කලාව අනතුරු සහිතයි; ප්‍රවේශමෙන් පරිහරණය කරන්න (අ)සම්මත සටහන් මම ජාතිකවාදියෙක් නෙමෙයි. මගේ ශබ්දකෝෂයේ තියෙන්නෙ ‘සෙබළුන්’ කියන වචනය මිසක් මේ ළඟදි අපිට ඒ වචනය වෙනුවට භාවිතා කරන්න උගන්නපු ‘රණවිරුවො’ කියන වචනෙත් නෙමෙයි. ඒත් මම නොදන්න මොකක් හරි හේතුවකට සුනිල් එදිරිසිංහගේ මේ ගීතය ඇහෙද්දි ඇඟ හිරි වැටිලා යන්නේ නිතැතින්මයි. “රන් මලක් ලෙස දෙව් බඹුන්, දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඬක් ගිලිහී නොයන්නට, රන් වැටක් ඇත සිව් කොනේ නෙත් පුරා ...
බබාලාගේ සදාචාරය රැකීමට අම්මලාට යුනිෆෝම් ඇන්දවීම (අ)සම්මත සටහන් අතිශය කාර්යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත. කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ...
මොහොතින් මොහොත, නිමේෂයෙන් නිමේෂය (අ)සම්මත සටහන් කාලයකට පසු හමුවූ මිතුරෙකු සමඟ මම, තවත් මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසීමේ අරමුණින් දෙහිවල කරා ගමන් කරමින් සිටියෙමි. ඔහු රථය පදවමින් සිටි අතර මා සිටියේ වම් පස අසුනේය. ඔහු, මාත් සමඟ කතාබහ කරනවාට වඩා පාරේ අනෙක් වාහන වලින් ගමන් කරනා වෙනත් පුද්ගලයන් සමඟ කථා කරමින් යන බව මම සෑහෙන වෙලාවක සිට නිහඬව නිරීක්ෂණය කලෙමි. “පොඩ්ඩක් ඉන්න..හදිසි වෙන්න එපා…” විටෙක ...
පියුමි හංසමාලිට ඔහොම කරලා මදි! (අ)සම්මත සටහන් අපි ඕනම මනුස්සයෙක්ට කැමති ඇයි හෝ අකමැති ඇයි කියල ඇහැව්වොත් අපිට දෙන්න හේතු තියෙනව (ඒ හේතු ඇත්තම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තම හේතු තියෙන්නෙ අවිඥ්ඥානයේ හැංගිලා කාටවත් පේන්නෙ නැති තැන් වල). අපි බලමු මේ ආකාරයෙන් සමාන්‍යය සාම්ප්‍රදායික ජනමනසට පියුමි හංසමාලි නම් තනි ගැහැණිය මෙච්චර නොදිරවන්නේ ඇයි කියල. 1. දෙන ලද යම් සාම්ප්‍රදායික රාමුවකට අනුගත වුන ජීවින රටාවක් ගත ...
බයියාගේ ඉරණම (අ)සම්මත සටහන් මගේ මිත්‍රයෙක් ඉන්නව. මිනිහගේ දෙමව්පියන් රාජපක්ෂ දේශපාලන බල කඳවුරේ ප්‍රාදේශීය මට්ටමින් වගේ යම් බලයක් හිමි දෙන්නෙක්. මිනිහ එක්ක දේශපාලනය කතා කරද්දි කියන්නෙ මෙහෙම දෙයක්. ‘මං දන්නව ඔය මොකා ආවත් රට හදන්නෙ නැහැ කියල. හොරකම් කරනව කියල. ඒ නිසා මම රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉඳල පුළුවන් වැඩක් කරගන්නව. මගේ හොඳට. මං දන්නව උන් රට කන බවත්. සූරා කන බවත්. ඒත් මට ඒකට ...
මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන් (අ)සම්මත සටහන් සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන ප්‍රගතශීලී මතදාරීන්ගේ තෝතැන්නක්. ඒත් මේ සමහර ප්‍රගතශීලී මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය. බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු ...
ක්‍රිස්තියානි/කතෝලික මිත්‍යාව. (1 කොටස) (අ)සම්මත සටහන් කිතු දහම යනු බිලියන 2.2 මිනිසුන් විසින් අදහනු ලබන ලෝකයේ වැඩිම අනුගාමික පිරිසක් සතු විශාලතම ආගමයි. සර්වබලධාරී මැවුම්කාර දේව සංකල්පය මත ඇති විශ්වාසය පදනම් කොට දෙවියන්වහන්සේ, ජේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ හෙවත් ශුද්ධවූ ත්‍රීත්වය යන චරිත මූලික කොටගෙන ඒ වටා ක්‍රිස්තියානි ආගම ගොඬනැගී ඇත. ක්‍රිස්තියානි අනුගාමිකයින් විසින් දේව අනුභාවය ඇතුව ලියන ලදැයි විශ්වාස කෙරෙන ‘ශුද්ධ වූ බයිබලය’ නම් ග්රන්ථයෙහි සඳහන් ...
මම බෞද්ධයෙක් නොවෙමි. නමුත්… | Avoiding intellectual Suicide (අ)සම්මත සටහන් මගේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟය. සිද්ධාර්ථ ගෞතම මා වැඩියෙන්ම ගරු කරන ආගමික නායකයාය. බෞද්ධාගම මා වැඩියෙන්ම එකඟ වෙන ආගමය. එහෙත් මම බෞද්ධයකු නොවෙමි. සිද්ධාර්ථ ගෞතම නැමති මිනිසා, බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය කියා මම පිළිනොගනිමි. බුද්ධත්වය කියා තත්වයක් තිබේය කියාද මම නොසිතමි. මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනිම ...
පියුමි හංසමාලිට ඔහොම කරලා මදි! (අ)සම්මත සටහන් අපි ඕනම මනුස්සයෙක්ට කැමති ඇයි හෝ අකමැති ඇයි කියල ඇහැව්වොත් අපිට දෙන්න හේතු තියෙනව (ඒ හේතු ඇත්තම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තම හේතු තියෙන්නෙ අවිඥ්ඥානයේ හැංගිලා කාටවත් පේන්නෙ නැති තැන් වල). අපි බලමු මේ ආකාරයෙන් සමාන්‍යය සාම්ප්‍රදායික ජනමනසට පියුමි හංසමාලි නම් තනි ගැහැණිය මෙච්චර නොදිරවන්නේ ඇයි කියල. 1. දෙන ලද යම් සාම්ප්‍රදායික රාමුවකට අනුගත වුන ජීවින රටාවක් ගත ...
මරඋගුල (අ)සම්මත සටහන් ටික දවසකට කලින් අපේ මහම්මා කෙනෙක් ඇවිත් මා එක්ක කතාවට වැටිලා මූණ ඇඹුල් කරගෙන සුසුම් හෙළමින් කියනවා ‘රේස් එක තමයි ඉතින් දුවන්නෙ. ප්‍රශ්න නිමක් නැහැ’ කියලා. එයා විතරක් නෙමේ, හැමෝම මතුරන මන්තරේනෙ. මේ අයගෙ කතාව හරියට ඒගොල්ලො ගෙවන ජීවන රටාව ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ වගේ. මොකද කවුරුත් ඇවිත් තුවක්කුවක් පෙන්නලා බල කරලයැ ඔය රේස් එකට කාවවත් දාන්නෙ. ‘දුවපියව් රේස් ...
සාම්ප්‍රදායික රැඩිකලුන් (අ)සම්මත සටහන් රැඩිකල් සහ ප්‍රගතශීලී මතධාරීන් කියල හැඳින්වෙන ගොඩක් අයගෙ රැඩිකල් බවයි ප්‍රගතශීලී බවයි කියන්නෙ ආගම සහ සංස්කෘතියෙන් එහාට අතුරුදන් වෙන දෙයක්. ඒ රැඩිකල් සහ ප්‍රගතශීලී බව තියෙන්නෙ ආගමික සහ සංස්කෘතික කාරණා කියන සීමාව ඇතුලෙ විතරයි. ආගමික සහ සංස්කෘතික කාරණා වලදි තියුණු ලෙස රැඩිකල් වන අය මාතෘකාව ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමය, ජීවිතය, පැවැත්ම වගේ දේවල් වලට මාරු වුන ගමන් පෙන්වන්නේ සෑහෙන වෙනස් ...
පොලිටික්ස් සහ පොඩිට්රික්ස් | මහ ඡන්දය ටක්කෙට දිනන්නට ක්‍රම 18ක් (අ)සම්මත සටහන් “ලෝකය රඟ මඬලකි. අපි එහි නළුවෝ වෙමු” දේශපාලනය නම් නාටකයේ වේදිකාව හිමි පාලකයාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රේක්ෂකාගාරයේ සිටින ජනතාවගේ මනස කෙරේ ඔහුට ඇති කල හැකි බලපෑම මතය. ජනතාව හසුරුවා ගැනීම අරමුණු කොටගත් පාලකයා ඔවුන්ගේ ජන විඥානය තේරුම් ගනියි. ජනතාව වඩාත් සංවේදී වන, හැඟුම්බර වන ඔවුන්ගේ වටිනාකම් (values) සහ ඔවුන්ගේ දුර්වලතා හඳුනා ගනියි. සරල බසින් කියන්නේ නම් ජනයාගේ නාඩි වැටෙන අන්දම ...
දරුවා දාන්න හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල්ද? සාමාන්‍යය ඉස්කෝලෙකටද? (අ)සම්මත සටහන් දරුවෙක්ට ඉගෙනගන්න ඉන්ටර්නැෂනල් ස්කූල්ද රජයේ පාසැල්ද වඩා හොඳ කියන එක ගැන බුකියේ සංවාදයක් යනවා. ඒ ගැන මට තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියක අදහසක්. මම ළමයි බිහි කරන්න දායක වෙන්නෙ නැති වුනාට මට ළමයෙක් හිටිය නම් ඉස්කෝලය තෝරාගැනීම ගැන කතාවෙදි මම මුලින්ම බලන්නෙ යම් ඉස්කෝලෙක සිසුන්ට දඬුවම් විදියට ගහනවද නැද්ද, ඔවුන්ට ලබා දෙන දඬුවම් ක්‍රම මොනවද, ගුරුවරුන් සිසුන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද ...
ෆැෂන් එකට ශොපින් යාම (අ)සම්මත සටහන් ප්රශ්නය – මට කල්පනා වෙනවා ඔබ කිව්ව යමක්.. මේ ගැන ඔබ ලියලත් තියෙනවා.. ප්රජාතන්ත්රවාදය ගැන අප කතා කරමින් ඉන්න කාරණයට සම්බන්ධ දෙයක්.. ඔබ සඳහන් කරල තියෙනවා මෙහෙම… තරුණ ගැහැණු ළමයින් තමන්ට විවේක වේලාවක් හම්බෙන සෙනසුරාදා හවස වගේ වෙලාවල් වල ෂොපින් මෝල් වල ඇවිදින්න කැමතියි පුස්තකාලයක් වගේ තැනකට යනවට වඩා කියල.. මම හිතනවා මේ කාරණය සිත්ගන්නාසුළු දෙයක් කියල. මොකද බොහෝමයක් ...
බඩු සහ කුණු (අ)සම්මත සටහන් මම කවදාවත් පිළිවෙලකට හිටිය කෙනෙක් නෙමෙයි. Order එකකට ජීවත් වීම කියන දේ මට කොහොමත් කරන්න ටිකක් අමාරු දෙයක්. මම හිතන්නෙ මේක මගෙ ජීවිතයෙ හැම පැත්තකම වගේ පැතිරිලා තියෙනව. මට දැනගන්න උවමනා යම් දෙයක් ගැන ඉගෙන ගැනීම ගත්තත් මා තුළ කැමැත්තක් නැහැ කවුරු හරි හදපු සිලබස් එකක් තවත් කවුරු හරි මට උගන්නනව ඉඳගෙන අහන් ඉඳල ඒ ආකෘතිය ඔලුවට දාගන්න. ඒ වෙනුවට ...
ජනතාවගේ ටීවී චැනල් (අ)සම්මත සටහන් මාධ්‍යය ආයතන විසින් තමන්ව හඳුන්වා ගන්නෙ මහ ජනතාවගේ හඬ විදියට. ඔවුන් කියාගන්නා පරිදි ඔවුන් ජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන ජනතාවට සේවය කරනවා ජනතාවට තොරතුරු ලබා දීම සහ ජනතාව දැනුවත් කිරීම හරහා. “ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වසනීයම ප්රවෘත්ති විකාශය” “People’s channel” “සත්යයයේ සටහන බුද්ධියේ විමසුමට” සාමාන්‍යයෙන් රටක ජනතාව දේශපාලන දැනුමෙන් සම්බුද්ධික වෙන්නෙත්, නව තොරතුරු සොයාගෙන යන්න උනන්දු වෙන්නේත් (උදා – පුස්තකාල ...
රේස් එක (අ)සම්මත සටහන් ටික දවසකට කලින් අපේ මහම්මා කෙනෙක් ඇවිත් මා එක්ක කතාවට වැටිලා මූණ ඇඹුල් කරගෙන සුසුම් හෙළමින් කියනවා ‘රේස් එක තමයි ඉතින් දුවන්නෙ. ප්‍රශ්න නිමක් නැහැ’ කියලා. එයා විතරක් නෙමේ, හැමෝම මතුරන මන්තරේනෙ. මේ අයගෙ කතාව හරියට ඒගොල්ලො ගෙවන ජීවන රටාව ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ වගේ. මොකද කවුරුත් ඇවිත් තුවක්කුවක් පෙන්නලා බල කරලයැ ඔය රේස් එකට කාවවත් දාන්නෙ. ‘දුවපියව් රේස් ...
වේවැල් කෝටු නාරං සියඹලා අතු (අ)සම්මත සටහන් මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි. රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා ...
පාසැල්වාදයෙන් ඔබ්බට (අ)සම්මත සටහන් මම ගරු කරන මිතුරෙක් පාසැල්වාදය ගැන මගේ අදහස ප්‍රශ්න කරන පණිවිඩයක් එවා තිබුනා. ඔහුට ප්‍රතිචාරයක් ලියාගෙන යද්දි ඒක හිතුවට වඩා දිග වෙන බව පෙනුන නිසා ලියපු දේ පබ්ලික් දාලා ලින්ක් එකම ඔහුට යවන්න තීරණය කලා. පහළ තියෙන්නේ ඒ සංවාදයයි. සංජය, සාමාන්‍ය පාඨකයෙක් විදිහට ඔයාගේ පෝස්ට් එකක් ගැන මගේ නිකන් අදහස. අර ඉස්කෝලේ ලාංඡනය පච්ච ගහගෙන ඉන්න පෝස්ට් එකේ මම මෙහෙම ...
සිරකරුවන් දෙදෙනෙකුගේ අරුම පුදුම කතාවක් (අ)සම්මත සටහන් 1. දුමින්ද නිදහස් කිරීම සාධාරණීයකරනය කරන දේශපාලකයන් සැවොම සහ බයි ප්‍රජාව කියන්නේ රංජන් විසින් අධිකරණයට බලපෑම් කොට දුමින්ද සිරගත කල බවය. එනිසා දුමින්ද නිදහස් කිරීම සහේතුක බවය. 2. රංජන් අද හිරේ සිටින හේතුව අධිකරණය දූෂිත බව ප්‍රසිද්ධියේ කීමය. ඉහත දෙපිරිසම (එනම් දුමින්ද වෙනුවෙන් කතා කරන දේශපාලකයන් සහ බයි ප්‍රජාව) අධිකරණය දූෂිතයි කියා රංජන් කීම විශාල වැරැද්දක් වශයෙන් දකියි. ඉහත 1 ...