සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

හැඳින්වීම


ආයුබෝවන්! අපගේ බ්ලොග් අඩවියට ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමු.


ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ (Electronic Payment Devices) ශ්‍රී ලංකාව තුල දැන් ඉතා සුලභය. රජය විසින් ඒ සම්බන්ධව හඳුන්වා දී ඇති අණ පණත් ද රාශියකි. 

ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards), ඩෙබිට් කාඩ්පත් (Debit Cards), ඉන්ධන කාඩ්පත් (Fuel Cards), සංචාරක කාඩ්පත් (Travel Cards), QR කේත (QR Code), මෘදුකාංග යෙදවුම් සහිත ස්මාට්  උපාංග  (Smart Devices with Apps) ආදී වශයෙන් මෙම ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ විවිධාකාර වේ.
 
මෙම  බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත සඳහන් ගෙවුම් උපකරණ අතුරෙන්, ක්‍රියාකාරිත්වය අතින් මඳක් වටහා ගැනීමට අපහසු වුවත්, ඉතා වැදගත් ගෙවුම් උපකරණයක් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ පුළුල් අවබෝධයක් සදාදරණිය ශ්‍රී ලාංකික  පාරිභෝගික ජනතාව වෙත ලබා දීමයි. 

ක්‍රෙඩිට් කාඩ්පතක මුලික හරය (core concept) අවබෝධවිණි නම් අනෙකුත් ඕනෑම ගෙවුම් උපකරණයක ක්‍රියාකාරිත්වය පහසුවෙන් තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

- CardsLanka