ඉහේ සිට අසූචි පිරුණු ගූ සූඩයින්ගේ කතා වස්තුව


එපුරයේ වැසියන් අතුරුදන් කළ මාධ්‍යවේදියෙක් අරභයා "එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් දැ"යි ඇසුවේ අමු අමුවේ මරා දැමූ මාධ්‍යවේදියෙක් අරභයා එරට එවකට ආරක්ෂක ලේකම් "හූ ඊස් ලසන්ත" යනුවෙන් විමසන විටදී ය.
අද ඔවුන් එකත්පස්ව නරඹමින් සිටින්නේ කලාකරුවන්ගේ පුද්ගලික ජීවිතයේ සිට සමකාමීන්ගේ අනන්‍යතාව මෙන් ම මානසික අසමතුලිත චරිත වල ආත්ම ගෞරවය යූ ටියුබ්ස් වීව්ස් වෙනුවෙන් හිරිකිතයකින් තොර විකුණා දැමූ ඉහේ සිට අසූචි පිරුණු ගූ සූඩයින් දෙදෙනෙක් මාධ්‍ය හමුවේ රඟන විප්‍රකාර ය.
මිතුරනි ;
ජුලියස් ෆුචික් ; ඩොනල්ඩ් වුඩ්ස් ; ඊඩා බී වෙල්ස් ;ජෝසප් පුලිට්සර් ගේ සිට ජමල් කෂෝගී දක්වා පරම්පරාවක් ඉණට අත තබාගෙන ඔබ දෙස බලා සිටින අය බව අමතක නොකරන්න.

පිල ගස් යට හිඳ බණ අසන්නට වන කාලය උදා වී ඇත !!!
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment