රුපියල් දෙකේ කාසියකින් ලොතරැයියක් හූරලා දිනුමක් තියෙනවද නැද්ද කියලා එතනදිම බලන එකේ තිබ්බා අමුතු ගතියක්.
සාමාන්‍යය ලොතරැයියක් අරගෙන රෑ නමයට දිනුම් ඇදීම ටීවී එකේවත් පහුවදා පත්තරේවත් බලනවට වඩා ඒකේ තිබ්බා වෙනස් රසක්
පොඩි කාලේ සෙල්ලමට දවසක් දෙකක් කරපු ලොතරැයි හීරිල්ලට පස්සේ, බණ්ඩා ලොතරැයියක් මිලට ගත්තේ එකම එක පාරයි.
ඒ දවස බණ්ඩට අද වගේ මතකයි.
මොකද එදා තමා පළවෙනි වතාවට ගෑණු ළමයෙක් බණ්ඩා එක්ක යාළු වෙන්න කැමැත්ත දුන්න දවස
හා හා පුරා කියලා කෙල්ලෙක් හා කිව්ව ඒ දවස ජීවිතේ වාසනාවන්තම දවස කියලයි බණ්ඩට හිතුනෙ.
ඉතින් බණ්ඩා ගත්තා ලොතරැයියක් ජීවිතේ වාසනාවන්තම දවසේ වාසනාව තවත් උරගාලා බලන්න.
වාසනාවන්තම දවසේ අවාසනාවටද කොහෙද ලොතරැයියට සතපහක වත් දිනුමක් තිබුනෙ නෑ.
ඒක තමා බණ්ඩගේ ජීවිතේ ලොතරැයියක් මිලට ගත්ත අන්තිම දවස.
ලොතරැයි ගැන කතා කරද්දි දහයේ පන්තියේ වාණිජ සර් ගැන කතා නොකරම බැහැ.
දහය පන්තියේ අපේ වාණිජ සර් තමා ගුණරත්න සර්
බණ්ඩට තාම මතකයි ගුණරත්න සර් ලොතරැයියේ තියෙන අංක ගාන වැඩි කරලා, ජනගහනයෙන් බෙදලා දෙක එකතු කරලා මෙව්වා කරලා ඩුගුස් ගාලා අනුපාතයක් අරගෙන ලොතරැයියක් දිනන්න තියෙන්නේ කොච්චර අඩු සම්භාවිතාවයක්ද කියලා පෙන්නුව හැටි.
“අද උඹලගෙන් එකෙක් ගෙදර යද්දි අකුණක් වැදිලා මැරෙන්න තියෙන සම්භාවිතාවයටත් වඩා අඩුයි අද උඹලගෙන් එකෙක්ට ලොතරැයියක් ඇදෙන්න තියෙන සම්භාවිතාව. එනිසා කවදාවත් සල්ලි දීලා ලොතරැයි ගන්න මෝඩයෙක් වෙන්න එපා”
ගණිතයට අනුව සර් කියපු කතාව ඇත්ත. (දෙකට දෙක කැපුනාම උත්තරේ බිංදුවයි..!)
කොහොමත් ලොතරැයි සෙල්ලම කියන්නෙත් සූදුවක්.
හැම සූදුවකම වගේ, මේ සූදුවෙත් අන්තිමට පරදින්නේ ඔට්ටුව දාන මනුස්සයා.
ලොතරැයියක් නිසා ජීවිතේ ජයගත්ත මනුස්සයෙක් ගැන නම් බණ්ඩා අහල නෑ (එහෙම අය නෑ කියල කියනව නෙමේ, බණ්ඩා අහල නෑ)
බණ්ඩාගේ ගමේ ඉන්නවා මනුස්සයෙක්.
වයස අවුරුදු හැට පහක් විතර ඇති. මෑන් ඇවිදින උපරිම වේගය ඉබ්බෙක්ගේ අවම වේගයටත් වඩා අඩු ඇති. ඒ තරමටම හිමින් එක ළඟ අඩිය තිය තිය ඇවිදින්නේ.
මෑන්ට ගමම කියන්නේ ‘සුවිප්කාරයා’ කියලා.
මෑන් සුවිප් විකුණන මනුස්සයෙක් නෙමේ වෙලත් එහෙම කියන්න හේතුව බණ්ඩා අම්මගෙන් ඇහැව්වේ පොඩි කාලයේමයි.
අම්මා කියන විදිහට, සුවිප්කාරයාට තරුණ කාලේ සුවිප් එකක් ඇදිලා සෑහෙන මුදලක් දින්නලු. ගම අත ඇරලා කොළඹ ගිහින් සෑහෙන විනෝද වුනාලු. නැවතිලා හිටියේ හෝටල් වලලු. දින්න සල්ලි වලින් සූදු කෙළියාලු.
අනේ ටික දවසකට පස්සේ ඔක්කෝම සල්ලි වියදම් වෙලා බින්දුවටම වැටුනයින් පස්සේ ආපහු ගමට ඇවිත් හිටිය විදියටම ජීවත් වුනාලු (ඔක්කොම ලු හරිය).
දැනට සුවිප්කාරයා වයසට ගිහින් හරිම අබලන් දුප්පත් මනුස්සයෙක් වගෙ තමා ජීවත් වෙන්නේ
බණ්ඩාගේ ලොතරැයි විරෝධයට ඔය ඔක්කෝම හේතු අඩු වැඩියෙන් බලපාන්න ඇති
බණ්ඩා එච්චර ලොතරැයි විරෝධියෙක් වෙලා ඉද්දි බණ්ඩාගේ තාත්තා නම් තවමත් දවසකට ලොතරැයි පහ හයක් සල්ලිවලට ගන්නවා.
වැඩේ නිෂ්ඵල බව කොච්චර පැහැදිළි කරලා දෙන්න හැදුවත් උන්දෑ නෙමෙයි කණකටවත් ගන්නේ.
තාත්තා කියන විදියට එයා ලොකුවට බිස්නස් කරපු කාලේ මිනිස්සුන්ට සෑහෙන උදව් කළාලු. ඒ නිසා දැන් ඒ උදව්වලින් එක් රැස් කර ගත්තු පින්, ලොතරැයි දිනුමක් විදිහට පළදෙයිලු.
ඒ නිසා තාත්තා දවසට හතර පහ ගානේ ලොතරැයි ගන්නේ ඒ ලොතරැයි අස්සේ අර ‘පිං ලොතරැයිය’ තියෙයි කියලා හිතාගෙන.
බණ්ඩාගේ තාත්තට නම් එයාගේ පිං ලොතරැයිය තාම හම්බුනේ නෑ.
හම්බවුන දාටත් මේ වගේම පෝස්ට් එකක් දාන්නම් පිං ලොතරැයියේ කතාව ලියලා.
ප.ලි:
- කේතුමතිය ලංකාවේ පහළ වෙයි කියලා හිතලා, දේශපාලකයෝ දෙන බොරු පොරොන්දු වලට රැවටිලා ඡන්දේ දීලා එන එන ආණ්ඩුවෙන් කෙළව ගන්න ලංකාවේ ඡන්දායකයාගෙයි, බණ්ඩාගේ තාත්තාගේ පින් ලොතරැයියෙයි කිසිම සම්බන්ධයක් නෑ හරිය.
- මේ ලොතරැයි කතාව මතක් වුනේ අපේ “රසිකලොජිස්ට්” හෙවත් “කතන්දරකාරයා”ගේ එන්න සූරාලා බලන්න, සූරාලා බලන්න! – Scratchies කියවද්දි.
Pingback: තාත්තගේ පිං ලොතරැයිය | සතුටු වැස්ස බ්ලොග් කියවනය·
ඒ කෙල්ල ජීවන ලොතරැයිය වුනාද? නැද්ද?
LikeLike
කතාවේ විස්තර කරපු සුවිප්කාරයට වුන දේම තමයි මටත් වුනේ 😀
LikeLike
අපේ අප්පච්චිත් හැමදාම ලොතරැයි ගන්න කෙනෙක්. හැබැයි කවදාවත් දුනුමක් ඇදිලා ‘නැත්තේ නැහැ’. කියක් හරි තියෙනවාමයි ! ඒ උනාට ගෙදර වෙන කිසි කෙනෙක් ගන්නේ නැහැ.
LikeLike
සැප දුක සමබර වේ 🙂
LikeLike
මමත් ලොතරයි ගන්නේ නෑ.
LikeLike
දාපන් මචන් පහක් 🙂
LikeLike
රබර් පටියක් දාල අැද්දනං හරි 😀 අැදෙනවනෙ 😀
LikeLike
අනිවා..! 😀 නියම කතාව 😀
LikeLike
“ලොතරැයියක් නිසා ජීවිතේ ජයගත්ත මනුස්සයෙක් ගැන නම් බණ්ඩා අහල නෑ” because, easy come, easy go.
LikeLike
බෘනෝ අඟහරුත් ඕකම කිව්වනේ 😀
LikeLike