සිහිනයකි රෑ - අනුමාන ශිෂ්‍යත්ව ප්‍රශ්න


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ "සිහිනයකි රෑ" වැඩසටහනට සහභාගී වන බව කණින් කොණින් අසන්නට ලැබිණ. අනෙක් කාරණා කෙසේ වෙතත් අඩුම තරමේ තමා තවමත් සිහිනයක් දකිමින් සිටින බව වටහාගැනීමට හැකි වීම පිළිබඳව අප ඒ අවංක මනුෂ්‍යයාට ගරු කළ යුතු ය.
ජනපති සිරිසේන මහතාගේ වසර හතරක කල්ක්‍රියාව සහ හැසිරීම අනුව එතුමා විසින් "සිහිනයකි රෑ" වැඩසටහන වෙනුවෙන් තෝරන්නට ඇති ගීත ගැන අපට සිතාගත හැකිය. ඒවා මෙසේ වන්නට නොහැකිද ?

1. 
රෝමය ලෙසේ අතීතයේ
ගිනි ඇවිලේ ගිනි ඇවිලේ
යෞවන සිත් නගරේ
වෙණ වයා නැළවෙමූ 
නීරෝ වගෙ අපී





2. 
පුල්ලිගොනා පුරුදු කාරයා
මම ජෙමා කරත්ත කාරයා
මේකයි මගේ බරබාගේ 
පැයට සැතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා







3. 
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා








4.
පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
යෞවනයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ
මිදි යුෂ යැයි රැවටී හලා හල විෂ බීවේ ඇයි මා 





5. 
අලුත් සඳ ඇවිත් අහසට එළියයි මුළු රෑම
කඳුළු නිසා නොපෙනුණාය සුන්දර සඳපාන
බත ද ඉදී ඉවරයි දැන් උණුහුම ඇත තාම
තරහ නිවී ඉවරයි මගෙ , ඔබ තරහද තාම




6. 
සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ




7. 
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී



8. 
කලියුග කාලෙක උපන්න 
නුවණක්කාරයෝ දෙන්නෙක්
අතරමඟදි මුණ ගැහිලා 
මාර ගහක් යට ඉඳ ගත්තේ
එකෙක් රයිගම පැත්තේ
අනෙක ගම්පොළ පැත්තේ




9. 
කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ
කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ
මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ
ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ



10. 
පුංචී නංගී එයි දැන් තාත්තා අපේ
ඔව් අක්කේ ඇත්තක්මයි කිවුවේ
පුංචී නංගී එයි දැන් තාත්තා අපේ
ටොපි සීනිබෝල චොකලට් 
තාත්තා අතේ තිබෙයි 
හා හා මගෙ හොඳ අක්කට 
චොකලට් තමයි අගේ
ඇයි පුංචි නංගි කලබල තාත්තා මෙ ආවනේ
ඒ සීනිබෝල ඉල්ලගන්න නොකර කරදරේ
අම්ම ගැහුව තාත්තෙ මට
කාරි නෑ දුවට අම්ම ආදරෙයි
ආල පාන තාත්තාට දිඝායු හා සැම සැපත් වෙවා





11. අතිරේක ගීතය
මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්
මොහොතක් හෝ ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්

වන මල් සුපිපෙන අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත

සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත
කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. හා, එන්න එන්න නංගි ජනාධිපති තාත්තාට වඳින්න.....

    ReplyDelete