ඩිවෝස් එක හෙට නෙමේ අද | Unhappy Married Life (අ)සම්මත සටහන් “පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ” ….ගොඩක් වැඩිහිටියො අපට කියන කතාව ඕක. ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක ...
පුරුෂ ලිංගයට ලේ කාන්දුවීම පිණිස යුරේනිගේ බෝක්කුව සේල් දමා විකිණීම (අ)සම්මත සටහන් මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි. පෙර සටහනකින්ද පැවසූ පරිදි යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ. එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිටම වත්මන දක්වාම තවමත් ලෝකයේ ...
අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ (අ)සම්මත සටහන් අයිලන් කුර්දි (Aylan Kurdi) කියන අනවසර සංක්‍රමණික සිරියානු දරුවා ලෝක අනවසර සංක්රමිණක ප්රශ්නය පිළිබඳ කතිකාව වෙනස්ම තලයකට ගේනව. තමන්ගේ පාලකයන්ගේ විදේශ ප්රතිපත්තීන් මොනවා උනත් කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ එදිනෙදා ජිවිතය උපරිමයෙන් ගෙවන ගොඩක් බටහිරයන් මේ සිදුවීමත් එක්ක අනවසර සංක්‍රමණිකයන් ගැන වෙනස් ඇහැකින් බලන්න පටන් ගන්නවා. ඇමරිකාව කියන සිහින පාරදීසයට ඇතුළු වෙන්න තමන් දන්න සියළු දහන් ගැට දමන ඒ අද්දර ...
මහින්දට රහසින් පෙම් කරමි – (අ)දේශපාලනික සටහනක් (අ)සම්මත සටහන් “මාලන් තාමත් මහින්දට අකමැතිද?” චැට් වින්ඩෝවකදි මට හමුවන මගේ අතීතය මගෙන් අසයි. “මම තාමත් මහින්දට අකමැතිද?” මම මගෙන්ම අසමි. මගේ පියා (හිටපු) වාමාංශිකයෙකු වූයෙන් ඔහුගේ පරම්පරාවේ බොහෝ වාමාංශිකයන් සේම අප නිවසේද කුසට රස මසවළු නැතත් ගතට කසී සළු නැතත් කියවා බලන්නට පොත් පත්තර තිබුණි. කුල්ලකින් උගුලක් අටවා කුරුල්ලෙකු අල්ලා ගන්නට උත්සහ ගන්නා කොළු ගැටයා කුල්ලේ බොහෝ ඈතක සිට උගුල දක්වා ...
වසීම් තාජුදින්|ගෞරවාන්විත සමුගැනීමක්! (අ)සම්මත සටහන් වසීම් තාජුදින් , කුමන හෝ හේතුවක් නිසා 2012 මැයි 17 දිනය මට මඟ හැරී තිබිණ. සමහර විට ලංකාවේ බොහෝ දෙනෙකුටද එම දිනය මඟ හැරී තිබෙන්නට ඇත. ඔබ ශ්‍රි ලංකා රගර් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ජනප්‍රිය රගර් ක්‍රීඩකයෙකු වූ බව මම දැන් දනිමි. එහෙත් ඔබේ මරණය සිදුවූ එම දිනය මට මඟ හැරී ගියේ ඇයි දැයි මම සිතමි. රගර් මගේ ප්‍රියතම ක්‍රීඩාවක් නොවූ ...
රැඩිකල් නිර්-ආගමික “අලි” කරුණාව (අ)සම්මත සටහන් ලාංකික බෞද්ධයන් විසින් තමාගේ ආගම හා බද්ධ වූ පෙරහැරවල් නම් ආගමික උත්සව සඳහා අලි ඇතුන් භාවිතා කිරීම ගැන සාකච්ඡා කිරීමට අප සමඟ අද එක්වනවා නිරාගමික සත්වකරුණා මහතා. මහත්මයාණෙනි, මේ ගැන ඔබේ ස්ථාවරය දැනගන්නට අප කැමතියි නිරාගමික මහතා – ඔව්, ඇත්ත වශයෙන්ම ඉතාම කාලෝචිත වැදගත් ප්‍රශ්නයක්. මුලින්ම සමාජයේ අවධානය යොමුවෙන්න ඕන වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න අවස්ථාවක් දුන්න එකට ස්තූතිවන්ත වෙනවා.පෙරහැරවල් ...
අපි නොදන්න විඥානය! (අ)සම්මත සටහන් ගසට විඥානයක් ඇතිද, සංසේචනය නොවූ කිකිලි බිත්තරයට විඥානයක් ඇතිද, සංසේචනය වූ කිකිලි බිත්තරයට විඥානයක් ඇතිද, ඩිම්බයට විඥානයක් ඇතිද, ශුක්රානුවට ඇතිද? යුක්තානුවට ඇතිද? සති තුනක කලලයකට ඇතිද ආදී වශයෙන් ප්‍රශ්න කරමින් විඥානයේ අගමුල සොයන නංගිලා මල්ලිලා අයියලා අක්කලා නැන්දිලා මාමිලා සහ බාප්පිලා පුංචිලා වෙනුවෙන් මේ සටහන තබමි. පලමුකොටම කිවයුත්තෙ මෙතැන “විඥානය” ලෙස මම අදහස් කරන්නෙ යනුවෙන් ඉංග්‍රීසි භාශාවෙන් “consciousness” යනුවෙන් හැඳින්වෙන්නට ...
බලුපැටවුන්ගේ පණ රැකදුන් අපේ කාලයේ පුංචි වීරයාට ඔබේ වටිනා එස්.එම්.එස් මනාපය ලබා දෙන්න! (අ)සම්මත සටහන් “ටීවි අළුත් කරන සිරස” යැයි අපට එකල උගන්වා තිබිණ. නිමල් ලක්ශපතිආරච්චිගේ “සිරස” අළුතෙන් කළ බම්බුවක් නොමැති බව දැන ගන්නේ පසුකාලීනව අන්තර්ජාලය ඇසුරු කරන්නට ගත් පසුය. ලැජ්ජා සිතෙන අන්දමින් බටහිර රූපවාහිනි වැඩසටහන් වල ලෝ බජට් කාබන් කොපි සිරි ලාංකික ආලින්දයට ලංකික මාධ්‍ය මුදලාලි විසින් වඩම්මා තිබුණි. එහිම දිගුවකි “American Idol” රියැලිටි වැඩසටහන, කාබන් පිටපත් කරමින් 2006 වසරේ “සිරස” සිරි ලංකාවේ ටෙලිවිශනයට ...
අන්ගම්මන සුමනගේ රෙද්දේ තුත්තිරි හෙවත් එක්තරා බෝධියක කතාවක් (අ)සම්මත සටහන් “මේවා මේ බුදු හාමුදුරුවෝ බුදු වෙච්චි ගහේ කොළ. මේවා විකුණන්න බෑ උඹලට. මොන කම්පැනියෙන්ද ගෙනාවෙ ? මං මේ හොඳින් කියන්නෙ … වරෙන් යමං පොලිසියට. වාංග වාංග, යමන් පොලිසියට !” මේ මඩකළපු ප්‍රදේශයේ වෙළඳසලක් තුළ “අම්පිටියේ සුමනරතන යතිවරයා ” ලෙස හඳුන්වා ගත් චීවර ධාරියෙක් විසින් දේශනා කර වදාළා වූ සදහම් පණිවිඩයක් අඩංගු වීඩියෝවක අසන්නට ලැබුණු කොටසකි (මෙම “යතිවරයා” මීට පෙරද කිහිප ...
සිළුමිණද? කව්සිළුමිණද? (අ)සම්මත සටහන් ගල් ලෙනක බිත්තේයේ, දැල්වෙන ගිනි මැළයේ එළියෙන්, අඟුරු කැබැල්ලකින්, බලි කුරුටු ඇදි ආදිතම මානවයාත්; “බුදල්මි, සියොවැ ආමි, සිහිගිරි බැලීමි, බැලු බැලූ බොහෝ ජනා ගී ලී ලූයෙන් නොලීමි” සිහගිරි බිතු සිතුවම් බලා රසවිද, කැටපත් පවුරේ අනෙකාගේ කුරුටු ගී කියවා, කවි නොලීමෙන්ම කවියෙකු වූ බුදල් නම් ගම් වැසියාත්; “සියබස් සකු මග ද – මහගත් සයුරු තෙර පත් සරසවිය නම් කලිකල් – දෙවි ...
දී ප් තී ..ඉ ..ඉ ..ඉ ..ඉ ..ඉ (අ)සම්මත සටහන් පෙර සටහන: මෙය 2011 අප්‍රේල් 22 වැනි දින “හැන්දෑව | හෙට එච්චර කළුවර නෑ” බ්ලොග් අඬවියේ පළ කළ සටහනකි. සමහරක් උදාහරණ යොදා ගෙන ඇත්තේ අදාල කාලයට ගැලපෙන්නට බව කරුණාවෙන් සළකන්න. ඉස්සර හිටියා ලොකු අයියා කෙනෙක්! නම දීප්තී. (ඒ අයියා දැන්නම් කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නැහැ) ඒ අයියා වටේ මල්ලිලා, නංගිලා ගොඩාක් උන්නා. කට්ටිය රත්මලානට වෙලා “කිරි කිරි බෝලේ, රැලි ...
“අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං ආසයි! (අ)සම්මත සටහන් චීනයේ යුලින් නගරයේ සිදුවූ සුනඛ සංහාරය අවසන් වී දින කිහිපයකි. සංස්කෘතික උත්සවයක් උදෙසා සුනඛයින් 10,000 අමු අමුවේ මරා දැමුනේ ලොව වටා සත්ත්ව අවිහිංසාවාදීන්ගේ මෙන්ම සුනඛ හිතවාදීන්ගේද දැඩි විරෝධතා මධ්‍යයේය. ඔවුන් තම රටවල චීන තානාපති කාර්යාල අසල මෙම සංහාරයට විරෝධතාවය පළ කල අතර මිලියන ගණන් වලින් සයිබර් පෙත්සම් සඳහා අත්සන් එකතු කිරීමද ඇරඹිනි. උත්සවයට විරෝධය පලකරමින් පැමිණි පණිවුඩ වලින් චීන මාධ්‍යය ...
දුවට මවක මිස? (අ)සම්මත සටහන් අද හවස වෙච්ච සිද්ධියක් නිසා හිත පොඩ්ඩක් අප්සෙට් වුනා. රමණ තාවකාලිකව ෆෝන් පාවිච්චිය අතෑරලා තියෙන නිසා රමණිගෙ නොම්බරේ ලඟම හතර පස්දෙනෙකුට දීල තිබුණ. දවල් එකාමාර දෙක වෙනකොට ඇලර්ට් කීපයක් ආව ඒකට. සුවර් එකටම කට්ටිය සෙට්වෙලා කියල දැනගත්ත නිසා කෝල් එකක් ගත්ත බලන්ඩ. වැඩේ හරි! එතනට යනකොට කට්ටිය අඩියක් ගහනව. අඩියක් කිව්වට කසිප්පු. බොන්ඩ එච්චර ලල් නැතිවුනාට කසිප්පු ටිකක් නිසා සොට් ...
පිං අත්වෙයි මේ අසරණයව වැලිඩේට් කරන්න..! (අ)සම්මත සටහන් මීට අවුරුදු දෙක තුනකට කලින් මම මුහුණු පොතට, බ්ලොග් කියවන්න, ලියන්න සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියා. මේක එසේ මෙසේ ඇබ්බැහියක් නෙමෙයි, ටිකක් සීරියස් ඇබ්බැහියක්..! උදේ ඉදන් හවස් වෙනකම්ම කළේ, පුද්ගලික වැඩ පාඩු කරගෙන තව කවුරුන් හෝ එක්ක, මම නිවැරිදියි කියලා හිතාගෙන හිටපු මතය තහවුරු කරන්න වාද කරපු එක. මට ඒ කාලේ හිතුනේ මම මේ ඉෂ්ඨ කරන්නේ මට පැවරිලා තියෙන “සමාජ වගකීමක්” ...
කිම් කාර්ඩෑශියන්ගේ ගේ රෝස පාට ජංගිය ඇඳගත් අනෝමා ජනාදරී (අ)සම්මත සටහන් කලාකරුවන් මුලීකව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියැයි බ්ලොග්කරු විශ්වාස කරයි. තමන්ගේ කලා හැකියාව මතම රඳා පවතින්නන් ජනප්‍රියතාව මතම රඳා පවතින්නන්. හොලිවූඩයේ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොබර් ඩී නීරෝ, එංගලන්තයේ එල්ටන් ජෝන්, ලංකාවේ ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වැන්නන් අයිතිවන්නේ පළමු කාණ්ඩයටය. මෙම කාණ්ඩයේ කලාකරුවන්ගේ කලා හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ගේ ජීවන චක්‍රය (life cycle) බොහෝ විට වයසින් ස්වායක්ත වේ. එනිසා ඔවුන් වයස් ගත ...
බන්දු සමරසිංහ – තොට දැන් හිමි දඬුකඳ ය (අ)සම්මත සටහන් බන්දු සමරසිංහ විසින් කෙරුන පැමිණිල්ලකට අනුව බින්දු බෝතලේගම නම් වූ පුද්ගලයෙක්ව අත් අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කොට ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනාව නම් බන්දු සමරසිංහගේ අවසරයකින් තොරව ඔහුව අනුකරණය කරමින් සී.ඩී තැටි විකිණීම සහ රංගන කටයුතු වල යෙදීමය. ඇප ලබාගෙන උසාවියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ බින්දු බෝතලේගම පවසා සිටියේ බන්දු සමරසිංහ විසින් ඔහුව අනුගමනය කිරීමේ වරදට තමාට නඩු දමා ...
බුද්ධිමත් ජනතාවෙනි, පුන්නක්කු රසද? (අ)සම්මත සටහන් ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.! දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු ජනතාවටම මතක් කරදෙයි. ජනතාවගේ බුද්ධි ...
සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්? (අ)සම්මත සටහන් 1988 වසරේ පළවුන සල්මන් රෂ්ඩිගේ Satanic Verses නවකතාව තුළ ඉස්ලාම් ආගමික නායක මහම්මද්ගේ ජීවිත කතාවේ යම් කොටස් ඇතුළත් වෙලා තිබුනා. නමුත් රෂ්ඩි විසින් තම නිර්මාණයට මහම්මද්ගේ ජීවිතය සහ එහි සිදුවීම් ඇතුළත් කරල තිබුනේ ඒවාට ඔහුගේම අර්ථකතනයන් ලබා දෙමින්. “සාම්ප්‍රදායික ආකල්ප හා විශ්වාස වලින් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් වීම ඉතාම යුක්තියුක්ත දෙයක් විදියටයි මම දකින්නෙ. ඉස්ලාම් ආගම ගැන පමණක් ...
සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීමට ශ්‍රී ලාංකික කාන්තා ශරීර ඕනෑ කර තිබේ (අ)සම්මත සටහන් “අයියෝ හෙණම ගහපන්… හෙණම ගහපන්… හැට නවය අන්තිමට යකෝ… බිංදුවක් කොහෙද? හයියෝ හැමිනෙනවා… තෝ කසිප්පු ගහලද? යකෝ ෆෝන් එක දීපන් ළමයෙකුට… කැ… පො…යෝ ෆෝන් එක දීපිය ළමයෙකුට… … මේ නම්බරේ දීගන්න විදිහක් නැති හැටි, දැන් පැය භාගයක් තිස්සේ කතා කරනවා, ෆෝන් එකේ සල්ලිත් ඉවරයි. මට මේකේ මිනිස්සුත් එක්ක නිදිය ගන්න තමයි වෙන්නේ!” කෙසඟ සිරුරැති මැදිවියේ පසුවන කාන්තාවක් කාට හෝ ජංගම ...
විවාහයද? විවාහ නොවී එකට ජීවත් වීමද? | Living Together ගැන (අ)සම්මත සටහන් “…මේ ලඟදි දවසක මගේ පරණ පෙම්වතියක් හමුවුනා අවුරුදු පහලවකට විතර පස්සේ.එයාට දැන් අවුරුදු හතලිහක් විතර ඇති… බැඳලා නෑ. බඳින එකකුත් නෑ. එයා තාමත් එදා වගේම ලස්සනයි.. වයස ගිහිල්ල කියල කියන්නවත් බෑ. හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. අපි තේකක් බොන ගමන් නිකං කතා කලා.එයා මගෙන් ඇහුවා ‘ඔයා අර බැන්ද ළමයට ඇත්තටම ආදරය කලාද’ කියලාමං ‘ඔවු’ කිව්වා ඊට පස්සෙ එයා ඇහුවා’ඉතින් ඇයි ...