සිහිනයකි රෑ - අනුමාන ශිෂ්‍යත්ව ප්‍රශ්න කසීර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ "සිහිනයකි රෑ" වැඩසටහනට සහභාගී වන බව කණින් කොණින් අසන්නට ලැබිණ. අනෙක් කාරණා කෙසේ වෙතත් අඩුම තරමේ තමා තවමත් සිහිනයක් දකිමින් සිටින බව වටහාගැනීමට හැකි වීම පිළිබඳව අප ඒ අවංක මනුෂ්‍යයාට ගරු කළ යුතු ය.ජනපති සිරිසේන මහතාගේ වසර හතරක කල්ක්‍රියාව සහ හැසිරීම අනුව එතුමා විසින් "සිහිනයකි රෑ" වැඩසටහන වෙනුවෙන් තෝරන්නට ඇති ගීත ගැන අපට සිතාගත ...
බාල සාරියක් ඇඳගෙන මේ පාරේ යන මා නොව කසීර "මම දොළොස් වසක් දක්ෂ ලෙස හැම වාරයක ම පංතියේ පළමුවැනියා වී ඉගෙන ගෙන අද බීඩි ඔතමි. අනුලා කළ යුත්තේ එය ම ද? මට නොඇරැණු අනාගත දොරටු අනුලා වෙනුවෙන් වැසී තිබිය යුතුද? මමත් සෝමාත් අනුලාත් බොහෝ දවස්වල කුසගින්නේ සිටියෙමු. නිල්මිණිත් ඒ දුකම විඳිය යුතුද? සෝමාට නොතිබුණු හැම සැප පහසුකමක්ම හා වරප්‍රසාදයක්ම නිල්මිණිටත් අහිමි විය යුතුද? " ගැහැණු ළමයි නවකතාවේ කුසුම් එහෙම ...
ඉහේ සිට අසූචි පිරුණු ගූ සූඩයින්ගේ කතා වස්තුව කසීර එපුරයේ වැසියන් අතුරුදන් කළ මාධ්‍යවේදියෙක් අරභයා "එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් දැ"යි ඇසුවේ අමු අමුවේ මරා දැමූ මාධ්‍යවේදියෙක් අරභයා එරට එවකට ආරක්ෂක ලේකම් "හූ ඊස් ලසන්ත" යනුවෙන් විමසන විටදී ය.අද ඔවුන් එකත්පස්ව නරඹමින් සිටින්නේ කලාකරුවන්ගේ පුද්ගලික ජීවිතයේ සිට සමකාමීන්ගේ අනන්‍යතාව මෙන් ම මානසික අසමතුලිත චරිත වල ආත්ම ගෞරවය යූ ටියුබ්ස් වීව්ස් වෙනුවෙන් හිරිකිතයකින් තොර විකුණා දැමූ ඉහේ සිට අසූචි පිරුණු ගූ සූඩයින් ...
ඕ .. ඕ .. කාන්තාබේන් - ජනතා විමුක්ති පෙරමුණ කසීර රටක නීතිය කාන්තාවන්ට සහ පුරුෂයින්ට වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට එරෙහි උත්සාහය බේබද්දියන් වැනි තැනකින් ලඝු කිරීමට හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිනියක් ගෙන තිබූ උත්සාහය විකාරසහගතය. ඇය තවදුරටත් පක්ෂ ක්‍රියාකාරිනියක නොවේ යන්න හෝ පක්ෂයේ කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ මතවාද පිළිබඳ අභ්‍යන්තර ස්ථාවරය පොදු ජනතාවට අදාල නොවේ. මන්ද යත් ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන පක්ෂයක් ලෙස අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව වඩාත් සාධනීය ...
ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ කසීර වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය. ඒ සඳහා පුහුණු වෙමින් සිටි නැන්සි ගේ දණහිසට එල්ල වූ පොලු පහරත් සමග 1992 වසරේ ප්‍රංශ ශීත සෘතු ...
උණ පඳුර සෙවණේ සිටි දැරිය හෙවත් සිබිල් වෙත්තසිංහ කසීර සිම්සන් නෝනා ආදරී හිතට බොහොම වී පිරී දෙයියනෙ හිතට දුකයි ආලේ ලීලේ ඒ තමයි" ගිංතොට ගම් රොද ට ආ කවිකොළ කරුවෙක් ඉතා දුක්බර හඬින් , කරේ තිබුණු ලේන්සුවෙන් නාසය සූරා දමමින් , දෑසේ කඳුළු ද පිසිමින් ගයනු ඒ කුඩා දැරිය ට හොඳහැටි මතක ය. එංගලන්තයේ රජු ව සිටි අටවැනි එඩ්වඩ් කුමරු වැලීස් සිම්ප්සන් නම් දෙවරක් විවාහ වූ ඇමරිකානු කාන්තාවක ...
ඉන්දියාවේ කල්පනා චෞලා සහ ලංකාවේ කෙස් වැටි කසීර එක පෙළට හිස බිම නමා හිඳ කෙස් කළඹෙන් පාවඩයක් සදන උපාසකම්මලා රෑනක් සහ ඒ මතින් වඩිනා භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ඡායාරූප මේ දිනවල සංසරණය වෙමින් පවතී. මෙවැනි වහල් වන්දනා බුද්ධ දේශනාවට අනුකූල දැයි විවාදයක් හටගෙන ඇත.මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ " කෙස් වැටිය " නම් කෙටිකතාවේ ද මෙබඳු සිදුවීමක් විස්තර කර තිබිණ. ධර්මය දෙසීමේ සූරයෙකු ලෙස ප්‍රකට නාගසේන නම් තරුණ භික්ෂුව කෙරේ බැතිබර ...
විරාත් කෝලිගේ වෙඩිම කසීර "Good Morning මචං" ජංගම දුරකතනය කණේ තබාගත් තරුණයා පිළිතුරු දුන්නේය. "ඔන්න වැඩේ හරි""නමස්තේ මචං" අනෙක් පසින් කුල්මත් කටහඬක් ඇසුණි. "උඹට තෑන්ක්ස් කරන්න තමයි ගත්තේ විරාත්""ඕක මොකක්ද මචං. අපි උඹගේ ෆෑන්ස්ලනේ බං පොඩි කාලේ ඉඳන්" තරුණයා සිනහවෙමින් පැවසීය. "ඒ නිසා උඹ ඔය වගේ පොඩි උදව්වක් ඉල්ලුවාම නොකර කොහොමද ?"අනෙක් පසින් මද නිහැඬියාවකි. ඉන් පසු ඔහු හඬ අවදි කළේය. "ඉතිං ඉතිං විරාත් ...
දෙසැම්බර් 25 : රුමේනියාවේ ජනපති සහ ජනපති ආර්යාව වෙඩිතබා ඝාතනය කෙරේ කසීර 1989 වසරේ අදවැනි දවසක රුමේනියාවේ ජනපති නිකොලෙයි චෞෂෙස්කු (Nicolae Ceaușescu) සහ ජනපති ආර්යාව එලේනා වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. පැයකට අධික නඩු තීන්දුවකින් පසුව ගත් මෙම තීරණයත් සමගම එරට ඒකාධිපති පාලනය නිම වූ අතර රුමේනියාවේ වසර 42 ක කොමියුනිස්ට් පාලනය සහමුලින්ම උදුරා දැමිණ.නිකොලෙයි චෞෂෙස්කු යනු වචනයේ පරිසමාප්ත අරුතින්ම ඒකාධිපතියෙකි. කොමියුනිස්ට් රටවල් අතරින් වඩාත්ම මුග්ධ පාලනය ගෙන ගිය පාලකයා වූ ඔහු ...
නිශ්ශබ්දතාවයේ ස්ථම්භය සහ නෙළුම් කුළුණ කසීර "නිශ්ශබ්දතාවයේ ස්ථම්භය" හෙවත් Tower of Silence යනු පර්සි සම්ප්රදායය ට අනුව එම ජාතිකයන්ගේ මෘත ශරීර තැන්පත් කරනු පිණිස තැනූ එළිමහන් කුළුණ ය. මිය ගිය පාර්සිවරුන්ගේ මළ සිරුරු සුදු රෙද්දකින් ඔතා මේ කුළුණ මත තැන්පත් කරන්නේ ඒවා මාංශ භක්ෂක පක්ෂීන් හට ගොදුරු කරගනු පිණිසය. මේ හේතුවෙන් "නිශ්ශබ්දතාවයේ ස්ථම්භය" යනු නිරන්තර ව මිනී කන ගිජු ලිහිණි ගහණයක් සහිත කලාපයක් වන්නේ ය. අතීතයේ ...
විරාත් කෝලිගේ වෙඩිම කසීර "Good Morning මචං" ජංගම දුරකතනය කණේ තබාගත් තරුණයා පිළිතුරු දුන්නේය. "ඔන්න වැඩේ හරි""නමස්තේ මචං" අනෙක් පසින් කුල්මත් කටහඬක් ඇසුණි. "උඹට තෑන්ක්ස් කරන්න තමයි ගත්තේ විරාත්""ඕක මොකක්ද මචං. අපි උඹගේ ෆෑන්ස්ලනේ බං පොඩි කාලේ ඉඳන්" තරුණයා සිනහවෙමින් පැවසීය. "ඒ නිසා උඹ ඔය වගේ පොඩි උදව්වක් ඉල්ලුවාම නොකර කොහොමද ?"අනෙක් පසින් මද නිහැඬියාවකි. ඉන් පසු ඔහු හඬ අවදි කළේය. "ඉතිං ඉතිං විරාත් ...
මැණික් නදිය ගලා බසී : සෝමවීර සේනානායකගේ දිවි ගමන නවතී කසීර 1983 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නේ මැණික් නදිය ගලා බසී නම් නවකතාවය. හදිසි සත් රුවනක් පහළ වී ධනපති පංතියට පිළිපන් පවුලේ ගෘහණිය එකල ඉඳිආප්ප තම්බමින් සිටි මිලි නෝනාය. ඇය කටපාඩම් කරගත් ඉංග්‍රීසියෙන් පංති පරතරයට කෙසෙල් කොට වලින් මුක්කු ගසන්නීය. ක්‍රොකඩයිල්ස් සහ ක්රෑබ් වචන දෙක පැටලී "ඊයේ රෑට අපි ක්රොක්ඩයිල් කරි කෑවනේ" යනුවෙන් මිතුරියන්ට පවසන්නීය."පට් පට් ගානකොට සම්තිං එක තියෙන්න ඕනේ" ...
රූපා රත්නසීලී සහ පාරිශුද්ධ පේරාදෙණිය කසීර 2016 ජූලි 12 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර වලෙහි රංගගත වූ "දුටුතැන අල්ලනු" වේදිකා නාට්‍යයේ එන සිප ගැනීමේ දර්ශනයක් අරභයා විශ්ව විද්‍යාල උප සංස්කෘතිය විසින් හූ තබා සෙරප්පු වලින් දමා ගසා සහ කා අවසන් බඩ ඉරිඟු දඬු වලින් දමා ගසති.---------------------------------------------------------------------------------------------------------------------------1960 දී තිරගත කළ "නළඟන" යනු ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කළ පළමු සිංහල චිත්‍රපටයයි. එහි ප්‍රේමාගේ චරිතයට පණපොවන රුක්මණී දේවී ...
මාර්තු 27 : මාලන් බ්රැන්ඩෝ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරයි කසීර 1973 වසරේ අද වැනි දවසක සුපිරි බොලිවුඩ් නළු මාලන් බ්රැන්ඩෝ තමාට හිමි වූ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළේය.එම 45 වැනි ඇකඩමි සම්මාන උළෙල පැවතුණේ 1972 වසර සඳහා ය. හොඳම නළුවා සඳහා නිර්දේශිත නම් අතර The Godfather චිත්‍රපටයේ මාලන් බ්රැන්ඩෝ ගේ නම ද සඳහන් විණි. එවකට නෝර්වීජියානු නිළියක වූ ලිව් උල්මන් (Liv Ullmann) විසින් ජයග්රාහකයාගේ නම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් විය. The ...
මාර්තු 17 : ද්‍රෝහී වීම සඟවා සිනාසෙන "Burst of Joy" ඡායාරූපයට නැගේ කසීර 1973 වසරේ අද වැනි දවසක පුලිට්සර් ත්‍යාගය හිමි කරගත් "Burst of Joy" ඡායාරූපය "ස්ලාවා සල් වෙදර් " (Slava Sal Veder) ගේ කැමරාවේ සනිටුහන් විය.හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින ,වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ. නිදහස ලබා එන්නේ ඇමරිකානු සෙබළුන් විසි දෙනෙක් පමණකි. නුමුදු ඔවුන් පිළි ගන්නට කැලිෆෝර්නියාහි ...
විජ්ජුලතා සහ මේඝලතා කසීර කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු.▪️මේඝලතා:-අපි ඔක්කොම හිටියේ අන්ත:පුරේ. ඔව්! ඔව්! කාශ්‍යප රජ්ජුරුවොන්ගේ අන්ත:පුරේ. දැන් මෙහෙමනේ වෙන්නේ. අවුරුදු තුනකට පාරක් පරණ අය අයින් කරලා අලුත් සුරූපිකාවෝ ගන්නවනේ. ...
විශ්ව කීර්තිය පමණක් දියාරු වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල කසීර වසර 8 කට පසු පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් නිම වූ අතර අට වසරකට පසු හෝ ලාංකීය සිනමාව දෙස අවධානය යොමු වීම පැසසුම්සහගතය. සම්මාන පිරිනැමිණ. ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියා හෝ සතුටින් විසිර ගිය බවක් පෙන්නුම් කළහ. එනුමුදු ප්රදානය කරනවායැයි පැවසූ සහ වෙනදාට පිදෙන විශ්ව කීර්ති සම්මානයට වූ දෙයක් නැත. සම්මානය සංවිධායකයින්ට අමතක වීද ? එය තවමත් බණ්ඩාරනායක ...
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් කසීර ප්‍රේමයට නැකැත් නොසොයන්න. ප්‍රේමය සීසර් කර නොකලට උපදවා ගන්නට තැත් නොකරන්න. ප්‍රේමය, ප්‍රේමයෙන් ආතුර වූ කලෙක , එයටම රිසි දිනෙක ඔබ සොයා පැමිණෙනු ඇත. බාගදා ඔබ වියපත්ව , ජරපත්ව සිටින්නට හැකි නුමුදු ප්‍රේමය සදාකාලිකව ම තරුණ බැවින් ඒ කෙරෙහි සැක සංකා නොසිතන්න. ඊර්ෂ්‍යා නූපදන්න. ප්‍රේමයට ඇත්තේ එක් ඇඳුමක් යන අඩු තක්සේරුවෙන් මිදෙන්න. එය සතියේ දවස් හතට ඇඳුම් හතක් නොව තුන්සිය ...
සිංහල ළමයාට දෙමළ යාළුවෙකු ඕනෑ වීම කසීර "මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ ?" යනුවෙන් දේශපාලනඥයින්ගෙන් විමසන දේවි බාලිකා විද්‍යාලයීය දැරියක පිළිබඳ සමාජ මාධ්‍ය තුළ කතා බහක් ගොඩ නැගී ඇත.ෆේස්බුක් ලයිව් පැමිණ තමාගේ ඡායාරූප යොදා වංචනික 'එස්.බී එකවුන්ට්' සදා ඇති බවත් , ඒවා සෑදූ කොල්ලන්ව දන්නා බවත් පවසා ඒ කොල්ලන්ට අම්මා මෝ නැතිව බණින දැරියන් වෙසෙන සමාජයක ...
අප්‍රේල් 01 : BBC පුවත් සේවයේ ගස් වල වැවෙන ස්පැගටි පුවතට එක්සත් රාජධානිය රැවටෙයි කසීර 1957 වසරේ අද වැනි දවසක BBC පුවත් ජාලය මගින් ගස් වල වැවෙන ස්පැගටි පෙන්වා මෝඩයාගේ දිනය සමරන ලදි.ඒ 1957 අප්‍රේල් මස පළමු වැනිදා BBC එක්සත් රාජධානි සේවා විකාශය ය. ස්විට්සර්ලන්තයේ ටිචීනෝ (Ticino) හි වාර්ෂික ස්පැගටි ඵලදාව නෙළන ආකාරය විස්තර වන වාර්තා වැඩසටහන මෙහෙයවන්නේ කීර්තිමත් පූරකයෙකු වන රිචඩ් ඩිම්බෙල්බි (Richard Dimbleby) විසිනි. පිටිසරබද කාන්තාවක් ඉතා ප්රවේශමින් සහ ඕනෑකමින් යුතුව ගසකින් ස්පැගටි ...