ෆේස් මාස්ක් සහ බුර්කා (අ)සම්මත සටහන් පහත ඡායාරූපය සමඟ අපේ මිත්‍ර අනූප ප්‍රේමරත්න මේ ප්රශ්නය අහල තිබුනා “මාස කීපයකට පෙර මෙම දැන්වීම දමා තිබූ වෙළඳ සැල් හිමියන්ට තවමත් සිය පාරිභෝගිකයන් ගේ මුඛය සහ නාසය දැක බලා ගන්න ආස ඇතිද?” මම හිතන විදියට, බුර්කා විරෝධය ක්‍රියාත්මක වුනේ ආගමික සහ සංස්කෘතිකමය යමකට එල්ල වුන සංකේතීමය විරෝධයක් විදියටයි. ඒ කිව්වෙ බුර්කාව එක්ක තිබ්බ විරෝධය යමකට විරෝධය දක්වන්න පාවිච්චි කරපු ...
බෞද්ධකම ගැන ආඩම්බර වීම (අ)සම්මත සටහන් කෙනෙක් තමන් බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙන්නේ කොහොමද? මා අසා ඇති අන්දමට බෞද්ධාගමේ මූලික අරමුණ වන්නේම පුද්ගලයාගේ මමත්වය නැති කිරීමය. මා දන්නා තරමින් ආඩම්බර වීම තරම් මමත්වය වැඩි කරවන තවත් මිනිස් හැඟීමක් නැති තරම් ය. ඉතින්, කෙනෙක් තමන්ගේ බෞද්ධකම ගැන ආඩම්බර වෙයි නම් එහි ඇත්තේ පරස්පරවිරෝදී බවකි. එය හරියට යම් කෙනෙක් තමන්ව මස් කන වෙජිටේරියන් කෙනෙක් කියා හඳුන්වා දීමට සමානය. ...
බලය යනු කුමක්ද? | What is power? (අ)සම්මත සටහන් ලෝක ප්‍රකට විශිෂ්ඨ ගනයේ චිත්‍රපටයක් වන Schindler’s List චිත්‍රපටයේ එක් දර්ශනයකදී කථා නායකයා වන Oskar Schindler හා නාසි හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වන Amon Göth සංවාදයක යෙදී සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සංවාදයේ විෂය “බලය යනු කුමක්ද?” (What is power?) යන කාරණයයි. Amon Göth කියන්නේ උදේ පාන්දර අවදිව කම්මැලිකම යාමට සිය තුවක්කුව ගෙන ඉලක්කය ගනිමින් කුරුල්ලන් මරන්නා සේ යුදෙව්වන් ඝාතනය කරන ...
ලෝක යථාර්තය අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් දුප්පත් පවුල් වල කොලු ගැටව් (අ)සම්මත සටහන් උසාවි දාන භික්ශූන් වැඩිම පිරිසක් ලමා අපයෝජන චූදිතයන්. ඒකෙනුත් වැඩියෙන්ම තමන්ගේම පොඩිනමවල් අපචාරයට ලක් වූ චෝදනා, සැ යු – පහත සටහනේ ආවේගශීලි වචන භාවිතයක් අඩංගුය. “පොඩි දරුවෙක් කැමති වුන පළියට ඒ පොඩි එකාට අරක්කු බොන්න බෑලු… කසාද බඳින්න බෑලු… යුද්ධෙට යන්න බෑලු… වාහන එලවන්න බෑලු… හවස හයෙන් පස්සෙ තනියෙම පාරෙ යන්න බෑලු… කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑලු… ඉස්කෝලෙ යන්නැතුව ඉන්න ...
හෙළයෙක් වීම; ආඩම්බරයි තේරුමක් නැතිව! (අ)සම්මත සටහන් ඕන් එක්තරා රටක රජතුමෙක් හිටියලු හරිය. මේ රජතුමා ශාකසාරමය දූම පානයක් දාගෙන සඳට සැතැප්මක් තියාගෙන, රැවුල කරකව කරකව සඳලු තලේ සක්මන් කොර කොර ඉන්නකොට (සිතන්ඩකෝ මාළිගාව තියෙන්නේ සීගිරිය වගේ පර්වතයක් උඩ කියලා) පොරට ඈතම ඈත මේ ඩොටේ පෙනුනලු ගොයියෝ ටිකක් ගොයම් හිටවනවා. වැවයි පන්සලයි ගමයි දාබැයි වගේ ඊලඟට දැක්කලු වැවේ මාළු අල්ල අල්ල ඉන්න ධීවරයෝ ටිකක්. ඊට ටිකක් මෙහායින් වෙන්ඩ, ...
අපි නොදන්න විඥානය! (අ)සම්මත සටහන් හෙට එච්චර කළුවර නෑ..! ගසට විඥානයක් ඇතිද, සංසේචනය නොවූ කිකිලි බිත්තරයට විඥානයක් ඇතිද, සංසේචනය වූ කිකිලි බිත්තරයට විඥානයක් ඇතිද, ඩිම්බයට විඥානයක් ඇතිද, ශුක්රානුවට ඇතිද? යුක්තානුවට ඇතිද? සති තුනක කලලයකට ඇතිද ආදී වශයෙන් ප්‍රශ්න කරමින් විඥානයේ අගමුල සොයන නංගිලා මල්ලිලා අයියලා අක්කලා නැන්දිලා මාමිලා සහ බාප්පිලා පුංචිලා වෙනුවෙන් මේ සටහන තබමි. පලමුකොටම කිවයුත්තෙ මෙතැන “විඥානය” ලෙස මම අදහස් කරන්නෙ යනුවෙන් ...
නීතිය සියල්ලන්ට සමානය (අ)සම්මත සටහන් ඔබ රැකියාව කරන්නේ සිල්ලර කඩයක කියා සිතන්න. නැත්නම් යම් පුද්ගලික ආයතනයක කියා සිතන්න. ඔබ රැකියාව කරන අතරතුර යම් දිනකදී ඔබගේ නොසැලකිල්ල නිසා හෝ ඔබ ගත් තීරණයක් වැරදී යාම නිසා ඔබ රැකියාව කරන සිල්ලර කඩයට හෝ ආයතනයට රුපියල් දහදාහක, පනස්දාහක, ලක්ෂයක, ලක්ෂ පහක පාඩුවක් වුනා කියා උපකල්පනය කරන්න. එසේ වුනා නම් කුමක් සිදුවනු ඇත්ද? එසේ නම් බොහෝ විට ඒ වරදට ඔබට ...
මේ ලොවට දරුවන් බිහි කිරීම හරි ද? (අ)සම්මත සටහන් ජීවිතය කියන්නේ මුළුමනින්ම සතුටුදායක හොඳ අත්දැකීම් වලින් පමණක්වත් මුළුමනින්ම දුක හෙවත් නරක අත්දැකීම් වලින් පමණක්වත් පිරුණු දෙයක් නෙමේ. පොදුවේ සලකපුවම, අති මහත් බහුතරයක් අවස්ථා වලදී ජීවිතය ඇතුලේ ඉහත කිව්ව අත්දැකීම් දෙවර්ගයම අඩංගුයි. මුලින්ම ඒ කරුණ සඳහන් කලේ, දරුවන් බිහි කිරීම සදාචාරාත්මක නොවන බව කියැවෙන කතිකාවත පදනම් වෙන්නේ ‘ජීවිතයම දුකක්’ කියන පදනම මතය කියල සමහරු වරදවා වටහාගෙන ඉන්න බව පෙනුන නිසා. ...
අපි පිරිමි… උන් ගෑණු…! (අ)සම්මත සටහන් පළවෙනි අත්දැකීම :- කාලයකට කලින්. මීට අවුරුදු අටකට දහයකට විතර කලින් මම හිතන්නෙ. යාලුවෙක්ගෙ වෙඩිම ළඟයි. ඌගෙ වෙඩිමෙ වැඩ වලට උදව් වෙන්න එහෙ මෙහෙ දුවන ගමන්, පණ දාගෙන වැඩ කරන ගමන්. මහ රෑ වැඩ වලට උදව් වෙවී හිටිය තව යාලුවෙක්ව ගෙදර බස්සලා එන ගමන් මග වාහනේ නැවැත්තුවා සිගරට් එකක් ගහන්න. ලයිට් කණුවක් ළඟ නවත්තලා උපරිම සැනසීමේ සිගරට් එක ගහන අතරෙ ...
සෙබළා රණවිරුවාට ඇන්දවීම (අ)සම්මත සටහන් ‘සෙබළා’ නම් වචනය ලංකීය ජනවහරින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් පවතියි. ඒ වෙනුවට ‘රණවිරුවා’ නම් වචනය පාවිච්චි කිරීමට පුහුණු කෙරෙමින් තිබේ. සෙබලාව රණවිරුවා කිරීම දේශපාලන ප්‍රොජෙක්ට් එකකි. එයින් ඉලක්ක කෙරෙන්නේ ‘සෙබලා’ නම් වචනය පසුපස ජීවත් වෙන මනුස්සයාට වඩා යම් පිරිසකගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සහ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමයි. මේ දිනවල දිනපතාම වාගේ රූපවාහිනියේ පෙනී සිටින යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා ...
බයි වහලුන් එක්ක දේශපාලනය කතා කරන්න අමාරු ඇයි? (අ)සම්මත සටහන් මගේ නගා රාජපක්ෂ දේශපාලනය වන්දනා කරන කෙනෙක්. එයා එක්ක දේශපාලනය කතා කරල මම ඉගෙන ගත්ත දෙයක් තියෙනව. ඒ තමා මම නගා එක්ක කතා කරන්න දන්නෙ නැහැයි කියන කාරණය. එයා එක්ක දේශපාලනය කතා කරද්දි මම ගොළු වෙනව. ගොඩක් වෙලාවට මට කට උත්තර නැති වෙනව. ඕනම පුද්ගලයො දෙන්නෙක් යමක් ගැන සාකච්ඡා කරනව නම් ඒ සාකච්ඡාව තේරුමක් තියෙන එකක් වෙන්නෙ, ඒ දෙන්නා අතර ...
සිය කැමැත්තෙන් පැවැත්ම අහෝසි කරගැනීම ගැන (අ)සම්මත සටහන් කැමැත්තෙන් තමන්ගෙ ජීවිතය අවසන් කරගන්න එක ගැන සමහර වෙලාවට අපි හරි සැහැල්ලුවෙන් කතා කරනවා. ඒත් මැරෙනවා කියන එක, ඒ කියන්නෙ අපේම ජීවිතය අපි විසින්ම අවසන් කරගන්නවා කියන එක අපි ඉස්සරහා තියෙන ස්විච් එකක් ඕෆ් කරනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… මැරුන කෙනෙක් දන්නෙ නෑ තමා මැරිලා ඉන්නෙ කියලා. ඒක හරි. මරණයේ අවුල විඳින්න පුද්ගලයෙක් තව දුරටත් පවතින්නෙ නෑ. ඒකත් ...
මහදැනමුත්තෝ හෙවත් ස්පෙශල් පොරවල් (අ)සම්මත සටහන් මොවුන් සාමාන්‍ය මිනිසුන් ගෙන් වෙන් වූ විශේෂ යැයි සැලකෙන අතිවිශේෂ සැලකිලි ගරුබුහුමන් ලබන පිරිසකි. මුළු සමාජයකටම හොඳ සහ නරක කියා දෙන්නේ මොවුන්ය. ආහාරයට ගත යුතු දේ නොගත යුතු දේ, ආහාරයට ගත යුතු මස් මාංශ, නොගත යුතු මස් මාංශ, ඝාතනය කල යුතු සහ නොකල යුතු සතුන් ගැන කියා දෙන්නේ මොවුන්ය. කාන්තාවන් ගේ ඇඳුම් භාවිතය සහ රෙද්දවල් වල දිග පළල තීරණය කරන්නේ ...
යක්ෂයාට තම ආත්මය විකුණපු මිනිස්සු (අ)සම්මත සටහන් යක්ෂයාට තම ආත්මය විකුණපු මිනිස්සු, කියන්නේ ප්‍රසිද්ධ වැකියක්. මොකක් හරි හේතුවකට චතුර, සංඛ, දිල්කා, සුදේව, රංගන, අශේන්, ඉරාජ්, දිලිත්, මහරාජා, රෙනෝ; සරලවම මීඩියා කාරයන්ව දකින දකින වාරයක් ගානෙ; ටීවී එක බලන බලන වාරයක් ගානෙ ඔලුවට එන්නෙ ඒ වචන කිහිපය. “යක්ෂයාට තම ආත්මය විකුණපු මිනිස්සු” කියන වචන ටික. යක්ෂයාට තම ආත්මය විකුණනවා (selling your soul to the devil) කියන සංකල්පයෙන් අදහස් ...
පොත් වලට ගරු කිරීම ගැන (අ)සම්මත සටහන් පොත් වලට ආදරය කරන්න කියල පොඩි කාලෙ අපිට කියල දෙනව. පොත් වලට පොත් පොත් වීම නිසාම ගරු කරන්න කියන එකයි අදහස. පොත් වලට පොත් වීම නිසාම ගරු කරන්න කියන අදහස එනව වෙන්න පුළුවන් සමහර පොත් ‘ජීවිතේ ගොඩයන්න’ උදව් කරන නිසා. අධ්‍යාපනය කියන්නේ බුදුඅම්මෝ ලෙවල් එකේ යමක් කියන අදහස. අපි හැමෝම දන්න පරිදි අධ්‍යාපනයෙන් (ඊට අදාල පොත් වලින්) කරන්නෙ යම් වෘතියක් ...
සුටුස් ගාලා තිබිලා එකපාරම හුටුස් ගාලා අතුරුදන් වෙන සදාචාරය (අ)සම්මත සටහන් අපි එදිනෙදා කතා කරන මාතෘකා ගත්තම, උදා – ළමා මහණ කිරීම්, ස්ත්‍රී දූෂණ, ඒකාධිපතිවාදයේ අවුල, යුධ අපරාධ etc – ඒවයේදි කිසිම ප්‍රශ්නයක් නැහැ මූලික එකඟතා එකතුවක් (common ground එකක්) මත පදනම් වෙලා අපි ඒවා ගැන කතා කරනව. නමුත් ඔය කතාබහ මාරු වුනොත් අපේ ජීවන රටාව, අපේ පහසුව, අපේ ආශාවල් හරි අපේ පැවැත්මේ සාංදෘෂ්ඨික වටිනාකම් වලට, එතනදි ගොඩක් දෙනෙක් අර පොදු ...
ආදරය, සහකම්පනය සහ කරුණාව | Love, Empathy and Compassion (අ)සම්මත සටහන් මගේ මිත්‍රයෙක් එක්ක කතාබහකදී මිත්‍රයා හෙළිකලා ඔහුගේ විශ්වයම ගොඬනැඟෙන්නේ ආදරය මත කියන එක. ඔහු කියන්නේ මිනිස් සංහතියම ආදරය මුල් කරගෙන පැවතිය යුතු බවයි. ඒ මතය ගැන කල්පනා කරල බැලුවම මට හිතුනේ ඒක ගොඩක් සුන්දර අදහසක් වුනාට අපි එදිනෙදා සමාජයේ හමුවෙන දහසක් නන්නාඳුනන මිනිසුන්ට ආදරයෙන් සලකන එක ප්‍රායෝගික නැහැ වගේ හැඟීමක්. නමුත් මං හිතන විදියට බොහෝ අවස්ථා වලදි අපිට පුළුවන් අනෙකා ...
අප්සරා ආස ස්ප්‍රයිට් වලට..! (අ)සම්මත සටහන් ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත. “බොන්නෙ නැද්ද?” මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම, මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි. මම අමාරුවෙන් වචන ගලපමින් ...
මරණය (අ)සම්මත සටහන් මම තවම මරණයට පත් වෙලා නැහැ. මගේ පැවැත්මේ ප්‍රධාන කොටස්කාරයන් වෙලා ඉන්න අයගෙන් කවුරුත් තවම මරණයට පත් වෙලත් නැහැ. ඒ නිසා මරණය සමඟ මම තවම අභිමුඛ වෙලා නැහැ. මට තවමත් මරණය ආගන්තුකයි. ඒ අන්තිම වාක්‍යය කිහිපයේ මම එකම වචනයක් කිහිප වතාවක්ම යොදාගෙන. ‘තවම’ කියන වචනය. ජීවිතයත් එක්ක ලැබෙන නිශ්චිතම දෙයයි මරණය. ඒ කියන්නෙ මම සහ මගේ පැවැත්මේ ප්‍රධාන කොටස් කාරයන් ...
බුද්ධිමතා සහ තක්කඩියා (අ)සම්මත සටහන් දවස් කීපයකට කලින් මිතුරෙක් එක්ක කතාබහක් ඇති වුනා බුද්ධිමතා කියන වචනයෙන් මොන වගේ කෙනෙක්වද හඳුන්වන්න පුළුවන් කියල. මිත්‍රයට අනුව ඔහුගේ දෙමාපියන් බුද්ධිමත්. ඒ කතාවෙන් පස්සෙයි මේ ගැන කතාබහ ඇති වුනේ. මිතුරගේ අදහස වුනේ ඔහුගේ මාපියන් සමාජය තේරුම් අරගෙන ජීවිතය තුළ එදිනෙදා ගන්න තීරණ, ගහන ගේම්ස් මාර බවයි. මෝ-ඩ මනසක් තියෙන කෙනෙකුට ඒවා එහෙම කරන්න බැරි බවයි. ඒ අර්ථයෙන් ඔහුගේ අදහස ...