සුරතල් නංගියේ අපේ අම්මා (අසංශික්ප්ත සටහනක්) (අ)සම්මත සටහන් තාත්තා දරිද්රාතාවෙන් පෙළුනු පහතරට පවුලක වූයෙන් සහ අම්මා උඩරට (වංශවත් යැයි කියා ගන්නා) පවුලක වූයෙන්, අම්මා හා තාත්තා විවාහ වී තිබුණේ ඒ දෙදෙනාගේ කැමැත්තටය. අම්මාගේ පවුලෙන් ඔවුනට කිසිදු දායාදයක් නොලැබුනු අතර තාත්තාගේ පවුලෙන් දෙන්නට දායාදයක් තිබී නැත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේදි අම්මාට තාත්තා මුණ ගැසෙන විට තාත්තා වාමාංශික ශිෂ්‍ය නායකයෙකුව සිටියේලු (ජවිපේ නොවේ). “අන්තිමට සමරේ අපිව රුසියන් විප්ලව වල ...
දේශපාලකයෝ වැරදි කරති…එතකොට අපි? (අ)සම්මත සටහන් කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි. මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි. “ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ටාර්ගට් ...
ආගම ගැන කතාබහක් (අ)සම්මත සටහන් මිත්‍රයෙක් එක්ක කතාබහක්…. මාතෘකාව ආගම ! ආගම කිව්වේ ලෝකෙ පවතින එකම පරම සත්‍යය ආගම හෙවත් එයාගෙ අම්මගෙයි තාත්තාගෙයි ආගම. මේ පුද්ගලයාට අදාලව නම් කතෝලික දහම… සුපුරුදු පරිදි මෙවන් කතාබහ වලදී ටික වේලාවකින් ආගමික පාර්ශවයෙන් දකින්න ලැබෙන හැසිරීම් වන වියළි කැස්ස ඇතිවීම, ගෙන එන තර්කයෙන් තර්කයට ඉඳගෙන ඉන්නා විදිය මාරු කිරීම, ආසනයේ ඉදිරියටම පැමිණීම.. ආයෙම අගට යාම.., අත තබා ගැනීමට හරි ...
ඩනින්-කෲගර් නැමියාව | Dunning–Kruger effect (අ)සම්මත සටහන් මම සිරස සුපර්ස්ටාර් පළවෙනි සීසන් එක බැලුවේ තරඟ කරන්න එන තරඟකරුවන්ගේ ගායන හැකියා වලින් තෘප්තියක් ලැබීමේ අරමුණින් විතරක්ම නෙමෙයි. ඉතා විශේෂ ගායන හැකියාවකින් යුත් තරඟකරුවන් වගේම සාමාන්‍යයෙන් මිහිරි ලෙස ගායනා කරන්න හැකියාවකින් යුත් තරඟකරුවන්ටත් අමතරව තව පිරිසක් හිටියා වැඩසටහන නරඹන්නන්ට මහත් විනෝදාශ්වාදයක් ලබල දීපු. ඒ තමා සින්දුවක් කියනවා තියා හිතන්නවත් බැරි, මලාට යකෙක්ටවත් අහන් ඉන්න බැරි විදියට සින්දු කියන ...
බුකියේ චාමරයා බං..! (අ)සම්මත සටහන් රමණගෙ යාලුවෙක්, ඊයෙ පෙරේද දවසක තවත් අලුත් යාලුවෙක් සැට් කරං ආව කේජී පාරක් ගාන්ඩ. ඒ වෙනකොට අපි හතර පස්දෙනෙක් පුරුදු පොට් එකේ හිටිය. අලුත් කොල්ලෙක් සැට් වෙනකොට පොඩ්ඩක් අවුට් ලුක් එක ස්කෑන් කරල කෝම පොරක්ද කියල අනුමානයක් හදාගන්න එක අපි කාටත් ලාවට අරි තියෙන පුරුද්දක්නෙ. ඉතිං ඔව්ව මෙව්ව අස්සෙ ඌටත් ලාවට ඉනාපාරක් හෙම දාල ගැටේ ගහන්ඩ පටන් ගත්ත. දැන් එක ...
මරණින් එහා ජීවිතයේ මිල (අ)සම්මත සටහන් ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද? මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්‍යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා ...
ගැනිමේඩ් අටේ නිසා විවාහය කල් යන්නෙ කොහොමද? (අ)සම්මත සටහන් “උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව් කල්පනාකල අවස්තාවද, කලලයේ ස්නායු පද්ධතිය වැඩ කරන්නට පටන් ගැනීමද, කලලයේ හෘද ස්පන්දනය පටන් ගැනීමද, පලමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්තාවද, මව් කුසින් ඔලුව එලියට ආ අවස්ථාවද, මව් කුසින් කකුල එලියට ආ අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්තාවද, දරුවා අඬන්නට පටන්ගත් අවස්තාවද, නො එසේ නම ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් ...
අහෝ ගප්පියා නොදිටි මොක්පුර (අ)සම්මත සටහන් අන්තර්ජාලය හරහා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුන ගප්පියා ගැන නොදන්න තරුණයෙක්/තරුණියක් ඇත්තේම නැති තරම්ය. එනිසා ගප්පියා ගැන කෙටි හෝ හැඳින්වීමක් කිරීමට බ්ලොග්කරු අදහස් කරන්නේ නැත. තෙවසරකට පෙර YouTube වෙබ් අඩවිය හරහා තම පළවෙනි වීඩියෝව ඉදිරිපත් කල ගප්පියාගේ වීඩියෝ නැරඹූ පිරිස දැනටම 4,118,998 කි. ඔහුගේ YouTube Channel එක Follow කරන පිරිස මෙම සටහන පලකෙරෙන මොහොත වන විට 30,220 කි. ...
සැබෑ ලෝකයේ Joker ලා සහ මම (අ)සම්මත සටහන් වසර 2007, ජූලි 23 දින උදෑසන වෘතිමය අපරාධකරුවන් දෙදෙනෙක් වූ ස්ටීවන් හේස් සහ ජෝෂුවා කොමිසවෙස්කි ඇමරිකාවේ පිහිටා ඇති නිස්කලංක නගරයක් වන චෙශර් ප්‍රදේශයේ දොස්තර විලියම්ස් සහ ඔහුගේ බිරිඳ ජෙනිෆර් පෙටීට් ගේ නිවසට ඇතුළු වෙයි. ඔවුන් නිවසට ඇතුල් වන විට දොස්තර විලියම් සිටින්නේ මැද සාලයේ සෝෆාව මත අඩ නින්දකය. ජෝෂුවා පසුව පාපොච්ඡාරණය කලේ තමා ඉදිරියේ නිදා සිටි දොස්තර විලියම් ළඟ විනාඩි ...
ලාංකික ජන මනසේ දිනපොත | Eyes of others; Thoughts of others (අ)සම්මත සටහන් කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ. “නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?” අඳින්න කියල හරිහමන් ඇඳුමකුත් නැහැ. කමක් ...
සර්වබලධාරී දෙවියන් මොන වගේද? | Morality of God explained (අ)සම්මත සටහන් මේ පසුගිය දිනකදී සිදුවුන සිදුවීමකි. අවුරුදු දහයකට අඩු කුඩා දැරියක් සිත් පිත් නැති නරුමයෙකු අතින් දූෂණයට ලක් වෙයි. කලක් තිස්සේ මේ අහිංසක කුඩා දරුවා දෙස ඇහැ ගහගෙනා සිටි මෘගයාගේ සැලසුම අවසනයේ සාර්ථක වේ. මුළු ජීවිත කාලය පුරාවටම වෙනස් කල නොහැකි ලෙස තැලී පෙළී ගිය සිතක් ශරීරයක් ඉතිරි කරමින්, තම සිතැඟි ඉටු කරගත් මෘගයා නිරුපද්‍රිතව නික්ම යයි. ඒ නික්මෙන්නේ කිසිදා කුමන ...
මිනීමස්, නොමිනිස් මස්, ජෙෆ්රි ඩාමර් සහ අපි (අ)සම්මත සටහන් ජෙෆ්රි ඩාමර් කියන්නේ අසූව දශකයේ ඇමරිකාවේ විසූ දාම ඝාතකයෙක්. තමන් විසින් 1978 සිට 1991 දක්වා වසර දහ තුනක කාලයක් පුරා තරුණයන් දහ හත් දෙනෙකු ඝාතනය කලා යැයි පසුව ඔහු පාපොච්චාරණය කරනවා. මේ තරුණයන්ගෙන් සමහරුන්ව කපා කොටා ඝාතනය කල ඩාමර් ඔවුන්ගේ ශරීර කොටස් – අත, පය, හිස – වෙන් කොට ශීතකරණයක ගබඩා කොට තබාගෙන තිබෙනවා. ඒ අතර සමහර අයගේ හෘදය වස්තූන් ...
වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ (අ)සම්මත සටහන් දිනක් මගේ මිතුරෙක් මා හමුවීමට පැමිණියේ වැදගත් කතාවක් මාත් සමඟ කීමට ඇතැයි පවසමිණි. වෙනදා මුහුණේ ඇති සැහැල්ලු විනෝදජනක ස්වභාවය වෙනුවට බැරෑරුම් බවක් ආරූඩ වුනු ඔහුගේ මුහුණ දුටු මම එවැනිම විලසකින් කාරණය කුමක්දැයි විමසා සිටියෙමි. “ශ්‍රී.. අපි හැම අවුරුද්දෙම අනුරාධපුරේ යනවනෙ, වන්දනාවට. එන කට්ටියගෙ නම් ලිස්ට් එක දැන්ම හදනවා. යන දින දවස් මම අද දවස ඇතුළත කියන්නම්. මොකද කියන්නෙ, එනවද ...
නිමල් බාස් | ඒ අපේ ගමේ බාස් උන්නැහේ (අ)සම්මත සටහන් නිමල් බාස් ඒ අපේ ගමේ බාස් උන්නැහේ. නිමල් බාස් නොබැදපු ගෙයක්, කුස්සියක්, කක්කුස්සියක් තාප්පයක් අපේ ගමේ නැතුව ඇති. බ්ලොක් ගල්, කඹොක් ගල්, සිමෙන්ති ගල්, කළු ගල් මේ ඕනම ගලක් නිමල් බාස්ට ඔට්ටුයි. හැබැයි මනුස්සයව වැඩකට අල්ලගන්න එක තමයි අමාරුම වැඩේ. “බාස් උන්නැහැ අපේ අර තාප්පේ වැඩේ?” “ආ… තාප්පේ වැඩේ නේද ? මේ දවස් වල හෙක්ටර් මහත්තයලගේ ගෙදර කපරාරුවක්, ඒක ඉවර ...
මගේ ලොවට ඔබ වඩින තුරා..! (අ)සම්මත සටහන් පහුගිය දවසක රමණගෙ යාලුවෙක් රමණට කතාවක් කිව්ව. දවස ගානේ එකතු වෙන පුංචි ලොකු අත්දැකීම් අතරෙ තවත් එක අත්දැකීමක්. ඒත් ‘දියුණුයි කියල කියන මිනිස් සමාජෙක ඒ කියන දියුණුව මොන වගේ එකක්ද ?’ කියන ප්‍රශ්නෙ කීවෙනි වතාවටද මන්ද රමණගෙ ඔලුව ඇතුලෙ ආයෙත් පිකප් වෙන්න ගත්ත…. යාලුවා කිව්ව විදියට කතාව මේකයි.. යාලුවාගෙ නංග බැඳල අවුරුදු දෙකකට ටිකක් වැඩියි. මුල් කාලෙ ඉඳලම මෙයාල දරුවෙක් ...
මම සහ අනුන් | The Responsible Sri Lankan Citizen (අ)සම්මත සටහන් සාමාන්‍යය ශ්‍රී ලාංකිකයාගේ චින්තනයට අනුව, තමා රාජකාරී කරනා ස්ථානයේ සේවකයෙක් වශයෙන් තමා අනුගමනය කල යුතු නීති රීති හැකි තරම් නොසලකා හැර තම හිතවතුන්ට ඒවා අතරින් රිංගා යෑමට උදව් කිරීම ඒ හිතවතුන් කෙරේ තම හිතවත්කම පෙන්වීමේ මාර්ගයකි. තමා කඩකරනා නීතියේ රීතියේ තරම අනුව තමාගේ හිතවතා කෙරේ ඇති හිතවත් කම වඩ වඩා පෙන්විය හැකිය. හිතවත් කම සාමාන්‍යය ප්‍රමාණයට ඇති හිතවතුන් වෙනුවෙන් ...
පිස්සෙක්ද කොහෙද? (අ)සම්මත සටහන් ප්‍රතිපත්ති ප්‍රකාසන, පොරොන්දු, සංඛ්‍යා ලේඛන, චෝදනා පත්‍ර, මයිල් කෙලිං වෙන වාද විවාද, අනාගත සැලසුම්, තත්පරෙං දික්වෙන බලාපොරොත්තු ලිස්ට්, අරව මේව මැද අපි හෙන ගමනක් යනවා..! ඔහොම යද්දි එකපාරටම, මෙන්න මේ ගමනෙ හිටපු පොරක් ආපහු හැරිල අහනවා ‘යකෝ අපි මිනිස්සුද..?’ රමණට හිනා… මේ මොන පිස්සු *කන්නෙක්ද? අපි මිනිස්සු නැතුව වෙන මොක්කුද? අනික එකපාරටම මූට ඕක අහන්න හිතුනෙ ඇයි අවස්තාවට කිසිම සම්බන්දයක් නැතිවම? ...
සිරිමල් වගේ වෙන්න (අ)සම්මත සටහන් සිරිමල් කියන්නෙ යහපත් පුරවැසියෙක්. සිරිමල් මහන්සි වෙලා වැඩ කරනවා. රස්සාව කරන තැන බොස් ඉස්සරහට හම්බුනාම අහිංසක විදියට ‘Good Morning’ කියනවා. බොස්ගේ විහිලු වලට හයියෙන් හිනා වෙනවා. බොස් තමාට සැර කරලා බනිද්දි බිම බලාගෙන ඉවසගෙන ඉන්නවා. අසනීපයකට වුනත් නිවාඩුවක් දෙන්න බෑ කියද්දි මුකුත් නොකියා හැරිලා ගිහින් වැඩ කරනවා. රස්සාවෙන් හැකි තරම් ඉහළට යන්න අධිෂ්ඨානයෙන් කැපවෙලා තමන්ගෙ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදවනවා. ...
සමුගැනීම. | THE End. (අ)සම්මත සටහන් 2015 මැයි 22 දින ඇරඹුනු “[අ]සම්මත සටහන් | හෙට එච්චර කළුවර නොවන්නට!” බ්ලොග් අඩවිය යාවත්කලීන කිරීම නවතා දැමීමට එම අඩවියෙහි කතුවරුන් වන අපි තීරණය කළෙමු! නැත! ඒ අප දෙදෙන අතර අමනාපයක් නිසාවෙන් නොවේ. අප අතර එකඟ වන තැන් මෙන්ම එකඟ නොවන තැන්ද බොහෝය. එහෙත් එම නොගැලපීම් එකිනෙකාගේ ලිවීමට බාධාවක් නොවෙන්නට අප වග බලාගතිමු! පටන් ගත් දිනයේම යම් කඩයිමකට එළඹීමෙන් පසුව ...
මෙල්බර්න්, චාර්ල්ස්ටන්, වැන්කුවර් පසුකර මාළිගවත්තට සහජීවන බස් එකේ රවුමක් යමුද? (අ)සම්මත සටහන් වෙනින් අම්මා කෙනෙකුගේ කුසින් උපන් මගේ සහෝදරයා ලෝක සිතියමේ එක් කොණකය, මා තවත් කොණකය. හමුවිය නොහැකි හෙයින් දුරකථනයකින් මම ඔහු අමතමි. “කොහෙද ඉන්නේ?” “බස් එකේ” “ඔච්චර සද්දේ?” “අද වීකෙන්ඩ් එකනේ කට්ටිය ඔක්කොම ෆන් මූඩ්. බස් එක එකම ෆෘට් සැලඩ් එකක් වෙලා තියෙන්නේ” මගේ මිතුරා සිනාසෙන හඬ මට ඇසේ “ඇයි එහෙම කියන්නේ?” “මගේ දකුණු පැත්තේ සීට් එකේ වාඩි වෙලා ඉන්නේ චීන ...