කොට සායේ මහා ගැටළුව | Freedom and Sexual objectification (අ)සම්මත සටහන් ප්‍රශ්න කරන්නා – ගැහැණු ළමයි කොටට අඳින එක, ඇඟ පේන්න අඳින එක වැරදියි කියලා අදහසක් තියෙනවද? කොටට අඳින එක වැරදි වෙන්නෙ කොහොමද? අසම්මත සටහන් – වැරදියි කියල කියනවට වඩා මගෙ අදහස හරියටම කියවෙන්නෙ ‘ඒක අධෛර්යමත් කරන්න ඕන හැසිරීමක්’ කියල කිව්වොත්. ඒකයි මගෙ මතය. ප්‍රශ්න කරන්නා – එහෙම කියන්න හේතුව මොකක්ද? අසම්මත සටහන් – දැන් කාලයේ කාන්තාව කියන කෙනාව සෙක්ෂුවල් ...
සියැටල් වෙත දුකින් සහ තරහින්..! (අ)සම්මත සටහන් සියැටල්, මට හමුවුනා උඹේ පරපුරේ එකෙක්. ඔළුවේ නැහැ පිහාටු නැහැ හිටියේ අස්සයෙකුගේ පිටේ. උදාර පෙනුම..? ඌ වැනෙනවා බමන මතින්. රතු ඇස් දොබගෙඩි කොන්ඩේ කැරළි ඔළුව..? හිස්. ඌ ඉල්ලුවා මගෙන් සත විසි පහක් හෝම් ලස්ලු..! සියැටල් උඹට මතකද? උන් ඇවිත් කිව්වා මිළ කරන්න පොළව, ගහ කොළ, වට පිටාව..? උඹ හිනා වුනා. උඹ පුදුම වුනා. උඹ ඇහුවා… “කොහොමද මිළ කරන්නේ..? මේ ...
ප්‍රවේසම් වන්න, ඔබේ ප්‍රියයා මේ විදියේ කෙනෙක් විය හැකියි | You might be dating a Narcissist (අ)සම්මත සටහන් මගේ ළඟම මිතුරියක් වසර දෙකක කාලයකින් පසු ඇයගේ සැමියාගෙන් වෙන් වන්නට තීරණය කරලා. කාලයකට පසු හමුවූ ඇය මාත් සමඟ බෙදාගත් අත්දැකීම් වලට සවන් දුන් මට එකවරම සිහියට නැඟුනේ මා අසා, කියවා ඇති ‘නාසිසිස්ටික්’ (Narcissistic) නම් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ගැනයි. මට හැඟී ගිය විදියට ඇයගේ සැමියාද එවන් ගති ලක්ෂණ ඇති අයෙක්. පොදුවේ Narcissistic personality disorder යනුවෙන් හැඳින්වුවත් මෙය රෝගයක් ...
වැඳීම – ජාතියක නිවට බවේ සංකේතය | Kneel before Authority Babylon ! (අ)සම්මත සටහන් නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා ‘වැඳීම’ කියල කියන්නෙ. සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ. අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් තමන්ට වඳින්න කුඩා දරුවන්ට පුරුදු ...
ඔන්න මාමේ සන්නා පැනපි! (අ)සම්මත සටහන් නුගේගොඩ රොටරියේ කාර්යාල ගොඩනැඟිල්ලට නුදුරින් ඇති මහ විසල් ශාලාවෙන් සාදයක සංගීතය මහ හයියෙන් නැඟේ. අද “අපේ සිංහල පන්තියේ” අවසන් දවසයි. සාදය ඒ විසිරයාම වෙනුවෙනි. මේ සාදයේ අවසන් භාගයයි. “මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි…” කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ තට්ටු කිහිපයක් ඉහළින් ඇති අපේ “සංයුක්ත ගණිතය” පන්තියකට මේ ගීතයේ නාදය හොඳින් ඇසේ. මගේ එක් ...
දරු කට්ට කෑම සහ දරුවන්ට කට්ට දීම (අ)සම්මත සටහන් පාසැල් කාලයේ යාලු මිත්‍රයන් යුවලක් කාලයකට පසු අහම්බෙන් මුණගැසුනි. කතාබහ අරඹා සුළු මොහොතකින්ම අනෙක් හැම අලුත් දෙමාපියන් යුවලක් වාගේම ඔවුන්ද කතා කිරීමට පටන් ගත්තේ තම දරුවන් ගැනයි. පළමු දරුවාට අවුරුදු තුනයිලු. දෙවන දරුවාට මාස ගාණක්ලු. සතියේ දවස් හතට අමතරව තව දවසක් තිබ්බා නම් හොඳයි කියා හිතෙනවාලු. ජීවිතේ හරිම කාර්යබහුලයිලු. අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැලු. මෑතකදී දෙමාපියන් බවට පත් වුන ...
මිහිඳු හාමුදුරුවො ආපු හෙලිකොප්ටරේ (අ)සම්මත සටහන් “මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා” විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය. පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය වෙලා නැති නිසා. දරුවෙක්ගේ මනසට ...
තමන්ගේ සහකාරියව පෑගීම පිරිමිකම බව සිතන අම්මලාගේ පුත්තු (අ)සම්මත සටහන් එදිනෙදා ජීවිතයේදී මානුෂීය සම්බන්ධතා දකිද්දි, අහද්දි තේරෙන දෙයක් තමයි ගොඩක් පිරිමි අය තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන වගේ තදබල හැඟීමකින් ඉන්න බව. ඒ ආකල්පයෙන් ඉන්න අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න. තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ ...
ඕන එකෙක්ගෙ නිරාගමික කතා මරණ බය දැනෙනකල් විතරයි ඕයි | Everyone’s an Atheist till the plane starts falling (අ)සම්මත සටහන් “හැම කෙනෙක්ගේම නිරාගමිකත්වය ගුවන්යානය හෙළවෙනකල් විතරයි” ආගමිකයන් අතරෙ හෙණ ප්‍රසිද්ධ විහිලුවක්නෙ ඔය. ලංකාවෙ විතරක් නෙමේ, මුළු ලෝකෙම. මට නම් පුද්ගලිකව ඔය කතාව විහිලුවක්. හරි හරි, ඒක කොහොමත් විහිලුවක් තමයි. මම කියන්නේ මට නම් ඔය විහිලුවෙන් කියන අදහසත් විහිලුවක්. මාවම උදාහරණයකට ගමු. හයිපතටිකල් සිටුවේෂන් එකක් ඈ. ඔන්න දැන් මම නයඟරා ඇල්ල බලන්න කැනඩාව කරා යන ගමන අතර මැද හෙල්ලෙනව ප්ලේන් එක ...
දුන්නේ දෙකයි, කොල්ලා සරෙන්ඩර්..! (අ)සම්මත සටහන් මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි. රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා ...
ආදරයෙන් හැමිනෙමු | Making Love in Sinhalese (අ)සම්මත සටහන් ඉංග්‍රීසි භාෂාවේ එන “I slept with him/her” කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් “මම ඇය/ඔහු එක්ක නිදාගත්තා” කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන “making love” කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ. එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with him/her කියන එකෙයි we ...
සියදිවිනසා ගන්නෝ දඬු කඳේ ගැසීම | Condemning the Condemned (අ)සම්මත සටහන් මනුස්සයෙක් සියදිවිනසා ගත්ත ආරංචියක් ආපු ගමන් ගොඩක් දෙනෙක් මේ වගේ කතා කියනවා අහන්න ලැබිල ඇති.. “පොඩි කාලෙ ඉඳල දුක් විඳල හදපු දෙමව්පියොයි පව්..”, “මෙච්චර මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්න හදද්දි ජීවිතේ නැති කරගන්නෙ එහෙමත් කාලකණ්ණිම තමයි”, “කොණ්ද පණනැති කමනෙ.. පෞරෂයක් නැති කමනෙ..”, “මේ වගේ දෙයක් නිසා ජීවිතේ එපා වෙනව නම් මැරිලා ගිය එකමයි හොඳ…” ඒ වගේ කතා ගොඩ දෙනෙක් කිව්වත්, සියදිවිනසාගත්ත ...
“පාසැල් මාතාව” නැමැති භයානක ගැහැණියගෙන් ඔබේ අහිංසක දරුවා ප්‍රවේශම් කරගන්න | Those Happy School Days (අ)සම්මත සටහන් අපේ ගෙදර ඉලෙක්ට්‍රිකල් කටයුත්තක් සම්බන්ධ අලුත් වැඩියාවකට දන්න කියන කවුරුන් හරි එවන්න කියල මම මගේ මිතුරෙකුගෙන් ඉල්ලීමක් කලේ සති කිහිපයකට උඩදි. කිහිපවතාවක් දුරකථයෙන් කතා කරලා අන්තිමේදී මගේ මිත්‍රයා කිව්වා පහුවදාට කෙනෙක් එන බව. මොකක් හරි හේතුවක් නිසා සාමාන්‍යයෙන් තරමක වැඩිහිටි කෙනෙක් ඔය වගේ වැඩකට එයි කියල අපේ ඔලුවෙ ඇඳිලා තිබ්බේ . නමුත් එදා උදෙන්ම මෝටර් සයිකලයකින් ඇවිත් බැහැපු අවුරුදු ...
ජීවිතේ සුන්දරද? මෙතරම්! (අ)සම්මත සටහන් මම සම්පුර්ණයෙන්ම සෘණාත්මකව සිතන කෙනෙක් ද කියා මම හරියටම නොදනිමි. මා එසේ සිතන්නෙක් ය කියා මගේ සමහර මිතුරන් වරකට වඩා මා හට කියා තිබේ. සමහර විට ඔවුන් කියනා දේ සත්‍යය වන්නටත් පුළුවන. මම සැබවින්ම සෘණාත්මකව සිතන්නෙක් වුනත් මට එය ගැටළුවක් නොවේ. ඒ, මට සෘණාත්මක චින්තනයෙන් ඈත් වීමටවත් මම ධනාත්මක චින්තකයෙකු බව අනෙක් අයට හෝ මටම ඔප්පු කරවාගන්නවත් උවමනාවක් නොමැති හෙයිනි. ...
අල්ලා ඌරෝ මැව්වේ ඇයි? (අ)සම්මත සටහන් ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි. මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම සිටිනා බිලියන ගණනක ජන කොට්ඨාශයක් ...
බණ්ඩා කොණ්ඩේ කැපූ හැටි (අ)සම්මත සටහන් බණ්ඩා වයස අවුරුදු 15 පමණ සිට කොණ්ඩය කපන්නේ තාරක අයියාගේ සැලූන් එකෙන්ය. ඒ තාරක අයියාගේ කොණ්ඩේ කැපිල්ලේ ඇති සිරා බවක් නිසා නෙමේය. ගෙදරට ළඟම සැලූන් එකේ කොණ්ඩේ කපන එකා චීත්තයකි. කොණ්ඩේ කපන්න එන උන්ගේ ජාතකේ ගැන තොරතුරු එක්රැස් කිරීමය උගේ විනෝදාංශය. කොණ්ඩේ කපන්නට එන උන්ගේ ජාතකේ ගැන ඕපාදූප ප්‍රශ්න උන්ගේ මූණටම අසයි. උන්ගේ විස්තර, උන්ගේ පවුලේ විස්තර, නෑදෑ උන්ගේ විස්තර ...
මැචින්ම කපල් එක (අ)සම්මත සටහන් සිංහල බෞද්ධයා :- “විවාහයට කලින් ලිංගික සබඳතා පැවැත්වීම වරදකි. එසේ කරන්නන්ට නිගරු කිරීම, ලේබල් ගැසීම, කොන් කිරීම, කටකථා ආදිය මඟින් ‘චරිතය ඝාතනය’ කල යුතුය (කාන්තාවන්ට විශේෂයි)”. ඉස්ලාම් මූලධර්මවාදියා :- “විවාහයට කලින් ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයකි. ගල් ගසා ඝාතනය කල යුතුය (කාන්තාවන්ට විශේෂයි).” සිංහල බෞද්ධයා :- “කන්‍යාභාවය යනු මංගල රාත්‍රිය තෙක් රැකගෙන තම පුරුෂයාට පූජා කල යුතු උතුම් දෙයකි” ඉස්ලාම් මූලධර්මවාදියා ...
බුදුන් මැරීම | Killing The Buddha (අ)සම්මත සටහන් “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි. නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය. “If You Meet ...
වීරයා මරපං (අ)සම්මත සටහන් තරඟය පවතින්නේ ශ්‍රීලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි. ජයග්‍රහණය සඳහා ශ්‍රීලංකා පිලට ලකුණු හයක් අවශ්‍යයි, ඉතුරු වෙලා තියන්නේ පන්දු තුනයි. පන්දුවට පහර දීමට පිටියට එන්නේ නවක තරුණ ක්‍රීඩකයෙක්. නම, සචිත්ර සේනානායක ඔහු මුහුණ දෙන පළමු පන්දුව, ශ්‍රීලංකා පිලේ අවසන් පන්දු තුනෙන් පළමුවැන්න. සචිත්ර අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්. මෙච්චර තියුණු අවස්ථාවකදි ඔහු අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්.. මා ඇතුළු නරඹන්නන්ගේ ප්‍රතිචාරය අමුතුවෙන් කිව යුතු නෑ ...
සුමඩුර ඩර්ම දේශනා ! | Come and be Enlightened (අ)සම්මත සටහන් “අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න”ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය. සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය. බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණාත්මකව බලන්නට උගන්වන දර්ශනයක් සුමදුර විදියට දෙසන්නේ කොහොමද? චතුරාර්ය සත්‍යය තාලෙට ගය ගයා නට නටා කියනවාවත්ද? එකත් අතකට සුමදුර ධර්ම දේශනා කිව්වාම බණ්ඩාට ...