ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවී ඔබගේ ගිණුම් ශේෂය අඩු වීමේ ජන(අ)ප්‍රිය ගැටලුව Cards Lanka ශ්‍රී ලංකාව තුල ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් මුහුණ දෙන පොදු ගැටළුවක් අද අපේ සාකච්ජාවට බඳුන් වේ. ඒ නම් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කොට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමක දී කාඩ්පත් හිමිකරු විසින් ඉල්ලුම් කරන ලද මුදල අර්ධ වශයෙන් නිකුත් වීම හෝ එසේත් නැතහොත් මුළුමනින්ම නිකුත් නොවීමේ අනපේක්ෂිත සහ විරල සිදුවීම යි. ඇත්තෙන්ම මෙවන් අවස්ථාවක දී කාඩ්පත් හිමිකරු ස්වභාවයෙන්ම බියට ...
A Simple Garbage Solution Cards Lanka කසල දුරලීමට සරල විසඳුමක් 01. සුදුසු ස්ථානයක් තෝරා ගන්න Select Location මෙම ක්‍රමය අනුගමනය කිරීමේදී යම් මට්ටමක දුමාරයක් ඇති විය හැකි බැවින් ඉන් ඔබගේ අසල්වැසියන්ට බාධාවක්, හිරිහැරයක් නොවන බවට වග බලා ගත යුතුය. සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී මෙම කරුණ ඉතා වැදගත්ය. (අප තෝරා ගත්තේ තට්ටු නිවසක ඉහලම මහලයි. එහිදී දුමාරයක් මඟින් ඇතිවිය හැකි බලපෑම අවම මට්ටමක පැවතිණි)Find a suitable place ...
භාණ්ඩ හා සේවා සඳහා ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවීම් කිරීමේදී මේ පිළිබඳවත් පරික්ෂාකාරී වෙමු. Cards Lanka අපගේ සෑම දවසක්ම වියදම් සහිතය. එසේ නොවන දවසක් නම් ඒ අප නිවසින් බැහැර නොගොස් ගෙතුලටම වී සිට කිසිත් නොකර කා බී නිදා ගන්නා දවසක් විය යුතුය. සාමාන්‍ය වැඩ කරන දවසක් තුල අප විසින් කොතෙකුත් මුල්‍ය ගනුදෙනු සිදු කෙරෙනු ඇත. මෙම ගනුදෙනු වලදී අප ගෙවීම් කරන ආකාරය විවිධාකාර විය හැක. කාසි හා නෝට්ටු, චෙක්පත්, බැංකු අණකර, හෝ ඉලෙට්‍රොනික ගෙවීම් උපකරණ (Electronic ...
Mastercard සේවා ජාලයට එරෙහිව චෝදනාවක්! Cards Lanka ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කෙරෙන ගාස්තු ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා Visa, Mastercard සේවා ජාලයන්, ඕස්ට්‍රේලියානු බැංකු හා එක්ව රහස් පර්යේෂණ කටයුතු වල නියැලී ඇති බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික ආරක්ෂක සමූහයක් වන Choice චෝදනා කර සිටී.ඉහල ගාස්තු පාරිභෝගිකයින්ගෙන් අය කිරීම ඔවුන්ට යහපත් ලෙස බලපාන බව ඒත්තු ගැන්වීම සඳහා සුපිරි මට්ටමේ තාක්ෂණික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට Visa, Mastercard සේවා ජාලයන්, ඕස්ට්‍රේලියානු බැංකු ...
ග්‍රීසිය බංකොලොත් වීම CardsLanka ඇසින් Cards Lanka එකෝමත් එක කාලෙක ඉතා සඃශ්රීක හා සෞභාග්‍යමත් ගොවිපොළක් විය. (මේ ග්‍රීසිය යැයි සිතමු). ගොඩින් මෙන්ම මඩින්ද අක්කර ගණනින් යුක්ත වූ මෙම ගොවිපොළේ සියළු වැඩ කටයුතු සිදු කළේ ගම ගෙදර ගම පුතුන් විසිනි. (මේ ග්‍රීසියේ ශ්‍රම බලකාය යැයි සිතමු) ගොවිපොළේ වැඩ කටයුතු ඉතා අධික වූ බැවින් සියළු මිළ මුදල් කටයුතු කළමනාකරණය කරන ලද්දේ ගම ගෙදර ගමරාළ විසිනි. (මේ ග්‍රීක ආණ්ඩුවයි)ඔහු අතපය ...
ක්‍රෙඩිට් කාඩ්පත අයදුම් කිරීමට අසල්වැසි සහය Cards Lanka CardsLanka පාඨක රසික රසිකාවියන් නිරතුරුවම ඔවුන්ගේ ගැටළු, යෝජනා සහ අදහස් අප වෙත යොමු කරයි. ඒ අතුරෙන් ඔවුන් අපගෙන් නැවත නැවතත් පුන පුනා විමසුම් කෙරෙන යම් යම් ගැටළුකාරී අවස්ථා අප විශේෂයෙන් නිරීක්ෂණය කරමු. ඒවාට පැහැදිලි හා තීරණාත්මක පිළිතුරු අප්‍රමාදව ලබා දීමට උත්සුක වෙමු. අපගේ අවධානය යොමු වූ එවන් එක් ගැටළුවක් වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්කරුට ඔහු / ඇය පදිංචි ලිපිනයේ ස්ථාවර දුරකථන ...
#488# Cards Lanka අපි හැමෝම නොවැළැක්විය හැකි ලෙස වයොවෘද්ධභාවයට පත් වන්නෙමු. වයසට යන්නෙමු. දුර්වල වන්නෙමු. අසරණ වන්නෙමු. දැන් අප නියැලී සිටින රැකියාවෙන් අපට කවදා හෝ ඉවත් වීමට සිදුවනු ඇත. අප හා සමාන සුදුසුකම් ඇති තවත් අයෙක් අපගේ වැඩ කොටස භාර ගනු ඇත. ඔබම සිතා බලන්න. ඔබ ඔබගේ සේවයෙන් සමුගන්නා දිනයට ඔබ සූදානම්ද? ඔබ වෘත්තිය වේදියෙකු වුවත් ඔබට මේ ගැටළුව මතු වනු ඇත. දුව ...
ATM ගනුදෙනුවක් නිවැරදිව සිදු කරමු - 1 කොටස Cards Lanka ඉරිදා දිනයෙකි. ඔබට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වෙයි. හිස ගිනි ගත් කලෙක මෙන් ඔබ දිව යන්නේ ළඟම තිබෙන ATM යන්ත්‍රය වෙතයි. ඒ වන විටත් එහි ගනුදෙනුවක් සිදු කරමින් සිටින තැනැත්තා ATM කුටියෙන් එළියට එන තුරු වත් මඳක් රැඳෙන්නට ඔබට ඉස්පාසුවක් නැත. ඉඩ ලද සැනින් කුටියට ඇතුළු වන ඔබ කාඩ්පත ATM යන්ත්‍රයට ඇතුළු කර ඔබගේ ගනුදෙනුව මෙලෝ සිහියක් නැතිව ආරම්භ කරයි. ...
PayPal ඇන ගනී Cards Lanka PayPal සමාගම ඔවුන්ගේ ගනුදෙනුකරුවන් නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව එම ගනුදෙනුකරුවන් PayPal Card නම් Credit Card ව්‍යපෘතියකට බඳවා ගෙන ඇතැයි ඇමරිකානු එක්සත් ජනපදයේ පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර්යාංශය US Consumer Financial Protection Bureau (USCFPB) චෝදනා කරයි. සාමාන්‍ය PayPal ගිණුමකට ලියාපදිංචි වීමේ අදහසින් PayPal වෙබ් අඩවියට ප්‍රවේශ වන ගනුදෙනුකරුවන් එහි ඇති නොමඟ යවන සුළු තොරතුරු අනුව ක්‍රියා කරමින් නොදැනුවත්වම එම Credit Card ...
ක්‍රෙඩිට් කාඩ්පතක ස්වරූපයෙන් යුතු ජංගම දුරකථනය Light Cards Lanka ක්‍රෙඩිට් කාඩ්පතක ප්‍රමාණයේ Light ජංගම දුරකථනය පිළිබඳව කාගෙත් අවධානය යොමු වෙමින් පවතී. එහි විශේෂත්වය වන්නේ එය ඔබගේ මුදල් පසුම්බියේ වුවද ගෙන යා හැකි ප්‍රමාණයේ තුනී බවකින් හා සැහැල්ලු Thin and Light බවකින් යුක්ත වීමයි.ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ App එකක් හරහා සම්බන්ධ වන Light 'කාඩ්පත්' දුරකථනය එයටම වෙන් වූ සිම් කාඩ් පතකින් යුක්ත වෙයි. මේ නිසා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුව ...
වැඩි අවදානම ක්‍රෙඩිට් කාඩ්ද? ඩෙබිට් කාඩ්ද? Cards Lanka ක්‍රෙඩිට් Credit කාඩ්පතක් / ණය කඩ්පතක් යනු ඔබට ඔබගේ බැංකුව හරහා ලැබෙන ඉලෙක්ට්‍රොනික ණය මුදලක් සහිත කාඩ්පතකි. එහෙත් ඩෙබිට් Debit කාඩ්පතක් / හර කාඩ්පතක් යනු ඔබගේම ගිණුමේ තැන්පත් කර ඇති ඔබගේම මුදල් ලබා ගත හැකි කාඩ්පතකි. එය ණය පහසුකමක් ලෙස සැලකිය නොහැක.ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත හෝ එහි අනුපිටපතක් Duplicate නිර්මාණය කොට ඔබගේ ණය සීමාව Credit limit වෙනත් අයෙකු විසින් ඔබගේ අවසරයකින් ...
වෙනිසියුලාවේ ආර්ථික පසුබෑම තුළ MasterCard සාර්ථකත්වය Cards Lanka වෙනිසියුලාවේ ආර්ථික පසුබෑමත් Economic depression සමඟ එරට ව්‍යාපාර වේගයෙන් බුන්වත් භාවයට පත් වෙමින්, භාණ්ඩ අලෙවිසැල් හිස් වෙමින්, ජනතාවගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ශූන්‍ය වෙමින් පවතී.හියුගෝ චාවේස්ට පසුව වෙනිසියුලාවේ ජනාධිපති බවට පත් වූ නිකලස් මදුරෝ හඳුන්වා දුන් නව විනිමය වෙළෙඳපොලද එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නොමැත. වෙනිසියුලානු දේශිය මුදල් ඒකකය වන බොලිවර් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 74% කින් පහත වැටී ...
හැඳින්වීම Cards Lanka ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ Electronic Payment Devices භාවිතය ශ්‍රී ලංකාව තුල සීග්‍රයෙන් ඉහල යමින් පවතී. ක්‍රෙඩිට් කාඩ්පත් Credit Cards, ඩෙබිට් කාඩ්පත් Debit Cards, ඉන්ධන කාඩ්පත් Fuel Cards, සංචාරක කාඩ්පත් Travel Cards, ආදී වශයෙන් මෙම උපකරණ විවිධාකාර වේ. මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත සඳහන් ගෙවුම් උපකරණ අතුරෙන් ඉතා වැදගත් ගෙවුම් උපකරණයක් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ පුළුල් අවබෝධයක් සදාදරණිය ශ්‍රී ලාංකික ...