විජ..? කවුද යකෝ මේ විජ..? අසම්මතයා | Jamis Banda's Blog මේක මේ විච්චිම එකා කාලේ අහපු කතාවක්. විහිළුවට ලියන එකක් නිසා ඔය එක එක පාට පාට වලින් ලේ දුවන ඈයෝ ලොවෙත් නැති සදාචාරයක් ගැන කතා කරන ඈයෝ මේක කියවලා තරහා ගන්න එපා ඕං. මේක සාමන්තර විශ්වයක උනා කියලා හිතාගන්න. නැතිනම් නොකියවාම ඉන්න. පස්සේ ඕන් නොකිව්වයි කියන්න එපා..!.. —————— ඔන්න දවසක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා අගමැති වෙලා ඉදපු කාලේ ...
තාත්තගේ පිං ලොතරැයිය අසම්මතයා | Jamis Banda's Blog බණ්ඩා පොඩි කාලේ අම්මාගෙන් ඉල්ලගත්ත රුපියල් දහයකින් හූරන ලොතරැයියක් අරගෙන හූරලා දිනුමක් තියෙනවද කියල බැලුව හැටි තාමත් මතකයි.ඒ වයසෙදි කොහෙද සල්ලි ගැන වගක්.. හැම දේම සෙල්ලමට..! රුපියල් දෙකේ කාසියකින් ලොතරැයියක් හූරලා දිනුමක් තියෙනවද නැද්ද කියලා එතනදිම බලන එකේ තිබ්බා අමුතු ගතියක්. සාමාන්‍යය ලොතරැයියක් අරගෙන රෑ නමයට දිනුම් ඇදීම ටීවී එකේවත් පහුවදා පත්තරේවත් බලනවට වඩා ඒකේ තිබ්බා වෙනස් රසක් පොඩි ...
මචන් දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්..! අසම්මතයා | Jamis Banda's Blog සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්. ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය. බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු ද්‍රවිඩ මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම ...
අබිලිංවාහිනියේ පාදඩ මාධ්‍ය කලාව අසම්මතයා | Jamis Banda's Blog කෝපි කඩේ අබිලිං ගේ විනෝදාංශය අහු මුළු වලට මුවා වී අනෙක් ගැමියන්ගේ ඕපාදූප සහ වැරදි හාරා අවුස්සමින් ඒවා තැනින් තැන පැතිරවීමය. අබිලිංට වෙනත් කෙනෙකුගේ පුද්ගලිකත්වය ගැන අවබෝධයක් නැත. වෙනත් කෙනෙකුගේ ජීවිතය තුළට තමන්ට ඇතුළු වීමට ඇති අයිතිය සහ එහි සීමා පිළිබඳ දැනුමක් නැත. මනුෂ්‍යයෙකු වශයෙන් යහපත් සමාජයක් උදෙසා ඔහුගේ භූමිකාව ගැන අවබෝධයක් නැත. ඔහු දන්නා එකම දේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය ...
අපි දෙන්නගෙ ආලේ.. කුස්සිය මුල්ලේ.. අසම්මතයා | Jamis Banda's Blog කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්. මමයි ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ ඇත්ත නමවත් දන්නෙ නෑ. මේක මේ විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික…නෙමේ.. අන්තර්ජාල යාලුකමක්. කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්. හැමදාම ...
ආදරයේ උරචක්‍රමාලය අසම්මතයා | Jamis Banda's Blog අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය. ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය. සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය. ඒ මිනිස් සිතකට දැනෙනා ආදරය ප්‍රකාශ ...
ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා… අසම්මතයා | Jamis Banda's Blog මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා. තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා. ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ. 21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව. ඔහු දැන් ආදි ...
මොකක් කිව්වා? ඇමතිතුමා ලියුමක් දීලා කිව්වා?? අසම්මතයා | Jamis Banda's Blog ඇමතිකෙනෙක් තමාගේ හිතවතෙක්ට තනතුරක් දෙන්නට කියා ලිපියක් දීලාය. ඒ ලිපිය මාට්ටු වෙලාය. කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අප. මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අප. “ඉස්සර නම් රුපියල් පන්සීයක් ...
හොඳ මිනිස්සු අසම්මතයා | Jamis Banda's Blog “අයියෝ මොන අපරාධයක්ද..” “…අර පොඩි උන් දෙන්නා පැත්තක ඉද්දි අරුන් දෙන්නා මලපෙරේතයෝ වගේ තනියෙම බීම එක බොන්නේ මොන හිතකින්ද? මුන් මනුස්සයෝද? හිටහන් මේක ශෙයාර් කරන්න. ලියමු කවියක් මේක ගැන.. මේ වගේ මිනිස්සුත් ඉන්නවානේ මේ ලෝකේ” මේ ෆොටෝ එක දකිද්දි අපි කම්පා වෙනවාද? එහෙම වෙනවා නම් ඒ ඇයි? ෆොටෝ එකේ බීම බොන කොල්ලෝ දෙන්නා ගැන කේන්තියක් එනවාද? එනවා නම් ඒ ඇයි? ...
බලු පැටවු සහ වසු පැටවු අසම්මතයා | Jamis Banda's Blog පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා. බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැළුවේ නෑ] එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ...
තිත්ත කෝපි සහ ඇත්ත ආදරේ ? අසම්මතයා | Jamis Banda's Blog “ඔයා ඇත්තටම මට ආදරේද?” ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා “ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි” ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා. මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි. ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය? බොරු ආදරය කියල එකකුත් තියෙනවද? බොරුවක් නම්, ඒක ආදරය වෙනවද? ...
සමාජජාලා සහ කුණුහරප අසම්මතයා | Jamis Banda's Blog මුහුණු පොත සහ බ්ලොග් අවකාශය ඇතුලු සමාජජාලා වලදී ඇතිවන සංවාද සහ කතිකාවත් ටයි කෝට් දමාගත් මහත්වරුන් ඒසී කල කාමර වල සිට කරනා සංවාද වලට සමාන විය යුතු නැත. මන්ද, සමාජ ජාලා වල කෙරෙන සංවාද වල වටිනාකම රැඳී තිබෙන්නේ එහි ඇතිවන සංවාද ඒසී කාමර වල ටයි කෝට් සම්ප්‍රදායෙන් වෙනස් වනතාක් නිසාය. අව්‍යාජ බව, අවංක බව, සෘජු අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සාපේක්ෂව ...
එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න අසම්මතයා | Jamis Banda's Blog එල්ටන් ජෝන් ගේ සින්දුව කියන ශෙල්ටන් ජෝන් ! පිස්සු යකෙක්..! ආතල් කෝටියයි.. මම මේ වීඩියෝව දැක්කෙ දෙවෙනි වතාවට. මේ පාරත් පළවෙනි වතාවේ වගේම බඩ අල්ලන් හිනා ගියා. අවංකවම මේක දැක්කාම එල්ටන් ජෝන් ගායනා කරපු මුල් ගීතය අහල තියෙන ඕනම කෙනෙක්ට හිනා යයි. නමුත් අන්තිමට ඒ මනුස්සයා ඔලුව පාත් කරලා “තෑන්ක් යූ” කියන එක මම දැක්කේ දැන්. ඒ මොහොතේ මගේ ...
කලාකරුවා සමාජය ඉදිරියේ කිච වීම අසම්මතයා | Jamis Banda's Blog “කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” කලාකරුවන් ඔවුන්ව හඳුන්වාගන්නේ එහෙමයි. අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන්න එපා ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතා.. ගොඩක් කලාකරුවෝ තමාව හඳුන්වාගන්න කැමති එහෙම. සමාජය ඉස්සරහා තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එහෙම. ඔවුන් කැමතියි තමන් සමාන්‍යය මිනිස්සුන්ගෙන් වෙනස් ‘අමුතුම’ මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වගන්න. තමාගේ වෘතිය ...
මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට අසම්මතයා | Jamis Banda's Blog මල් කියන්නේ කාට කාට..?.. ළමයින්ටයි පාට පාට..!.. මීට අවුරුදු දෙක තුනකට කලින් මම මුහුණු පොතට, බ්ලොග් කියවන්න, ලියන්න සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියා. පුද්ගලික වැඩ පාඩු කරගෙන උදේ ඉදන් හවස් වෙනකම්ම කළේ කවුරුන් හෝ එක්ක; මම නිවැරිදියි කියලා හිතාගෙන හිටපු මතය තහවුරු කරන්න වාද කරපු එක. මට ඒ කාලේ හිතුනේ මම මේ ඉෂ්ඨ කරන්නේ මට පැවරිලා තියෙන “සමාජ වගකීමක්” කියලා. ...
මිතුරේ කියන්.. – I කොටස අසම්මතයා | Jamis Banda's Blog කසුන්, ධනුෂ්ක, ලහිරු..මගේ මිතුරන් නොවේ. අප අතරේ තිබුනේ මිතුදමට එහා ගිය බැඳීමකි. ඒ බැඳීම කෙසේ හඳුන්වන්නටද කියා එදා දැන නොසිටියෙමි. අදටත් නොදනිමි. ‘එකම ජාතියෙ පිස්සො එකට සෙට් වෙනව බං’. අපි අපි ගැන හිතුවේ එහෙමය. දුකේදීත් සැපේදීත් අපට හිටියේ අප විතරය. අපෙන් එකෙකුගේ ගෙදරක තියෙන බණකට, මරණයකට, දානයකට, උත්සවයකට කලින් දා අප පස් දෙනාම ඒ ගෙදරය. ගෙදර අස්සක් මුල්ලක් නෑර ...
ජාතික ගීයක් වෙනුවට ජාතික හූවක්? අසම්මතයා | Jamis Banda's Blog දන්නවද වැඩක්? (දන්නවද වැඩක්? දන්නවද වැඩක්?) මොකක්ද? ජාතික ගීය දෙමළෙන් කියලා ! මම මගේ මිතුරන් දෙපළ සමඟ දිවා ආහාරය ගනිමින් සිටියෙමි. “නෑ… දෙමළෙන් කියන්නෙ නෑ කිව්ව නේද? නෑ කිව්වට කියලද?” “ඔව් ඔව්.. කියල” “දැන් ඉතින් බලහන්කො වෙන දේ ඉස්සරහට” “රට ඉවරයි” මහා අපරාධයක් සිදු වූ ලෙසින් කලබල වී සිටින මිතුරන් දෙදෙනාගේ කතාව මා අසා සිටියේ නිහඬවය. සැමවිටම මොකක් හෝ ...
ගල් නිසා සිල් බිඳගන්නා පින්වත්තු ! අසම්මතයා | Jamis Banda's Blog ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය. (ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ) බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය. (ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ) සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ...
බින්දා නෙමේ යකෝ බිඳුනා.. අසම්මතයා | Jamis Banda's Blog අත්වැරදීමකින් මගේ ප්‍රියම්භිකාවිය අතින් බ්ලෙන්ඩර් එක වැටිලා ඒකට සොරි ඩොට් කොම් වුනා මේ දැන්. මේ මනුස්සයාට තේරෙන්නේ නෑ කොච්චර කිව්වත් ගනන් ගන්න එපා කියලා. මම කිව්වේ මෙච්චරයි. “බ්ලෙන්ඩර් එකක් අලුතෙන් ගන්න පුලුවන්. ඔයා අප්සට් එකේ ඉන්න මේ මොහොත ආයේ ගන්න බෑ. අත්වැරදීමක් නේ වුනේ. ගනන් ගන්න එපා. අපි අලුත් එකක් ගමු” සකසුරුවම් විදිහට, අරපරිස්සමින් වැඩකරන, වියදම් කරනවාට වඩා ඉතිරිකරන ජාතියේ ...
ගලගොඩ කියන්නේ කවුද බං ? අසම්මතයා | Jamis Banda's Blog ගලගොඩ නානසාර කියන්නේ තමාට තීරණ ගැනීමට නොහැකි අවධියක් වූ කුඩා කාලයේ තම දෙමව්පියන් විසින් ඔවුන්ගේ ආර්ථික/සමාජීය ප්‍රශ්න සහ අනවබෝධය නිසා පන්සලට උස්සන් ගිහින් දාපු දිනයේ සිට ගිරවෙක් වගේ පොත්වල ඇති අකුරු කටපාඩම් කරමින්, පිනට කකා කාලය ගත කොට අවසානයේ සාමාන්‍ය පුරවැසි ජීවිතය අහිමි වීම නිසාම ඔහු තුල සිරවී තිබෙන ලිංගික පීඩනය ඇතුලු ආවේගශීලී, කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇඟෙන් එළියට දාගැනීමට ...