අහිංසක තනි තරුව (Thani Tharuwa) අහිංසක හිටියේ මම කලින් වැඩ කරපු කාර්යාලෙක. ඒක ඇත්ත නම නෙවෙයි. නමුත් ඇත්ත නම එක්ක ලිව්වොත් ඒ මනුස්සයගේ පෞද්ගලිකත්වයට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා අපි අහිංසක කියමු.අහිංසක එතන කාර්යාල කාර්ය සහායක. අවුරුදු හතළිහක විතර උස කලු මනුස්සයෙක්. නිතරම messanger bag එකක් කරේ දාගෙන අරහෙට මෙහෙට ඇවිදින්න තමයි එයාගෙ රාජකාරිය වුණේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අහිංසකගෙ වෙනසක් තිබ්බා. මොකක් හරි හේතුවකට ...
ටුකුවක ධර්ම සංවාද තනි තරුව (Thani Tharuwa) අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් ...
ලංකා මාතා මෙතැනින් පසු... තනි තරුව (Thani Tharuwa) හෙට තීරණාත්මක දවසකි.හතරවටින් මුහුදෙන් වටව ඇති නිසාදෝ මන්දා ලංකාවැසියා 'රැල්ල' ප්‍රිය කරයි. ඔවුන් සියල්ල කරන්නෙ රැල්ලටය. රැල්ලෙ ගහගෙන ගොසින් කෙල වූ පසුය ඔවුන්ගේ නැවතුණු මොළ, පරණ මොරිස් මයිනර මෙන් 'කෑස් කෑස්' ගා දෙතුන් වරක් කැස වැඩ කරන්නට පටන් ගන්නේ! ඒකත් ඊලඟ රැල්ල එනතුරුය.මාලිමා අනුගාමිකයන් කාලයක් තිස්සේ හංවඩු ගහනාකාරයට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ "අමුතු ඇටය"ය. එතරම් මස්තබාල්දු කළ රට ඇල්ලීමට දැන් ...
Laapataa Ladies (2024) තනි තරුව (Thani Tharuwa) (2024 ජූනි 16දා සිනමාවේදීන් සමූහයට) "This is the way of the world, Deepak. Lies are accepted but no one likes the simple truth".(මේක තමයි මේ ලෝකේ හැටිය, දීපක්. බොරු පිළිගන්නවා හැබැයි සරල ඇත්තකට කවුරුවත් කැමති නැහැ.)එකම දවසේ එකම විදිහට වේල්වලින් මූණු වහගත්තු මනමාලියො දෙන්නෙක් මාරුවුණහම? බිලියන එකහමාරකට කිට්ටු ජනගහණයක් ඉන්න ඉන්දියාවේ, එකම නමින් ගම්මාන හැට හුටාමාරක් තියෙන ඉන්දියාවේ. ගංගා ගඟ ...
ජාතික ගීය සහ දේවානම්පියතිස්ස තනි තරුව (Thani Tharuwa) උමාරාගේ ජාතික ගීත නාටකයෙ මුල පටන් අගට (හදවතින්ම) ශ්‍රී ලාංකිකයන් ගියේ මිහිඳු හිමි වැඩි මගය. ඒ අන්ත දරුණු නිරාගමිකයන් (බෞද්ධ විරෝධී - අතිවිශේෂ; ශ්‍රී ලංකාවට ආවේණික සත්ව කොට්ඨාශයකි.) පවා ඒ මග යාම ස්වභාව ධර්මයේ කුරිරු සරදමක්ය!මේ ප්රශ්නය හැර ලංකාවට වෙනත් ප්‍රශ්න නැතිද යන්න ඒ දනන්ගේ මුවග නිබඳ රැඳුනු අතර දුවන මුවන් දැක නෙලූ පලා විසිකළ දේවානම්පියතිස්සට දුරින් ඥාති වන පරම්පරාවේ ...
තනියාගේ ඉක්කෝල ගමන් - 2: උල්කාගේ විත්ති තනි තරුව (Thani Tharuwa) ගිය දෙසැම්බරේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් තනියා බයිට් කතාවක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ බව ඔහෙලට මතක ඇති නෙව? අන්න ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එකක් ලියන්නයි මගේ අද සූදානම...(ඔය කොටස් ලිවිල්ල මේ කාලේ නම් තනියට අවංකවම කරගෙන යන්න ඇහැක් ගේමක් නෙවෙයි..ඒත් ඉතින් අර බැඳ ගත්තු බෙරේ වගේ එකක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ..කවුරුවත් දැන් අර පිචෑර් එක එහෙම මතක් කරනවා නෙවෙයි ...
අස්වැසුමේ හිස්ගැසුම තනි තරුව (Thani Tharuwa) අස්වැසුම් ප්රශ්නය දවසින් දවස උග්‍ර වෙනවද මාධ්‍ය එහෙම උලුප්පා දක්වනවද කියලා මාධ්‍යයෙන් දැනුවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් හැටියට නිශ්චිතවම කියන්න අමාරුයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. සමීක්ෂණය සාධාරණව සිදුවෙලා නැතිබවත් ඇත්තටම ආධාර උපකාර ලැබිය යුතු කොටස මගහැරී ඇති බවත් පේනවා, ඇහෙනවා, කියවෙනවා.අනාදිමත් කාලයක ඉඳන් ආධාර මත යැපෙන කොටසක් ඉන්න සමාජයක ඔය විෂමතාව අද ඊයේ ඇතිවුණ එකකුත් නෙවෙයි. අධ්‍යාපනය, වෙෙද්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ඉඳන් ...
ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන තනි තරුව (Thani Tharuwa) මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ ...
අන්තිමයා තනි තරුව (Thani Tharuwa) සුන්දර පුත්‍රයා, උඹට සුභ ගමන්!අපේ වගේ කාලකණ්ණි ලෝකෙකට උඹලා වගේ වටිනා උන් බර වැඩියි.
පරම රමණීය ලංකා තනි තරුව (Thani Tharuwa) 2024 සැප්තැම්බර් 22අටලෝ දහමට අනුව දුක-සැප, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ සියලු මනුෂ්‍යයන්ට පොදුයි.පුද්ගලිකව මම දුක් අඳෝනා, බැරි බැරියා, නාහෙන් ඇඬිලි, පැමිණිලි අසීමාන්තිකව දකින්න, දරන්න, අහන්න කැමති නෑ, දුක මාකට් කිරීම, දුක විකුණාගෙනකෑමට කැමතිත් නැහැ.ඒත් සහකම්පන සංඛ්‍යාතය වැඩි මනුස්සයෙක් හැටියට කොහෙ ගියත් නාඳුනන මනුස්සයෙක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් කියන්න එන අත්දැකීම් තියෙනවා. ඒ මගෙ සමාජීය අත්දැකීමනෙ.දේශපාලනිකව මේ වෙලාවෙ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ...
යාල්පානම් සහ තල්කිරි තනි තරුව (Thani Tharuwa) කෝච්චියේ යාල්පානම් යන්න ලොකු උවමනාවකින් පෙලෙමින් ඉන්නකොට කෝච්චිගමන තාවකාලිකව අනුරාධපුරයට විතරක් සීමා කරලා කියලා දැක්කා. කමක් නෑ, කෝච්චියකට බෑ හිතුවක්කාර තනියෙක්ව නවත්තන්න! කටින් ට්‍රිප් යන සංගමය සහ ලාහෙට ගෙම්බො සංසිද්ධිය ඇති වුණ කොයියම්ම මොහොතක හරි බැක්පැක් එකක් දාගෙන යාල්පානම් කෝච්චියට තනියම ගොඩ නොවුණොත් මගේ නම 'තනියා' නෙවෙයි!
Pablo Escobar - My father by Juan Pablo Escobar තනි තරුව (Thani Tharuwa) 1949 දෙසැම්බර් 1දා කොළොම්බියාවේදි උපන් Pablo Escobar කොළොම්බියාවේ සිටි මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්නම් කොළොම්බියානු කුඩු රජෙක් හැටියටයි සැලකෙන්නේ. 1993 දෙසැම්බර් 2දා ඝාතනයට ලක්වූ පැබ්ලෝගේ එතෙක් ගණනය කරන ලද වත්කම (1993දී) ඩොලර් මිලියන 30කට ආසන්න වූ බව සඳහන්. ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වන Narcos පැබ්ලෝගේ චරිතය වටා ගෙතුණක්.මේ පොත පැබ්ලෝගේ පුත්‍රයා විසින් තම පියාණෝ පිළිබඳව ලියැවූවක්. පැබ්ලෝ මත්කුඩු ...
විරහ රැල්ල තනි තරුව (Thani Tharuwa) අපි මේ සතියේ හැප්පෙන්නෙ විරහ රැල්ල එක්ක.සිදුවීම පිළිකුල්සහගතයි! කණගාටුයි. මිනීමරුවට මානසික ආබාධයක් පිටින් දාලා නිදහස්වෙන්න මග හදාගන්න පුළුවන් ද? ක්ෂණික නිදහසක් නොවුණත් යම් කාලයකට පස්සෙ නිදහස්වෙයි. හැබැයි හෘද සාක්ෂියේ සදාකාලික හිරකාරයෙක් වෙයි. පසුතැවීම් විලංගු වගේ දැනෙයි.යම් දවසක කථිකාචාර්යවරු, ආචාර්යවරු, මහාචාර්යවරු වෙන්න පුළුවන් ලක්ෂණ පෙන්නුම් කරගෙන ඇවිල්ලා මගදී එහෙම යූ-ටර්න් ගැහුව ලෝකේ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. හැබැයි ඔහොම ආකල්ප එක්ක එතනට ...
වටවන්දනා සර්විස් තනි තරුව (Thani Tharuwa) මේක සෑහෙන්න පරණ කතාවක්.ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ ...
Mata Hari's Last Dance by Michelle Morgan තනි තරුව (Thani Tharuwa) මාතා හාරි නම් සුප්‍රසිද්ධ නළඟන ජර්මන් ඔත්තුකාරියක ලෙස ප්‍රංශ රජය විසින් 1917 ඔක්තෝබර් 15වනදා සොල්දාදුවන් 12දෙනෙකු විසින් වෙඩි තබා මරා දැමෙනවා. ඇගේ සත්‍ය කතාව කුමක්දැයි කිසිවකු හරියාකාරව දන්නේ නැහැ. නමුත් ඇගේ මරණය අසත්‍ය කරුණු පදනම් කරගෙන සිතාමතා කරන ලද සාහසික අපරාධයක් ලෙස පිළිගැනෙනවා. Michelle Morgan විසින් රචිත මේ කතාව ඉතිහාස කරුණු පදනම් කරගෙන ලියන ලද fiction ගණයට වැටෙනවා. කතාව ලියා ...
මිනිස් පළිහ සහ ප්‍රබාකරන් පැටව් තනි තරුව (Thani Tharuwa) "අපි හැමදෙයක්ම කරන්නේ දරුවන් වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්!" නිතරම ඇහෙන කතාවක්. හැබැයි මේක ඇත්තටම එහෙමද?පහුගිය කාලේ ඇතිකරපු (ඇතිවෙච්ච කියන්න බැරිබව දැන් දැන් තේරුම් යන නිසා) අරගලේ අස්සෙ දරුවා තරම් අවභාවිත වුණ මිනිස් පළිහක් තවත් තිබ්බේ සිවිල් යුද්ධේ අන්තිම කාලේ ප්රභාකරන් විසින් සිවිල් වැසියන් අවභාවිත කළ අවස්ථාවේ වෙන්න ඕන.අරගලේ පළවෙනි දවසේ මිරිහානට දරුවො කරපින්නාගෙන ඇවිත් ඉටිපන්දමක් පත්තු කළහම ඒක විහාරමහාදේවි කතාවක් කරගෙන, ...
(අ)විවාහා තනි තරුව (Thani Tharuwa) මම ලාබාලයෙකු හා විවාපත්ගැහැණියක දුටිමි ඒ ගැහැණිය හඳුන්වා දුන්නීමට මෙසේ කීය "ඔහු දෙස බැලීම පවානොකරමි"හිතවත, මට බැඳුණු පුරුෂයෙකුගෙන් ඇතිපලක් නැත!