කාලය තනි තරුව (Thani Tharuwa) ඔබ මගෙන් සත් වසක්උදුරා ගත්තේයඉන් මොහොතක ප්රේමයක්වත්උදුරාගන්නට මට නොහැකි විය
යාන්ත්රික තනි තරුව (Thani Tharuwa) යාන්ත්රිකය හදවතප්රේමයේ අක්මුල් වියළුණු..අවෝය ගියෝයනටඹුන් අතර ඉදහිටවෙර දැරුවෝයපැරද යන්නෝයඉකි බිඳින්නෝයවියරු වන්නෝයමළගිය හදට පෙම් බැඳ
ෂාජහන් තනි තරුව (Thani Tharuwa) ෂාජහන්,උඹේ ජුලියට් අද මළා..!උඹ ඒකිට හදවපුකිරිගරුඬ සොහොනේවළලා අමතක කරපන්..!අඬන්න ඕනෑකමක් නෑ..දැන් ජුලියට්ට කඳුළින් පණ දෙන්න බෑ..!ඒත්..ජුලියට් මරාගෙන උපන්නසමනළියෙක් ඉඳිවීහැබැයි යකඩ..හිරකරගන්න හදන්න එපා උඹ ඈව..ඈ ඉන්නෙ නෑස්ථිරයි මට ඒක..!ඈට පුළුවනි උඹ හැදූ ඔය සොහොනමිසර පිරමීඩයක් කරන් ඉන්නට..අමතක කරන්න එපාඒ බව..! ...
සිහිවීම තනි තරුව (Thani Tharuwa) නැවත කිසි දිනෙකප්රේමයෙන් නොබැඳෙනුයිමටම මා හිතතරවටු කරන මොහොතක,සබඳ,මට ඔබේ දෙනෙතසිහිවෙයි
පශ්චාත් මරණ පරීක්ෂණය තනි තරුව (Thani Tharuwa) ඔවුහු ඇගේ සිරුර දෙබෑකොටමස් වදැල්ලක් එළියට ගත්තෝයඑය හඳුනාගත නොහැකි තරමටවිරූපව දියවගොස් තිබිණිඅවසානයේ නැවත නැවත මැන බලාඋහු ඒ ඇගේ හදවත බව නිර්ණය කළෝය
සු(වි)රූපී තනි තරුව (Thani Tharuwa) ඔවුහු මගේ වත දැකඋරුවම් බාන්නෝයඑහි සැඟව ඇති හදවතඋහු නොදකිතිමා යනෙන කලහැරෙමින්ද බැලුවෝයඋහු, මා නොහෙලූ කඳුළ නොදකිති
(අ)විවාහා තනි තරුව (Thani Tharuwa) මම ලාබාලයෙකු හා විවාපත්ගැහැණියක දුටිමි ඒ ගැහැණිය හඳුන්වා දුන්නීමට මෙසේ කීය "ඔහු දෙස බැලීම පවානොකරමි"හිතවත, මට බැඳුණු පුරුෂයෙකුගෙන් ඇතිපලක් නැත!
මාගරීටාව තනි තරුව (Thani Tharuwa) මාගරීටාවක දාරයකකඳුළ ඝනීභවනය කොටවිරහව ටෙකීලාවේදිය කළෙමිඑය නන්පැහැ ගත්තේය
බාඳුරා තනි තරුව (Thani Tharuwa) අමුතු බාඳුරාවක්ය ඈ..පැමිණි බඹරුන් නොනැසඈ නැසෙන්නීයඒ නිසාවෙන් ඈකිසිවකු නොකැඳවන්නීය
නොලැබ කිවිඳුන් කුමට කවිකම් තනි තරුව (Thani Tharuwa) නින්ද යන්නෙත් නැති, නින්දට යන්නත් බැරි රාත්රී කොයිතරම් නම් ගණනක් මනුස්සයෙක්ට තියෙන්න පුළුවන්ද.. ගෙවලා ඉවර ඒවා හැරුණහම, තාම එළඹිලා නැති එහෙම රාත්රීන් තව කොයිතරමක් ජීවිතේකට උදාවෙන්න පුළුවන්ද..ගෙවෙන කීවැන්නද කියලා හසරක් නොදන්න එහෙම නින්ද යන්නෙත් නැති නින්දට යන්නත් බැරි මහා රෑක මම අහන්න සින්දුවක් හොයමින් හිටියේ. බටනලා හඬට මම කොයිතරම් නම් පෙරේතයිද කියන්න කාලෙකට කලිනුත් ලියා තියෙනවා. ගිනි මද්දහනක කූඹි ...
මඟුල් තනි තරුව (Thani Tharuwa) ඔවුහු පිරුවට ඇඳමල් ගවසවිලංගු ලන්නෝය රනින් කැටයම් කොට..ඉනික්බිත්තෙන්,කා බී රඟා වයාසමරන්නෝයකරගත් විපත..!
ඇත්ත තනි තරුව (Thani Tharuwa) විප්පයෝගයෙන් පෙලි පෙලිමගේ තුනී තුරුණු හදවතඋඹ එතැයි බල බලා ඉන්නකොටඋඹෙන් හිස්වුණ ඉඩටඌ ඇවිත් හෙමිහිටමා ලඟින් හිටියමඋඹ නැතිව මගේ හිතඌ වටා එතුණටඔව්, මම වැරදිකරු ස්වාමිනීඑල්ලා මරාපල්ලා මාව!ඌ ගියේ පෙම ගැනමගේ හැම හැඟුමක්ම අරගෙන,උඹට විතරක් තිබ්බ ටික නැතුව..දැන් ඉතින්..උඹ කොහොමටත් නැතුවඋන්නොත් එකයි මළොත් දාහයි මට..! ...
ඇද පොළොව තනි තරුව (Thani Tharuwa) එක් පුරුෂයෙකුගෙන් මිදීතව'කෙක් සරණ යෑමෙන්පලක් නැතවිශ්වයට පැන සැඟවෙන්නපොළොව පැතලි නැතපෘථුවිය ගෝලාකාරය!
හැඳිනීම තනි තරුව (Thani Tharuwa) ඔබ මා හඳුනා ගෙන නැත්තෙහියමම ඔබ හඳුනා ගනිමින් සිටිමිමෙතරම් ප්රමාද ව දැන් එහි කුමන නම් ඵලයක්ද