කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න : උපුල් ශාන්ත සන්නස්ගල කසීර ඡායාරූපය : රන්දික අහංගම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳපොළක් නිර්මාණය වීම පිළිබඳවය. බෙනඩික් අරබයා පමණක් නොව, සමස්ත විචාරක ...
අප්‍රේල් 06 : වියට්නාම දරුවන් මුදාගන්නා "Operation Babylift" ඇරඹේ කසීර 1975 වසරේ අද වැනි දවසක වියට්නාම දරුවන් මව්බිමෙන් මුදාගන්නා "Operation Babylift" ආරම්භ විය. ඒ උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය අතර සටන උග්‍ර අතට හැරෙමින් පැවති කාලවකවානුවයි. උතුරු වියට්නාමයේ සහායට සෝවියට් සමූහාණ්ඩුව , චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් පාක්ෂික රටවල් ය. දකුණු වියට්නාමයට සහාය වන්නේ ඇමරිකාව , දකුණු කොරියාව , ඕස්ට්‍රේලියාව , තායිලන්තය සහ කොයුනිස්ට් විරෝධි රටවල් ය. යුධ ගිනි ඇවිලුණු වියට්නාමය ...
දෙබෙදුම : පරම්පරා ගැටුම මැදහත් සිතින් දැකීම කසීර සේපාලි මායාදුන්නේ ගේ 'දෙබෙදුම' නවකතාව ආයෙත් වතාවක් කියවන්නට හිතුණා. ඒ 1993 අවුරුද්දේ ප්‍රශස්තම නවකතාව විදියට ඩී.ආර්. විජේවර්ධන සම්මානය දිනපු නවකතාව. ඉතිහාසය පුරා ම විජේවර්ධන සම්මානය දිනූ සහ නිර්දේශ වුණු අනිත් කෘති බොහෝමයක් රසවත් වුණත් සර්වකාලීන කියවීමක් සඳහා පොළඹවනසුලු බවින් අඩුයි. කම්මැල්ලවීරගේ 'අට අවුරුද්ද' කිරිවත්තුඩුවගේ 'ඉසුරු සොයා' සුනේත්‍රාගේ 'සඳුන්ගිර ගිනි ගනී' වගේ කෘති වල ප්රස්තුතය සමකාලීන යුගය සමග දැඩිව බැඳිලා තියෙනවා. ...
සමන් අතාවුදහෙට්ටි : වචනයෙන් මායා මැවීම කසීර ඒ බර්මින් ලයිලි ප්‍රනාන්දු එක හුස්මට ටෙලි නාට්‍ය 16 ක් සැදූ යුගයයි. අතුල විතානගේ රචිත " කන්දෙගෙදර" නවකතාව ඇසුරින් නිර්මිත "පහන් කන්ද" නම් වූ ටෙලිනාට්‍යයක් විකාශය වූ බවක් මතකයේ තිබුණද එකල අපගේ සිත් පැහැරගත්තේ එහි තේමා ගීතය ය. "මලක් වුණේ ඇයි නුඹ මට" යනුවෙන් සමන් අතාවුදහෙට්ටි ලීවේය. පහන් කන්ද දැන් අමතකය. ග්‍රැන්විල් රොද්‍රිගෝ සහ චම්පා ශ්‍යාමලී බොහෝ දුර ගමනක් ගොස් ...
බදුලු කෝච්චිය කසීර "ඔය බෑග් එක ඔතන තියෙන එක පුතාට කරදරයක් නෙමේ නේද ?" එහා පැත්තේ ආසනයේ ඉන්න වයසක ගැහැණු කෙනා තුන්වෙනි පාරටත් අහනකොට පසන් ට පොඩ්ඩක් කේන්ති ගියා. ඒත් ඒක නොපෙන්නා ඉන්න වග බලාගත්තා. "අපෝ නෑ ආන්ටි" මවාගත්ත මහත්මා හිනාවකින්න් පසන්ගේ මූණ පිරිලා ඉතිරිලා ගියා. "ඒක මගේ කකුලේ වැදෙන්නේ නෑ"පසන් බදුල්ල කෝච්චියේ දෙවනි පංතියේ වෙන් කරපු ආසනයට නැග්ගේ ගම්පහ ස්ටේෂන් එකෙන්. ටිකට් ...
ලංකාව ; රටක් වශයෙන් ඉදිරියට යෑම කසීර ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය.1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ 'ඇමරිකන් හඬ' ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ඉදිකිරීමට විරෝධය පල කරමිනි. මේ සම්ප්‍රේෂණාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන් හට සෞඛ්‍ය උවදුරු හට ගන්නා බවත් , චූල ධීවර ප්‍රජාවගේ බත සරි කරන කලපු සහ තවත් කුඩා ජල පෝෂක ප්‍රදේශ අහිමි වන බවත් පවසමින් ...
නිරෝෂා සහ උරේෂා සමග සන්සුන් රුවන් හද මන්දිරයේ කසීර ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා 'මේක අහලා තියෙනවද ?' කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී පුද්ගලයෙක්. මම ඒ නිසා ඕනෙවට එපාවට ෆෝන් එක දිහා බැලුවේ එක්කෝ අදත් ජින්ජර්ගේ කස්තිරමක් හරි එහෙමත් නැත්නම් 'ආටක නාටක' වල ගිය විකාර සිංදුවක් හරි කියන හැඟීමෙන්. තම්බ්නේල් එක දකිනකොට ම මට ඒ හැඟීම තුරන් ...
නිරෝෂා විරාජිනී : මගේ ජීවිතේ මල් පිපුණාවේ කසීර සරත් ගලප්පත්ති නිෂ්පාදනය කළ , Super Suns සංගීත කණ්ඩායමේ ෆයාස් සවාහිර් සංගීත අධ්‍යක්ෂණය කළ 'සිත හඬයි' කැසට් පටයෙන් සංගීත ලෝකයේ විශාල පියවරක් තැබූ නිරෝෂා විරාජිනී අද වෙනකොට ගායන ලෝකයේ නොමැකෙන නාමයක් වෙලා ඉවරයි. විරාජිනීගේ මුල් ම ගීතයේ සිට අද දක්වාම ගීත අරගෙන බැලුවොත් මේ ඉතිහාසය පුරා ම විවිධ මතකයන් අවුළුවන ගීත රාශියක් තිබෙන බව පැහැදිලියි. එකිනෙකට වෙනස් ප්රස්තුත වල ගීත ...
විකට ඇඳුම් කසීර අලුත් ඇඳුමක් කාරිය ඇඳලා, බෙල්ට් එකයි සපත්තු දෙකයි දාගෙන, කමිසය යට කරලා, හෙයාර් ජෙල් ටිකක් උලලා, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් මූණේ ගාගෙන පාරට බහිනවා නේද ? එදාට පාරේ ඇඳිරි නීතිය. එහෙම නැත්නම් දෙබර වදයක් ඇවිස්සිලා. සුනාමි අනතුරු සංඥා නාද වෙලා. එක්කෝ පිස්සු බල්ලෙක් පාරේ දුවනවා. එහෙම නැත්නම් නගර සභා කුණු ලොරිය පාර පුරා කුණු හලාගෙන ගිහිං. ඒ කියන්නේ එක මනුස්ස ...
දිල්ෂාන් පතිරත්න - තක්කඩිකම සහ දමිත් අසංක කසීර යූ ටියුබ් චැනල් අද වන විට බලුබෙටි බඳුය. ඒවා හැමතැනම දක්නට ලැබෙන අතර පාගා ගැනීමෙන් දුර්ගන්ධයක් හැරෙන්නට වෙනත් කිසිදු ප්රසාදජනක ප්‍රතිඵලයක් උපදින්නේ නැත .කුවේට් කුමාරි ලෙසින් ස්වයං බෞතීස්මයට ලත් රටවිරු කාන්තාවගේ සමබරතාවකින් තොර හැසිරීමේ සිට දමිත් අසංක නම් ගායකයාගේ වෙනස් හැසිරීම දක්වා ම යූ ටියුබ් නාලිකා වල කටගැස්ම වන්නේ කුමන පරමාර්ථයෙන් ද යන්න අප දනිමු. අමතක කළ යුතු නැත. මේ ...
සතුටු සුරංග විසින් ගෙඩි සියයක් බිම හෙලීම කසීර මේ වනවිට මා ගමන් කරමින් සිටින බස් රථයේ හිමිකරු වන්නේ ප්‍රවීණ ගායනවේදිනී සතුටු සුරංග මහතාය.ඔහු , වසන්තා සන්දනායක සිට නතාෂා පෙරේරා දක්වා ගායිකාවන්ගේ ගීත එකින් එක කාබාසිනියා කරමින් සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යන්නීය. මග දෙපස ඇති රැෆික් එක නිසා අපට ද ඔහු සමග ඒ දිගු ගමන යන්නට සිදු වී ඇත.සතුටු සුරංග මහතා මුලින්ම ගැයුවේ " ලොවම එපා වී ලොවම කළකිරී" ...
ඔබේ ආදරේ : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු දේපළකි කසීර "ඔබේ ආදරේ දෙවැනි පෑතිස් රජ දවසේ - ශිලා ලිපියක් වගේ" යන ගීතයට සවන් දී වඩාත්ම නිවැරදි නිගමනය කරන්න.1. ඔබේ ආදරය මට හිමි නැත. එහි අයිතිය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ය.2. ඔබේ ආදරේ මා ළඟ නැත. එය මිහින්තලාව හෝ නොච්චියාගම ආශ්රිත පන්සලක කටාරමක් සමීපයේ තිබිය හැකිය.3. ඔබේ ආදරය තේරුම් ගැනීම අපහසුය. පුරාවිද්‍යාව හා ඉතිහාසය හැදෑරීමේ අවශ්‍යතාවක් ඇත.4. ඔබේ ආදරය අතිශය පූජනීය ය. ...
දෙසැම්බර් 24 : කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ වේ කසීර 1965 වසරේ අදවැනි දිනයක ඇමරිකාවේ ටෙනීසී නුවරදී කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ විය. සේවාමුක්ත ඒකාබද්ධ හමුදා සෙබළුන් හයදෙනෙක් පිහිටුවා ගත් මෙම සංවිධානය ලෝක ඉතිහාසයට එක් වන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන අසංස්කෘතික කල්ලියක් ලෙසිනි. අවාසනාවට මෙන් අදටත් ඇමරිකාව තුළ කූ ක්ලක්ස් ක්ලෑන්හි තෙවැනි පරම්පරාව ක්‍රියාත්මක වේ.තුවක්කුවකට උණ්ඩ යොදන විට නැගෙන හඬට අනුව ...
සුරදූතයෙක් නික්මුණි කසීර සුනේත්‍රා රාජකරුණානායක ලියූ 'බත් තරංග' නවකතාවේ කියැවෙන්නේ කොළඹ පහ, හතේ ලේන් එකේ වෙසෙන බට්ටිච්චා නම් වූ සිරුරෙන් කුඩා තරුණයෙක් ගැන ය. බත් ගෙදර විසූ බට්ටිච්චා කලාවට බෙහෙවින් ඇලුම් කළ අතර අවසානයේ කතන්දර රැසක් කොළ වල ලියා මෙලොවින් සමුගත්තේ ය.මිය ගිය පසු දෙවියෙක් වී හතේ ලේන් එක දෙස බලා සිටින්නට ඇත්නම් ඔහු ජීවත්ව සිටියදී පැවසුවේ ය.ගයාන් ඉන්දුල කොඩිතුවක්කු නම් බට්ටිච්චා අපට ...
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා ? කසීර 'අධ්‍යාපනය' යන විශ්වීය සංකල්පය තව දුරටත් 'ආගම' නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, 'ආගම' ප්‍රවේශය කොටගත් සියලුම පාසල් රජයේ නඩත්තුකරණයෙන් ඉවත් කරවා ගැනීම ය. රටක පුරවැසියන් ජාති - ආගම් භේදයකින් තොරව උපයනමහජන මුදල් , ආගමේ නම තෙවරක් හඬ ගා කියූ විට පමණක් ගල් දොරටු විවර වන විසි එක්වන සියවසේ අධ්‍යාපනික ...
නැව් එන තුරු අපි කසීර ඉතිහාස පොත් වල තියෙන දේවල් ඇත්ත නම් ලංකා ඉතිහාසයේ රාජ්‍යය සම්බන්ධ සෑම තීරණාත්මක අවස්ථාවකටම නැවක් සම්බන්ධය.රිපෝර්ට් කාඩ් එකේ ලකුණු හොඳ වැඩි නිසා විජය කුමාරයාව බෙකම් කට් එක ගසා ලංකාවට එවන්නේ නැවකිනි. නැවෙන් තම්මැන්නාවට බට විජය කුමරු එච්චර කල් පාඩුවේ සිංගර් මහන මැසිමක් පාග පාගා සිටි කුවේණිය පළමුව ආලෙන් වෙලා ගෙන දෙවනුව කෝලම් කළේය.පස්සේ කාලයක ලංකාවට නැවෙන් එන්නේ සංඝමිත්තා මෙහෙණියය. ඇය ...
කවුද අම්මේ ඒ බඩ තඩි මනුස්සයා ? කසීර අම්මා ! අම්මා .. මේ බලන්නකෝ.. රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටි තරුණිය එක්වර පුදුමයෙන් හඩ තලන්නට වූවාය. කිරිහොද්දක් හැඳිගාමින් සිටි මව පොල්කටු හැන්දද රැගෙන සාලයට දිව ආවාය.මේ බලන්න අම්මා ! අර අපේ ගෙදර නැවතිලා ඉන්න බඩ තඩි මනුස්සයා ටී වී එකේ පෙන්නනවාතරුණිය විමතියෙන් මෙන් අත දිගු කළාය.අයියෝ ඔනෙලා. මම බය වෙච්ච තරමක්. අර කිරිහොද්දත් කැටි ගැහෙනවා ළමයෝ ඔයාගේ වැඩ නිසා ...
යුග විලක්කුව කසීර යාපනය විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභාව තමා සංවිධාන කළ මහ විරු දිනය අරභයා ලියන ලද්දක්යැයි පැවසෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරුණු සටහනක් කියවන්නට ලැබිණ. එහි මෙසේ සඳහන් වේ."අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොවඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොවඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොවඔවුන් අපේ දරුවන්යඔවුන් අපේ සහෝදරයින්යඔවුන් අපගේ මිතුරන්ය.ඒ සෑම ...
නොවැම්බර් 19 : Milli Vanilli සංගීත කණ්ඩායමට පිරි නැමූ ග්රැමි සම්මානය අහිමි කෙරේ කසීර 1990 වසරේ අද වැනි දවසක " ගී නොගයා තොල් සොල්වමින්" ලොවම රැවටූ "මිලි වැනිලි" ( Milli Vanilli) සංගීත කණ්ඩායමට පිරිනමා තිබූ ග්රැමි සම්මානය අහිමි කරන ලදි. මෑතකාලීන සංගීත ඉතිහාසයේ වාර්තා වූ නින්දාසහගතම සිදුවීමේ වග උත්තරකරුවන් වූ "මිලි වැනිලි" ගායකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ කළමණාකරුවාට තම වංචාකාරී ක්‍රියාව ලොව ඉදිරියේ පාපොච්ඡාරණය කරන්නට සිදුවිය.'Girl You Know It's True' යන ගීත ඇල්බමය වෙනුවෙන් 1990 ...
රුචිරාණෙනි අහන්න කසීර මඟුල් තුලා ගිය වාහනේ ආයෙම ගම් රට බලා පිටත් වුණා. අසංක පිටිපස්සේ සීට් එකක දිගා වෙලා ඇස් පියාගත්තේ ටිකක් විවේක ගන්න. ලංකාවට ඇවිල්ලා දවස් හතරයි. මේ වෙනකොටම ගෙදර අයගේ ගමන් බිමන් වලට එක්කාසු වෙලා ලංකාවේ ඉන්න එක අපෝ වෙලා. තව දවස් කීයද ? එහෙන් ගමේ යාළුවන්ගේ ආඩපාලි. "උඹලා දැන් ලොකු මිනිස්සුනේ "අනික් අතට පරණ ඔෆිස් එකේ කට්ටියගෙන් එන පණිවුඩ. "මේ ...