බසයෙන් බව තරණයට තනි තරුව (Thani Tharuwa) ලංකා මාතාවගේ වර්තමානයට පින් සිද්ද වෙන්න බස් එකේ යන්න ගත්තා අවුරුදු ගාණකට පස්සේ!අද තමයි තේරුණේ තුන්තිස් පැයේ බණ කියන බණ අහන අපේ රටේ ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරවන්නේ කොන්දොස්තරලා කියලා. බලන්න අතහැරීම ගැනම නොනවත්වාම කියන ලස්සන. 'අතෑරලා යන්න, මැද පේළිය ඔය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න, මල්ලී ඔය දොර අතෑරලා ඇතුළට එන්න, අතෑරලා එන්න මේ මෙහෙ ඉඩ තියෙනවා, ඔය බලන්නකො අනේ නංගි ...
Once upon a time in Colombo තනි තරුව (Thani Tharuwa) 2022 ජූලි 4දා සිනමාවේදීන් සමූහයටඉස්සෙල්ලම Once upon a time in Maligawatte විදිහට intro එක ගිය කතාව පස්සෙ Once upon a time in Colombo වෙලා තමයි විකාශය වෙන්න පටන් ගත්තේ. කාලෙකට පස්සෙ බලන්න හම්බෙච්ච හොඳම කතාවලින් එකක්.මේකේ තියෙන ලොකුම හොඳ තමයි කතාව නිස්කාරණේ රබර් කරන්නේ නැතුව හොඳ ගලායාමක් තියාගෙන ඉන්න එක. සමහරවෙලාවට සමහර චරිත හරි ඉක්මණින් ඉක්මණින් කතාවෙන් අයින් වෙන තරමට ...
සුන්දර ලංකා සමාජය තනි තරුව (Thani Tharuwa) ආයෙත් ආයෙමත් එකම අමනුස්සකම සයිබරය පුරා ගලාගෙන යනවා!සතෙකුට වුණත් මරණාසන්න අවස්ථාවක වතුර පොදක් දෙන තරමට 'මිනිස්සු' හිටිය රටක් වෙන්න බෑ මේක. ඒකත් අර සමහරු කියනවා වගේ විකෘති කරලා ලියන ලද ඉතිහාසයකම විකෘති අසත්‍ය තොරතුරක් වෙන්න ඕන. මිනිස්සු හොඳට නරකට දෙකටම ප්‍රසිද්ධ වෙනවා. ඒත් ඒවා විවේචනය කරන්න, තීන්දු දෙන්න තරම් අපි ඒ මිනිස්සුන්ට වඩා ඉන්න ඉහළ තත්ත්වය මොකද්ද? ඇයි මේ විචාර ...
ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන තනි තරුව (Thani Tharuwa) මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ ...
කැබ් මාෆියාව තනි තරුව (Thani Tharuwa) අපි මහ පුදුම ජාතියක්!අර්බුදයක වුණත් ආතල් ගන්න වගේම කලදුටු කල වල ඉහගන්න දක්ෂ අපි තරං දසයෝ ලෝකේ වෙන ඉන්න බෑ. හරි ආඩම්බරයි.
සහකම්පනය තනි තරුව (Thani Tharuwa) ඇඳුම් කඩවල වෙනදා තරමට නැතත් තරමක සෙනගක් ඉන්නවා. මටත් වෙනදා විදිහට වියදම් කරන්න නෙවෙයි නමුත් අවශ්‍යතාවයකට සහ පොඩ්ඩක් මනස නිදහස් කරගන්න කියලා ඇඳුම් කඩේකට ගොඩ වැදුණා. ඒවා පුදුම stress busters වෙන්නැති. ඒත් ඉතින් ගෑණුනේ
අතරමං වූ කිරිල්ලී තනි තරුව (Thani Tharuwa) කාලෙකට පස්සේ ඇහුණ සිංදුවක්. මේ සිංදුව අහද්දී පටාචාරාගේ ඉඳන් අටලුගම ආයීෂා වෙනකල් විවිධාකාර වේදනා වින්ඳ හැම ගෑණියෙක්ම මගෙ ඔලුවට එනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මොන කාරණාවක් මුල් කරගෙන මේක ලිව්වද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ වචන, බහුතරයක් ගෑණුන්ට පොදුයි කියලා හිතේ ගැඹුරක ඉඳන් කිණිසිතුඩකින් කපාගෙන යනවා වගේ දැනෙනවා.නොදැක නිකළැල් චේතනා ලබා අපමණ වේදනා //දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈතනි වුණා ...
නාඩගංකාරයෝ ගංකබරයෝ වීම තනි තරුව (Thani Tharuwa) හිතවත් සද්ධාමංගලයාණෙනි,මේ ලිපිය ලියන්නී, නාඩගංකාරයෝ ප්රවිශ්ඨයේදී අපමණ උද්දාමයට පත්ව, රට්ටු කියන කතාවලට විරුද්ධ වෙමින්, ඔබ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින්, කලක් එක කොටසක් හෝ මග නොහැර බලන්නට පුරුදු වූ hardcore ෆෑනෙකි!ඒත් දැන් නම් සති තුනකට ආසන්න කාලයකින් ටෙලිය නරඹා නැත! මන්ද යත්, ප්‍රේක්ෂකාගාරය පිනවමින් පටන්ගත් කතාව මේ වනවිට 'බුදු තාත්තේ බොන්න බොන්න බොන්න..' තත්ත්වයට වැටී ඇති නිසාය.නාඩගංකාරයෝ පටන්ගැන්මේ දී ඔබතුමා ...
සිංදු ලියන රංගධරයෝ තනි තරුව (Thani Tharuwa) 2022 මැයි 24දා සිනමාවේදීන් සමූහයට. සිංදු ලියන රංගධරයෝඑක දේකටවත් අසමත් කව්රුත් ලෝකේ නෑ. හැමදේටම සමත් අයත් ලෝකේ කලාතුරකින් ඉන්න පුළුවන්. රඟපෑම කරද්දී සිංදු ලියන්න පුළුවන් අයත් ඉඳලා තියෙනවා, අපේ ලංකාවේ.එක්කෙනෙක් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. ගීත කිහිපයක්ම රචනා කරලා තියෙනවා. එයින් එකක් තමයි විශාරද සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරපු 'නැතිවුණු ආදරයක් වෙනුවෙන්' ගීතය.මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ...
සුචරිත! තනි තරුව (Thani Tharuwa) මං මෙහෙම කතාව පටන් ගන්නම්. කියවනවා නම් ඉවසීමෙන් සහ මධ්‍යස්ථව ඉඳන් කියවලා බලන්න
මාමණ්ඩිලා සහ බෑණලා තනි තරුව (Thani Tharuwa) මේ youtube short ad එක දැක්කම සෑහෙන්න පරණ කතාවක් මතක් වුණා.අපේ තාත්තා හරිම සැරයි. ඒකෙත් පවුලේ වැඩිමලා විදිහට ඉපදිලා සුහුඹුල් තරුණ යුවලක් දෙමව්පියන් විදිහට පදවිප්රාප්ත කරපු හින්දා අම්මයි තාත්තයි දෙමව්පියන් වීම හදාරන්න, අවබෝධ කරගන්න අත්පොත් තිබ්බේ මගෙන් නේ! ඒ නිසා මම එක්තරා විදියක ලැබ් රැට් කෙනෙක්!
විජයග්‍රහණයේ දවස - මැයි 18 ( Victory Day - 18th May) තනි තරුව (Thani Tharuwa) අවුරුදු තිහක් ඇදුණු ත්රස්තවාදයට එරෙහි යුද්ධයක් ඉවර කරලා අදට අවුරුදු දහතුනක්!කාලය කොයිතරම් නම් වේගයෙන් ගතවෙනවද? ඒ කාලය සමහර දරුණු අත්දැකීම් සහ මතක කොයිතරම් දුරට නම් මොට කරලා මකලා දාලාද කියලා පහුගිය අවුරුදු දහතුන දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒ අවුරුදු දහතුනක් තිස්සේ ශ්‍රී ලංකාවාසී හැමෝම 'යුද්ධය' කියන දරුණු අත්දැකීමෙන් මිදිලා විඳපු සහ විඳින මානසික සහනය අද වෙද්දි කොයිතරම් නම් ...
The Great (TV series) තනි තරුව (Thani Tharuwa) The Great (TV series) - IMDb 8.2/102022 මැයි 18දා සිනමාවේදීන් සමූහයටකැතරින් රුසියාවට පැමිණෙන්නේ තුන්වැනි පීටර් අධිරාජ්‍යයාගේ අග බිසව වෙන්න. රෝමාන්තික හීන ගොඩක් පොදි බැඳගෙන එන ඇයට දකින්න විඳින්න සිද්ධවෙන්නේ බලාපොරොත්තුවුණාට වඩා හාත්පසින්ම වෙනස් ස්වාමි පුරුෂයෙක් සහ ඔහුගේ කල්ක්රියාවන්! ඔක්කොටම හපන් ප්‍රාථමික සමාජයක්! ඔව්, රජ මාළිගාව ඇතුලේ පවා!බලාපොරොත්තු බිඳුණම කොට්ටෙ පුලුන් කකා කඳුළු සාගරේ ගිලිලා යනවා වෙනුවට කැතරින් තීරණය කරනවා නියම ...
ඉත්තෝ!! තනි තරුව (Thani Tharuwa) 2025 අප්‍රේල් 1දාමේ තත්ත්වයට රටේ පාලනාධිකාරිය වග කියන්න ඕනද? ඔව් 100%ප්‍රධාන විපක්ෂය ඇතුළු සෙසු පක්ෂ සියල්ලම වගකියන්න ඕනද? ඔව් 100%මාත් ඔබත් ඇතුලු මේ රටේ මහජනතාව වගකියන්න ඕනද? ඔව් 100%මෙතන කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. කවුරු කවුරුත් අඩුවැඩි වශයෙන් සියඹලා ගෙනල්ලත් තියෙනවා.හැම මිනිහෙක්ටම ආවේණික වූ මතිමතාන්තර, ආකල්ප, චර්යාවන් තියෙනවා. හැබැයි සාමුහිකව වගවිය යුතු ඔය කලින් කිව්ව සමූහයන් තුනේදීම කාටවත් තමන්ගේ විදියටම ...
(වෙස්) මුහුණු තනි තරුව (Thani Tharuwa) පහළ පිංතූරේ ඉන්නේ මං, මගේ වෙස් මූණ එක්ක.සමහර මුහුණු වෙස් මුහුණු ද සැබෑ මුහුණු ද කියන්න බැරි තරම් හැමෝ ළඟම වෙස් මුහුණු තියෙනවා. සමහරු වෙස් මුහුණු දාන්නේ ආත්මාරක්ෂාවට, සමහරු දාන්නේ දේශපාලනික හෝ ව්‍යාපාරික අවශ්‍යතාවලට, සමහරු ප්‍රයෝගයක් විදිහට, තවත් සමහරු තමන්ගේම වාසියට. වෙස් මුහුණු දැකලා දැකලාම දැන් වෙස් මුහුණු මොනවාද සැබෑ මුහුණු මොනවාද කියලා හිතාගන්න අමාරුයි නේද? මං හිතන්නේ සැබෑ මුහුණක් ...
පට්පට් සහ චකබ්ලාස් තනි තරුව (Thani Tharuwa) ඉස්සර කතාවක් ගියා රූපවාහිනීයේ. හර්බට් රංජිත් පීරිස් මහත්මයගේ 'හිරුට මුවාවෙන්' නැත්නම් අපි සාමාන්‍යයෙන් කිව්වේ ඉඳිආප්ප ගෙදර කතාව. ශ්‍රියන්ත සහ කමල් typical තරුණ චරිත දෙකක් රඟපෑව මේ නාට්‍යයෙන් පුරුදු වුණ වචන දෙකක් තමයි 'පට්පට්' සහ 'චකබ්ලාස්'.ඒ වචන දෙක තරම් ලංකාවට සාධාරණ වචන දෙකක් තවත් නෑ. අපිට ඕන 'පට්පට්' විසඳුම්/උත්තර. ඒත් අන්තිමේදී සේරම 'චකබ්ලාස්!' ලංකාවේ අපි හරි නොඉවසිලිමත් ජාතියක්. අපි වැඩක් කරන්න ...
ඕල්වේස් බ්‍රේක්ඩවුන් (Always Breakdown) තනි තරුව (Thani Tharuwa) 2022 මැයි 13දා සිනමාවේදීන් සමූහයට ඕල්වේස් බ්‍රේක්ඩවුන් (Always Breakdown)ලංකාවේ දේශපාලන ප්‍රහසනය කියන එක අතීතයේ පටන් කවිකොළවල ඉඳන් නොයෙකුත් මාධ්‍ය යොදාගෙන නිර්මාණය වෙන්න ඇති. හැබැයි, සම්පූර්ණයෙන්ම දේශපාලන ප්‍රහසන ශානරය (political satire) යටතේ නිර්මාණය වුණු පළවෙනි රූපවාහිනී වැඩසටහන වෙන්න ඕන TNL නාලිකාවේ විකාශය වුණු 'ඕල්වේස් බ්‍රේක්ඩවුන්' (Always Breakdown) වැඩසටහන. ජාතික නාලිකා දෙක ප්රතාපවත් ගාම්භීර සාම්ප්‍රදායික මාධ්‍ය විදිහට පවතින කාලයේ ඉස්සෙල්ලම මට මතක ...
පිබිදෙන (ගායක) පරපුර තනි තරුව (Thani Tharuwa) 2022 මැයි 12දාගෝඨාභය-රනිල් සුසංයෝගයට සහය විය යුතු කැබිනෙට්ටුවක සිටිය යුතු නිස්සන් සුදුස්සන් කව්ද?(රනිල් ඔහුගේ සුපුරුදු ඒකාධිකාරයෙන් මිදිලා මේ වතාවේ නිසි තරුණ පෙළකට ඉඩ දෙයි කියන බලාපොරොත්තුවෙන්
ගල ඉස්සීම තනි තරුව (Thani Tharuwa) 2022 මැයි 12දාඅනුර ගල කරේ තියාගන්නම් කිව්වම සමහරු කන්න බොන්න දීලා ජවය බලය ශක්තිය දුන්නා. අනුර ජවශීලීව අමුඩ ලේන්සුව කරේ එලාගෙන 'හරි දැං කට්ටිය ගල උස්සලා මගෙ කරෙන් තියන්න' කියලා තාම බලං ඉන්නවා.දන්නෙම නැතුව ගල්කොරි කාරයෙක් ටෙන්ඩරෙත් දිනලා බෝරෙත් දාලා!අනුරගේ කරේ ගල්කුඩක්වත් නෑ කියන්නකෝ ඉතින්
රනිල් වික්‍රමසිංහ තනි තරුව (Thani Tharuwa) 2022 මැයි 12දාගොඩක් අය RW කියවාගෙන තියෙන්නේ වැරදියට. ඔහුගේ ඇතැම් ක්‍රියාපිළිවෙත් ඔතෑනි සහ මෝඩ ගතියක් පල කළාට RW කියන්නේ උගත් කපටියෙක්.ඒකට හොඳම උදාහරණය තමයි මේ අවස්ථාව. සජබ, ජවිපෙ, පාඨලී ඇතුලු තනි පුද්ගලයන් ජනපති, අගමැති තනතුරු සහ බල පොරයක ඉන්න වෙලාවේ රනිල් තමයි හොඳටම ලකුණු රැස් කළේ. ඒකේ හොඳම අවස්ථාව තමයි උද්ඝෝෂණ ව්‍යාපාර, අරගල අතර පාර්ලිමේන්තුව රැස්වූ හැම වතාවකම ඔහු විපක්ෂ ...