ගලගොඩ කියන්නේ කවුද බං ?

image

ගලගොඩ නානසාර කියන්නේ තමාට තීරණ ගැනීමට නොහැකි අවධියක් වූ කුඩා කාලයේ තම දෙමව්පියන් විසින් ඔවුන්ගේ ආර්ථික/සමාජීය ප්‍රශ්න සහ අනවබෝධය නිසා පන්සලට උස්සන් ගිහින් දාපු දිනයේ සිට ගිරවෙක් වගේ පොත්වල ඇති අකුරු කටපාඩම් කරමින්, පිනට කකා කාලය ගත කොට අවසානයේ සාමාන්‍ය පුරවැසි ජීවිතය අහිමි වීම නිසාම ඔහු තුල සිරවී තිබෙන ලිංගික පීඩනය ඇතුලු ආවේගශීලී, කලහකාරී, ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇඟෙන් එළියට දාගැනීමට වර්තමාන දේශපාලන වාතාවරණය තුල අවස්ථාව ලබා ගත් හැසිරීම සහ චරිතය අතින් තුනේ පංතියේ මිනිහෙකි.

කෙටියෙන් කියනවා නම් සිවුරක් දාගත්ත නූගත්, මෝඩ මැරයෙකි.

සමාජයෙන් ඔහුට ලබා දුන් යුනිෆෝම් එකට කොන්දේසි විරහිතව ලව් කරන, ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ඉලක්කය වී සිටින ජනකොටසට එළිපිට සහ හිතයටින් වෛර කරන ජාතිවාදී සිංහලබෞද්ධයින් ගේ චියර් එකට ෆෝම් වූ, පාලකයින්ගේ ඇඟිලි වල ඇති නූල් වලින් නැටවෙන පඹයෙකි.

සමාජීය, ආර්ථික, ලිංගික පීඩනයෙන් සිරවී සිටින සහ ස්වභාවයෙන් තමාට උරුමව සංස්කෘතියෙන් පෝෂණය කරන ලද ජාතිවාදී හැඟීම් වලින් මිරිකී සිටින පිරිසකගේ එම හැඟීම් එළියට දාගැනීමට මං විවර කල වීරයෙකි.

තාර්කික හෙවත් පොෂ් බෞද්ධයින් සහ අතාර්කික හෙවත් අහිංසක බෞද්ධයින් විසින් ගොඬනඟන ලද ආගමික පදනම කුඩයක් සේ යොදාගෙන ඒ කුඩේ යටට වී එයින් ආවරණය ලබමින් තම රඟපෑම කරන නලුවෙකි.

පොෂ් බෞද්ධයින් විසින් ආරක්ශා කරන ඒ පදනමේ ප්‍රතිවිපාක ඔවුන්ටම ඔප්පු කර පෙන්වන උදාහරණයකි.

ඔබේ ගමේ හන්දියේ ඉන්න ලොකුම චණ්ඩියාට ජාතිවාදී අදහස් ඔලුවට දමා සිවුරක් අන්දන්න.

ඔබට නානසාරව ලැබේවි.

ප/ලි – 2014 ජූනි 5 දින ලියූ පෝස්ටුවකි.

7 responses to “ගලගොඩ කියන්නේ කවුද බං ?

  1. Pingback: ගලගොඩ කියන්නේ කවුද බං ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. මෙතන ප්‍රශ්නය ඇත්තේ, මොවුන්ට ආධාර කරන්නේ කවුද කියන එකයි.
    නානසාර හාමුදුරුව න් නොර්වේ මහින් ආධාර කරන ආතර කොටි සන්විදනයටත් මුස්ලිම් අන්තවාදී සංවිදාන වලටත් ආධාර කරන්නේ එකම පිරිසක්.
    ඒ කියන්නේ හරි සරලයි රටේ අස්ථාවරත්වය ඇති කරන්න බහිර පාර්ශවයකට උවමනානම් කරන්නේ මෙවැනි අන්තවාදී පිරිස් වලට ආධාර කිරීමයි.

    1983 ජුලි කලබල බලන්න කිසිම හේතුවක් නැතිව ලෝකයේ මද්‍ය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ කලබල ඇතිවීමට දින කීපයකට පෙරයි.

    මෙහිදී මේ දෙමල මිනිසුන්ට හිංසා කරන්නේ සුද්දන් ඇවිල නෙමෙයි, සිදුවෙන්නේ සිංහල අන්තවාදී පිරිස් වලට සහ දෙමල අන්තවාදී පිරිස් වලට මේ විදේශ අංශ ආධාර කිරීමයි.
    අවසානයේ මෙය සිංහල මිනිසුන් කළබවයි ලෝකයට යන්නේ.
    මිට වඩා ගැබුරින් මේ දේවල් බැලිය යුතුයි.

    Like

  3. වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් කිරීමට හොඳම ක්‍රමය ගූගල් ප්ලස් මගින් හෝ ෆෙස්බුක් මගින් එය කිරීමට ඇති පහසුව උපයෝගී කරගැනීමයි.

    මාත් වර්ඩ්ප්‍රෙස්වලට කැමති නැත. ඒ වෙනස්කම් කිරීම අපහසු නිසාය. නමුත් පාඨක ප්‍රතිචාර සංස්කරනය කළ හැකි බව අසා ඇත්තෙමි.

    Like

    • මට නම් සෙට් වෙන්නෙම වර්ඩ්ප්‍රෙස්මයි. කමෙන්ට් වැටෙන එක අඩුවෙන බව දැනගෙනත් බ්ලොගර් වලින් මාරු වුනේ ඒකයි.

      //වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් කිරීමට හොඳම ක්‍රමය ගූගල් ප්ලස් මගින් හෝ ෆෙස්බුක් මගින් එය කිරීමට ඇති පහසුව උපයෝගී කරගැනීමයි//

      මේ ටික නම් තේරුනේ නෑ රසික. පොඩ්ඩක් පැහැදිළි කලානම්..

      Like

ප්‍රතිචාරයක් ලබා දීමට