කදිරා කට්ටකාඩුව කොටට කපා උඩට පීරා ඇති කොණ්ඩය ජෙල් ගා සකස් කොට ඇත්තේ ළඟ ඇති විදුලි පංකාවේ සුළඟිනිදු වෙනස් නොවෙන පරිදිය. සුදු කමිසය ට රතු දුඹුරු ටයි පටියක් පැළඳ කළු පැහැ කෝට් එකක් පැළඳ සිටින්නේ ඔහු යැයි හඳුනා ගැනීමත් අපහසු තරම්ය. මගේ සිත වසර කීපයක් ඈත අතීතයට දිව යයි.අපේ වත්තේ කෙහෙල්කැනක් කපලා. අම්මා මට කිව්වේ සති අන්තයේ ගෙදර ආ විටකය. අප්පච්චී ගේ ...
භූත සෙල්ලම කට්ටකාඩුව ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය ගා කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා අද්දරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්. ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්. නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ? කොහොමද ඒ ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්‍රමාන කැපකිරීම් කරන්නේ? එහෙව් කැප කිරීම් කරපු කෙනා ...
වීරයා ගෙදර ඒම වලක්වමු කට්ටකාඩුව අපේනිමල් දිසානායක උන්නැහේ ලියන නිදි ගේපංචතන්තරේ බ්ලොග් අඩවියේ මේ ලඟදි හැබෑමවීරයෙක් ගැන ලියල තිබුනා. යුද්දය හින්ද ඇස් දෙකම නැතිවෙච්ච අපේ කාලයේ වීරයෙක්ඇස් නොපෙනෙන තවත් මිනිස්සු පනස්දාහක් දෙනාගේ ඇස් පාදා දීමේඒ කියන්නේ කාච බද්ධ කරදීමේපිංකමක නිරත වෙලා ඉන්නහැටි ගැන තමයි ඒකතාව.ඒ ගැන නොකියවපුකෙනෙක් ඉන්නවා නං මෙන්න ලින්ක්එක ඒ ලිපියට. ඔයලිපිය කියෙව්වට පස්සේ වීරයා ගෙදර ඇවිත් කියලමාර ටෙලි නාට්යයක්ගියාය ඒක බැලුවේ ...
2019 දී වස විස නැති රටක්? කට්ටකාඩුව අවුරුද්දේ මට හම්බ වෙච්ච එස්.එම්.එස් සුභපැතුම් ගණනාවක තිබුනේ බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා කියලා. මේක අතීතයේ ඉඳන් පැවත එන සිංහල සුභ පැතුමක්. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ සුභ පැතුමේ ආරම්භය අද දවසට කොච්චර ගැලපෙනවද කියලා. ඈත අතීතයේදී බත් හා බුලත් අපේ ප්‍රධාන අහාර අවශ්‍යතා වෙන්ඩ ඇති. ඉතින් බතුයි බුලතුයි කාට හරි අවශ්‍ය ප්‍රමාණයට තියනවා නං ඔහුගේ හෝ ඇයගේ ...
සිංහලේ රජ්ජුරුවන්නේ පැටිකිරිය කට්ටකාඩුව ඇමරිකාවේ ජනාධිපතිවරණය ලංවෙනකොට සී.එන්.එන්. නාළිකාව හරි අපූරු වැඩසටහනක් කරනවා. ඒ තමයි ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඒ ඒ සතියෙදි කියන කතා වල ඇත්ත නැත්ත හොයල බලන එක. මම පහුගිය ජනාධිපතිවරණ දෙක තුනකදිම මේ අපූරු වැඩ සටහන දැක්කා. අනේ ඉතිං ලංකාවේ අපිට කොහෙද එහෙම මධ්‍යස්ථව ඉඳන් දෙපැත්තෙම හරි වැරදි පෙන්නන වැඩසටහන්?!!!. අනික් පැත්තට ගත්තොත් ලංකාවේ එහෙම වැඩක් කරන්ඩ හුගක් ලේසි වෙන්ඩත් ඉඩ තියෙනවා. ...
බස් ගස දිගේ නගිමු කට්ටකාඩුව තැනිතලා බිම් වල ගෙවූ එඬේර ජීවිතය එපා වෙමින් තිබිණි. උපතේ සිට මරණය දක්වා ගොපල්ලන් ලෙස ගෙවන ජීවිතය කර්කශ ද විටෙක විනෝදජනකද වුවත් සැමවිටම අනතුරෙන් පිරී පැවතියේ විය. බඩගින්නද, පිපාසාවද, ලෙඩ දුක ද කිසිදා ජීවිතය හැර නොගිය තරම්ය. දැන් ඒ පැරණි තර්ජන මතට තවත් අභියෝගයක් එල්ල වී ඇත. මේ තැනිතලා ප්‍රදේශයට දැරිය නොහැකි තරමට ජනගහනය වර්ධනය වී ඇත. අපේ සියලු සතුන්ට ...
ෆෙඩරල් අමරපුර නිකාය කට්ටකාඩුව මේ දවස් වල ෆෙඩරල් ක්‍රමය හොඳද නරකද කියලා දෙලෝ කෝටියක් කතා බහ සමාජේ පුරාම පැතිරිලා තියනවා. මහා සංඝරත්නය එක්සත්ව ඒ ගැන අදහස් දක්වපු බවකුත් පහුගියදා කියවුනා. මේ සතියේ පත්තරේක අමරපුර නිකායෙන් නිකුත් කරපු ප්‍රකාශයක් පලවෙලා තිබුනා. ඒකෙ විදිහට ෆෙඩරල් ක්‍රමය හොඳ නෑලු. ෆෙඩරල් ක්‍රමය හොඳයිද නරකයිද කියන එක වෙනම කතා කරන්ඩ ඕන දෙයක් උනත් කවුරු හරි තමන් ෆෙඩරල් ක්‍රමය ...
ෆුඩ් ග්රූප් කෙරුවාව-දෙවෙනි කොටස කට්ටකාඩුව මම කියන්ඩ පටන් ගත්තනේ මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප් කෙරුවාව ගැන. ඒ ගැන මුල් ලිපිය මෙතනින් බලලමු එමු. නැත්තං අගමුල නැති වල පෑගුනා වගේ තමයි බැද්දෙදි. ඉතින් කොහොම කොහොම හරි වදෙන් පොරෙන් බැච් එකෙන් එකතුවෙච්ච ඔක්කොම සල්ලි වලට බඩු ටිකත් අරං අපි දඹුල්ලෙන් එන්ඩ පිටත් උනා. “මචං අපි ලොකු බාස්ගෙනුයි සැන්ඩෝ අයියගෙනුයි මේ සතියේ උපරිම වැඩ ගන්නවා වගේම හොඳට සලකන්ඩත් ඕන...” ...
අපිට මොකද අපි අටසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට කට්ටකාඩුව අද 2019 නොවැම්බර් 16. ජනාධිපතිවරණෙ මම චන්දෙ දෙන්නේ කාටද කියල තාම තීරණයක් නෑ. තව පැය කීපයක් තියෙනවනේ චන්දෙ දාන්ඩ. චන්දෙ දාන්ඩ යනවද නොයනවද කියලා එකෙල මෙකෙල වෙමින් ඉන්දැද්දී අනුරාධපුරේ ගිය වතාවල් කීපෙක ගත්තු චායාරූප ගොන්නක් දිග ඇරගෙන බල බලා හිටියා. ඒ කොයිකක උනත් දැක්කේ මහා වැව්...මහා වෙහෙර විහාර...මහා කුඹුරු යායවල්. මට හිතුනා මේ අපි දකින දේවල් එදා හිටපු මිනිස්සුත් දැක්කද ...
බොර්ජියා වරු කට්ටකාඩුව ජනාධිපතිවරණයක් ඇවිත්. කාට චන්දෙ දෙනවද කියල තාම තීරණයක් නෑ. හැබැයි කවුරු මග තොටේ දී හම්බ උනත් අහන්නේ මේ පාර කවුරු දිනයිද කියල. මං කොහොමද දන්නේ? මං සාත්තරකාරයෙක් නෙවෙයි නේ. ටික කාලයක් කේන්දර බලන හැටි ඉගෙන ගත්තු බව හැබෑව. ඒ දන්නා ටිකෙනුත් චන්දයක දිනුම පැරදුම වගේ දේවල් ගැන හරි තීරණයක් දෙන්ඩ පුළුවන් කියල මට හිතෙන්නේ නෑ. වෙනිං රටවල් වල නං අපක්ෂපාතී ...
තෑන්ක්ස් මචං මම මෙට්රික්ස් කට්ටකාඩුව කැම්පස් ජීවිතේට ඉස්සර කලනය (calculus) කියන ගණිතමය සංකල්පය ගැන අදහසක් වත් නොතිබ්බ අපිට, කෘෂි විද්‍යාවට අයිති සමහර සංකල්ප තේරුම් ගන්ඩ පහසු මගක් විදිහට කලනය ඉගෙන ගන්ඩ උනා. මේ කලනයේ එන එක කොටසක් තමයි න්‍යාස (matrix) ගැන තියන කොටස. කලනය, න්‍යාස වගේ දිව පටලවෙන අමාරු වචන වෙනුවට මෙව්වට ඉංග්‍රීසියෙන් කියන නං දෙකම පාවිච්චි කරන්නං මේ කතාව කියන්ඩ. ඒ තමයි කැල්කියුලස් සහ ...
කළු ඇඳගෙන රතු ඇවිදින් කට්ටකාඩුව අපේ ගමේ ජීවත් වෙන්ඩ ඔබ තමුන්නැහෙලාට නොලැබෙනවා කියන්නේ ජීවිතෙන් බාගයක් අපතේ ගියා වගේ දෙයක්. ඒ තරමට අපේ ගම විකෘතියි. අපේ මිනිස්සු දුකටත් අඬනවා. සතුටටත් අඬනවා. දුකටත් බොනවා. සතුටටත් බොනවා. දුකටත් හිනා වෙනවා. සතුටටත් හිනා වෙනවා. අඬ අඬත් බොනවා. හිනා වෙවීත් බොනවා. බිබී නටනවා...නට නටත් බොනවා. ඔය බොන අතරේ ජීවත් වීමත් කරනවා. ජීවත් වෙන අතරේ මැරෙන එකත් කරනවා. මැරෙන එක ...
වෙසක් සඳ නොකියන රහසක් තිබේද? කට්ටකාඩුව කොරෝනා බය හින්ද ගෙදරට වෙලා හිටියත් කට්ටකාඩුව පැත්තේ ගොඩ වෙන්ඩ වෙලාවක් නැති උනේ ' ගෙදර ඉඳන් වැඩ' සංකල්පයක් ක්‍රියාත්මක වෙන හිංදා. ඒ හින්ද ඇත්තටම වෙනදට වඩා වැඩ කිව්වොත් වඩා නිවැරදියි. ඉතාලියේ, ස්පාඤ්ඤයේ, ඇමරිකාවේ, විතරක් නෙවෙයි ලෝකේ හතර දිග් බාගෙම කොරෝනාමරණ සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වෙන මේ වෙලාවේ ඒ රාජ්ජවල ඉන්න හැමෝටම ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී බව ලැබෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන ...
නොදුටු මිතුරන් - අවසන් කොටස කට්ටකාඩුව පොරොන්දුවක් උනා නං ඉස්ට සිද්ධ කොරන්ඩම ඕන...එහෙමයි අපේ ආතල මුත්තල කියන්නේ. නැත්තං බල්ලෝ කපුටෝ වෙලා උපදිනවා ආය දෙකක් නෑ. උන්දැලා කියන්නේ එහෙමයි. ආය මොකටද පොඩි හරි රිස්ක් එකක් ගන්නේ. මිනිහෙක් වෙලත් ජීවත් වෙන්ඩ මෙච්චර අමාරු එකේ බල්ලෙක් කපුටෙක් උනොත් කොහොමද? ඉතින් මං හිතුවා වෙච්ච පොරොන්දුව ඉස්ට සිද්ධ කරන්ඩ. ඔන්න එහෙමනං ඉතිං නොදුටු මිතුරන් තිදෙනා ගැන කතාවේ අවසාන කොටස. කතාව පටන් ...
සළුපට අහසට කට්ටකාඩුව මේ සිරි ලංකාද්වීපේ ඕනෑම කැම්පස් එකක ඕනෑම බැච් එකක ඕනෑ තරම් බැච් ට්‍රිප් නොහොත් කණ්ඩායම් විනෝද චාරිකා යෑම අරුමයක් නෙවෙයි. ඒත් ආගමික භක්තිය, වීර ක්‍රියා, පීචං වීම, දේශ ගවේෂණ, ශ්රුන්ගාරය කියල යමක් හඳුන්වනවද අන්න ඒක, දේශපාලනය, වගේම යුධ මෙහෙයුම් ඇතුලත් එක බැච් ට්‍රිප් එකක් හොයා ගන්ඩ ලේසි නෑ. ලේසි උනත් එහෙම දෙයක් ගැන කියන්ඩ ලියන්ඩ කෙනෙක් ඉතුරු වෙන්නේ නැති ...
නොදුටු මිතුරන් තිදෙනා II කට්ටකාඩුව සුල්තාන් ෆෙරෝස් ෂා ට මහාභාරතයේ කියවෙන භීම් කියන යෝධ සෙන්පතියාගේ සැරයටි හම්බ වෙච්ච හැටි මම පහුගිය ලිපියෙන් කිව්වනේ. අමතක නම් මෙන්න මේ සබැඳියෙන් ඒ ලිපිය කියවන්ඩ පුළුවන්. ඒ ලිපිය මතක නම් තමයි මේ ලියමන තේරුම් ගන්ඩ ලේසි වෙන්නේ. හරියට සිංහල නාට්‍ය කලාව පත් වෙලා තිබ්බ අකරහනි තත්වය තේරුම් ගත්තොත් විතරක් ජයලත් මනෝරත්න කියන මහා යුග පුරුෂයා ගැන තේරුම් ගන්ඩ පුළුවන් ...
රට විරුවන් කට්ටකාඩුව මේ ලඟදි තායිලන්තෙට යන ගමන් වෙච්ච සිද්ධියකින් අතීත මතකයක් අවදි උනා. අපි වෙනුවෙන් විදේශ විනිමය උපයන වෘත්තික නොවන රැකියා විදිහට බොහෝ දෙනා හඳුන්වන ගොන්නට අයත් වූ රැකියා කරන බහුතරයක් ගැන කතා දෙකක් හින්ද කට්ටකාඩුවට ලියන එක හොඳයි කියල හිතුනා. කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් මේ මගේ අත්දැකීම් දෙකක් විතරයි ඇත්ත තත්වය මීට වඩා වෙනස් කියල. එහෙම නං හුගක් හොඳයි. මේ මම දැකපු ...
පෙර පිනක් තියෙනවානම්......!!! කට්ටකාඩුව වසන්ත කාලේ පායන පුර හඳ කියන්නේ දකින්ඩම ඕන කාරණයක්. ඊට වඩා ලස්සන හඳක් මම දැකල තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර පේරාදෙණියේදී. ඒ මාර්තු මාසේ පැහැදිලි අහසක් තිබ්බ රැයක්. හන්තාන කන්ද උඩින් කළා දොළොසක් විතර පිරුණු හඳක් නැගගෙන ඇවිත්. මම මනෝරත්න මහත්තයාගේ අන්දරේලා බලනවා එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයෙදි ඒ කියන්නේ සුප්‍රසිද්ධ පේරාදෙණියේ වලේ දි. සීතල හුළඟක් හමාගෙන යන්නේ හරියට මේ ...
නිධන් හෑරිල්ල කට්ටකාඩුව නිධන් හාරනවා කියපුවම හැමෝම හිතන්නේ නීති විරෝධී වැඩක් කරන්ඩ යනවා කියලයි. සමහරවිට අද්භූත දේවල් වලට අපි කොහොමත් ආස කරන හින්දා හැංගිලා තියෙන සම්පත් මතු කර ගන්ඩත් ඒ ගැන කතා හදන්ඩත් අපේ හිත් අතුලේ කැමැත්තක් ඇති. මට නං ඔය නිධං හෑරිල්ල ගැන පෞද්ගලිකව කිසිම අත්දැකීමක් නෑ. හැබැයි මම පොඩි කාලෙ අහපු දැකපු දේවලුයි තරුණ කාලෙ අහපු දේවල් කීපෙකුයි එක්ක තමයි ...
නොදුටු මිතුරන් තිදෙනා කට්ටකාඩුව කොහොමද කෑම?අති විශිෂ්ටයි සර්!!මට ඒ වෙළඳ දැන්වීම් දෙබස මතක් උනේ අපේ කට්ටිය ඉන්දියාවෙන් කාපු කෑම දිහා බලාගෙන ඉන්න ගමන්. කොටින්ම අපිට ඕවර් විස්සක් වත් බැට් කරගන්ඩ අමාරුයි...හැබැයි කොහොමද කතාව? මං ඔය වගේ වෙලාවල් වලදී කරන්නේ අපිට සන්තෝස වෙන්ඩ පුළුවන් දෙයක් ගැන හිතන එක. ජීවිතේ තියෙන්නේ විඳින්ඩ මිසක් විඳ වන්ඩ නෙවෙයි නේ....ඒ හිංද මම දිල්ලියේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගනේ ගැන කල්පනා කරන්ඩ ...