කැබ් මාෆියාව තනි තරුව (Thani Tharuwa) අපි මහ පුදුම ජාතියක්!අර්බුදයක වුණත් ආතල් ගන්න වගේම කලදුටු කල වල ඉහගන්න දක්ෂ අපි තරං දසයෝ ලෝකේ වෙන ඉන්න බෑ. හරි ආඩම්බරයි.
පශ්චාත් මරණ පරීක්ෂණය තනි තරුව (Thani Tharuwa) ඔවුහු ඇගේ සිරුර දෙබෑකොටමස් වදැල්ලක් එළියට ගත්තෝයඑය හඳුනාගත නොහැකි තරමටවිරූපව දියවගොස් තිබිණිඅවසානයේ නැවත නැවත මැන බලාඋහු ඒ ඇගේ හදවත බව නිර්ණය කළෝය
නොහැදුණු වරද! තනි තරුව (Thani Tharuwa) උඹලට පුතා කියන්නද මල්ලි කියන්නද පර දෙමළා කොටි පැටියා කියන්නදඔය මොක කීවත් උඹලා ගුටි කෑව උන්ට වඩා වාසනාවන්තයි!මොකද උඹලගේ මහ උන් උන්ගේ මහ උන්ට බැරිවෙච්චි ටිකකරවගන්න කන කට්ටෙ හැටියටඔය ගුටි කෑව උන්ගේ මහ උන් (නෙදකින්!)මහ නපුංසක හැත්තක්!!උන් කියන හැටියටඋඹලගෙන් කාපු උන්ඇන්ඳ වෙස් තට්ටුව යටසහජීවනේ තියන් ඉඳලා නෑ ලු!වෙස් තට්ටු නොඇන්දට සහජීවනේ අමුඩ ගහනනපුංසක මහතැන්උඹලටත් හිටියනම්උඹලත් හැදිලා යකුනේ!පින්තූරේ ගත්තේ: යුතුකමෙන්, මීට ...
මාතා මහතා කිරීම තනි තරුව (Thani Tharuwa) රැල්ල උමාරාටය!IPL posh කිරීමට නම් රැඩිකල් කලාකරුවන් අවශ්‍ය බව තීරණය කළ සංවිධායකයන් කව්දැයි අපි නොදනිමු.උමාරා ද චිත්‍රාල් ද හැරුණු කොට ජාතික ගීය ගායනයට (ඝාතනයට?) සුදුසු වෙනත් ගායක ගායිකාවන් නොසිටියේදැයිද නොදනිමු.උමාරා බොක්කෙන්ම ජාතිමාමකත්වය ආරෝපණය කරගන්නට හැදුවාද කියාත් නොදනිමු.අල්පප්‍රාණ මහප්‍රාණ කිරීම සහ උච්චාරණය බොරු ඉංග්‍රීසි පන්නයට හැරවීම ගැන උමාරලා උමාරියාලා විනිශ්චයකරුවන් ලෙස අසුන්ගන්නා රියැලටි තරඟවලද නිරතුරුව ඇසෙන නමුත් උමාරාට තමා සම්මතෙහි පිහිටීම ...
ත්‍රස්තවාදයෙන් මුදානොගත් ප්‍රදේශ! තනි තරුව (Thani Tharuwa) "මේක කැළණිය!" - ඇයි මල්ලී කැළණිය ලොකුද?"හාල් කන්න නෑ" - මල්ලිලා බත් කන පාටක් පේන්නේ නෑනේ."මේ මාස්කොම් එකේ හරක්" - ඕවා අහගෙන ඉන්න ආචාර්යවරුන්ට හරක් කියන්න එපා මල්ලි, වෙන මොනවහරි කියන්න.මුන්දැලගේ ලොජික්වලට අනුව ලංකාවේ නෙවෙයි ලෝකෙන්ම කිසිම ව්‍යවසායකයෙක්ට ඇවිත් මුන්දැලට දේශන පවත්වන්ට බෑ, මොකද උන් ඔක්කොම එක වගේ.මුන්දැලගේ දේශපාලන න්‍යායාචාර්යවරුන්ගේ අසවල් ඉගැන්වීම් අනුව බලද්දි සමාජවාදයෙන්ම විතරක් මේ රට ගොඩගන්න පුළුවන් ...
පපරෙ හිනා තනි තරුව (Thani Tharuwa) ටුක් එක නුගේගොඩ සුපර්මාර්කට් හන්දියේ ට්‍රැෆික් ලයිට්වලට නැවැත්තුවා. මං හිටියේ ලොකු කල්පනාවක නිසා එතන මොකක්ද වෙමින් තිබ්බේ කියලා අවධානයක් තිබ්බේ නෑ. හැබැයි පපරේ එකක් ඇහෙන හින්දා බැලුවම වයසක අන්කල් කෙනෙක් පොඩි බෆල් එකක් අතේ තියාගෙන හිටගෙන ඉන්නවා. පිරිසිදු පාටට පිළිවෙලට පීච් පාට අත්දිග කමිසයක් සුදු සරමට යටකරලා ඇඳලා කලු බෙල්ට් එකකුත් දාලා. මං පපරෙ එක එන්නෙ කොහෙන්ද බැලුව හින්දද කොහෙද ...
ගිනිගත් කඳාන තනි තරුව (Thani Tharuwa) කඳානේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගිනිගත්තයින් පස්සේ තමයි අසල්වැසියන් හැර සෙසු මහජනතාව දැනගන්නේ ඒක තිබිලා තියෙන්නේ පුද්ගලික පදිංචිකරුවන්, පාසැල් සහිත ගමක කියලා. ඒ ගින්නෙන් අසල්වැසි නිවසක් පවා විනාශ වෙලා මාධ්‍යයට අනුව අවට පාසැල්වල දරුවන් 85කට වැඩි ප්‍රමාණයක් ශ්වසන අපහසුතාවලට ලක්වෙලා මහ විශාල කාලගෝට්ටියක් නිර්මාණය වෙනකම් එවැනි පරිසරයක ඒ කර්මාන්ත ශාලාව බොහොම නිරුපද්‍රිතව වැජඹුණේ කොහොමද? සාමාන්‍ය ගෘහාශ්‍රිත පරිසරයක නැත්නම් ...
උදාරෙන්ම ලලයි ලිලයි ලයි! තනි තරුව (Thani Tharuwa) (2024 මැයි 24දා සිනමාවේදීන් සමූහයට) පානම් බොක්කේ රටේ රාළගෙ උදාර මී මුණුපුරු කුමාරයා නිසා මාසයක් තිස්සේ හිනාවෙලා ඉන්නවා.
දිවිනසාගැනීමේ විමුක්තිය තනි තරුව (Thani Tharuwa) දිවිනසා ගැනීම විමුක්තියක්ද? එක්තරා විදිහකට ඔව්! ධර්මයට අනුකූලව නම් දිවිනසා ගැනීම පාපයක්. එතැනින් එහා අපාගතවීමක් වෙනව කියලා කිව්වට ඒක ඔප්පු කරන්න අමාරු කාරණයක්. අමරාදේවී කිව්වා වගේ ගියොත් කෙනෙක් යළිත් නොඑන තැනක ඉඳන් ඒ පර්යේෂණය කරන්න තරම් මිනිස් තාක්ෂණය තවම දියුණු නෑ. සමහරවිට හැමාකාරයකම ආගම් ධර්මයන්වල දිවිනසාගැනීම අධෛර්යමත් කරන්නේ ඉතා කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියමින්. වටිනා හැමදේම සුන්දර නොවන බව ...
චින්තන හටන තනි තරුව (Thani Tharuwa) පක්ෂ දෙකකින් පෙනී හිටියත් රනිල්ටයි චන්ද්‍රිකාටයි පොදු සාධකයක් තියෙනවා. ඒ ඔවුන් නියෝජනය කරන පැළැන්තිය බිම් මට්ටමට එතරම් සංවේදී නොවීම. චන්ද්‍රිකා තමන්ගේ පැළැන්තිය නඩත්තු කරන්න බිම් මට්ටම යොදාගත්තට රනිල් ඇත්තටම තමන්ගේ පැළැන්තියටවත් සංවේදී නැති අමුතු මිනිහෙක්. හැබැයි මේ දෙන්නම ඊනියා සංවේදීත්වයක් දක්වනවා "අගතියට පත්" කියන බොරු ලේබලය ගහගෙන ඉන්න බෙදුම්වාදී කඳවුරුවලට. සමහර වෙලාවට මිනිස්සුන්ට ප්‍රශ්න නැතිවුණාමත් ප්‍රශ්න හොයාගෙන හරි ඒ වෙනුවෙන් ...
මාරක අපල තනි තරුව (Thani Tharuwa) කාන්තා පාර්ශවයට මාරක අපල කාලයක්. එක දිගට විකල් කතන්දරම අහන්න ලැබෙද්දි ලියන්න හිතෙන දේවල් වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වේගයට මගේ කාලය සමපාත කරගන්න අපහසු හින්දා ටිකක් නිහඬයි. අද මිත්‍රයන් කීපදෙනෙක් නිහඬකම ප්‍රශ්න කළ නිසා පොඩි ලියැවිල්ලක් හරි ලියලා තියන්න හිතුණා. (ඒ දුන්න තල්ලු-ස්ටාට් එකට ස්තූතියි
පුල්ලි පුල්ලි අල්ලි රටා තනි තරුව (Thani Tharuwa) Go home, go home කියල ඒ යකාට මෙහෙ ගෙදරක ඉන්ඩත් නෑ, තියෙනවයි කියන රට ගෙදරට යන්ඩත් නෑ. මොකද්ද අයිසේ මේකෙ තේරුම? මැරෙන්ඩ කියලද කියන්නේ?
ලංකා සභ්‍යත්වයේ මගේ විඳීම (විඳවීම) තනි තරුව (Thani Tharuwa) ජූලි 9 උදේ කලුකඩ ගාණට ගිය කිලෝමීටර් 19 ආපහු එන්න වුණේ පයින්! මගේ ආත්තම්මලා බකල ඇරලා අතගාලා හදලා දුන්න කකුල් දෙකට සහ ආත්තම්මලා දෙන්නට පින් දිදී පැය 6ක් තිස්සේ කළ ගමනක්!ගමන පටන් ගනිද්දිත් ඩීසල්, පෙට්‍රල් නැති රටේ වාහන, ලොරි, කන්ටේනර් බාගවල නැගලා සිංහ කොඩි වනමින් ගිය උදවියගේ ආරාධනා ආවා 'අරගලේට යනවා නං එන්න'! ඒ අතර ලොරි ඇතුලේ 'ආතල්' ගන්න 'නංගි' ...
අමරණීය සුදන දන තනි තරුව (Thani Tharuwa) මොකෙක් වුණත් මිනිහෙක් මැරුණම සතුටුවීම සාධාරණීකරණය කෙරෙන දවසක් ආයෙත් ඇවිල්ලා. ඒ ලොජික්වලට අනුව ප්රභාකරන් මැරුණම සතුටුවෙච්ච එකත් කමක් නැතිවෙන්න ඕන, හැබැයි ඒක එහෙම වුණේ නෑ! ම්ලේච්ඡ ඝාතකයෙක් වෙච්ච ප්රභාකරන් මැරුණම ඒකට සතුටුවීම නිසා ඌයියා කරගත්ත උන් තාම ඉන්නවා.ජැකා මැරිච්චම සතුටු වෙච්ච උන් අරගලේ කවුද කෙල්ලක් මැරිච්චහම සතුටුවෙච්ච උන්ට විරුද්ධ වුණා.ලොජික් නන් ලොජික්! කන්න ඕන වුණාම කබරගොයි තලගොයි කරගන්න බෑ. විශේෂයෙන්ම ...
බසයෙන් බව තරණයට තනි තරුව (Thani Tharuwa) ලංකා මාතාවගේ වර්තමානයට පින් සිද්ද වෙන්න බස් එකේ යන්න ගත්තා අවුරුදු ගාණකට පස්සේ!අද තමයි තේරුණේ තුන්තිස් පැයේ බණ කියන බණ අහන අපේ රටේ ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරවන්නේ කොන්දොස්තරලා කියලා. බලන්න අතහැරීම ගැනම නොනවත්වාම කියන ලස්සන. 'අතෑරලා යන්න, මැද පේළිය ඔය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න, මල්ලී ඔය දොර අතෑරලා ඇතුළට එන්න, අතෑරලා එන්න මේ මෙහෙ ඉඩ තියෙනවා, ඔය බලන්නකො අනේ නංගි ...
පිසාච..! තනි තරුව (Thani Tharuwa) අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේඅපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!රූකඩෙක් පඹයෙක්ම වන්නේපඹයෙක්ම රූකඩෙක් වන්නේනැතිය එපමණටම ඇත්තේරටට හෝමෙක් පමණි ඉන්නේඇහැක් නැතුවා කණක් ඇතුවාවිනක් කටිනට අඟක් බැස්සාහුඟක් කල් වෙදකමුත් කෙරුවාඒත් නැතිලුය හොඳක් අක්කාදහසකුත් අඟනුනුත් දුටුවාමෙහෙව් එකියක් කොහෙත් නැතුවාඅඹරවන්නට එතෙක් දස්සාළම-අ-තැනිය ගෙන එන්ට රිස්සාඅම්මා වික්කා අප්ප වික්කාපුරුෂයා අමුඅමුවේම වික්කාසුදු නෙළුම් කන තවලමේ බැඳිනොබැඳි මොං-ගල ඌත් වික්කාඇස්ස රිස්සා දත් විරිත්තාළොපොන්නරුවෙන් කෙතට බැස්සාමඩෙත් ලැග්ගා ඉතින් ...
මාධ්‍යයේ චමුදිතකරණය තනි තරුව (Thani Tharuwa) උච්ච ස්වරයෙන්/උස් හඬින් සහ නොනවත්වා කියවීමෙන් මාධ්‍යවේදියෙකුගේ "විශිෂ්ඨත්වය" සනාථ වෙන්නේ නැහැ. මම හිතන්නේ චමුදිතට වැරදුණු තැන ඒක. 'සැබෑ' මාධ්‍යවේදියෙකුගේ වගකීම තමන්ගේ මතය ආරාධිතයාගේ "කටින් කියවාගන්නට තැත්කිරීම" නොවෙයි. අවාසනාවකට චමුදිතගෙන් 'සැබෑ' හෝ 'පරිණත' මාධ්‍යවේදියෙකුගෙන් ප්‍රේක්ෂකයා දකින්නට බලාපොරොත්තු වන ආචාරශීලීත්වය, ඇහුම්කන්දිම, සන්සුන්කම වගේ ගුණාංග දකින්න ලැබෙන්නේ නෑ. එක් ආරාධිතයෙකු පමණක් සහභාගි වන 'සලකුණ' වගේ වැඩසටහනක් පවා 'බලු පොරයක්' වාගේ ප්‍රේක්ෂකයාට දැනීමටත් අප්රසන්නවීමටත් ...