තොටගමු වෙහෙර වැසි - සිරි රහල් නම් උතුමෙකි කට්ටකාඩුව මතකද හෙන්රි ජයසේන මහත්තය. එතුමගේ නෑයො හිටිය අපේ ගමේ. ඒ කියන්නේ හතර කෝරළේ. ඉතිං හතර කෝරළේ මිනිස්සු ගැන ලියන්ඩ පටන් ගන්ඩ එතුමාගේම නාට්‍යයක් මතක් උනා. නාට්‍යය කුවේණි. මෙන්න ඇරඹුම.අන්ධකාරෙන් දුරාතීතේ අන්ධකාරෙට අනාගතයේ රැගෙන යාමට කතා පුවතක් අන්ධකාරේ සිට කියන්නේ බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්ධකාරේ පොළෝ පස් යට උනුන් කඳුළැලි ලෙයත් ඩහදිය එකට මුසු වී කුවේණි නාට්‍යයේ පූරක වේදිකාවෙන් ...
බැංකු හොරකම් කරන ලේසි විදිහක් කට්ටකාඩුව මේ ගිය සතියේ දවසක අහම්බෙන් ප්රවෘත්ති බලන්ඩ ලැබුනා. රත්තරං උකස් ගත්තු කට්ටියගේ මූල්‍ය ආයතනයක සල්ලි දාපු මිනිස්සු දැන් ලොකු අමාරුවකට වැටිලා කියලත් ඒ ආයෝජකයෝ තමුන් ආයෝජනය කරපු සල්ලි ටික බේරා ගන්ඩ පාරවල් ගානේ උද්ඝෝෂණ කරන බවකුත් මම දැක්කා. මේ මෙහෙම සිද්ධියක් ලංකාවේ වෙච්ච පලවෙනි වතාව නෙවෙයි. එක එක්කෙනා කොහොම මොන දේවල් කිව්වත් වණික් බැංකුවෙන් ප්රමුඛ බැංකුවෙන් පටන් අරං සක්විති ගේ ...
තුන් දෙනෙක් ගැන දිග කතාවක් කට්ටකාඩුව තරුරසී ප්‍රනාන්දු සොයුරිය ඇගේ තරුරසී බ්ලොග් අඩවියේ ලඟදි ලස්සන සටහනක් තියල තිබුන තුන් දෙනෙක් ගැන කතාවක් පමණක්මද? කියන මාතෘකාවෙන්. ඔය ලිපිය කියවගෙන යනකොට මටත් මතක් උනා කතන්දර තුනක්. ඒ කතන්දර තුන ගැන තමයි අද ලියන්ඩ හිතුවෙ. ලියන්ඩ හිතුවට මොකද කොහෙන් කතාව පටං ගන්නද කියල නිච්චියක් නෑ. අතීතෙන් පටන් අරං වර්තමානෙට එනවද, පිටරටකින් පටන් අරං ලංකාවට එනවද, උතුරේ ඉඳන් දකුණට ...
හаදය සාක්ෂිය එල්ලා මරණු! කට්ටකාඩුව මේ දවස් වල මොකක් හරි වැඩකට දෙතුන් දෙනෙක් එක්ක සෙට් උනොත් ඔන්න ටික වෙලාවකින් මාතෘකාව වෙනස් වෙලා මරණීය දණ්ඩනයෙන් තමයි වැඩේ නවතින්නේ. මෙහෙම ෆිෆ්ටි ෆිෆ්ටි බෙදිච්ච මතයක් මීට ඉස්සර මම දැක්කේ 2005ජනාධිපතිවරනෙට ටික දවසකට ඉස්සර විතරයි. සමහරු එල්ලා මැරීමට තදින්ම විරුද්ධයි. සමහරු තදින්ම පක්ෂයි. අනික ජනාධිපතිතුමා කියල තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට අහුවෙලා මරණීය දණ්ඩනය නියම වෙලා හිරබත් කද්දි තවදුරටත් ඒ ජාවාරමේ ...
ඉටු දෙවි 'යුරු - දෙටු මහැ'දුරු කට්ටකාඩුව ඔන්න අපි කට්ටියක් දවසක් පොඩි වැඩකට ගිහිං වැලිමඩ නුවර එලිය හරහා කොළඹ එනවා. සීට් විසි හයේ බස් එකක් උනාට හිටියේ දහ දෙනෙක් විතර. සිංහල අපි හැමෝටම තියනවනේ කොහේ හරි ගියොත් ඒ පැත්තට ආවේණික එහෙම නැත්තං අදාළ පැත්ත ගැන ප්‍රසිද්ධ යමක් ගෙදර අරං යන එක. කතරගම ගියොත් දොදොල් අරන් එනකල් ගෙවල් වල කට්ටිය මග බලාගෙන ඉන්නවා. අනුරාධපුරේ ගියොත් එළවලු ටිකක්. ...
අග මුල නැති ඩයරිය කට්ටකාඩුව එක රස්සාවකින් විතරක් අද කාලේ ජීවත් වෙන්ඩ අමාරු හිංදා ලොකු මල්ලි දැන් හවසට හවසට කුළියට බෝතල් පත්තර එක්කහු කරනවා. ඒ උනාට ඉතිං පරණ පුරුදු අමතක කරන්ඩ බෑ. පොතක්, කොලයක් දැක්කොත් ටිකක් කියවලා බලන්ඩමයි හිත. මේ පහුගිය සතියේ හම්බ වෙච්ච පොත් වගේක අස්සේ ඩයරියක කොළ ටිකක් හම්බ උනා. අනුන්ගේ දේවල් කියවන එක නරක පුරුද්දක් උනත් සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි විකුණලා දාන්නේ නැති ...
වරේවා ක්‍රොයේෂියා!! කට්ටකාඩුව සමහර කාල වලට එන උණ හැමෝටම වගේ හැදෙනවා. අපේ ගමේ ඉස්සර නං පොඩි උන්ට අඹ ගැට කාලෙට හැදෙන උණේට කියන්නේ අඹ උණ කියලා. ඇස් ලෙඩ වගේ දේවල් හුග වෙලාවට හැදෙන්නේ නියං කාලයක් අල්ලලා. ඒ වගේම තමයි ක්‍රිකට් මැච් කාලෙට ක්‍රිකට් උණත් ඔලිම්පික්, ෆුට්බෝල් වර්ල්ඩ් කප් කාලෙට අපේ ගමේ අයට විතරක් නෙවෙයි මුළු රටේම හුග දෙනෙකුට ඒ ඒ ස්පෝට්ස් උණකුත් හැදෙනවා. ...
සෙන්ටිනේරියන් කට්ටකාඩුව කට්ටකාඩුව ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් පටන් ගන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. කට්ටකාඩුව බ්ලොග් එක පටන් ගත්තු විදිහ මම කිව්වනේ 50 වැනි ලිපිය ලියන වෙලාවේ. ආචාර්ය ඩී ගේ බල කිරීමට මේ අටමගල පටං ගත්තට මොකද එතනින් එහාට කොහොම කරගෙන යන්ඩද මොනවා ලියන්ඩද කියල මට කිසිම නිච්චියක් තිබ්බේ නෑ කියමුකෝ. මහාචාර්ය මාතලන් තුමාගේ බ්ලොග් පාඩම් මාලාවෙ සහසුද්දෙම්ම කියල තියනවා අර හිට් කවුන්ටර් එක ...
කොරෝදාරාමය කට්ටකාඩුව අද කියන්ඩ යන්නේ අපේ ගමට ළඟ ගම දෙකක කතා දෙකක්. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියල ඈත අතීතේ ඉඳන් පවත එන කතාවක් තියනවනේ. ඒ උනාට මේ හතර කෝරළේ වැව් නෑ. පොඩි පොඩි ගම්මාන තියන හිංදා හැම ගමකටම පන්සලකුත් නෑ. මගේ හිතේ අතීතේ ඉඳම්ම උඩරට රජ්ජුරුවන්ටයි, කෝට්ටේ රජ්ජුරුවන්ටයි ඒ අතර මැද්දේ ටික කාලයක් සීතාවක රජ්ජුරුවන්ටයි, අපේම දැදිගම හිටපු රජ්ජුරුවන්ටයි වගේ එක එක ...
පාර දිගේ ලේ ගැලුවත්... කට්ටකාඩුව ගිය මාසේ මම කිව්වනේ රුහුණේ දී හම්බ වෙච්ච තිත්තවැල්ගොල්ලේ වධකයා ගැන. ඉතිං ඔය ලිපිය දැකපු දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහුවා 'රුහුණේ විස්තර' එතකොට මතක් වෙච්ච තව කතාවක් කියන්ඩයි අද සූදානම. මේක අද සමාජයේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෙකුටත් සම්බන්ධ හිංදා කියම්දෝ නොකියම්දෝ කියල හිතුනත් අපේ ගමේ කට්ටිය කියනවා වගේ 'ඕන ඉලව්වක් වෙන්ඩ ඔන්නොහෙ කියල දාන්ඩ' තමයි මගේ කල්පනාව.අපේ තකතීරු අධ්‍යාපන ඇමැත්තෙක් ගේ මානසික ...
අගස්ති ඉර්සින් වහන්සේ කට්ටකාඩුව සුළං හමයි. ඈතින් හඳ පලුවක් පායමින් අහස ආලෝකවත් කරයි. සුළඟට ලෙළෙන කොඩි වැල් දෙක තුනක් තිබුණු පුංචි දේවාලය පේන තෙක් මානයක ඇති එකම මනුස්ස වාසයක් ගැන තියන හෝඩුවාවයි. හිතට පොඩි බයක් දැනෙන්නේ තව කොච්චර වෙලාවක් මෙතැන රඳන්ට වේ දැයි නොදන්නා නිසාය. අප සිටියේ ඉන්දියාවේ ඔරන්ගාබාද් නුවරින් කිලෝ මීටර් තුන්සීයක් විතර රට මැද්දට වෙන්න තියන කඳු ගැටයක් උඩ. මාත් එක්ක හිටියේ ...
උදායි හාමුදුරුවෝ කට්ටකාඩුව ලොකු මලය කසාද බැඳපු කාලේ ළමයි බමයි කවුරුවත් නැතිව ඉන්න කොට හරිම නිදහස් ජීවිතයක් තමයි ගෙව්වේ. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කුළියට ගෙයක් අරගෙන ඔය කොළඹ රටේ. කොයි දීස දීපංකරේ හිටියත් ලොකු මලයට ගමට එන්ඩ ලොකු කැමැත්තක් තිබුනා. බුදු හාමුදුරුවොත් කිව්වලුනේ 'ආනන්ද මට ශාක්‍ය ජනපදය පැත්තෙන් හමන සුළඟත් මහා සනීපයක් දනවනවා' කියල. ඉතින් අපි වගේ ගිහියන් ගැන මොන කතාද?ඉතින් ...
ඇති හිටියා සෙනෙවිරුවන් කට්ටකාඩුව අපේ ගමේ පිරිමි පරාණ වල මධු විත පානය කිරීමේ අසම සම හැකියාව ගැන මම ගිය සතියේ ලියපුවාම (කවුරු හරි බීලා හිටපු කෙනෙකුට ඒ ලිපිය මග ඇරුනා නං මෙන්න ලිංක් එක ඒ ලිපියට) මගේ යාළුවො දෙතුං දෙනෙක්ම මට කතා කරලා -අයියෝ ඔව්ව මොනවද අපේ ගමේ අහලකින් වත් තියන්ඩ පුලුවන්ද උඹලට, ඔය වගේ වැඩ අපි කලේ උඹලා මොන්ටිසෝරි යන කාලෙය වගේ අපිව ...
බීම සහ බීම කට්ටකාඩුව මිනිස්සු හරි පුදුමය. ඉනුත් අපේ ගමේ මිනිස්සු හරිම පුදුමය. අපේ ගමේ පිරිමින්ට තරං එක හිතක් ඇතිව යමක් කරන්ඩ පුළුවන් තව මිනිස්සු මේ ලෝකෙටම ඉන්නවාදැයි හිතා ගැනීමත් ටිකක් අමාරුය. මම එහෙම කිව්වේ මොකක් නිසාදැයි ඔබට තේරෙන විට මේ ලිපියේ අවසානය ළඟාවී තිබෙනු ඇත. හැබැයි ලිපියේ අවසානයට පෙරම ඔබට ඒ කරුණ තේරුණහොත් මේ ලිපිය කියවීම නවත්වන්න. ඒ ඉතුරු වේලාවේ හිතලා බලන්ඩ ...
යවෙස් ලූ මිනිසා කට්ටකාඩුව මේං ආයෙත් තියනවලු! අපේ නෝන මහත්තයා කිව්වා.මොකක්ද?අර පොත් ප්‍රදර්ශනේ!මොන? මගේ මතකයට එන පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ සැප්තැම්බර් වලය. මේ කියන්නේ ඒ ගැන වෙන්නට බැරිය.බිග් බෑඩ් වුල්ෆ්!නෑ..! කවද්ද තියෙන්නේ?මේ දැම්මම කියන්නේ ගියාට කමක් නෑ කියවනවනං විතරක් පොත් ගේන්ඩ. නැතුව ගොඩ ගහගෙන තියන්ඩ නං මේ පැත්ත පළාතේ ගේන්ඩ එපා හොඳද...මොනවද මම ගෙනැල්ලා නොකියවපු පොත්?අර තියෙන්නේ තොගයක්ම...ඒ කියන්නේ මේ පාර බිග් බෑඩ් වුල්ෆ් එකට ...
තිත්තවැල්ගොල්ලේ වධකයා කට්ටකාඩුව මම ලඟදි දවසක පොඩි වැඩ වගේකට මිහින්තලේ ගියාම දවල්ට කන්ඩ වෙලාව එළඹුනා. මගේ මිතුරෙක් මාව එක්ක ගියා හරි අපූරු තැනකට. (ඒ තැන ගැන මම ලඟකදී බ්ලොග් අඩවියකත් කියවලා තිබුණු බව මතක නමුත් ඒ කොයි බ්ලොග් එකේද කියලා හොයා ගන්ඩ බැරි උනා). එතැන තමයි ඔරිජිනල් නෙලුම් කොළේ කියන කෑම කඩේ. රඹෑව ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක් එහෙම ව්‍යවසායකයෙක් දකින්ඩ ...
නිගණ්ඨ ජීවිතේ මතකය කට්ටකාඩුව ගිය පාර මම කියපු මහ ඉලුප්පල්ලම ගැන කතාවෙදි මම කිව්වනේ පේරාදෙණියේ ඉන්න කාලේ තිබ්බ සමහර අත්‍යවශ්‍යතා MI වලට එතරම් තදින් දැනුනේ නැති බව. මම දුන්න එක උදාහරණයක් තමයි සරම! අපේ ප්‍රසන්න මහත්තයා (කමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සභාපති තුමා) අහලා තිබ්බ එහෙම වෙන්නේ කොහොමද කියලා. ඔන්න එතකොට තමයි මට තේරුනේ මේ ගැන පැහැදිලි කිරීමක් නොකලොත් MI ජීවිතේ ගැන වැරදි වැටහීමක් කාට ...
මැයි 19 - සොඳුරු හුදෙකලාවක් වෙනුවෙන් කට්ටකාඩුව ඉන්දියාවේ තියෙනවලු තපෝදා කියල ගඟක්. දවසක් පාන්දරින්ම නැගිටපු සමිද්ධි කියල හාමුදුරුනමක් මේ ගංගාව ලඟට වැඩියලු මූණ හෝද ගන්න. මේ සුන්දර නදියෙන් ඇඟ පත හෙම හෝදගෙන තුවායකින් ඇඟ පිහ දදා ඉන්නකොට හරි ලස්සණ පාටකින් මුළු පැත්ත පළාතම එළිය කරගෙන දෙව් දුවක් පහල උනාලු හාමුදුරුවෝ ඉස්සරහට. “පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ දන්නවද සොඳුරු හුදෙකලාව ගැන?”“නෑ දෙව් දුව…. මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ?”“ඔබ ...
මේ ළඟ.... මේ ළඟ....!! කට්ටකාඩුව මහ ඉලුප්පල්ලමේ ජීවිතේ ගැන කියන්ඩ කතන්දර සිය ගානක් ඉතුරු වෙලා තියනවා. ඒ කතා ලියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු විස්සකට විතර ඉස්සර වෙච්ච දේවල් මතක් කර ගන්න එක. මේ ලඟදි අනුරාධපුරේ යන වෙලාවකදී තලාව කෝච්චි ස්ටේෂන් එක දැක්කා කියමුකෝ. එතකොට මතක් උනා MI වල අපේ පළවෙනි දිනය. මට මතක විදිහට පේරාදෙණියෙන් අපි එදා MI වලට එන්ඩ පිටත් උනේ උදේ දහයට ...
රජ්ජුරුවන්නේ පැටිකිරිය III කට්ටකාඩුව මතකනේ අපි ලංකාවේ රජවරු රජ වෙච්ච ආකාරය හොයන්ඩ පටං ගත්තා. මේ ඒ ගමනේ අවසාන ලිපිය. මුල් ලිපි කියෙව්වේ නැත්නං පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවැන්න මෙතැනිනුත් කියවන්ඩ පුළුවන්.මම ඉස්සරෝම රස්සාවකට කන්තෝරුවකට ගිය දවසේ දවල් කෑම ගන්ඩ ඒ කන්තෝරුවේ තිබිච්ච කෑම කාමරේට ගියා. ඒ වෙලාවේ එතන හිටියා මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සමාජ විද්‍යාඥයෙක්. ඔහු ඒ කන්තෝරුවේ වැඩට ඇවිත් ගත වෙලා තිබුනෙත් ...