ගුත්තිල හා මූසිල 1 කට්ටකාඩුව ගිය සතියේ හරි අපූරු සිද්ධියක් උනා. රැකියා ස්ථානයේ පුහුණුවකට සහභාගි වෙන අතරේ ලැබිච්ච තේ විවේකයකදී තවත් පුහුණුවට සහභාගී වෙමින් සිටි අයෙකු මං ලඟට ආවා.ඔයා අහවලාද?ඔව්...ඔයා කවුද? මම කසුන්...අපි මීට අවුරුදු තුන හතරකට කලින් හම්බ උනා අහවල් විශ්ව විද්‍යාලයේ දී මට මතක විදිහට...එතකොටම මගේ මතකය වැඩ කරන්ඩ පටන් ගත්තා. ඔය කියන කාලයේ මම පශ්චාත් උපාධි අධ්‍යයනයක යෙදිලා හිටියේ කොළඹට කිට්ටු විශ්ව ...
භූත සෙල්ලම කට්ටකාඩුව මේ කාලේ රටේ හුගක් තැන්වල කතා වෙන්නේ ඇහැට නොපෙනෙන බලවේග එක්ක එක්කහු වෙලා කොවිඩ් වසංගතේ මැඩ පවත්වන්ඩ ඕන කරන බේත් හේත් හොයාගැනිල්ල ගැන. ඔන්න එතකොට මතක් උනා මම මීට අවුරුදු දෙකකට විතර උඩදි කට්ටකාඩුවට ලියපු අපේ ගමේ වෙච්ච භූතයා ගැහිල්ලක් ගැන. නත්තල් කෝඩෙයි හිරි ගඩු පිපෙන සීතලයි එක්ක ගුලි වෙලා ඉන්න ගමන් මට හිතුනා ඒ පෝස්ට් එක නැවත පල කරන්ඩ. ...
මලයඩි කන්ද කට්ටකාඩුව සමහර විට ලොකු ලොකු දේවල් අමතක උනාට පොඩි පොඩි දේවල් අපේ ජීවිත කාලෙ පුරාම මතක තියෙනවා. මට තාම මතකයි මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ සිංහල උගන්නපු ගුරුතුමී පහ වසරෙදි සමණලයා බිත්තර දමන්නේ කොළයේ යටි පැත්තේය කියල උගන්නනවා. මට තාම හිතා ගන්ඩ බෑ ඇයි ඒ කාරනේ මතක තියෙන්නෙ කියල. එහෙම මතක තියෙන සිද්ධි එක්ක අපි නොදන්න යමක් යටිහිතේ තැන්පත් වෙනවද? ...
වරේවා ක්‍රොයේෂියා!! කට්ටකාඩුව සමහර කාල වලට එන උණ හැමෝටම වගේ හැදෙනවා. අපේ ගමේ ඉස්සර නං පොඩි උන්ට අඹ ගැට කාලෙට හැදෙන උණේට කියන්නේ අඹ උණ කියලා. ඇස් ලෙඩ වගේ දේවල් හුග වෙලාවට හැදෙන්නේ නියං කාලයක් අල්ලලා. ඒ වගේම තමයි ක්‍රිකට් මැච් කාලෙට ක්‍රිකට් උණත් ඔලිම්පික්, ෆුට්බෝල් වර්ල්ඩ් කප් කාලෙට අපේ ගමේ අයට විතරක් නෙවෙයි මුළු රටේම හුග දෙනෙකුට ඒ ඒ ස්පෝට්ස් උණකුත් හැදෙනවා. ...
උදායි හාමුදුරුවෝ කට්ටකාඩුව ලොකු මලය කසාද බැඳපු කාලේ ළමයි බමයි කවුරුවත් නැතිව ඉන්න කොට හරිම නිදහස් ජීවිතයක් තමයි ගෙව්වේ. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කුළියට ගෙයක් අරගෙන ඔය කොළඹ රටේ. කොයි දීස දීපංකරේ හිටියත් ලොකු මලයට ගමට එන්ඩ ලොකු කැමැත්තක් තිබුනා. බුදු හාමුදුරුවොත් කිව්වලුනේ 'ආනන්ද මට ශාක්‍ය ජනපදය පැත්තෙන් හමන සුළඟත් මහා සනීපයක් දනවනවා' කියල. ඉතින් අපි වගේ ගිහියන් ගැන මොන කතාද?ඉතින් ...
සරුංගල් ජීවිතේ කට්ටකාඩුව පොත් අල්මාරිය පෙරල පෙරල ඉන්නකොට කාලෙකට ඉහතදී කියවපු ඒත් අමතක වෙලා ගිහින් තිබ්බ පොතක් හම්බ උනා. ඛාලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් (සරුංගල් යවන්නා). මම ආසම පොතක්. ඛාලිඩ් හොසේයිනි තරම් අපූරුවට චිත්ත රූප මවන ලේඛකයෙක් ගේ පොතක් මම කියවලා නෑ. ඒ පොතේ තියෙනවා ලස්සන දෙබසක්. කතා නායක අමීර් සහ එයාගේ තාත්තා අතර. මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. ...
උඩරට මැණිකෙට - අන්තිම කොටස කට්ටකාඩුව ඔන්න ඉතිං සුද්දව අල්ලගෙන කෝච්චි පාරක් හදන්ඩ ට්‍රයි එකක් දුන්න විදිහ ගැන මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. ඒ ලිපි ආපහු බලන්ඩ ඕන නං මෙන්න පළවෙනිලිපියට සම්බන්ධතාවය. මෙන්න දෙවැනි එක. අර කවුද කට්ටඩි රාළ කෙනෙක් යකෙක් ව බැඳ ගෙන වැඩ ගත්තු කතාව දන්නවනේ. ඒත් යකාට දෙන්ඩ වැඩ තරං හරි හමං වැඩක් නැති වෙච්චි කොට අර මොකක්දෝ එකක් කෙලින් කරන්ඩ අභියෝගයක් ...
ආර්ය කතාව III - වර්ණ හා ජාති කට්ටකාඩුව මතකද අපි කතා කර කර හිටියා ආර්යයෝ ගැන. පොඩි වෙනසකට පහුගිය ලිපි දෙක තුන ලියවුනේ වෙනත් මාතෘකා යටතේ. එහෙම කියලා පටන් ගත්තු වැඩේ නවත්තන්ඩ හොඳයැ? ඉතින් ඔන්න මම ආර්ය කතාවේ දෙවෙනි කොටස (දෙවැනි ලිපියෙදි මම කිව්වා එක කොටසක් පන්නලා කතාව කියනව කියල. ඒ පන්නපු කොටස තමා අද ලිපියේ මුල් කොටස) හා හතරවෙනි කොටස අඩංගු තුන්වැනි ලිපිය ලියන්ඩයි යන්නේ. පහුගිය ...
අන්ධයා සහ කොරා කට්ටකාඩුව ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ කවුද කියල නොදන්න කෙනෙක් ගන්න එක ගිය සතියේ මහනුවරදී උනේ මොකද්ද කියල නොදන්න ලාංකිකයෙක් එකට වඩා අමාරුයි. ඔය අයින්ස්ටයින් මහත්තයා ප්‍රසිද්ධ කියමනක් තියනවා. ඒ තමයි “ආගමකින් තොර විද්‍යාව කොරකු වැනිය. විද්‍යාවකින් තොර ආගම අන්ධයෙකු වැනිය” කියල. මට හිතෙනවා ගිය සතියේ උනේ මේ කොරයි අන්ධයයි දෙන්න එක්කහු වෙලා ගමන් කරන්ඩ පටන් ගත්තු එක කියල. අන්ධයාගේ පිටේ කොරා නැග්ගහම ...
සුබ උපන් දිනක්! කට්ටකාඩුව එක කාලයක් තිබ්බ මගේ ජීවිතේ හැම දෙයක්ම රුවිතෙට ගිය. කොටිම්ම ජීවත් වෙන්ඩ තිබ්බ ආසාව රැඳිලා පැවතුනේ අම්මට සලකලා ආදරෙන් මාව හදපු වඩපු ණය අනන්තයෙන් එකක් හෝ ගෙවන්ඩ තිබ්බ ආසාව විතරයි. ඒ වෙනකොට අප්පච්චිත් මේ ලෝකෙන් ගිහිං.අම්මා බල කරනවා 'කටයුත්තක්' කර ගන්ඩ කියල. අකටයුතු, කටයුතු වෙච්ච ලෝකේ මොන කටයුතුද?මම, මගේ හිතේ තිබ්බ ආදරේට මෙහෙම කියන්න ඇති.... මේ සක්වළෙහි කොතැනකකොහේ හෝ සිටින්නෙය ...
නැවත උපන් මූසිල කට්ටකාඩුව අපේ සිංහල සාහිත්‍යයේ හරි අපූරු චරිත ඉන්නවා. ඒ චරිත බිහි උනේ අවුරුදු සිය ගාණකට කලින් උනාට අදත් අපි ඒ චරිත ගැන කතා කරනවා. මොනවහරි කවට කමක් කලොත් අපිට මතක් වෙන්නේ අන්දරේ. අති පණ්ඩිත වැඩක් කරලා අනාගත්තොත් මහදැනමුත්තා තමයි මතක් වෙන්නේ. කෙලෙහි ගුණ නොදන්නා කමට නම් දරාපු චරිතේ මූසිල. මේ චරිත බිහිකරපු කවියෝ එහෙම නැත්තං කතන්දර කාරයෝ ඒ චරිත වලට ආභාෂය ...
උඩරට මැණිකෙට - දෙවෙනි කොටස කට්ටකාඩුව අපි සුද්දව අල්ලගෙන කෝපි වගාව පටන් ගන්ඩ උන්ව පාවිච්චි කරපු හැටි ගැන මම කිව්වනේ පහුගිය ලියුමෙන්. අද කියන්ඩ යන්නේ ඊගාවට කෝච්චි පාර හදපියව් කියල අපි අනාඥාවක් නිකුත් කරපුවම ගුද මාර්ගය මැහුම් දාල මහල ඉවර වෙලා අරළු පෙති දෙක තුනක් බීපු එව්වෝ වගේ සුද්ද දඟලපු විදිහ ගැන කියන්ඩ. අවාසනාවට ඌ එහෙම දඟල දඟල ඉන්න පොටෝ එකක් නං නෑ ඒත් මේ වෙච්ච ...
එළදෙන සහ සමාගම කට්ටකාඩුව “කෝ එළදෙන?” එහෙම ඇහුවේ කන්තෝරුවේ මැනේජර් මහත්තයා. “එළදෙන?” කනිෂ්ට නිලධාරියා ඇහුවා. “ඔව්, වෙන මොකෙක්ද?” “ඕ...ආ....එළ...දෙ..න…!” “මම උඹට කිව්වේ දවස් දෙකකකට කලින්!” “ඔව්... ඔව්... මට අමතක් උනේ නෑ….අද හවස් වෙනකොට...” එයාට උත්තරේ ඉවර කරන්ඩ හම්බ උනේ නෑ. “නෑ. හවස් වෙනකොට නෙවෙයි දවල් දොළහ වෙනකොට...ඉස්සරහ ලොබියට!!” “මම හිතුවේ එයා කිව්වේ විහිලුවට කියලා…” කනිෂ්ට නිලධාරියා එහෙම කිව්වේ එයාගේ මේසෙ ගාවට යන ගමං. “එළදෙනක්?” එකවුන්ටන් මහත්තයා ඇහුවා “ඔව්!!” “ඇත්ත ...
හаදය සාක්ෂිය එල්ලා මරණු! කට්ටකාඩුව මේ දවස් වල මොකක් හරි වැඩකට දෙතුන් දෙනෙක් එක්ක සෙට් උනොත් ඔන්න ටික වෙලාවකින් මාතෘකාව වෙනස් වෙලා මරණීය දණ්ඩනයෙන් තමයි වැඩේ නවතින්නේ. මෙහෙම ෆිෆ්ටි ෆිෆ්ටි බෙදිච්ච මතයක් මීට ඉස්සර මම දැක්කේ 2005ජනාධිපතිවරනෙට ටික දවසකට ඉස්සර විතරයි. සමහරු එල්ලා මැරීමට තදින්ම විරුද්ධයි. සමහරු තදින්ම පක්ෂයි. අනික ජනාධිපතිතුමා කියල තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට අහුවෙලා මරණීය දණ්ඩනය නියම වෙලා හිරබත් කද්දි තවදුරටත් ඒ ජාවාරමේ ...
හොල්මං වලට බය කවුද? කට්ටකාඩුව හුග දෙනෙක් හොල්මං කියල දෙයක් විශ්වාස කරන්නේ නෑ. මාත් හොල්මං වැඩිය විස්වාස කරන කෙනෙක් නෙවෙයි. මම හොල්මං විශ්වාස කරන්නේ නෑමයි කියල දිවුරල කියන්ඩ නං බෑ. මොකද මට වෙච්ච එක ඇබැද්දියක් ගැන මීට කලින් මම ලියල තියනවනේ. ඒ ගැන කාට හරි කියවන්ඩ ඕන නං මෙතෙන්ඩ කොටන්ඩ. ඉතිං මම හොල්මං වගේ දේවල් විස්වාස කරන්නේ නැත්නං එහෙම වෙලාවක බයක් ඇති වෙන්ඩ විදිහකුත් නෑ. ...
ඇති හිටියා සෙනෙවිරුවන් කට්ටකාඩුව අපේ ගමේ පිරිමි පරාණ වල මධු විත පානය කිරීමේ අසම සම හැකියාව ගැන මම ගිය සතියේ ලියපුවාම (කවුරු හරි බීලා හිටපු කෙනෙකුට ඒ ලිපිය මග ඇරුනා නං මෙන්න ලිංක් එක ඒ ලිපියට) මගේ යාළුවො දෙතුං දෙනෙක්ම මට කතා කරලා -අයියෝ ඔව්ව මොනවද අපේ ගමේ අහලකින් වත් තියන්ඩ පුලුවන්ද උඹලට, ඔය වගේ වැඩ අපි කලේ උඹලා මොන්ටිසෝරි යන කාලෙය වගේ අපිව ...
උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක කට්ටකාඩුව පස්සෙන් පහු දවසක අනුරාජපුරේ 'ජාතියට ඔටුන්න - මට සිහසුන' පොරදර්සනේ පැවතිච්ච කාලෙ වෙච්ච කතාවක් මට මතක් උනා. ඒ කාලේ ඔය පොරදර්සනෙට ගියපු අපේ කට්ටියක් අනේ කොච්චර කාලෙකින්ද මේ අනුරාජපුරේට පය තියන්නේ...ඉතිං එහෙව් එකේ රුවන්වැලි සෑ හාමුදුරුවන්වත් වැඳ ගෙනම ගියොත් මක්ක වෙනවද කියල හිතල පොරදර්සනේ ඉවර වෙලා එන දවසේ ගියපි මහ සෑ වඳින්ට. ඉතින් කට්ටියම හිතේ හැටියට වන්දනා කරලා හෙම එන්ට ...
හාල් සේරුවේ දේශපාලනේ කට්ටකාඩුව එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ. එතුමා මහ ඇමති කියල කියනවට අකමැති වෙච්ච අපූරු චරිතයක්. ඒ වෙනුවට එතුමා තමන්ව හඳුන්වා ගත්තේ ප්‍රාන්තයේ ප්‍රධාන විධායක නිලධාරි වරයා නොහොත් CEO විදිහට. ඒ එතුමාගේ තිබ්බ පෞද්ගලික අංශයට බර සංවර්ධන ප්‍රතිපත්ති හිංදා. ඉතින් මම ගිය වැඩේ ...
රෙද්ද චීනගේ - ඒත් සිංහයා අපේ කට්ටකාඩුව පෙබරවාරි මාසෙත් ඇවිල්ල. මේ පාරත් අපේ ගමේ කට්ටිය අලගල්ලෙ කන්ද නගින්ඩ ලක ලෑස්ති වෙනවා. අපේ ගමේ විතරක් නෙවෙයි හතර කෝරලේ හුග දෙනෙක් පෙබරවාරි හතර වෙනිද ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ (සුද්දා අපෙන් නිදහස් වූ දවසේ!!!) කදු නගින කතාවත් හේතුවත් මං කිව්වනේ ගිය අවුරුද්දේ. කාට හරි ඒක බලාගන්ඩ ඕන නං මේ සම්බන්ධතාවය තියෙන්නෙ එතෙන්ට ඕං. ඉතිං ඔය කදු නගින්ඩ යන කාන්ඩෙ ...
අග මුල නැති ඩයරිය කට්ටකාඩුව එක රස්සාවකින් විතරක් අද කාලේ ජීවත් වෙන්ඩ අමාරු හිංදා ලොකු මල්ලි දැන් හවසට හවසට කුළියට බෝතල් පත්තර එක්කහු කරනවා. ඒ උනාට ඉතිං පරණ පුරුදු අමතක කරන්ඩ බෑ. පොතක්, කොලයක් දැක්කොත් ටිකක් කියවලා බලන්ඩමයි හිත. මේ පහුගිය සතියේ හම්බ වෙච්ච පොත් වගේක අස්සේ ඩයරියක කොළ ටිකක් හම්බ උනා. අනුන්ගේ දේවල් කියවන එක නරක පුරුද්දක් උනත් සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි විකුණලා දාන්නේ නැති ...