පුතු ඉපදුනු මේ දෙරණේ උරුමය පුතුටයි කට්ටකාඩුව හැමදාම අපේ රටේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කතා කරනවා. හැබැයි මේ මොන අඩුපාඩු තිබ්බත් මට නං මේ රට තරං වටින රටක් තවත් නෑ. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ආයතනය තවත් ආයතන කීපයක් එක්ක එකතු වෙලා පල කරපු වාර්තාවක් මේ වටිනාකම ගණන් හිලව් ඇතිවම පෙන්නලා තිබ්බා. අද මම ඒ වාර්තාව පාදක කරාගෙන ලියන්නේ අපේ රටේ ඇති සෞඛ්‍ය සේවය ගැන ...
දෙසීයේ චක්කරේ කට්ටකාඩුව ලියන්ඩත් හිතක් පහළ වෙන්ඩ ඕන. ලියන්ඩ ජාති කොච්චරක් තිබ්බත් එව්ව ලියන්ඩ හිත එකළාසයක් කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල මැද බාගේ උපන්න අපි වගේ වාහෙලාට ගෙවන්ඩ වෙච්ච ජීවිත කාලෙ හරි පුදුම සිදුවීම් තොගේකින් පිරිලා තිබ්බා කියලයි මට හිතෙන්නේ. අපි ඉපදෙන කොට මහා පොලු යුගයක්! දේශීය කරුමාන්ත නග්ගවන්ඩ කියලා පිටරටින් ගෙන්නන භාණ්ඩ පොදු ජනතාවට තහනම් කරලා ...
කොරෝදාරාමය කට්ටකාඩුව අද කියන්ඩ යන්නේ අපේ ගමට ළඟ ගම දෙකක කතා දෙකක්. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියල ඈත අතීතේ ඉඳන් පවත එන කතාවක් තියනවනේ. ඒ උනාට මේ හතර කෝරළේ වැව් නෑ. පොඩි පොඩි ගම්මාන තියන හිංදා හැම ගමකටම පන්සලකුත් නෑ. මගේ හිතේ අතීතේ ඉඳම්ම උඩරට රජ්ජුරුවන්ටයි, කෝට්ටේ රජ්ජුරුවන්ටයි ඒ අතර මැද්දේ ටික කාලයක් සීතාවක රජ්ජුරුවන්ටයි, අපේම දැදිගම හිටපු රජ්ජුරුවන්ටයි වගේ එක එක ...
ඩෙන්මාර්ක් ඔපෙරාව කට්ටකාඩුව හරියටම හය මාසෙකට, ඒ කියන්නෙ අවුරුදු බාගෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්ඩ හිතුන. ආපහු බ්ලොග් කියවන කට්ටිය වැඩිවෙලාය, සට සට ගාලා කට්ටිය බ්ලොග් බලනවාය කියල කීප දෙනෙක්ම කියලා තිබ්බ හිංදා හිරි යන්ඩත් එක්ක කියල යමක් ලියන්ඩ හිතුවේ. මොකෙක්වත් බැලුවේ නැත්තං ආයෙත් ශිශිරතාරක නින්දට යන්ඩ තමයි කල්පනාව. අද කියන්ඩ යන්නෙ ඔය එක එක්කෙනා කියන ගණං හිලවු තාර බර ඇරලා ...
ගැහුවත් ළකුණු- වැදුනත් ළකුණු කට්ටකාඩුව සමහර දේවල් වෙන්නෙ හරි අපූරු විදිහකට! ඒ දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මට විතරක් නෙවෙයි ලෝක පාලක දෙවි කෙනෙක් ඉන්නවා නං උන්දැටවත් ඒ දේවල් තේරෙනවා කියල මං හිතන්නෙ නෑ! මේ ළගඳි මට හම්බ උනා අපූරු මනුස්සයෙක්. අපි කියමුකො එයාගෙ නම රාජා කියල. රාජා අභිරහස් දේවල් ගැන හොයන කෙනෙක්. ඔව් ඔව්...අභිරහස් දේවල් ගැන හොයන එක තමයි එයාගෙ විනෝදාංශෙ. ...
තොටගමු වෙහෙර වැසි - සිරි රහල් නම් උතුමෙකි කට්ටකාඩුව මතකද හෙන්රි ජයසේන මහත්තය. එතුමගේ නෑයො හිටිය අපේ ගමේ. ඒ කියන්නේ හතර කෝරළේ. ඉතිං හතර කෝරළේ මිනිස්සු ගැන ලියන්ඩ පටන් ගන්ඩ එතුමාගේම නාට්‍යයක් මතක් උනා. නාට්‍යය කුවේණි. මෙන්න ඇරඹුම.අන්ධකාරෙන් දුරාතීතේ අන්ධකාරෙට අනාගතයේ රැගෙන යාමට කතා පුවතක් අන්ධකාරේ සිට කියන්නේ බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්ධකාරේ පොළෝ පස් යට උනුන් කඳුළැලි ලෙයත් ඩහදිය එකට මුසු වී කුවේණි නාට්‍යයේ පූරක වේදිකාවෙන් ...
පහන දල්වා පැදුරු ආනේ ගැහීම කට්ටකාඩුව ඉතා වේගයෙන් වෙනස් වන වටිනාකම් රැසක් කරපින්නාගත් සමාජයක් තුල පවතින අධ්‍යාපන ක්‍රමයක් නිසි පරිදි යාවත්කාලීන නොකල හොත් වැදගැම්මකට නැති තත්වයට පත්වන බව නොකිවමනාය. මේ තත්වය ලංකාව කෙරෙහිද අදාල වේ. අතීතයේ දී දේශපාලන, සමාජ හා ආර් ථික වෙනස්කම් රට තුල සිදු වූයේ ඉතා සෙමිනි. ඒ ද අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී උවමනා එපාකම් සපුරා ගනු සදහාය. මෙවැනි වටපිටාවක් තුල අප යුගයට අවශ්‍ය ආකාරයේ ...
එක් හිස් රාවණ-හමුවිය සැදෑවක කට්ටකාඩුව මෙතෙක් කථාව.... කොළඹ ගමයා වියුණුව රසික අප වෙත ගෙනෙන අජිත් ධර්මකීර්ති මහතාණන් වාසය කරන්නේ පරසිදු ලන්ඩන් පුරවරයෙහිය. කට්ටකාඩුව වියුණුවට අත්‍යාවශ්‍යව තිබෙන එක්තරා පුරාණ පුස්කොලපොතක අත් පිටපතක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව දැන ගන්නා කට්ටකාඩුවේ ලොකු මල්ලී, හැකියාවක් ඇත්නම් එම අත් පිටපතෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි. එය පිලිගන්නා අජිත් සුධීමතුන් සිය පියඹගේ විරෝධයද, කොරෝනා තර්ජනයද නොතකා ...
පුත්තලම් කෝච්චියේ කථා දෙකක් කට්ටකාඩුව මං මේ පෝස්ට් එක ලිව්වෙ අවුරුදු දෙකකට විතර කලින්. කට්ටකාඩුව ලියන්ඩ පටන්ගත්තු අලුත. එදාට වඩා පොඩි පොඩි වෙනස්කම් අද තිබුනත් තවම කථාවේ මුල් බීජය අදාල හින්දා නැවත පල කරන්නට හිතුවා.අනාගතයේ දවසක ඉදිරි පරම්පරාව අද ජීවත්වෙන අපි කරන මේ වැඩ ගැන මොනව කියයිද?අපි කථාව කියවමු.කථාව 1- කොටස 1 එය පාලු මුසල රාත්‍රියකි. ඉදහිට බුරන බල්ලෙකුගේ හඩත් ඇතින් කෑ ගසනඋලමෙකුගේ හඩත් හැරුණු ...
මල් කැපිල්ල කට්ටකාඩුව මල් කඩනවා කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. කොල්ලො කෙල්ලො එක්කහු වෙලා ආ ගිය විස්තර කතා කලත්, ලග අහල පහල සමාජ සේවා වැඩ කටයුතු ගැන කතා බහ කලත් වටේ පිටේ ඉන්න මිනිස්සු කියන්නෙ ...ඕන්න.....මල් කඩනවා කියල. මේ වචන දෙක මුලින්ම භාවිතේට ආවෙ කැම්පස් ආශ්රයෙන් වෙන්ඩ පුලුවන්. හැබැයි පේරාදෙනියෙ කෘෂිකර්ම පීඨයට ගිය අපි වගේ ගොබිලො නං කවදාවත් මල් කඩල නෑ. අම්මප!දැං ...
ලොතරැයිය කට්ටකාඩුව කෝච්චියේ ගියත්, බස් එකේ ගියත්, මළ ගෙදරකට, පිංකම් ගෙදරක්ට ගියත්, යාලුවෙක් එක්ක කතා කරත් මේ දවස් වල හැමෝගෙම කතාව ලඟ ලඟ එන්ඩ පුලුවන් චන්දේ ගැන. චන්දයක් කියන්නේ අපේ ගම් පළාතේ අයට නං පොඩි ලොතරැයියක් වගේ දෙයක්. හැමෝටම වගේ ඕන මන්ත්‍රීලා වෙන්ඩ. කසිප්පු මුදලාලිලාගේ ඉඳන් හොරෙන් ගස් කපන ගස් මුදලාලත්, හොර පොල් කඩන අයත්, අරගලයේ වාසිය ගන්ඩ මාන බලන ලංකාවෙ ...
දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටකාඩුව අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල් කමට ගියා වගේ දැනෙයි කියලා. ...
පවුල, රැවුල සහ බෝර්ජියා කට්ටකාඩුව බොර්ජියාවරු ගැන ලියන්ඩ පටන් ගත්තු වෙලාවේ මට හිතුනේ සිටුවර මොන්ත ක්‍රිස්තෝ පොතේ පාරියා පූජක තැන ශතෝ දීෆ් බන්ධනාගාරේ අඳුරු බිම් ගෙයක් ඇතුලෙදි සීසර් බෝර්ජියා ගැනත් ඔහුගේ පියා වෙච්ච හයවෙනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ ගැනත් කියපුවා මතක තියෙන්නේ මං වගේ මොන්ත ක්‍රිස්තෝ පිස්සන් කීප දෙනෙකුට විතරයි කියල. ඒත් බලා ගෙන ගියාම හුග දෙනෙකුට ඒ කතාව මතකයි. හුග දෙනෙක් ඇහුවේ මේ මං කියන්නේ ...
කවුද ඩෝ චණ්ඩි? කට්ටකාඩුව අපේ ලයනල් රංවල මහත්තයගේ ලස්සන ගේය පදයක් නිතරෝම මේ දවස් වල ඇහෙනවා...මේ අවුරුදු කාලේ ...හිනා වෙයං රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ....අවුරුදු කාලේ ආපුවම කැවුම් මතක් වෙනවා නං මට ඊගාවට මතක් වෙන චරිතේ තමයි කිංස්ලි අයියා. කොහොම උනත් කිංස්ලි අයියා තරං කැවුම් කන්ඩ දස්සයෙක් මම නං ජීවිතේටම දැකලා නෑ. මනුස්සයට අතිරහ කැවුම් ගෙඩි හතළිහක් පනහක් කොටා බාන එක සුළු වැඩක්.කිංස්ලි ...
එකසිය පනහ කට්ටකාඩුව පහුගිය මාරතු මාසෙන් පාස්සෙ මුලු රටටම විතරක් නෙවෙයි මුලු ලෝකෙටම ලැබුවෙ මහ නරක කල දසාවක්. කොවිඩ් මාරයාගේ යක්ස හෙවනැල්ලෙන් වැහිලා ගිය මේ මාස හය හත ඇතුලෙ නිදහසේ හුස්මක් කටක් ගන්ඩ තරම් වාතාවරණයක් අපි කාටවත් තිබුනෙ නෑ. කොළඹ අවිවේකී තරඟයෙන් පොඩ්ඩකට මිදිලා ගෙදර දොරේ වැඩිපුර කාළයක් ගත කරන්ඩ ලැබිච්ච බව නං කියන්ඩම ඕන. මීට කලියෙන් එහෙම කාළයක් උදා වෙලා තිබ්බෙ ...
මණ්ඩි රාජා කට්ටකාඩුව ටවුමෙ ලොරි බාගයක් තියාගෙන හයර් දුවන රාජා දන්නවා නේද? හැමෝම දන්න මනුස්සයා ඔයාල විතරක් නොදැන ඉන්ඩ හේතුවක් නෑ...අමතකයිද? හරි හරි මටයි වැරදුනේ. රාජා රාජා කියල කියන කී දෙනෙක් නං ඉන්නවද නේ? මං මේ කියන්නෙ මණ්ඩි රාජා ගැන. ඔව් අර පොකුටු කොන්ඩෙකුයි, ඉස්සරහට නෙරල ආපු ඇස් දෙකකුයි තියන අඩි පහක් පහමාරක් විතර උස තල එලලු, කෙට්ටු හාදයා. තාමත් අමතක නං අපේ ...
තිරුවානා එක්ස්ප්‍රස් කට්ටකාඩුව කාලෙකට පස්සේ කැම්පස් එකේ කතාවක් ලියන්ඩ හිතුනා. අපේ යාලුවා එන්නේ දුම්බර මිටියාවතේ ඉඳලා. නම තිරුවානා. ඒක නියම නම නං නෙවෙයි. නියම නම නොකියන්නේ කිව්වොත් ලොකු මලයාගේ ජීවිතේ අනතුරට පත් වෙන්ඩ ලොකු ඉඩක් තියන හිංදා. අනික නම මොක උනාම මොකද වැඩ හොඳ නං. වැඩි වැල්වටාරන් නැතුව කතාවට බහිමු මොකද කතා එකක් නෙවෙයි දෙක තුනක්ම කියන්ඩ තියන හිංදා.ඔන්න අපි ඔක්කොමලා කැම්පස් එකට ...
ආලයෙන් පාරාජිකාවීම හෙවත් මට නැත්තං තොටත් නෑ කට්ටකාඩුව අපේ සමාජෙට කාලෙන් කාලෙට අලුත් මාතෘකා එනවා. මේ මාතෘකා නිකම්ම එනවද, කවුරු හරි එවනවද, අපි ඒ මාතෘකා ගැන කතා කරන්ඩ ඕනද නැද්ද වගේ අපේ ගමේ බාසාවෙන් කියනවා නං ‘මහප්පරාණ’ත් ඒත් එක්කම එනවා. ඔය මාතෘකා ඇතුලේ කතා කරන අය වගේම එහෙම කතා කරන්ඩ විරුද්ධව මහප්පරාණ කියවන අයත් කරන්නෙ අර මාතෘකාව වටේම යන එක තමයි. මේ දවස්වල ලංකාවෙ මාතෘකාව කොළඹ විශ්ව ...
ගුරු ගෝල සටන - ගුත්තිල මූසිල 3 කට්ටකාඩුව ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්‍රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. ඒ කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා ...
ගුත්තිල හා මූසිල 2 කට්ටකාඩුව හැලපකඩේ ලියන අපේ හැලපතුමාට අපි ආදරේ කරන්නෙ කාරණා දෙකක් හින්ද. එක තමයි එතුම කට්ටකාඩුවේ පළමුවැනි හඹා එන්නා නොහොත් ෆලෝවර්. දෙක එතුමගේ ලිපි වලට යොදන මාතෘකා නොහොත් ශීර්ෂපාඨ වල තියන කලාව. තමන් කියන්ඩ යන දේ වෙනුවෙන් වචන පහ හයක මාතෘකාවක් නැත්නම් පොඩි චේදයක් උනත් මාතෘකාවක් විදිහට යොදාගන්ඩ පුලුවන් බව අපිට පෙන්නලා දුන්නෙ හැලපතුමා. මේකෙ ඒ කියන්නෙ මාතෘකාවක තියන වැදගත්කම තමයි තමන් ...