අධෝවාත චක්‍රවර්තී කට්ටකාඩුව කවුරු කවුරුත් දන්නවනේ අධෝවාතයක් කියන්නේ මොකද්ද කියලා. සරළ සිංහල බාසාවෙන් කියනවනං පඩයක් ගැන තමයි අද කතාව. කතා නායකයා ජෝසප්. අධෝවාත යැවීම චිත්‍ර කලාවක් නං මේ තමයි පිකාසෝ. ඒක චිත්‍රපටියක් නං මේ අකිර කුරසෝවා. සංගීත සංධ්වනියක් නං බීතෝවන්. මූර්තියක් නං මයිකල් ආන්ජිලෝ.ජෝසප් කියන්නේ අල්ලපු ගමේ රබර් වත්තක වැඩ කරපු තරුණයෙක්. තරුණයෙක් කිව්වට ආයිබෝං ඒ මම මේ කාලේ. දැන්නං අවුරුදු හැටකට කිට්ටු ...
ගන්සී සාහිත්‍ය හා අල පොතු පයි සමාජය කට්ටකාඩුව සමහර නරක දේවල් වෙන්නේ හොඳට. ඔව් ටිකක් විතර බූත කියමනක් උනාට ඒක එහෙම තමයි. මං අද කියන්ඩ යන්නෙත් එහෙම සිද්ධියක්. සිද්ධියක් කීවට මේක සිද්ධි දාමයක්. හැබැයි අනන්ත සිද්ධි අතරින් සිද්ධි දහයක් දොලහක් සලකපුවම ඒක ගණන් ගත නොහැකි තරමේ සුළු දෙයක්. මේ කතාව පටන් ගන්නේ මගේ යෞවනෝදයත් එක්ක...ඒ කාලේ මට ඉංග්‍රීසි කියන භාෂාව අණ්ඩර දෙමල වගේ. මට හොඳට මතකයි අට වසරේ ...
ඇස් වහ කට වහ කට්ටකාඩුව මේ ලගදි ෆේස් බුක් එකේ හරි අපූරු සංවාදයක් ගියා. ඒකෙ මාතෘකාව ඇස්වහ කටවහ කියන එව්ව ඇත්තද කියන එක. ඔය කතා කියවන කොට මං හිත හිතා හිටියෙ කාළි මෑණියෝ ගැන. කාළි මෑණියන් කියන්නෙ අසරණයන්ට පිහිට වෙන බව කියන හිංදු දේවතාවියක්. බෞද්ධ සාහිත්‍යයෙත් කාළි යකින්න කියල කෙනෙක් ගැන කතා වෙනව තමයි. හැබැයි මෙතෙන්ට අදාල වෙන්නෙ අර හිංදු දේවතාවිය. මේ දවස් වල ...
සළුපට- 2 කට්ටකාඩුව සළුපට අහසට නාට්‍යයේ ප්‍රධාන නළුවෝ තාම පෝස්ට් එක දැකලා නෑ. එහෙම නැත්තං උං මාව මරන්ඩ කොන්ත්‍රාත් දීපු උන්ට තාම සල්ලි දීලා නෑ. ඔය කාරණා දෙකෙන් මොකක් උනත් සළුපට අහසේ දෙවෙනි කොටසත් ලියන්ඩ තාම පණ කෙන්ද රැකිලා තියෙනවා. තාම මේ ගේම ඉල්ලන්නේ ඔෆිස් එකෙන් මං මළොත් හම්බ වෙන ලක්ෂ විස්ස තිහ ලංසුවට තියලා. අපේ ගමේ කියන විදිහට සුටුස් ගාල හුස්ම ටික ...
පුටු සැටිය කට්ටකාඩුව අපේ ගෙදර සාලයේ අපි පොඩි කාලයේ තිබුනේ වේවැල් පුටු කීපයකි. ඒවා අප්පච්චීට සල්ලි යහමින් තිබුනු ඈත කාළයකදී වේවැල්දෙණියෙන් ගෙනා මිල අධික පුටුය. එහෙත් අපේ ගෙදර කවමදාකවත් කිසිම දෙයක් පෙනුමට පමණක් තිබුනේ නැත. ගෙදර අබ ඇටයක් තරම් හෝ දෙයක් තිබුනේ නම් ඒ පාවිච්චියටය. අප්පච්චීගේ නීතිය එයයි. හරියටම කිව්වොත් ඒ නීතිය අප්පච්චීගේ නොවීය. ඒ අම්මාගේ නීතියකි. ම්හ්...මතකය කියන විදිහට ඒ දෙන්නාටම ...
ඒජන්ට් මෙට්රික්ස් සමග එක්ස් ෆයිල්ස් කට්ටකාඩුව මතකද එක්ස් ෆයිල්ස් කියල ඉංග්‍රීසි කතා මාලාවක් තිබ්බා? ඒජන්ට් මල්ඩර් සහ ඒජන්ට් ස්කලී කියලා එෆ්.බී.අයි. ඒජන්ත වරුන් දෙන්නෙක් සාමාන්‍ය ලෝකයේ සිද්දවෙන විද්‍යාත්මකව අසාමාන්‍ය දේවල් හොය හොයා ගිය අපූරු කතා මාලාවල් කීපයක්!! මේ නමින්ම චිත්‍රපටි දෙක තුනකුත් ආවා. ඉන්දියාවේ හදන ගොං පාට් කොපි කරන ඒවා රහ කර කර බලන (මට හිතෙනවා සමහරු ඒවා බලන විදිහට ටී වී එක බලනවා නෙවෙයි ගිලිනවා ...
දක්ෂිණාංශික සමාජවාදියා සහ බෞද්ධ කොටියා කට්ටකාඩුව හෙට ඉඳන් අපේ ගමේ ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාර ගන්නවා. මේ පාර චන්දෙ තියන ක්‍රමේ වෙනස් කියල කිව්වට මං හිතුවා අපේ ගෙදර තාප්පේ ඇලවෙන පෝස්ටර් කන්දරාව අඩුවෙයි කියලා කියලා. මොන පිස්සුද වෙනද වගේම තාප්පේ නිල්, කොළ, කහ, රතු, දුඹුරු සහ පාට පෙට්ටියක මං කවදාවත් දැකල නැති පාට වලිනුත් පෝස්ටර් වැහි වැහැලා. ඔය අතරේ අපේ සුනිල් කන්නංගර දිසාපති තුමා (ඒ මහත්තැන් ...
සාජම්මහත්තයගේ කතා කට්ටකාඩුව ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාර ධූර නිලතලයක් දරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයා ම තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි. ඒකෙත් හැටි. එතුමා අපේ ගමට ...
මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප් කට්ටකාඩුව මේ ලඟදි අපි ගියා ආරණ්‍ය සේනාසනේකට දානයක් දෙන්ඩ. එහෙ හාමුදුරුවරු වැඩ ඉන්නේ 10-12 විතර. පැවිද්ද බලාපොරොත්තුවෙන් ඉන්න අයත්, ආවතේව වලට ඉන්න අයත් එක්ක ඔක්කොම 15 විතර. හැබැයි මේ දානේ පිළියෙළ කරන්ඩ 20-25 විතර කට්ටියක් ගියා. ඉතින් මේ දානෙට උයන පිහන දේවල් මොනවද කියල අපි කල්පනා කරන්ඩ පටන් ගත්තේ මාසෙකට විතර ඉස්සර ඉඳන්. හැබැයි ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොච්චර කාර්යක්ෂමද කියනවනම් ...
කිං කරිස්සන්ති තාරකා කට්ටකාඩුව සාමන්‍යයෙන් ලෝකේ ආර්ථික විද්‍යාඥයෙකුට ලබන්ඩ පුලුවන් ලොකුම ගෞරවය කියල සැලකෙන්නෙ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ලැබෙන නොබෙල් තෑග්ග ලබා ගන්න එක. 2020 අවුරුද්දේ මෙ වාසනාව උදා උනේ පෝල් ආර් මිල්ග්රම්ටයි රොබට් බී විල්සන්ටයි. ඒ වෙන්දේසි න්‍යාය වැඩි දියුණු කිරීමට ඔවුන් දක්වපු දායකත්වය වෙනුවෙන්. ඔවුන් මේ වෙන්දේසි කිරීමේ න්‍යාය ගැන කොච්චර පර්යේෂණ කරාද කියනවනං අලුත් වෙන්දේසි ක්‍රම පවා ලෝකෙට අදුන්නලා දෙන්ඩ ඔවුන්ට ...
කාටද චන්දෙ දුන්නේ? කට්ටකාඩුව අද ලියන්ඩ හිටියේ වෙනිං කාරණයක් ගැන. ඒත් හදිස්සියේම මතක් උනා අද නේද බොලව් චන්දෙ කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සිරිත් විරිත් වලට ගරු කරන්ඩ ඕන. සංස්කෘතිය රැක ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මඩු වල්ග පාරක් කන්ඩ ලැස්ති වෙන්ඩ ඕන. ඉතිං පුරාණේ ඉඳන් පැවතගෙන ආපු චන්ද දවසට අදාළ අපේ සිරිත් විරිත් කීපයක් උනේ කොහොමද කියල කියන්ඩ තමයි අද ලැහැත්තිය. කොහෙද ...
පට පට පට -3 කට්ටකාඩුව ඔන්න ගිය වතාවේ මම කිව්වනේ ගරු බව්වා තුමා තමන්ගේ මාමා කෙනෙක්ගේ ගෙදරට අපේ කට්ටිය උයන්ඩ එක්කගෙන ගිය විස්තරේ.අපි තංගල්ල වෙරළේ තෙත රෙදි පිටින් සිංදු කියමින්, නටමින්, උයන්ඩ ගිය උන්ගේ දෙමාපියන් මතක් කරමින් ගතකල ඒ සොඳුරු පැය හතරට පස්සේ අපිව රෑ කෑමට එක්කගෙන ගියා කියලත් කිව්වනේ. මේ අති විශේෂ බැච් ට්‍රිප් එකේ මතකය අලුත් කරගන්ඩ ඕන කෙනෙක් මේ ලින්ක් දෙක ...
බූරුවා, ගොනා සහ සේවකයා කට්ටකාඩුව අරාබි නිසොල්ලාසය තරම් අපූරු මායාවී කතන්දර තියෙන වෙන පොතක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මේ අපූරු අද්භූත කතන්දරවල හරි සරළ සුන්දර මතුපිටක් පෙන්නුවාට ගැඹුරු අදහස් ගැබ් වෙලා තියෙනවා කියලයි මං හිතන්නේ. අද කතාව ඒ අපූරු පොතින්. ඉංග්‍රීසි බසින් හෙළ බසට නගන කොට, මුල් කෘතියේ තියෙන රහ ඒ විදිහටම තියාගන්ඩ අමාරුයි වචනයෙන් වචනය පෙරලුවොත්. අන්න ඒක හිංදා මං කතාවෙ සාරය ...
කුකුළා සහ බල්ලා කට්ටකාඩුව අපි ගිය පෝස්ට් එකෙන් අර්‍රාබි නිසොල්ලාසෙ පළවෙනි කතන්දරේ අහන්ඩ පටං ගත්තනේ. කවුරුහරි ඒ කොටස බැලුවෙ නැත්තං මේං මෙතනින්- බූරුවා, ගොනා සහ සේවකයා- ඒ කොටසට ගිහිල්ලා බලලා එන්ඩ. නැත්තං මේ කාලේ අපේ සිරි ලංකාවෙ ජීවත්වෙන මේ අපි වාගෙ පොඩි මිනිස්සු හුග දෙනෙක් ඉන්නවා වගේ අංදුං කුංදුං වෙලා තමයි අද කතාව කියවන්ඩ වෙන්නෙ. වෙන දෙයක් වෙච්චාවෙ! තමුසෙ කියන බොරු අහල අහල ...
මහේශාඛ්‍ය මෙඩිචි සහ ලියනාඩෝ කට්ටකාඩුව ඔය ජනේරු මාසෙ තියෙනවා නේද...හරි අපූරු මාසයක්. සූර පප්පලගෙ ගම අල්ලාගන්ඩ බැරි උනාට මොකද රෝමන් කාරයෝ හරි අමුතු වැඩ කරලා ලොක්කෙ පුරාම නමක් තියපු මිනිස්සු. එහෙව් රෝමන් කාරයෝ අවුරුද්දෙ මුල්ම මාසෙට නම දාන්නේ මූණු දෙකක් දෙපැත්තට පිහිටලා තිබ්බා කියල කියවෙන ජානුස් දෙවියන්ගෙ නම සිහිවෙන්ඩයි. මේ ජානුස් දෙවියන්ට මූණු දෙකක් තියෙන්නෙ එක ඇහැකින් අතීතේ වගේම අනික් ඇහින් අනාගතේත් බලන්ඩ පුලුවන් හින්ද ...
ස්මාට් ෆෝන් වල දමන්නා කට්ටකාඩුව ගිය සතියේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් ගැන කට්ටකාඩුවට නිතර ගුරු හරුකම් සපයන 'ඩොක්ට ඩී' එක්ක අදහස් හුවමාරුවක් උනා. එතෙන්දි එතුමා කිව්ව කතාවක් මගේ හිත බැඳ ගත්තා. මේ කතාව හැබෑ සිද්ධියක්ද නැත්නම් යාන්ස් එකක්ද කියලනං මම දන්නේ නෑ. කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සේ නැගෙනහිර හා බටහිර විදිහට බෙදිලා වෙන් වෙච්ච ජර්මනිය. නැගෙනහිර ජර්මනිය සෝවියට් රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරට ...
රජ්ජුරුවන්නේ පැටිකිරිය II කට්ටකාඩුව කාලෙකට ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ආවා ද කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන් කියලා. ඒ කතාවේ ප්‍රධාන චරිතය ඉපදෙන්නේ මහලු මිනිසෙක් විදිහට. කල් ගත වීමත් එක්ක ඔහු වඩ වඩා තරුණ බවට පත් වෙනවා. කොටිම්ම අනික් හැමෝම වයසට යද්දී බෙන්ජමින් විතරක් තරුණ වෙනවා. ඉතිං කොච්චර එකක්ද අපිට හිතෙන්ඩ පුළුවන්. හැබැයි ඒක මහා ප්‍රශ්නයක් බව පැහැදිලි වෙන්නේ දිගටම ෆිල්ම් එක බලාගෙන යනකොට. වයසක ...
සෙන්ටිනේරියන් කට්ටකාඩුව කට්ටකාඩුව ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් පටන් ගන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. කට්ටකාඩුව බ්ලොග් එක පටන් ගත්තු විදිහ මම කිව්වනේ 50 වැනි ලිපිය ලියන වෙලාවේ. ආචාර්ය ඩී ගේ බල කිරීමට මේ අටමගල පටං ගත්තට මොකද එතනින් එහාට කොහොම කරගෙන යන්ඩද මොනවා ලියන්ඩද කියල මට කිසිම නිච්චියක් තිබ්බේ නෑ කියමුකෝ. මහාචාර්ය මාතලන් තුමාගේ බ්ලොග් පාඩම් මාලාවෙ සහසුද්දෙම්ම කියල තියනවා අර හිට් කවුන්ටර් එක ...
මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත කට්ටකාඩුව මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වෙත ගෞරව පුරස්වරව ලියා දක්වන වගනම්... ඔය එක එකා කට කැඩිච්ච කථා කිව්වට මම නං ඔබවහන්සේ කොළඹ විස්ස විජ්ජාලේ කුලපති වෙච්ච එක ගැන හරිම සංතෝසය. ඔය විස්ස විජ්ජාලවල ඉන්න උං හිතාගෙන ඉන්නේ උං මහ උගත්තුය කියලාය. ඔය මොන උගතත් රෑට රෑට එක එකාගේ ගොම්පස් අල්ලන්ඩ යනබව ප්‍රසිද්ධ රහසක් උනාට උන්ට කතා නැතිවෙන්ඩ නෙලුවේ මේ පාරය. ඕකුන්ට හොඳ ...
සේසතේ දේවතාවී කට්ටකාඩුව මට කොහොමත් සිංහලෙන් අකුරු ටයිප් කරන්න හරි අමාරුයි අපි අයිති වෙන්නේ සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ‘ඒ කෝ බී කෝ’ ක්‍රමයට ටයිප් කරන්න පුරුදු වෙච්ච පරම්පරාවකට. ඉතින් කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටයිප් කරගන්න අමාරු වෙනවා නම් කීබෝඩ් එකේ පේන්ඩ නැති, ඒ වගේම සාපේක්ෂකව වැඩි අකුරු ප්‍රමාණයක් තියෙන සිංහල ටයිප් කරන්න කොච්චර අමාරු ද කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් ...