අහෝ දෙව්දත් නොදිටි මොක්පුර ! කට්ටකාඩුව වෙසක් හඳ ලස්සනට පායලා බලන කන්දට උඩින්. වැස්සක් නැති හිංද අහස වගේම තොරන් බලන්ඩ යන මිනිස්සු නැති හින්ද පාරත් හරි නිස්කලංකයි.වෙසක් කූඩු දෙකේ රැල් හුළඟට කම්මැලි කමෙන් වැනෙනවා.කූඩුවේ සැව් කොළ හින්ද මලානික වෙන බල්බ් එකේ එළිය හරි සාන්ත දාන්ත බවක් මුළු ගෙදරටම ගේනවා. මේ මං ඉන්නවා වගේ එක පසළොස්වක පෝය දවසක අජාසත්ත රජ්ජුරුවොත් උඩු මහල් තලේට වෙලා බලාගෙන හිටියා ...
නාලිනී, වණය, ඉසිසිංග සහ අපි කට්ටකාඩුව අද උදේ පාන්දරම මට ඇහැරුනේ අමුතු සද්දෙකුත් එක්ක. ගෙදරට පල්ලෙහා පුවක් අරඹ පැත්තෙන් උළමෙක් කෑ ගහන සද්දයක්. ඌ කෑ ගහන හැටි මීට ඉස්සරත් මං අහල තියනවා. හැබැයි මේ දවස් වල තියන මූසල තැතිගැම්මත් එක්ක ඒ උළමගේ සද්දේ මට අමුත්තක් ගෙනාවා. උළමා කෑ ගහන්නේ කාට හරි කරදරයක් වෙන්ඩ ලං උනාම කියල විශ්වාසයක් තියෙනවා. ඒ හින්දම ඇඳෙන් නැගිටලා ඇවිත් ඉස්සරහ ජනේලෙ ඇරියෙ හරියටම සද්දේ ...
එලොයි, එලොයි, ලාමා සබහ්තානි කට්ටකාඩුව එලොයි, එලොයි, ලාමා සබහ්තානි? (මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත් හැරියේ කුමක් නිසාද?) “පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින් , එසේ නම් ජුදෙව්වරුන්ගේ රජය' යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්නදැයි ඇසීය. කුරුසියෙහි ඇණ ගසන්නැයි ඔවුහු යලිත් මොර ගැසූහ. එකල පිලාත්: කිමෙක්ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ යි ඔවුන්ගෙන් ඇසීය. එහෙත් ඔවුහු කුරුසියෙහි ඇණ ගසන්නැයි වැඩි වැඩියෙන් මොර ගැසූහ”. ...
සාජම්මහත්තයගේ කතා කට්ටකාඩුව ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාර ධූර නිලතලයක් දරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයා ම තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි. ඒකෙත් හැටි. එතුමා අපේ ගමට ...
ගුරු ගෝල සටන - ගුත්තිල මූසිල 3 කට්ටකාඩුව ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්‍රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. ඒ කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා ...
ගුත්තිල හා මූසිල 2 කට්ටකාඩුව හැලපකඩේ ලියන අපේ හැලපතුමාට අපි ආදරේ කරන්නෙ කාරණා දෙකක් හින්ද. එක තමයි එතුම කට්ටකාඩුවේ පළමුවැනි හඹා එන්නා නොහොත් ෆලෝවර්. දෙක එතුමගේ ලිපි වලට යොදන මාතෘකා නොහොත් ශීර්ෂපාඨ වල තියන කලාව. තමන් කියන්ඩ යන දේ වෙනුවෙන් වචන පහ හයක මාතෘකාවක් නැත්නම් පොඩි චේදයක් උනත් මාතෘකාවක් විදිහට යොදාගන්ඩ පුලුවන් බව අපිට පෙන්නලා දුන්නෙ හැලපතුමා. මේකෙ ඒ කියන්නෙ මාතෘකාවක තියන වැදගත්කම තමයි තමන් ...
ගුත්තිල හා මූසිල 1 කට්ටකාඩුව ගිය සතියේ හරි අපූරු සිද්ධියක් උනා. රැකියා ස්ථානයේ පුහුණුවකට සහභාගි වෙන අතරේ ලැබිච්ච තේ විවේකයකදී තවත් පුහුණුවට සහභාගී වෙමින් සිටි අයෙකු මං ලඟට ආවා.ඔයා අහවලාද?ඔව්...ඔයා කවුද? මම කසුන්...අපි මීට අවුරුදු තුන හතරකට කලින් හම්බ උනා අහවල් විශ්ව විද්‍යාලයේ දී මට මතක විදිහට...එතකොටම මගේ මතකය වැඩ කරන්ඩ පටන් ගත්තා. ඔය කියන කාලයේ මම පශ්චාත් උපාධි අධ්‍යයනයක යෙදිලා හිටියේ කොළඹට කිට්ටු විශ්ව ...
රෙද්ද චීනගේ - ඒත් සිංහයා අපේ කට්ටකාඩුව පෙබරවාරි මාසෙත් ඇවිල්ල. මේ පාරත් අපේ ගමේ කට්ටිය අලගල්ලෙ කන්ද නගින්ඩ ලක ලෑස්ති වෙනවා. අපේ ගමේ විතරක් නෙවෙයි හතර කෝරලේ හුග දෙනෙක් පෙබරවාරි හතර වෙනිද ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ (සුද්දා අපෙන් නිදහස් වූ දවසේ!!!) කදු නගින කතාවත් හේතුවත් මං කිව්වනේ ගිය අවුරුද්දේ. කාට හරි ඒක බලාගන්ඩ ඕන නං මේ සම්බන්ධතාවය තියෙන්නෙ එතෙන්ට ඕං. ඉතිං ඔය කදු නගින්ඩ යන කාන්ඩෙ ...
මල් කැපිල්ල කට්ටකාඩුව මල් කඩනවා කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. කොල්ලො කෙල්ලො එක්කහු වෙලා ආ ගිය විස්තර කතා කලත්, ලග අහල පහල සමාජ සේවා වැඩ කටයුතු ගැන කතා බහ කලත් වටේ පිටේ ඉන්න මිනිස්සු කියන්නෙ ...ඕන්න.....මල් කඩනවා කියල. මේ වචන දෙක මුලින්ම භාවිතේට ආවෙ කැම්පස් ආශ්රයෙන් වෙන්ඩ පුලුවන්. හැබැයි පේරාදෙනියෙ කෘෂිකර්ම පීඨයට ගිය අපි වගේ ගොබිලො නං කවදාවත් මල් කඩල නෑ. අම්මප!දැං ...
මණ්ඩි රාජා කට්ටකාඩුව ටවුමෙ ලොරි බාගයක් තියාගෙන හයර් දුවන රාජා දන්නවා නේද? හැමෝම දන්න මනුස්සයා ඔයාල විතරක් නොදැන ඉන්ඩ හේතුවක් නෑ...අමතකයිද? හරි හරි මටයි වැරදුනේ. රාජා රාජා කියල කියන කී දෙනෙක් නං ඉන්නවද නේ? මං මේ කියන්නෙ මණ්ඩි රාජා ගැන. ඔව් අර පොකුටු කොන්ඩෙකුයි, ඉස්සරහට නෙරල ආපු ඇස් දෙකකුයි තියන අඩි පහක් පහමාරක් විතර උස තල එලලු, කෙට්ටු හාදයා. තාමත් අමතක නං අපේ ...
මයිකල් කට්ටකාඩුව ලඟදි දවසක බස් එකේ ටවුමට ගියා තනියම. එහෙම ගියාම වැඩිපුර වෙලාවක් ටවුමේ ගත කරන්ඩ පුළුවන්. වෙනදා වගේ කාර් එක පාක් කරන්නේ කොහෙද කියල හිත හිතා ටවුමට යනවට වඩා හිත හරිම නිදහස් මෙහෙම ගියාම. කාලෙකට පස්සේ ටවුමට ගියාම අපි කොච්චර වයසට ගිහිල්ලද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ දන්නා අඳුනන මූණු වෙනුවට හරියට අපි අගහරු ලෝකෙන් ආවා වගේ නුහුරු නුපුරුදු මූණු වලින් පිරිච්ච ...
සවණ රේඩියෝවත් එක්ක කට්ටකාඩුව කට්ටකාඩුව කැනඩාවෙන්ගුවන් ගතවෙන සවණ අන්තර්ජාල රේඩියෝවට කට්ටකාඩුවේ කතා කීපයක් ගත්තට කමක් නැද්ද කියල අහල ඊ මේල් එකක්ආවේ මාස දෙක තුනකට කලියෙන්. මගෙ මොකෝ කියල උත්තර යැව්වම තවත් ඊ මේල් තුනහතරකින් අපි අදහස් හුවමාරු කරගත්තා. මෙන්න අද අහම්බෙන් වගේඊ මේල් එක දිහා බලද්දීවැඩ සටහන් දෙකක් යූ ටියුබ් එකටමුදා හැරියා කියල ඒ මහත්තැන්ලා කියලතියනවා. හරි පුදුම වැඩේ කියන්නේ මාසෙකට වඩා දීර්ඝ නිහැඩියාවකට ...
සරුංගල් ජීවිතේ කට්ටකාඩුව පොත් අල්මාරිය පෙරල පෙරල ඉන්නකොට කාලෙකට ඉහතදී කියවපු ඒත් අමතක වෙලා ගිහින් තිබ්බ පොතක් හම්බ උනා. ඛාලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් (සරුංගල් යවන්නා). මම ආසම පොතක්. ඛාලිඩ් හොසේයිනි තරම් අපූරුවට චිත්ත රූප මවන ලේඛකයෙක් ගේ පොතක් මම කියවලා නෑ. ඒ පොතේ තියෙනවා ලස්සන දෙබසක්. කතා නායක අමීර් සහ එයාගේ තාත්තා අතර. මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. ...
අලු වෙනුවට සල්ලි දුන්නු - අරුම ලොවක අපි ඉපදුනු කට්ටකාඩුව ඕනෑම භාෂාවක ලස්සන මතුවෙන්ඩ නං ඒ ඒ භාෂාවට ආවේණික හැඩ තල, නීති රීති ගැන අපිට අවබෝධයක් තියෙන්ඩ ඕන. මෑතකදී පිදුරංගලදී වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති උනානේ. මගේ යාලුවෙක් ඒ ගැන ලස්සන කතාවක් කිව්වා. "හෙලුවෙන් නටපු එක ගැන හෙලුවෙන් ඉඳගෙන උත්තර දෙන එක වැරදියි. හැබැයි හෙළුවෙන් උත්තර දෙන එකනං හරියටෝම හරි" ටිකක් අපබ්‍රංශ වගේ පෙනුනත් මිනිහ කියපු දේ ...
තිරුවානා එක්ස්ප්‍රස් කට්ටකාඩුව කාලෙකට පස්සේ කැම්පස් එකේ කතාවක් ලියන්ඩ හිතුනා. අපේ යාලුවා එන්නේ දුම්බර මිටියාවතේ ඉඳලා. නම තිරුවානා. ඒක නියම නම නං නෙවෙයි. නියම නම නොකියන්නේ කිව්වොත් ලොකු මලයාගේ ජීවිතේ අනතුරට පත් වෙන්ඩ ලොකු ඉඩක් තියන හිංදා. අනික නම මොක උනාම මොකද වැඩ හොඳ නං. වැඩි වැල්වටාරන් නැතුව කතාවට බහිමු මොකද කතා එකක් නෙවෙයි දෙක තුනක්ම කියන්ඩ තියන හිංදා.ඔන්න අපි ඔක්කොමලා කැම්පස් එකට ...
එළදෙන සහ සමාගම - අවසාන කොටස කට්ටකාඩුව කාකාස ඉස්ටෝරු කාමරේට දුවල ගිහිල්ල ටෝච් එකක් අරං ආවා. මැනේජර් මහත්තයා එළදෙනගේ කට ඇතුලට ටෝච් එක ගැහුවා. එතකල් එළදෙනගේ කට ඇරලා අත් දෙකෙම්ම අල්ලගෙන ඉන්ඩ උනෙත් කාකාස ටම තමයි. නියමයි! පොටෝකාරයා කිව්වා. මට ඕනේ ඌ කට බලියාගෙන වගේ ඇරගෙන ඉන්න විදිහට ගන්ඩ මැනේජර් මහත්තයා කිව්වා. ඊ ගාවට එම්.ඩී. පැත්තට හැරිලා මෙහෙම කිව්වා. සර් එළදෙන දවස පුරාම මොනවා හරි හප ...
එළදෙන සහ සමාගම කට්ටකාඩුව “කෝ එළදෙන?” එහෙම ඇහුවේ කන්තෝරුවේ මැනේජර් මහත්තයා. “එළදෙන?” කනිෂ්ට නිලධාරියා ඇහුවා. “ඔව්, වෙන මොකෙක්ද?” “ඕ...ආ....එළ...දෙ..න…!” “මම උඹට කිව්වේ දවස් දෙකකකට කලින්!” “ඔව්... ඔව්... මට අමතක් උනේ නෑ….අද හවස් වෙනකොට...” එයාට උත්තරේ ඉවර කරන්ඩ හම්බ උනේ නෑ. “නෑ. හවස් වෙනකොට නෙවෙයි දවල් දොළහ වෙනකොට...ඉස්සරහ ලොබියට!!” “මම හිතුවේ එයා කිව්වේ විහිලුවට කියලා…” කනිෂ්ට නිලධාරියා එහෙම කිව්වේ එයාගේ මේසෙ ගාවට යන ගමං. “එළදෙනක්?” එකවුන්ටන් මහත්තයා ඇහුවා “ඔව්!!” “ඇත්ත ...
භූත සෙල්ලම කට්ටකාඩුව ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය ගා කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා අද්දරයත් එක්ක බැදිච්ච අද්භූත සංකල්පයක්. ආදරය කියන දෙයම මහා අද්භූත දෙයක් වෙච්චි කොට ආය වෙන අද්භූත දේවල් එක්කහු නොකරත් හැම ආදර කතාවක්ම අද්භූත කතාවක්. නිකමට හිතල බලන්ඩකො කොහොමද දෙන්නෙක් ආදරෙන් බැදෙන්නේ? කොහොමද ඒ ආදරේ කරන කෙනා වෙනුවෙන් අප්‍රමාන කැපකිරීම් කරන්නේ? එහෙව් කැප කිරීම් කරපු කෙනා ...
සිරි රහල් නම් උතුමෙකි- අවසාන කොටස කට්ටකාඩුව අතීතයෙන් පටන් ගත්තු දියවන්නාව අදත් ගලාගෙන යනවා. එදා කෝට්ටේ රජ වාසලේ ඉඳලා ටික දුරකින් පිහිටලා තිබුණු දියවන්නාව කොච්චර නං රහස් සඟවා ගෙන ඇද්ද? අතීතේ අන්ධකාරය අනාගතයට ගෙනියන්නේ දියවන්නාවේ දියරැළි ද? මම මෙහෙම හිත හිතා ඉන්නකොට මෙන්න කුවේණි නාට්‍යයේ ගායක පිරිස එනවා කොන්තගන්තොට පාලම උඩට. ඔවුන් ඔබට ආරාධනයක් කරනවා.සියක් දහසක් අතීතය දෙස සියක් දහසක් අඳුරු සෙවණැලි ඉන්ද්‍ර ජාලා මන්ත්‍ර අංජන තුලින් ...
සිරි රහල් නම් උතුමෙකි... - දෙවෙනි කොටස කට්ටකාඩුව තිරය විවර වෙයි. අඳුර මැදින් කුවේණි නාට්‍යයේ ගායක පිරිසගේ හඬ ඇසෙයි. ගලින් ගල ගටාලා අන්ධකාරේ අතීතේ ගිනි පුපුර මැවූ මුල් මිනිස් තෙම ඉන් නොනැවතී එකම ගිනි සිලෙන් ඒ ලෝ වටා ගිනි නගාලා යුදට වැඩ උනුන් හා එතෙර මෙතෙරත් සාගරේ දසත නෙත් යොමන්නේ නොදැන කිම්දැයි සොයන්නේ ගිනි රැගෙන බලන්නේ අතීතය මුණ ගැසෙන්නේ කුවේණි නාටකයේ ගායක පිරිස වේදිකාවෙන් බැස යද්දී කට්ටකාඩුවේ ...