සංවෘත වෙළෙද පළේ අතාර්කිකය හා “සාගරයක් මැද” egalahandiya රාජ්‍ය මැදිහත්වන සීමාකාරී වෙළෙද පළ සම්බන්ධයෙන් හොදම කලා කෘතිය වෙන්න ඕන ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද චිත්‍රපටය”. පැරණි වාමාංශිකයන් එක්ක කරන කතා බහෙන් තේරුම් ගන්න පුළුවන් උනේ ඉතාම ප්‍රාථමික හා නොදියුණු වෙළෙද පළක් වූ 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් නායකත්වය දුන්න ඒ යුගය ගාමිණී ෆොන්සේකා වීසින් සාර්ථකව නැවත කියවා ඇති බවයි. ඇත්තටම අපේ අම්මල තාත්තල ඇතුළු වැඩිමහල්ලන් පවසන පරිදි දවසෙ කෑම හොයා ...
සමාජ මතය දෝතින් පිළිගැනීම හා රාජ්‍යයේ දෘෂ්ටිවාදය egalahandiya සාමාන්‍යයෙන් සමාජයේ පොදුජන මතය නිර්මාණය වන්නේ රාජ්‍යයේ දෘෂ්ටිවාදය අනුව ය. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තම ආණ්ඩුව විසින් රාජ්‍යයේ දෘෂ්ටිය බවට පත්කර ඇති අවධියක පොදුජන මතය ද සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීවීම තාර්කික ය. ඊට හේතුව රාජ්‍යයේ ප්රචාරක උපකරණ වලින් තුන්තිස් පැයේම රාජ්‍යයේ දෘෂ්ටිය පොදුජනතාව අතර ව්‍යාප්ත කරමින් සිටින නිසාත් ඊට විකල්ප මතයකට ඉඩක් නොතබන නිසාත් ය. එවැනි තත්ත්වයක දී සාමාන්‍ය පොදු මහජනතාව රාජ්‍යයේ මතයම ...
නරෝදික්වාදීන්ගේ හත්වනක් ප්‍රීතිය. egalahandiya නව ලිබරල්වාදය කෝකටත් තෛලය ලෙස පිළිගත්ත නෝනා මහත්වරු මේ අවස්ථාවෙ ඉන්නෙ තක්බීර් වෙලා. ඊට හේතුව ප්‍රාග්ධන ගෝලීයකරණයේ මහ මෙහෙයුම්කරුවන් පවා කොරෝණා රෝගයෙන් විශාල පසුබැසීමක ඉන්න නිසා. ගෝලීයව මතුවූ මේ තර්ජනයට තවමත් විසදුමක් නොවීම ගෝලීය ආර්ථිකය විශාල පරිමාණයෙන් පසුපසට ඇද දමන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් කර කියා ගත දෙයක් නොමැතිව බලන් ඉන්න එක තමයි නව ලිබරවාදී කපුවන්ට කරන්න තියෙන්නෙ. ...
ග්‍රාමීය දරිද්‍රතාව හා ප්රාග්ධනය ගමට ගලා ඒම egalahandiya 1978 වනවිට ශ්‍රී ලංකාවේ පැවැතුනේ සරල හා සීමිත අවශ්‍යතා වලින් පිරුණු ජීවන රටාවක්. එතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය තුළ ආහාර සොයා ගැනීම හා ජීවත්වීම යන්න පමණක් මූලික වූ අතර මුළුමනින්ම දේශීය නිෂ්පාදනයන් මත වෙළෙද පළ සීමා වුනා. 1977 මහා මැතිවරණයේ දී පාලක සමගි පෙරමුණු ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවත් ග්‍රාමීය ප්‍රදේශ වලින් ශ්රීලනිපය ලැබූ චන්ද සංඛ්‍යාව නොසලකා හරින්න බැහැ. ඒත් එදා ...
නිර්ධන පන්තිය හා බඩගින්න egalahandiya මම හයේ පන්තියෙ ඉගෙන ගන්න කොට පුරුද්දක් විදිහට අම්බලන්ගොඩ පුස්තකාලෙට යනව. එක දවසක් එහෙම යන කොට දැක්ක ඊට එහා පැත්තෙ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක්. ඒකට එබිල බලල ටිකක් වෙලා බලන් ඉන්න කොට ඒ කිට්ටුව හිටපු මිනිස්සු වගයක් පොඩි චැට් එකක. බලන කොට එයාල නගර සභාවෙ කුණු එකතු කරන මිනිස්සු. එක් තරුණයෙක් අප්‍රසන්නව කියමින් සිටියෙ කුණු එකතු කරන්න ගිහිල්ල ඔහු අත්විදපු ...
ආණ්ඩුවේ මහන්තත්ත්වය හා ෆැසිට්වාදය egalahandiya දැඩි පාර්ලිමේන්තුවාදී දේශපාලකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුල් අවස්ථාවේදීම ඉල්ලා සිටියේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ය. ක්‍රමයෙන් එම ඉල්ලීම විපක්ෂයේ පොදු මතයක් වෙමින් පැවතීමත් සමග ආණ්ඩුව ඊට පිළිතුරු ලබාදීමට පටන්ගෙන ඇත්තේ හාස්‍යජනක ලෙස ය. විජේදාස රාජපක්ෂ, විමල් වීරවංශ හා ගම්මන්පිල වැනි ආණ්ඩුවේ කසල ශෝධක මන්ත්‍රීවරුන් ලවා ඊට එරෙහිව ආණ්ඩුව වැරෙන් පහරදෙමින් සිටී. එසේම ආණ්ඩුවේ ඕනෑම ...
අසමත්කම හා බිද වැටුන වෙළෙද පළ egalahandiya රටේ ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබිය දී නිදහස් වෙළෙද පළ අක්‍රීයවීම තාර්කික ය. ඉල්ලුම, සැපයුම හා බෙදා හැරීම කියන සාධක තුනෙන් එකක් හෝ අඩපණ වූ විට නිදහස් වෙළෙද පළ අවලංගු වේ. ඇදිරි නීති කාලය තුළ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය වෙළෙද පළ කඩා වැටී මහජනයාට දුෂ්කරතා වලට මුහුණ දෙන්නට වූයේ එබැවිනි. මෙහේ දී මහජනයා යනු පාරිභෝගිකයන් පමණක් නොවේ. අත්‍යවශ්‍ය ...
වාචාලකම හා කෝවිඩ් 19 වෛරසය egalahandiya ආණ්ඩුව සූදානම් වූයේ මහා මැතිවරණය පවත්වා 2/3ක බලයක් ගන්නට ය. එහෙත් නාම යෝජනා භාරගත් වහා දින නියමයක් නොමැතිව මහා මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවූයේ කෝවිඩ් 19 වෛරසය පැතිර යෑම උග්රවීම නිසා ය. එහෙත් ඉන් අනතුරුව ද නිහඩව නොසිටි මැතිවරණ කොමිසම මාස තුනක් ඇතුලත මහා මැතිවරණය පවත්වන්නට හැකියාවක් නොමැති බවට වූ තම නිරීක්ෂණ ද සමග ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ කළ යුත්තේ කුමක්දැයි ...
අගති විරහිතව “ආණ්ඩුවේ බෝඩිමට” යැවීම egalahandiya දේශපාලන අපරාධකරුවන්ට දඩුවම් දෙන විධිමත් ක්‍රමයක් ලංකාවේ ඇති බවක් පෙනෙන්නට නොමැත. හැමදාම කරන්නේ කලින් බලයේ සිටි දේශපාලන පක්ෂයේ වැරැදි කළ අයව පක්ෂ දේශපාලන අවශ්‍යතා මත තෝරාගෙන දඩුවම් දීමයි. එසේ නැතිනම් දඩුවම් දෙන බව ලෝකයාට පෙන්වීමයි. මෙය අතිශයෙන්ම වැරැදි භාවිතාවක් වුවත් ලංකාවේ ධනපති සංස්කෘතිය අඩුම වශයෙන් ක්‍රමය රැක ගැනීම සදහා හෝ අපරාධකාරයාට දඩුවම් දෙන මට්ටමකට දියුණු නොවීම කනගාටුදායක ය. මේ තත්ත්වය ...
සිංහල බෞද්ධ කරන්දෙනිය හා ප්රාග්ධනය ගමට ඒම. egalahandiya චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී යූඑන්පියේ දාහත් වසරක සාපය අවසන් කරමින් ජනාධිපති වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ එල්ටීඊඊය හා සාකච්ඡාමය විසදුමකට ඒමට හොද හිත ඇතිකර ගැනීමේ පදනමක් ලෙසයි. ඉතා ටික කලක් පැවති ඒ හොද හිත ඇති කිරීමේ උත්සාහය පුපුරා ගියේ එල්ටීටීඊය විසින් ත්‍රිකුණාමළයේ දී නාවික බෝට්ටුවකට පහර දීමෙන්. ඒ පහරදීමත් සමග දකුණේ ජනයා තුළ කේන්තිය වෙරය හා ක්‍රෝධය පුපුරා ...
ඉගල් කන්ද, නොමිලයේ වයි ෆයි හා දැනුම් සංස්කෘතියක් egalahandiya අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 11 වැනිදා ඇල්පිටිය නගරයට පැමිණියේ නව ආණ්ඩුවේ මැතිවරණ පොරුන්දුවක් වූ නොමිලයේ අන්තර් ජාල වයි ෆයි පහසුකම් බස්නැවතුම් පළ පරිශ්‍රයට ලබාදීමේ අරමුණෙන්. වැසිකිළි දුගද හමන අනවරත පිරිසිදු කිරීම් වලට ලක් නොවන අම්බලමක් බදු ඇල්පිටිය නගරයේ බස් නැවතුම් පළට අන්තර් ජාල වයි ෆයි පහසුකම් ලබාදෙන ආරංචිය ඇත්තටම හාස්‍යයක්. ඒත් යටිතලයේ පවතින නොගැලපීම මගින් අන්තර්ජාල පහසුකම් මගින් නගරයේ ...
ඉගල හංදිය egalahandiya “මම මේ ඉගල හංදියට යනව. සමාගං කඩෙන් බඩු ටික අරන් එන්න” චීත්තයක් හා හැට්ටයක් ඇදි, මල්ලක් අතින් ගත් කාන්තාවක් ඇල්පිටිය පැත්තට යමින් තමන්ට මුණ හැගුණ තවත් කාන්තාවකට එසේ පවසනවා මට ඇහුණේ අතොරක් නැතිව පාර දෙස බලාගෙන සිටි අතරතුරේ දී ය. “ඉගල හංදිය” යන්නත් “සමාගම් කඩේ” යන්නත් ඒ වනවිටත් මගේ වචන මාලාවට එක්ව නොතිබුණි. හිස් අහස් කුස සිසාරා ගිය මගේ ...