වියතුන්ට රට බාර දෙමු(ද?) (අ)සම්මත සටහන් වියතුන්, උගතුන් කියන්නෙ යම් විෂයක් ගැන වෘතිය දැනුමක් ලබා ගත් පිරිසක් නේද? එහෙම ලබා ගත් පමණින් කෙනෙක් බුද්ධිමත් මනුස්සයෙක්ය කියලවත්, සමාජ සුභසිද්ධිය ප්‍රාර්ථනා කරන සහකම්පනයෙන් යුත් පුද්ගලයෙක් කියලවත් කියවෙන්නෙ නෑ කියන එක පැහැදිලි කරන්නයි මේ සටහන ලියවෙන්නෙ. අධ්‍යාපනය කියන දේ දිහා අපි බලන්නෙ ධනාත්මක දෙයක් විදියට. ඒකෙ වරදක් නැහැ. මගෙ අදහස තමයි අධ්‍යාපනයෙන් සාර්ථක වුනත් අසාර්ථක වුනත් කොහොමත් ජීවිතය කියන්නෙ ...
නාඩගම්කාරයෝ : හාමුදුරුවෝ සහ S.K. සිරිසේන (අ)සම්මත සටහන් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මගේ වැඩියෙන්ම සිත් ගත්ත චරිත දෙකක් තියෙනව. පන්සලේ හාමුදුරුවො: මුලින්ම මම හාමුදුරුවන්ගේ චරිතයට ආස වුනේ එක සිද්ධියක් නිසා. සරා ඇතුළු ගැන්සිය තමන්ගේ වාඩියට ගිණිතිබ්බේ හාමුදුරුවන් ය කියල හිතල පන්සලට ඇවිත් හාමුදුරුවන්ට බැනගෙන බැනගෙන යනව. හාමුදුරුවො ඒ ඔක්කොම උපේක්ෂාවෙන් අහන් ඉන්නව. පැත්තක හිටිය ලේකම් මහත්තයා අවලාද කියද්දි හාමුදුරුවො කියනව, ඒ අයගේ කේන්තිය මෙහෙම පිට වුන එක හොඳයි කියල. ඊට ...
කම්පා වීම් සහ සිස්ටමැටික් ක්‍රයිම්ස් (අ)සම්මත සටහන් දිනක් මට අපගේ ගමට එහා ගමේ සිදුවූ අනතුරක් ගැන ආරංචියක් අසන්න ලැබිණි. ඒ සිදුවීම මෙසේයි. අවුරුදු දහයක් වයසැති දියණියක් පාසැල් නිමවී පයින් පැමිණෙන අතරතුර ඇගේ නිවස පේන මානයේදී අනතුරකට පත්ව තිබේ. ඇයව යට කරගෙන ඇගේ හිස උඩින් ගිය වාහනය නතර වී තිබෙන්නේ අසල කඩයක් කඩාගෙන ගොසිනි. වාහනයේ රෝදය ඇයගේ හිස යටකරගෙන ඇයව හඳුනාගත නොහැකි තැනට පත් කරමින් ගමන් කර තිබිණි. ...
ආගම ; මෝඩයන් බෝ කිරීම (අ)සම්මත සටහන් ආගම කියන්නේ අතාර්කිකත්වයයි. බුද්ධිමය අවබෝධය වෙනුවට බිය මුල් කරගෙන ක්‍රියාකිරීම යෝජනා කරන ක්රමයකටයි. සාක්ෂි සාධක වලට ගරු කිරීම සහ බුද්ධිමය විමසුම වෙනුවට තමා නිවැරදි බව කොන්දේසි විරහිතව විශ්වාස කරන්නට පුහුණු කරන චින්තනයයි. පවතිනවාදැයි නොදත් පරලොව පැවැත්මකට පරම වැදගත්කම ලබාදී මෙලොව ජීවිතය දෙවැනිකොට දැමීමයි. කටුක සත්‍යයන් වලට මුහුණ දීමට හැකි මිනිසෙක් වෙනුවට සහනදායී මිත්‍යාවන් පසුපස දුවනා බුද්ධිමය බයගුල්ලන් නිර්මාණය කරන ඇදහිල්ලයි. ...
පිං මාළු වලේ කුසල් හාමිලාගේ සත්ව අවිහිංසාව (අ)සම්මත සටහන් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම නිමිති කොට ගෙන සංවිධානය කොට තිබුණු අවුරුදු උත්සවයකදී ප්‍රකට දේශපාලකයෙකු වන කබීර් හෂීම් මහතා විසින් අලියාට ඇහැ තැබීමේ තරඟයක් සඳහා සැබෑම අලියෙකු යොදාගත් අයුරු දැක්වෙන් ඡායාරූපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක් විය. අවුරුදු උත්සව ආශ්‍රිතව සුලබ ක්‍රීඩාවක් ලෙස සැලකෙන අලියාට ඇහැ තැබීම තරඟයේදී සාමාන්‍යයෙන් රූපමය වශයෙන් යොදාගන්නා ඇත් රූපයක් වෙනුවට සැබෑ අලියෙක් යොදා ගැනීම ...
ආදරය නිසා ජීවිතය විහින් අපායක් කරගැනීම (අ)සම්මත සටහන් අරවින්ද, තවත් එක් කාර්යබහුල දවසක සිය වැඩපල හමාර කොට විඩාව මැදින් සිය ඔරලෝසුව දෙස බලයි. “වෙලා නම් තියෙනවා. යනවද නැද්ද? යනවද නැද්ද?” ඔහු සිටින්නේ දෙගෙඩියාවෙනි. තම සහකාරියගේ මිතුරියගේ විවාහ මංගල උත්සවයයි, අද. එදින උදයේ වැඩට පිටත් වීමට කලින් බලාපොරොත්තු වූ ලෙසම ඇයගේ බලකිරීමය. “වැඩ ඇරිලා අනිවාර්යෙන්ම එන්න. පුළුවන් නම්, මහන්සි නැත්නම්, ඔයා අකමැති නැත්නම්…” ඇයගේ සැබෑ හැඟීම් නිරූපනය වන්නේ ...
ආදරය කරන්න බඳින්නෙ මොකටද? (අ)සම්මත සටහන් “ආදරය කරන්න කසාද බඳින්නෙ මොකටද…?” මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන මුල් කාලෙ අහද්දි මම ලෑස්ති කරගෙන හිටිය කෙටි උත්තරය ඒ. ඒත් ප්‍රායෝගික අවස්ථා වලදි කියන්න අමාරු, ඒ ප්‍රශ්නයට මට දෙන්න තියෙන ඇත්තම උත්තරය කියනව නම් මෙහෙමයි. “අපි දෙන්නගේ ආදර සම්බන්ධය ගැටගහල තියෙන්නේ අපි අතරෙ මැදිහත්කරුවෙක් විදියට ක්‍රියාකරන රාජ්‍යය (state එක) විසින් ය කියන අදහසට ...
බූට් කෑමේ නිවැරදි ක්‍රමය (අ)සම්මත සටහන් කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට. කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි. කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ? ...
වැඩිහිටියන්ට ගරු කල යුතුද? (අ)සම්මත සටහන් නැත. කිසිවෙකුට ඒ කෙනා වැඩිහිටියෙකු වූ පමණින්ම විශේෂ ගරුත්වයක් දිය යුතු නැත. පාරට බැස බලන්න. දැන් මැදි වියේ පසුවන අපේ වැඩිහිටි පරපුර අපට උරුම කරදී ඇති සමාජය මොන වගේද කියා. හිංසාවෙන් ප්‍රශ්න විසඳිය යුතු යැයි සිතන, ලිංගික අසහනයෙන් පෙළෙන, අසහනකාරී, ඉවසීමක් නැති, අනන්‍යයන්ගේ අයිතීන් නොඉවසන, දූෂණයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සමාජයකි අප රටේ වැඩිහිටියන් අපට උරුම කර දී තිබෙන්නේ. අපට අපේ ...
කියවීම ගැන වචනයක් (අ)සම්මත සටහන් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ පොත් කියවන අය විසින් හදාගෙන ඔවුන් විසින්ම නඩත්තු කරන බොරුවක්. මුලින්ම, ‘සම්පූර්ණ මිනිසා’ කියන සංකල්පයම ගැටළුකාරී එකක්. සම්පූර්ණ මිනිසා යනු කොහොම කෙනෙක්ද, එහෙම කෙනෙක් වීම උදෙසා යා යුතු ගමනේ දිශාන්තිය කුමක්ද වගේ කරුණු සෑහෙන විවාදාත්මකයි. ඒක පැත්තකින් තියල ඊළඟ පොයින්ට් එකට ගියොත්; මුලින්ම තේරුම් ගත යුතු කරුණක් තියෙනව. උදාහරණයට X නැමති පොත ගමු. (X නැමති ...
දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති; අපි! (අ)සම්මත සටහන් දින කිහිපයකට කලින් නිවසට ආපු මිතුරියක් ඇගේ රාජකාරී ස්ථානයේදී ඇයට මුහුණ දෙන්න වෙලා තියෙන අපහසුතාවයක් ගැන විස්තරයක් අප එක්ක බෙදා ගත්තා. ඇය අපත් සමඟ කිව්වේ ඇය වාර්තාකරන ඉහළ නිළධාරිනිය (බොස්/බොසී?) ඇයව කැඳවා ඇගේ ගවුම් වල දිග කොට ගැනත්, විවේක කාලයන් වලදී ඇය පිරිමි ළමුන් හා තේ බීමට යාම ගැනත් ඇයට උපදෙස් දීමට පටන් ගත් බවයි. ඉන් නොනැවතී ඇය ඇවිදින ආකාරය ...
නිශ්චිතය (අ)සම්මත සටහන් අනාගතයේ දවසක, යම් මොහොතක, ඔබට ඔබේ ආදරණීයයාගේ මළ සිරුර දැකීමට සිදුවනු ඇත. අප බොහෝ දෙනෙක් පතන සෞඛ්‍යය සම්පන්න වැඩි ආයුකාලයකින් යුත් දිවියක් ළඟා කරගැන්මට අපට හැකි වුනොත්, එකක් පසුවට එකක් ලෙස අප ආදරය කරන්නන් අප ඉදිරියේ මියයාම දරා ගැන්මට සිදුවේ. එක්කෝ අපට අප ආදරණීයයන් අහිමි වීමට මුහුණ දීමට සිදුවනු ඇත. නැත්නම් ඒ හා සමානම වේදනාවක් ඔවුන්ට උරුමකර දෙමින් ඔවුනට කලින් ...
දශකයක් අනාගතයට ගොස් ඔබවම හමුවන්න | The End of History Illusion (අ)සම්මත සටහන් මට මතකයි මගේ වයස පහළව-දහසය කාලයේ මට ලොකු Backstreet Boys පිස්සුවක් තිබුනා. ඒ කාලෙ මම බැක් ස්ට්‍රීට් ලව ඔලුව උඩ තියාගෙන ඇදහුවෙ නැති ටික විතරයි. AJ පිස්සුව කොච්චර වැදිල තිබ්බද කියනව නම්, ඌ වගේ කරාබු දාන්න, නියපොතු පාට කරන්න, රැවුල වවන්න බැරි එක ගැන මාර අප්සට් එකක් තිබුනේ. හිටපන්කො ඉස්කෝලෙන් අවුට් වෙලා අම්මලවත් බැලන්ස් කරගෙන කවද හරි ලොකු වුනාම ඒ ...
කාටවත් හානියක් නැති අහිංසක ගොං වැඩ! (අ)සම්මත සටහන් මීට මාස කිහිපයකට විතර කලින් සයිබරයේ ශෙයාර් වෙලා තිබුනා ඡායාරූප එකතුවක්. ඒ ඡායාරූප එකතුවේ තිබුන දේ මතක විදියට කෙටියෙන් ලියනවා නම් මෙහෙමයි. සාමාන්‍යය විදියට පොල් තෙල් ලබා ගන්න ක්‍රමය වෙනුවට, මීට කලින් පොල් කඩල නැති (නොඉඳුල්) ගහක් හොයලා ඒකෙන් පොල් කඩාගෙන, පොල් උලකින් පොල් ලෙලි ගහනව වෙනුවට ලී උලකින් අර පොල් තොගය ලෙලි ගහල, හිරමනයකින් පොල් ගානව වෙනුවට ලීයකින් අර ...
දුර්ලභ සතුන් ඝාතනයේ අමුතු අවුල (අ)සම්මත සටහන් කාලෙන් කාලෙට කොහෙ හරි දුර්ලභය කියල නම් කරල තියෙන සතෙක් මැරෙනවා, හෝ මරනවා. සියල්ලෝ කම්පා වෙනව. සමහරු ඒ කම්පා වීම සහ කම්පා වන්නන්ගේ ආහාර රටා වල පරස්පරවිරෝදී බව පෙන්නුම් කරමින් ඒ ගැන ප්‍රශ්න කරනවා. එහෙම කලාම කම්පා වන්නන්ට ටිකක් කේන්ති යනවා. සාධාරණයි. මිනිස්සුනෙ. ඒත් ඒ ප්‍රශ්න කිරීමට සාධාරණ පිළිතුරක් ලැබෙන්නෙ නෑ. ලැබෙන්නෙ නැත්තෙ සාධාරණ පිළිතුරක් නැති නිසා. නැත්නම් මොනව කරන්නද?සමහරු ...
ණය බරේ මායාව (අ)සම්මත සටහන් පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව. මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ ‘ණය බර’ කියන්නේ මට අනුව නම් ඉතාම ප්රශ්නකාරී ආකල්පයක්. මුලින්ම තේරුම් ගන්න ...
මහවිරුවා සහ රණවිරුවා (අ)සම්මත සටහන් -මහවිරුවා වගේම රණවිරුවා කියන්නේත් තක්කඩි වචන- සෙබළු කියන්නෙ කවුද? යුද්ධයට අදාලව ගත්තොත්, මට හිතෙන විදියට සෙබළු කියන්නෙ අපේම පව් කරගහන්න වෙච්චි අසරණයො. නැති බැරි කමට. අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ පවුල් වල ඉපදිච්ච අසරණ කොල්ලො. මම වගේම ආශාවල්, බලාපොරොත්තු, හීන තිබ්බ උන්. මගෙයි උන්ගෙයි වෙනස මොකක්ද? මට ජීවිතයක් තිබ්බා. අනාගතයක් තිබ්බා. අහිමි වෙන්න දේවල් තිබ්බා. වාසනාවට ජීවත් වෙන්න අවශ්‍ය සල්ලි බාගෙ පවුල් ...
දරුවන්ට සම-නො-සැලකිල්ල (අ)සම්මත සටහන් තමන්ගේ දරුවන් සියල්ලන්ට තමා එක හා සමානව ආදරය කරන බව අනෙක් අයට කීමටත් තමන්ටම තහවුරු කර ගැනීමටත් අප සැම කැමැත්තෙමු. නමුත් එහි සත්‍යයතාවයක් නොමැති බවත් එය අප විසින් අපවම රවටා ගැනීමට අපටම කියාගන්නා ලස්සන බොරුවක් බවත් අවංකව සිතා බලන්නට සූදානම් කෙනෙකුට තරමක් අපහසුවෙන් වුවද තේරුම් ගැනීමට හැකි යැයි සිතමි. “මම මගේ දරුවො ඔක්කොටම එක වගේ ආදරෙයි. මං කාටවත් කවදාවත් ...
ජීවිතය, වෙනස් කිරීම (අ)සම්මත සටහන් ජීවිතය කියන්නේ දෙන ලද, වෙනස් කරන්න බැරි පිටපතක් කියල කියන්න පුළුවන්ද? මුහුණු පොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට මගේ උත්තරය කියනවා නම්, ඔව්. ජීවිතය සමස්ථයක් විදියට සලකපුවම අපිට වෙනස් කරන්න බැරි පිටපතක් තමයි. හැබැයි අපේ මනසේ තියෙනවනෙ ඉතාම දැඩිව ධනාත්මකව හිතන්න පතන්න පොළඹවන නැඹුරුවක් (optimism bias). ඒ නැඹුරුව නිසා සහ අපි ඉන්න තත්වයන් තුළ සැනසෙන්න පුළුවන් විදියට දේවල් අර්ථකතනය කරන්න ...
පෝය සහ ඉරිදා දිනවල ටියුෂන් පන්ති තහනම් කරනු ! (අ)සම්මත සටහන් වර්තමානයට වඩා අපේ රට, අපේ ආගම, අපේ සංස්කෘතිය සහ අපටම ආවේණික වෙච්චි සදාචාරාත්මක ගුණවගාව සෝදාපාළුවට ලක් වීමේ තර්ජනයට ලක් වුන කාලයක් තවත් නැති තරම්. ඉතින් මේ අවාසනාවන්ත තත්වයෙන් අපේ මව් රට බේරා ගැනීමට නිසා ‘ජාතියේ පිනට උපන් වීර පුතුන්ගේ සංගමය’ වන අපි විශේෂ පරීක්ෂණ මාලාවක් දියත් කලා මෙහි අග මුල හොයා ගැනීමේ අරමුණින්. නොකා නොබී දිවා රෑ නොබලා නිදිවර්ජිතව පර්යේෂණ ...