..."" මෙච්චර කල්...?""හ්ම්...""මට නම් හිතෙන්නේ උඹ බොරු කියනවා කියලා.""උඹට ...
ඉරණම්. World Of Aru ශිෂ්‍යත්වේ පාස් වෙලා ඈත ගමක ඉඳන් කොළඹ ලොකු ස්කෝලෙකට එන හැම කොල්ලෙක්ගෙම එකම හීනේ වෛද්‍යවරයෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි කියලා මං දැන ගත්තේ මීට අවුරුදු අටකට ඉස්සෙල්ලා රෝයල් එකේ හය වසරේ ඩී පන්තියට වැටුනම. එදා තමයි ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ රෝයල් එකේ පලවෙනි දවස. හැමෝම යාලුවෝ හොයන් හිටියා. මං විතරක් තනියෙන්. එදා මට යාලුවෙක් උන්නේ නැහැ.. මට මතකයි ක්ලාස් එකේ ...
ප්‍රේමය... World Of Aru මාසික වේදනාවෙන්පෙළෙමි.. කියා ගත නොහී..නුඹ පැමිණ "මහන්සි අද හරිම සුදු.. "යැයි පවසද්දි..මගේ වේදනාව දිය යටට කර පාගා පයෙන්..හනි හනික තේ එකක් සාදමි...එකම එක හාදුවක් දෙනවද..ආදරෙන් නළලතට... ...
මම පෙමිනි World Of Aru සිනා මලක් මුව මඬලේ විසිරවමි.එ'හැඩ බලන නෙත අතහැර දුර බලමි.හොරෙන් හොරෙන් ඒනෙත මත වැතිරගමි.ආදරයේ මුලකුරු මා කියවමිනි.සිතමි පතමි, ඔබේ සුවඳක් මෙහි ඒවා.හමමි, විඳිමි, ප්‍රේමය සුවඳෙහි වේවා.අත අත නෑර තව තව කව දිගු වේවා.නුඹ නැති කලෙක ...