ලස්සන ඇස් නොදකින අපි කසීර වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් එල්ල කළ සාරීන් (Sarin) වායුවට නිරාවරණය වීම නිසා සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෙගාතුර වූ අතර පන්දහසක් පමණ ...
උරය පලා සැතකින් බලන් රුහිරූ : ඉලංචේලියන් vs සරත් හේමචන්ද්‍ර කසීර යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසහර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයන්නට ගොස් වෙඩි වැදීමෙන් මියගියේ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාය. මියගිය සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීමට ගිය විනිසුරුවරයා ඔවුන් ඉදිරියේ අතිශය සංවේදීව හැසිරුණු ආකාරය මාධ්‍ය වල පළවීමත් සමගම එම සිංහල - දෙමළ හැඟීම සහ හෘද සාක්ෂියේ කතාව පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. තල් කොළය සහ පොල් කොළය ගැන විෂය නිර්දේශයට අනුව කවි ලියන ...
මාර්තු 29 : චීනයේ ගොවීන් පිරිසකට වසර දෙදහසක් පැරණි ටෙරාකොටා හමුදා පිළිම හමු වේ කසීර 1974 වසරේ අද වැනි දවසක චීනයේ ගොවීන් පිරිසකට ටෙරාකොටා හමුදාව හෙවත් දම්මැටි පිළිම සේනාංකය හමු විය.ළිඳක් කණිමින් සිටි ශාන්ෂී පළාතේ ගොවීන් පිරිසක් පළමුව මෙම දම්මැටි පිළිම රාශිය දැක තිබූ අතර ඔවුන් විසින් අදාල බලධාරීන් ව දැනුවත් කරන්නට යෙදුණහ. අනතුරුව කැණීම් මගින් අනාවරණ කරගත් පිළිම අතර 8,000 කට අධික සොල්දාදුවන් ද , අශ්ව කරත්ත 130 ක් ද, අශ්වයින් 520 ක් සහ ...
ඉක්බිති එතුමාණෝ රුසියාව වෙත වැඩම කළහ කසීර "මොකක් ??? ඔයා මේ මහ රෑ එකපාරටම කොහෙද යන්නේ ?"දුරකතනයට පිළිතුරු දෙමින් සිටි තරුණයා විස්මයෙන් ඇසුවේය. අනෙක් පසින් ඇසුණේ යුවතියකගේ කලබලකාරී හඬකි."තාම හිතලා නෑ. රොමින්ස්කා කැළේපැත්ත ට යන්නත් හිතෙනවා" ඇය එසේ පවසා තරමක් රහසින් මෙන් මෙසේ අසන්නීය "ඔයා මොකද හිතන්නේ ? අපිට අසර්බයිජාන් වලට පැනගන්න වෙලාවක් තියෙයිද ?""මරියා !" තරුණයා ඉවසුම් නැතිව උස් හඬින් කෑගසයි. "දෙයියන්ගේ නාමෙට ඔයාට මොකද වෙලා ...
ජනවාරි 30 : මහත්මා ගාන්ධි ඝාතනය වේ කසීර 1948 වසරේ අද වැනි දවසක ඉන්දීය නිදහස් සටනේ ප්රබලයෙකු වූ මහත්මා ඝාන්ධි ඝාතනයට පත් විය. වේලාව දහවල් 12 ට පමණය. ස්ථානය නවදිල්ලියේ බිර්ලා භවන් ය. අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් තෙවරක් වෙඩි තබන ඝාතකයා නතුරාම් ගොඩ්සේ ය. මහත්මා ගාන්ධි අතීතයට එක් වී අවසානය.1869 වසරේ ඔක්තෝබර් මස දෙවැනිදා ඉන්දියාවේ ජෝර්බන්දාර් ගම්මානයෙහි උපතලබන මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළු කරන්නේ ඔහුගේ පියා විසිනි. ...
මාෂල් ජනතා ! කවුරුදෝ ඔබ කවුරුදෝ කසීර 'දොර කවුළුවෙන් එබී බලා' ගීතයේ අද ඇසෙන්නේ ෂර්ලි වෛජන්ත-මාලනී බුලත්සිංහල ගැයූ පසු ගායනය යි. එය බටහිරට ලැදි තානයක් සහිත සංගීතයකින් , කඩිනම් ව ගැයෙන, මිහිරි ගීයකි. නමුත් මෙහි මුල් ගායනය, එනම් 'යොවුන් ගී' කැසට් පටයට මාෂල් ජනතා - චන්ද්‍රලේඛා පෙරේරා ගයන ගීතය අසන විට පැරණි නාද මාලා අතරින් ඉපැදෙන පැරණි හඬ මතකය කෙතරම් ආනන්දජනක ද ? ෂර්ලි වෛජන්තගේ කටහඬට ට ...
කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් සහ ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල කසීර ඛේදවාචකීය සංකේතය විය යුත්තේ කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් ද ? පොටෙම්කින් නගරයකට යටව මියැදුණු ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල ද ?1985 නොවැම්බර් 13 වැනිදා කොලොම්බියාවේ Ruiz ගිනි කන්ද විදාරණය විය. ටොන් මිලියන 35 ක ලාවා මුසුවූ යමහල් ශේෂයන් , හිම සමග මුසුව දෑල ගං ඉවුරු කඩා බිඳ දමමින් පැයට සැතපුම් හැටක වේගයෙන් නිම්න බිම වෙත කඩා වදින්නට විය. කුඩා නගරයක් වූ Armero වසාගන්නා ...
ලස්සනට ඉදුණු වැලට හැදුණු හෙවත් චින්තිගේ සිංදු ලස්සනට ඇසීම කසීර පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ 'ලස්සනට ඉදුණු' සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා.ලස්සනට ඉදුණු වැලට හැදුණු කොමඩු පිපිඥ්ඥාපුරහඳ දඟ කර හිත විස කර පස්ස රතිඥ්ඥාපණ හතක් ගියත් එපා වෙන්නේ නෑනේ රත්තරංසුමනෝ මගෙ මැණිකේ වෙයං බංපස්ගෝරස - මී රස - ගී රස අහස උසටම ගෝසාඇගෙ බෙලිකටු වැල ගෙල වැළඳලා හොලවන රෝසාමට මතක් ...
කලු රංජි ; මුග්ධ අහිංසකයෙක් ද ? කසීර අද රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ 'කලු රංජි' වෙනුවෙන් තිබුණු වැඩසටහන ට සහභාගී වුණා. කලු රංජි ට රෝයල් තැප්‍රොබේනියන් වගේ අවකාශයක උපහාර පිදීම පිළිබඳ විදර්ශන කන්නංගර සහෝදරයා විවේචනාත්මක සටහනක් එහෙමත් යොදලා තිබුණා. එතන විදර්ශන කතාකරන තියරි බහුතරයකට තේරුම්ගන්න බැරි බව පහළින් වැටෙන කමෙන්ට්ස් වලින් පෙනුණා. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද විදර්ශනගේ කෝදුව අපිට තේරුම්ගන්න අමාරුයි. කිලී මහරාජාගේ 'සිරස' ජඩ මාධ්‍යකරණයට එරෙහිව අරගල ...
නවක වධය - නොනිමෙන ගොදුරු මාලාව කසීර තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින් මරණ මංචකයේ වැතිර සිටින සිසුවා වෙනුවෙන් නොව තමාගේ මස් රාත්තල බේරා ගැනීම උදෙසා සටන් වදින ෂයිලොක් විද්‍යාර්ථීන් රැසකගේ අදහස් දැක්වීම් ද දැක තාරුණ්‍යය මෙතරම් වේගයෙන් තිරස්චීන වන්නේ කෙසේදැයි විමතියට පත් ව සිටින්නෙමි.සරසවි පරිශ්‍රය තුළ CCTV ...
භික්ෂුව සහ ගිහි සමාජය : සිවුර සහ නගුල කසීර අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.බොනිපස් පෙරේරා - රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් - වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා - අමරදේව වීම ...
ප්රාතිහාර්යය සහ ලංකාවේ නීති පද්ධතිය කසීර ඉස්සර කාලේ දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන සාන්තුවරියක් හිටියලු. හැබැයි මේ සාන්තුවරියගේ සැමියා ඒ වගේ පුණ්‍ය වැඩ වලට කැමති නෑලු. ඉතිං ඔක්කොම හොඳ දේවල් කරන්නේ හොර රහසේලු. දවසක් මේ සාන්තුවරිය බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් පාන් ටිකක් බාස්කට් එකක දාගෙන වහගෙන යනකොට සැමියා එක පාරට කඩා පැනලා ඇහුවලු " මේ බාස්කට් එකේ මොනවද ගෙනියන්නේ " කියලා. සාන්තුවරිය බය වුණු පාරට කිව්වලු "රෝස ...
මාර්තු 18 : වසර පහළොවකට පසු ටෙරී ෂයිවෝ ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ කසීර 2005 වසරෙ අද වැනි දවසක මහත් ආන්දෝලනයට තුඩු දුන් "ටෙරී ෂයිවෝ"ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ."ටෙරී ෂයිවෝ" (Terri Schiavo) යනු වසර පහළොවක් තිස්සේ නළයක ආධාරයෙන් ආහාර සපයනු ලැබූ සුවකළ නොහැකි තත්ත්වයේ පසු වූ රෝගී කාන්තාවකි. මොළය දැඩි ලෙස හානියට පත්ව සිටි ටෙරී ගේ ජීවිතය බේරා ගැනීමට කිසිදු ඉඩ හසරක් නැතැයි වෛද්‍යවරුන් තහවුරු කර තිබූ අතර ඇගේ සැමියාගේ අදහස වූයේ ...
ප්‍රියා සූරියසේන හෙවත් සිංහල සංගීතයේ අජේ දෙව්ගන් කසීර ප්‍රියා සූරියසේන යනු සිංහල සංගීතයේ අජේ දෙව්ගන් ය. අජේ දෙව්ගන්ට අනෙක් හින්දි නළුවන්ට මෙන් ඉතා ලස්සන රූපයක් නැත. එනුමුදු ඔහු අවලස්සන ද නැත. ඒ කෙසේ වුවත් අජේගේ රැඟුම් සහ අජේ රඟන චරිත ඉතා කඩවසම් යැයි අපි දනිමු. වෙනකක් තබා අවසානයේ දී ඔහු සුරූපි කාජල් පවා වසඟ කරගත්තේ ය. ප්‍රියා සූරියසේන කෙනෙක් පිළිබඳව කාජල් මුඛර්ජි නොදන්නවා වන්නට ඇත. නමුත් අඩුම තරමේ ...
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත , දරු සෙනෙහසින් මිදෙන්නේ ? කසීර 19.11.1989 - 19.11.2019හරියටම අදට තිස් වසරකට පෙර යුධ හමුදා මූලස්ථානයේ දී ගත් සේයාරූව දකිමින් , වන්නකුවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර වෙත ලියමි ; වැඩිමල් සහෝදරයාගේ බලකිරීමට අවනවත ව වයස අවුරුදු විසි තුනේදී ම දේශපාලනික සටන්කාමියෙකු සමග විවාහ වූ මොරටුව විල්ලෝරවත්තේ යුවතිය තව දුරටත් නොදකිමි. තැන් තැන් වලම ලැග , මී පුප් අතැර පණ මෙන් රැකි පස් දරු සම්පත ද කුසෙහි ...
අප්‍රේල් 04 : සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් වේ. කසීර 1968 වසරේ අද වැනි දවසක සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් විය. "මට සිහිනයක් තිබේ - මගේ දරුවන් හතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව , චරිතයේ හරයෙන් මනින්නා වූ දේශයක ජීවත් වන ආකාරය මම එ සිහිනයෙන් දකිමි. මට සිහිනයක් තිබේ - යම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක් ...
Chen Shih-hsin | ජාතික ගීය සහ ජාතික ධජය අහිමි රන් පදක්කම | 2004 කසීර 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ කාන්තා ටයිකොන්ඩෝ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ රන් පදක්කම දිනාගන්නේ තායිවානයේ Chen Shih-hsin ය. ඇය දිනාගත් රන් පදක්කම ඉතිහාසගත වන්නේ තායිවානය දිනූ මුල් ම ඔලිම්පික් රන් පදක්කම ලෙසිනි. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල වන විට තායිවානය දිනාගෙන තිබූ සමස්ත ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 10 ක් වුව ද ඒ අතර කිසිදු රන් පදක්කමක් නොවිණ. Chen Shih-hsin තම ඉතිහාසගත ...
ධම්මිකා කරුණාරත්න ! නොයා ජීවන මං තලාවේ ඈත දුරකට පියඹලා කසීර අසා ඉමු අපි සුමුදු වැල්ලට මුමුණන පෙම් කතාබලා ඉමු අපි ඈත සිතිජයේ මැවෙන සෙවණැලි පෙම් රටාධම්මිකා කරුණාරත්න සමග සෝමසිරි මැදගෙදර ගයන මේ ගීතය දසක තුනකට එහා අතීතයක් අවුස්සාලනසුලු ය. අසූව දසකයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාපනය කළ 'යොවුන් ගී' කණ්ඩායමේ මුල්ම ගායක ගායිකාවන් හයදෙනා වූ චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා කරුණාරත්න, මාර්ෂල් ජනතා සහ තේජා දමයන්ති ...
මාර්තු 20 : ෂෝකෝ අසහාරා තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කරයි කසීර 1995 වසරේ අද වැනි දවසක ෂෝකෝ අසහාරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෙගාතුර වූ අතර පන්දහසක් පමණ තාවකාලික දෘෂ්‍යාබාධ වලින් පීඩාවට පත් විය. ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් මෙම විෂ වායු ප්‍රහාරය එල්ල කරනු ලැබිණ. දුම්රිය මාර්ග තුනක් ඉලක්ක කර ...
බක්මහ උදාව සහ අමිතා වැදිසිංහ කසීර අප්‍රේල් මාසය යනු අමිතා වැදිසිංහට අතිශය කාර්යබහුල කාලවකවානුවකි.Check list එකක් රැගෙන ගමන් කරන අමිතා ගී ගයමින් අලුත් අවුරුද්දේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නීය. අධීක්ෂණය කරන්නීය. ඒ මෙසේය1. සද්දේ ඇහෙන්නේ මොකද ? බෝම්බයක් පුපුරලා ද ? වාහනයක් හැප්පිලා ද ? අවුරුද්ද ඇවිල්ල ද ? දේශපාලන රැස්වීමක් ද ?2. කනෙයියන්ගේ රොන් සැදිලා ද ? ඔව් නැත3. බැද්දට වැහැලා ඇත්තේ කුමන වරුසාවක් ද ? ...