ජවිපෙ අහෝසි වෙයිද? egalahandiya මා කුඩා කළ ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිස් පක්ෂයේ සාමාජිකයන් සමග කතා කරද්දී ඒ හැටි සුභ සාධනවාදය ගැන විශ්වාසයකින් කතා නොකළහ. ඔවුන් කතා කලේ ලෝකයේ සමාජවාදී පරමාදර්ශ හා එආ ආශ්රයෙන් ලංකාවේ සමාජවාදී සමාජයක් හදන අන්දම ගැන ය.ආර්ථික වෘර්ධිය සදහා විශාල කර්මාන්ත අවශ්‍ය බවත් කෘෂිකර්මාන්තයට විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවත් මට එකල නොතේරෙණ දේ ඔවුහු කීහ. සමහරවිට සෝවියට් දේශය සගරා ආදිය ...
යුද්දයෙන් බිහි කරන්නේ නිවටයන් ය. egalahandiya බුදුන් වහන්සේගේ දේශනාව අනුව යුද්දය ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් බොහෝ අයට ශක්තිමත් පිළිතුරක් ලබාදිය නොහැක. එනිසා බොහෝ අය නිෂ්ශබ්දව සිටිති. තවත් අය රට පටලවා ගනිති. තමන් බෞද්ධයකු වෙමින්ම යුද්දය ප්‍රතික්ශේප නොකර සිටීමට ඔවුන්ට අවශ්‍ය නිසා ඒ අබග්ගයට ඔවුහු වැටෙති. ඇත්තම කතාව වන්නේ යුද්දය ප්‍රතික්ශේප කිරීම යනු දෑත් හකුලාගෙන සතුරා පහරදෙන තුරු බලා සිටීම නොවේ. එහෙත් බොහෝ අය ඔච්චමට අහන්නේ කොටි ගහනකම් ...
යුද්දය – ඒ කුමක් ද? egalahandiya ලංකාවේ කිසිම ආණ්ඩුවක් එල්ටීටීඊය සමග අවංකව සාම ක්‍රියාදාමයකට ගියේ නැහැ. එල්ටීටීඊය ද අනුගමනය කළේ එම උපක්‍රමයමයි. මේ පාර්ශ්ව දෙකම සාමය සදහා යමක් කළා නම් කළේ විදේශ රටවල පීඩනය මත පමණයි. අමුතු බත්දීම අත ඇල්ලුමෙන් දැනේ කියන්නා වගේ මේ දෙපාර්ශයේම දේශපාලනය හරියට විශ්ලේෂණය කරන්නේ නම් එය තේරුම් ගැනීම අපහසු නැත. එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදය ගෝලීය මුළුනුපුටා දැමීමේ ...
අලුත් ගමනකට ජවිපෙ සූදානම් ද? egalahandiya වාම ජනප්‍රියවාදය අසාර්ථක දේශපාලනයක් වන්නේ ධනේශ්වර අවකාශයක වැඩ කරන්නට මේ මොහොත තුළ වාමවාදීන්ට ඉඩක් නොමැති බැවිනි. උදාහරණයකට සමගි පෙරමුණු යුගයේ ඉඩම් ජනසතු කළ ක්‍රියාව දැන් කළ නොහැක්කේ එදා ගෝලීයව පැවැතියේ කේන්සියානු ධනේශ්වරය වුවත් අද පවතින්නේ නව ලිබරල්වාදී ධනේශ්වරය නිසා ය. ඒනිසා වාම ජනප්රියවාදයට ප්‍රවේශ වන මොහොතේම එය නිෂ්ක්‍රීය කරන්නට ගෝලීය ප්රාග්ධනය පසුබට නොවන්නේ ය. ග්‍රීසියේ සයිරිසා ව්‍යාපාරයට සිදුවූයේ එයයි. ඒ ...
පරෝපාකාර සමිතියක් වූ ජවිපෙ egalahandiya ජනාධිපතිවරණයන්ට තරග නොකිරීමේ පුරුද්ද අත්හල ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ මහත් වූ උද්යෝගයෙනි. එහෙත් සියළු උද්දච්ඡ කතා පරාජය කරමින් ඔවුන් ලබා ගත්තේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 3.16% ක ඡන්ද සංඛ්‍යාවක් පමණි. එය ඉතිහාසයේ ඔවුන් ලබා ගත් අවම ඡන්ද සංඛ්‍යාව වේ. මැතිවරණ ව්‍යාපාරය පටන් ගැනීමත් සමග විවිධ ජවිපෙ හිතවාදීන් විවිධ උජාරු කතා කීහ. සමහරු කීවේ අනුර කුමාර දිසානායකට ඡන්ද ...
සෑම පුරවැසියකුටම ඉඩමක් – පට්ටපල් බොරුවක් egalahandiya ඉඩම් සතුව නොතිබීම ලාංකික සමාජයේ බරපතල ප්‍රශ්නයක් වන අතර එකම බිම් අගලක් නැති ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 27% ක් වේ. ඊට මූලික හේතුව 1840 මුඩුබිම් පනත මගින් ජනයා සතුව තිබූ ඉඩම් රජය සතු කර ගැනීමයි. මේ හේතුව නිසා රජය විසින් විටෙන් විට මහජනතාවට ඉඩම් කට්ටි බෙදා දීම සිදුවිය. ජාතික රාජ්‍ය කේන්ද්‍රගත වූ සංවෘත ආර්ථිකයක දී සෑම පුරවැසියකුටම ඉඩම් කොටසක අයිතිය ...
ව්‍යාපාරික දේශපාලනයේ අවසානය? egalahandiya මේ යුගය තුළ දේශපාලනයට ප්‍රවේශ වන්නන්ගේ අරමුණ කුමක්දැයි ඔවුන්ගෙන් විමසුවහොත් ගමට යමක් කිරීම බව නිසැකවම පවසනු ඇත. එය ඇත්තටම සත්‍යයකි. ගමේ පාරවල්, බෝක්කු, පාසැල් ආදී පොදු ස්ථානවල ඉදිකිරීම් කිරීම ඔවුන්ගේ එකම අරමුණයි. ඔවුන් ගමට යමක් කිරීම යන්නෙන් අදහස් කරන්නේ එයයි. එහෙත් ග්‍රාමීය ජන ජීවිතය අංශු මාත්‍රයකින් හෝ ඉහළට ඔසොවා තබන්නට කළ යුතු කිසිවක් සම්බන්ධයෙන් ඔවුන් බහුතරය දැනුවත් නැත. ආර්ථිකයේ විය ...
ව්‍යාජ ජාතිකවාදය පරාජය කරන්නේ කෙසේ ද? egalahandiya ඇත්තටම තමන්ගේ ජාතියට ආදරය කරන සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් රටේ නොපවතී. එසේම පෙර සිටි අන්දමින් ජාතිය ගැන උනන්දුවන සිංහල බුද්ධිමතුන් ද නොමැත. එහෙත් ෆේස්බුක් අවකාශයේ හා රාජ්‍යයේ දෘෂ්ටිවාදය හසුරවන සුළුතරය තුළ එවැනි මතයක් වෙනුවෙන් පෙනී සිටින්නෝ සිටිති. ඔවුහු වසල වෙළෙද කුලයේ නියෝජිතයෝ ය. සමාජය තුළ පවතින ස්වාර්ථකාමී හා මමත්වය පිළිබද හැගීම් බර අදහස් මේ මතවාදීන්ට වාසියක් ගෙන දුන්න ...
සිංහල ජාතිකවාදය හා වසල වෙළෙද කුළය egalahandiya මූල්‍යකරණය මූලික පදනම වූ නව ලිබරල්වාදය තුළ සේවා ආර්ථිකය දුර්වල කිරීම කළ නොහැක්කකි. එය පරිධියේ රටක නව ලිබරල්වාදයේ තාර්කිකයකි. එනම් ගෝලීය ප්රාග්ධනය අපෙන් බලාපොරුත්තු වන්නේ ඔවුන්ට සේවා සපයන ආර්ථිකයකි. එහෙත් සංයුක්තව සිතා ක්‍රියා කරන දේශපාලන ව්‍යාපාරයක් බිහිවන්නේ නම් කෘෂිකර්මාන්තය හා කාර්මික අංශ ද ශක්තිමත් කරමින් වඩා දියුණු ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම කළ නොහැක්කක් නොවේ. එහෙත් එවැනි උත්සාහයකට ව්‍යාජ ජාතිකවාදීහු සූදානම් ...
ග්‍රාමීය දරිද්‍රතාව හා ව්‍යාජ ජාතිකවාදීන්. egalahandiya ලංකාවෙ වී ගොව්තැන සම්බන්ධයෙන් කතා කරන කොට ඒ හා සමග බැදුනු බරපතල කාරණා දෙකක් තියෙනව. එකක් තමයි ආහාර සුරක්ෂිතතාව. අනෙක තමයි ග්‍රාමීය ගොවීන්ගේ දරිද්‍රතාව අහෝසි කරන කාරණාව. මේ කාරණා දෙකම රටේ අභිවෘද්ධිය සලකමින් විසදා ගන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. එහෙත් ගොඩක් දෙනෙක් කරන්නේ එක් කාරණාවක් දෙකක් පටු විදිහට අල්ලා ගනිමින් පවතින නොදියුණු සහල් නිෂ්පාදන ක්‍රමය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දැරීමයි. ...
බස්නාහිර පළාතේ මල් වවමු egalahandiya පහත රට තෙත් කලාපයේ වී වගාව සීඝ්රයෙන් අඩුවෙමින් පවතින අතර ඊට ප්‍රධාන හේතුව නිෂ්පාදන වියදම ඉහළ යෑමයි. 2012 වර්ෂයේ දී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ එම කලාපයේ වී ගොවිතැනෙහි වගා බිම් වපසරිය හා නිෂ්පාදිතය සමස්ත වගා බිම් වපසරියට හා සමස්ත නිෂ්පාදනයට දක්වන ප්‍රතිශතය වර්ෂ දහයක් තුළ පිළිවෙලින් 11% ක් බැගින් අඩු වී ඇති බවයි. මේ නිසා මෙම කලාපයේ වී ...
ගංවතුරක් ඒවි ද? egalahandiya අපි මුහුණදෙමින් සිටින්නේ ගෝලීය අර්බූදයකට ය. ඊට ජාතික මට්ටමේ පිළියම් නැති බව ඇත්ත ය. එහෙත් පෙබරවාරී 05 දින පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදයකින් හෙළිවන්නේ රජයට මේ සම්බන්ධයෙන් කිසිම පූර්ව සූදානම්ක් නොතිබුණ බව ය. අපි තවත් එවැනි අහිතකර හා පීඩාකාරී තත්වයකට සමීප වෙමින් සිටින්නෙමු. ඒ මේ මස අන්තිමේ දී සක්‍රීය විය හැකි නිරිත දිග මෝසම් වැස්සත් සමග ඇතිවිය හැකි ව්‍යසනකාරී තත්ත්වයට ය. බොහෝ ...
ගිලටීනය හමුවේ යහපත් රටක් egalahandiya රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ දෙකක ලේකම් ධූරයන්ට යුද හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීම බොහෝ අය ආශ්වාදයෙන් යුතුව පිළිගන්නා බවක් දකින්නට ඇත. තමන්ට හරියට වැඩ කරන්න නම් හා රට හදන්න නම් ආදී වශයෙන් තමන්ට ඉහළින් පීඩකයකු සිටිය යුතු බව කියන සමාජයක් එලෙස ආශ්වාදයට පත්වීම තාර්කික ය. එහෙත් ප්රශ්නය වන්නේ තමන්ගේ සේවාවෙන් පිටස්තරව වෙනත් සේවාවක නිලධාරියකු පවා මෙවැනි තනතුරු වලට ...
තමන්ගෙ ෆෑන් බේස් එකේ දියබුං ගැසීම නොහොත් විමුක්තිදායක තක්කඩිකම් egalahandiya පිරිමියා හා කාන්තාව අතර ලිංගික ක්‍රියාවලිය සදහා දෙදෙනා අතර එකගතාව සොයා ගැනීම තරම් අතිශය සංකීර්ණ ක්‍රියාවක් තවත් නැතිව ඇති. මම හිතන්නෙ ඒක දෙවැනි වෙනව නම් දෙවැනි වෙන්නෙ පිරිමියා හා කාන්තාව යන දෙදෙනා වෙන වෙනම ගත්විට ඔවුන්ගේ මනස ක්‍රියා කරන සංකීර්ණතාවට පමණක් වෙන්න ඇති. කොහොම උනත් මේ එකගතාවේ හා නො එකගතාවේ හරි මැද සොයා ගැනීම කළුනික හොයනවටත් වඩා අමාරුයි. ඒක ...
දේශීය සීනිවල තිත්ත egalahandiya සෙවනගල හා පැල්වත්ත සීනි කම්හල් දෙක රජයට පවරා ගත්තේ 2011.11.11 වෙනිදින සම්පත කර ගත් පනතකට අනුව ය. සමහර පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීම සදහා සකස් කළ එම පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්මාණයක් නොවූ අතර පී.බී. ජයසුන්දර භාණ්ඩාගාර ලේකම් ලෙස භාණ්ඩාගාරයේ නීති නිලධාරීන් ලවා සකස් කර ගත්තකි. එනිසාම එහි අඩුපාඩු රැසකි. වැරැදි ගොඩකි. සෙවනගල පවරා ගත්තේ එහි අයිතිකරු දයා ගමගේ ...
අලුත් වැඩපිළිවෙලකින් අලුත් දේශපාලන ව්‍යාපාරයක්. egalahandiya රාජපක්ෂ දේශපාලනයේ පදනම වන්නේ සිංහලබෞද්ධ ජාතිකවාදය හා සුභසාධනවාදයයි. සිංහලබෞද්ධ ජාතිකවාදය ව්‍යාජ මතවාදයක් වන අතර සුභසාධනය සිදු කරන්නේ රටට විශාල ණය බරක් එකතු කරමිනි. රාජපක්ෂවාදයට එරෙහිව සටන් කරන විරුද්ධ දේශපාලන ව්‍යාපාරයන් නිතරම උත්සාහ කරන්නේ රාජපක්ෂට වඩා හොදම ජාතිකවාදියා වන්නට ය. 2010 හා 2019 දී රාජපක්ෂ දේශපාලනයට විරුද්ධ බලවේගයේ පදනම වූයේ එයයි. 2015 දී ඊට මදක් වෙනස්ව යමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී ...
ජීවිත ආවර්ජනයක් – නෝන්ජලයන්ට පණිවුඩයක් egalahandiya පොඩි කාලෙ ඉදල සමාජ සාධරණත්වය ගැන කතා කළ මට රාජ්‍ය සේවයට ආවට පස්සෙ ඒකෙ ජනප්‍රිය ක්‍රමයට ඇජස් වෙන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. මොකද රාජ්‍ය සේවය කොයි තරම් ගෞරවනීය උනත් ගොඩක් හිටියෙ සත දහයක් හරි සාක්කුවෙ දාගන්න බලාගෙන. ඒ නිසා මම තෝර ගත්තෙ රාජ්‍ය සේවයේ හිටිය සුළුතර පිරිස. ඒ කියන්නෙ රජයෙන් දෙන වැටුප විතරක් අරගෙන උපරිම ලෙස මහන්සිවෙලා සේවය කරපු පිරිසගෙ පැත්ත. ...
ගිනි ගන්නා රැවුලෙන් සුරුට්ටු පත්තු කිරීම වළක්වමු. egalahandiya මැයි මස අවසන් වනවිට කෙසේ හෝ මහා මැතිවරණය පැවැත්වීමේ ආණ්ඩුවේ උපක්‍රමය අනුව සියළු කටයුතු තීරණය වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තියෙන කාරණාවක්. මැතිවරණය පවත්වන්නැයි කොමිසන් සභාවට බල කරන ගමන්ම රටේ වාතාවරණය කෘතිමව යහපත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව 15 දා රාත්‍රී ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරයා නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලියි. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක දී අවධාරණය කර ඇත්තේ ...
කණ කොක් සුද බලන්නට ඔබ කැමැති නැද්ද? egalahandiya ආණ්ඩුව මාරාවේශයෙන් සටන් කරන්නේ මහා මැතිවරණය කෙසේ හෝ පවත්වන්නට ය. එහෙත් ඊට මැතිවරණ කොමිෂන් සභාව එකග වන බවක් දන්නට නැත. ඔවුන් අවසන් වරට ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියේ සදහන් වූයේ මාර්තු 02 දිනෙන් ආරම්භ වූ මාස තුනක කාලය තුළ මැතිවරණය පැවැත්වීමට හැකි වාතාවරණයක් නොමැති බව කොමිසමේ නිරීක්ෂණය බවයි. ඒ නිසා කළ යුත්ත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසු බව නිර්දේශ කර තිබුණත් ...
සාධාරණ හා තිරසාර වෙළෙද පළක්. – egalahandiya 1978 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරමින් සාපේක්ෂව නිදහස් වෙළෙද පළක් නිර්මාණය කළ අතර ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් බර තබා ශක්තිමත් කළේ ආර්ථිකයේ සේවා අංශය පමණි. කෘෂිකාර්මික හා කාර්මික අංශයන් එන්න එන්නම වියැකී ගියේ ය. ඉන්දියන් සාගරයේ විශේෂිත පිහිටීමක වූ ශ්‍රී ලංකාවට සේවා අංශයෙන් බැහැරවිය නොහැකි වුවත් කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගෙන් ඈත්වීම උපක්රමික දුර්වලතාවකි. එහෙත් සේවා අංශයේ ප්‍රසාරණය නිසා පාදඩ ආර්ථික ...