චීන සිස්ටම් එක තමා හරි Yakaagea Daviya එකම මතයක සදාකල්හිම සිටීමයනු හණමිටිය කර තබාගෙන යාමකි.එහෙත් එයින් අදහස් වන්නේ චපලත්වය නොවේ. මූලිකරාමුව එලිස්න්ම තබාගෙන තමන් දරණ මත අවශ්‍ය පරිදි සංශෝධ්ජනය කර ගැනීමට බාධාවක් නැත. තනි පක්ෂ පාලන ක්‍රමය මා විසින් විවේචනය කළා මට මතකය. ඊනියා බහුපක්ෂ ප්රජාතන්ත්රවාදය නම් වූ ප්‍රෝඩාව අසාර්ථක බව මට දැන් සිතේ. චීනයේ ඇත්තේ තනි පක්ෂ ක්රමයකි. පාලක කොමියුනිස්ට් පක්ෂයට රටට අවශ්‍ය තීරණ ගැනීමට ...
කුසුමාසන දේවිය Yakaagea Daviya කුසුමාසන දේවි ටෙලිනාට්‍ය පෙන්වන වෙලාව වෙනස් කිරීම නිසා මා වැනි බොහෙ දෙනෙකුට එය නැරඹීමට නොහැකි විය. ඓතිහාසික චරිත හා ඉතිහාසගත කර්ණු මෙහි ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබීම ප්‍රශංසනීය වුවද ඇතැම් චරිත අනවශ්‍ය ලෙස උලුප්පන්ට උත්සාහ කිරීමෙන් පොදුවේ කතාවට හානිය සිදුවී ඇත. එවන් චරිත දෙකක් නම් ධර්මපාල හා කුසුමාසන දේවියයි. ධර්මපාල පෘතුගීසීන්ගේ රූකඩයක් වුවද මෙම කතාවේ ඔහු බලවත් රජෙකි.අනෙක් අතට ...
අපායේ රියැලිටි තරඟය හා විසදන්න බැරි පීඩනය නිට්ටෑවෙන්ම සුවකරන ක්‍රමයක්. Yakaagea Daviya 70-77 ආර්ථික ක්‍රමය අසාර්ථක වුනේ බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී රටක් වූ නිසාය. දකුණු කොරියාව ,චීනය,තායිවානම ,වැනි රටවල මෙම ගැටලුව නොවීය. එක්කෝ එම රටවල් කොමියුනිස්ට් විය නැත්නම් රටට හිතවත් හමුදා ආණ්ඩු විය. මේ නිසා රට ගොඩ නැගෙමින් තිබූ මුල් අවස්ථාවේදී ආව්ස්ථාවාදීන්ට බඩ ඉදිරියට දමා රට රවටන්න බැරි විය. ගිනි පොලියට අරන් කන ,ඒ ණය ගෙවන්න ඊට වඩා ණය ගන්න මුස්පේන්තු රටවල් ...
කතන්දර ගොඩක් කෙටියෙන් - බිබිලෙ දොඩම් ,ගුරුවරුන්ගෙ ගැහිලි , දේශීය නිෂ්පාදනවල ස්වර්ණමය යුගය , මරණ දඩුවම , පීඩිතයාගේ කටු ඔටුන්න හා තවත් කතා Yakaagea Daviya කම්මැලි නිසා පෝස්ට් ගනනාවක්ම මඟහැරී ගියේය. පෝස්ට් එකක් දානවාම කියා සිතාගෙන පරිඝනකය ලගට ආවත් මේ මොන නිෂ්ඵල වැඩක්දැයි සිතා නිකම් සිටි වාර බොහෝය. අප දකින ලෝකය නිවැරදිමද කියා අපට නිසැකබවක් නැති විටක යමක් ලියන්නට පෙර කිහිපවරක්ම සිතන්නට පෙඇළබේ. මා තුල තදින්ම මුල්බැසගෙන තිබූ විශ්වාසයක්නම් බිබිලෙ දොඩම් විජාතික කුමන්ත්රනයක් මගින් විනාශකළ බවයි. එක් ගුරුවරයෙකු කාලච්ඡේදයක්ම ගෙන මේ ගැන කතා කළ ...
ගින්නෙන් උපන් සීතල Yakaagea Daviya ගින්නෙන් උපන් සීතල නමින් තිරගත වූ විජේවීර ගැන සිනමා සිතුවම මමද බැලුවෙමි. ඇත්තෙන්ම මා චිත්‍රපටයක් බැලුවේ සෑහෙන කලකට පසුවයි. මීට පෙර මා බැලුවේ ගුරුගෙදර චිත්‍රපටයයි. ගින්නෙන් උපන් සීතල බලන්නට මම පුලපුලා සිටියෙමි. ඇත්තෙන්ම මට සිනමා ශාලාවද ප්‍රවේශ පත්‍රයක මිලද ආගන්තුක විය. මා සමග ටිකට් ගත් දෙතුන් දෙනාටද එසේම ආග්න්තුක වීමෙන් මෙම සිනමා සිත්තම සාමාන්‍යයෙන් චිත්‍රපට නොබලන යම් පිරිසක් සිනමා ...
මේ රටේ ජනයාට බුද්ධි බලය ලැබෙන ගුරුකමක් මන්ත්‍රයක් හෝ ගොලුබෙලිකට්ටක් නැද්ද Yakaagea Daviya බිමල් රත්නායක මන්ත්‍රීතුමා අපූරු කතාවක් කර තිබේ. ඒ කලු මාධ්‍ය ගැනය. ඇත්තටම මේ රටට අවශ්‍ය බිමල් රත්නායකලාය. ඔහු මිත්‍යාන්ධකාරයෙන් ගැලවුන දේශපාලනඥයෙක් බව පෙනෙන බැවිනි. ඔහු ගොලුබෙල්ලන්ගේ කටුව කොයි පැත්තට කරකුනත් එහි බලයක් නැති බව නොබියව කියයි. ඇත්තටම මෙරට මාධ්‍ය රැසක්ම මිත්‍යාව වපුරයි .ඇත්තෙන්ම ඒ වපුරන්නේ අතිශය නින්දිත ලෙසය. මම මේ කිසිවක් නොබලන නමුත් දිනක් අහම්බෙන් අසන්නට ලැබුනි. ඒ ව්‍යාපාරික ...
ඉන්දුනිම්නය ගොඩනැගූ සැබෑ රාවණාවරු කවුද Yakaagea Daviya 1922 දී පමණ මොහෙන්ජොදාරෝ හරප්පා කැණීම් වලින් සොයාගත් දේවල් ඉන්දියානු ඉතිහාසය මතුනොව බොහෝ විශ්වාසයන් උඩුයටිකුරු කළේය. ඉන්දු නිමනයේ පැවති ඉතා දියුණු නාගරික සභ්‍යත්වය විශ්මය ජනක විය. ඔවුන්ගේ ජලාපවාහනය මාර්ග පද්ධති අපජලය බැහැර කිරීම් එම යුගයට ඉදිරියෙන් විය .. එසේම මේ නගර ඉතා විශාල වීමත් විශාල ජනගහනයක් ජීවත් වීමත් නිසා සමකාලීන කුඩා පුරයන්ට වඩා වෙනස් විය. ඌර් අක්කඩ් හෝ ඇතන්ස් ,ස්පාටා ...
සීමන් කොරෙයා, පරංගි යුගයේ ලංකාවේ භයානකම මිනිහා Yakaagea Daviya මේ නම අසා ඇති අයට වඩා අසා නැති අය වැඩිය. මේ දිනවල ප්‍රචාරය වන කුසුමාසන දේවි ටෙලි නාට්‍යයේ කොරෙයා කෙනෙක් සිටී. මෙම නාට්‍යයේ නම් ගම් ආවට ගියාට දැමූ ඒවා නොවේ. ඒ හැම නමක්ම ඓතිහාසික වැදගත්කමක් දරයි. ධර්මපාල සමග දෙබස් වල සිටින කොරෙයා දොමින්ගු කොරෙයා හෝ සීමන් කොරෙයා විය හැක. පෘතුගීසීන් වෙනුවෙන් අවංකව සටන් කල ස්වදේශිය සෙනෙවියන් දෙදෙනෙක් හමුවේ. එකෙක් ...
අප සිටිය යුත්තේ කවර යෝධයා සමඟද Yakaagea Daviya අපගේ විදේශ ප්‍රතිපත්තිය මුල සිටම වරද්ද ගත්ත බව මගේ හැඟීමයි. බරපතලම වරද කළේ බන්ඩාරනායක ආණ්ඩුවයි. ඒ බටහිර රටවල් අමනාප කර ගනිමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමයි. 1956 දී එම සිදුවීම් සිදුනොවුනානම් 1971 ,1989 කැරලි ඇති නොවීමටත් තිස් අවුරුදු යුද්ධය ඇති නොවීමටත් ඉඩ තිබුනි. නේටෝව හා සෝවියට් දේශය ලෙස ලෝකය බෙදී ගිය යුගයේ අප ඇමරිකානු කදවුරේ සිටියානම් උතුරේ කැරලිකරුවන්ට මේ තරම් ශක්තිමත්වීමට ඉඩ ...
සීතාවක රාජසිංහ , අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් දුෂ්ටයින්ද Yakaagea Daviya සීතාවක රාජසිංහ හා අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් ලංකා ඉතිහාසයේ දුෂ්ටයන් ලෙස පෙන්වා දී ඇත. රාජසිංහ කෲරතරයෙක් හා පීතෘඝාතකයෙක් ලෙස ත් බෞද්ධාගම විනාශකළ තැනැත්තෙකු ලෙසත් පෙන්වා දී ඇත. එහෙත් මේ සියලු චෝදනා පදනම් විරහිතය. රාජසිංහ ගේ පියා වූ මායාදුන්නේ වයස අවුරුදු 85 දී මියගිය බව සදහනව ඇත. ඒ ස්වාභාවිකවය. ක්වේරෝස්ද මෙය සනාථ කරයි. අනෙක් අතට රාජසිංහ අවුරුදු 11 සිටම රාජ්‍යත්වය ස්ථිර ...
කවුද මේ නල මුදලියා Yakaagea Daviya අද මම කොටුව ඉස්ටේසමේ ඔබ මොබ යන කල ඇස ගැටුන පොතක් මිලදී ගත්තෙමි. ඒ රාජාවලියයි. ඒ කාරණා දෙකක් නිසාය. එකක් නම් පොතේ මිලයි. රුපියල් 160 කි. අනෙක් කරුන නම් කියවන්න වටින පොතක් වීමයි. පොත කියවන කල අපූරු කතාවක් මට හමුවිය. ඒ නල මුදලියා ගැන කතාවයි. මේ නලමුදලියාගේ කතාව වෙන කිසිම මූලාශ්‍රයක හමුනොවේ. එහෙත් එය බැහැරකළ හැක්කක් නොවේ. මන්ද අප ...
රජවරුන් නැති ලෝකය Yakaagea Daviya ඈත අතීතයේ බොහෝ ප්‍රජාවන්ට අවශ්‍ය වුනේ රජෙකි. සමාජයේ එකාබද්ධතාවය රැකගෙන බත බුලතින් සරුකරගෙන ආරක්ෂාව දෙන රජෙක් එවකට සමාජවල ප්‍රධානම අවශ්‍යතාවය විය. නමුත් ඊට වෙනස්ව ක්‍රි පූ 509 තරම් ඈත අතීතයේ රෝමවරු රජෙක් වෙනුවට විකල්පයක් සොයාගත්හ . වාර්ෂිකව තෝරාගන්න කොන්සල් වරු දෙදෙනෙකි. රජෙකුට පෙර යක්ෂයාට පුරයේ දොර අරින බව ඔවුන්ගේ උදාන වාක්‍ය විය. රෝම සමූහාණ්ඩුව යුරෝපය පුරාමත් අප්‍රිකාවේත් ව්‍යාප්ත කළේ ...
බ්‍රහස්පති තරුවක් වුනොත් Yakaagea Daviya බ්‍රහස්පති සූර්යයෙක් වීම ගැන මට දැනගන්නට ලැබුනේ ආතර් සී ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධයකිනි. ඔහු එය සුබවාදීව දැක තිබිනි. ඇත්තටම එහෙම දෙයක් බැරිවෙලාවත් සිදුවුනොත් ඇතිවිය හැකි වෙනස්කම් කෙබදුද? ජ්‍යොතිෂයට අනුව යහපත් ග්‍රහයෙක් වන බ්‍රහස්පති ඇත්තෙන්ම අසාර්ථක තරුවකි. මේ දැවැන්තයා තරුවක් වීමට තරම් විශාල නැත. ඒ කියන්නෙ නියුක්ලියර් චේන් රියැක්ෂන් එක සිදුවෙන්න තරම් විශාලත්වයක් බ්‍රහස්පති ට නැත. යම් හෙයකින් එය සිදුවුනොත් ...
ඌරන්ගේ පෝෂනය ගොවිපොලේ පැවැත්මට ප්‍රයෝජනවත් බැවින් කිරි සහ ඇපල් ඌරන්ට වෙන් කර තබන්න. Yakaagea Daviya ඌරන්ගේ පෝෂනය ගොවිපොලේ පැවැත්මට ප්‍රයෝජනවත් බැවින් කිරි සහ ඇපල් ඌරන්ට වෙන් කර තබන්න. අනෙක් සතුන් ඒ ගැන කතා නොකළ යුතුය. එසේ කතා කරන්නේ නම් අවසාන විග්රහයේදී අප විසින් පරාජය කරන ලද මිනිස් සතුරාට සේවය කිරීමකි. සතුන් ගේ විප්ලවයෙන් මිනිස් සතුරා පරාජය කරන ලදී. ඉන් ඉක්බිති ගොඩ නැගූ සතුන්ගේ රාජ්‍යයේ පැවැත්ම ඇත්තේ තීරණ ගන්නා වූ ඌරන් අතේය. ඌරන් හැර සෙසු ...
පස් රහිත වී වගාව Yakaagea Daviya වී වගාව තුල මා නිරීක්ෂණය කළ එක් අයහපත් දෙයක්නම් මහා පරිමාන ජල නාස්තියයි. ඇත්තෙන්ම ගොයම් ශාකය නෙළුම් මෙන් ජලය විශාල වශයෙන් අවශ්‍ය බෝගයක් නොවේ. අපේ ගොවීහු වී වගාවේදී අධික ජල නාස්තියක් සිදුකරති. හයිඩ්‍රොපොනික් ක්‍රමයේදී 95% ක් ම ජලය ඉතිරි කර ගත හැක. එසේම කෘමිහානි ද නැත. වල් නාශක යෙදීමේ අවශ්‍යතාවයක්ද නැත. වසවිසෙන් තොර බතක් කෑමට ඇති හූදම ක්‍රමය මෙයයි.නමුත් ...
හෙබ්‍රෙව් හා ජපන් භාෂා වල පුදුමාකාර සමානකම Yakaagea Daviya ඊශ්‍රායලය හා ජපානය ඉතා දුරින් පිහිටා ඇති රාජ්‍යයන් දෙකකි. නමුත් ඊශ්රායල්වරුන්ගේ බස හා ජපනුන්ගේ බස පුදුමාකාර ලෙස සමානය. අකුරුවල මේ පුදුමාකාර සාම්‍ය තදින් කැපී පෙනේ. ජපන් බසේ රූපාකාර අක්ෂර හා හෙබ්‍රෙව් බසේ අකුරු සමානව වීම තේරුම් ගත නොහැක්කේ භූගෝලීය හා සංස්කෘතික දුරස්ථ බව නිසාමය. ජෝසෙෆ් ඊඩ්ල්බර්ග් නම් යුදෙව්වෙක් ජපන් ශින්ටෝ ආරාමායක නැවතී ජපානය හා ඊශ්‍රායලයේ නැතිවූ ගෝත්‍ර කියා පොතක් ...
ජවිපෙ යන්නෙ හරිම පාරෙ Yakaagea Daviya සමහරුන්ට ජවිපෙ ක්‍රියාකාරකම් මහත් විශ්මයකි. ඒ බොහෝ විට දේශපාලනය සරලව විග්රහ කරන්නන් ය. ජවිපෙ මෙහිදී කරන්නෙ කළ යුතු නිවැරදිම දේ. ජවිපෙට වැටෙන්නෙ ශ්‍රී ලංකා චන්ද. සාමාන්‍යයෙන් යූඇන්පී චන්ද ජවිපෙට ලැබෙන්නෙ නෑ. .ශ්‍රීලනිප චන්ද ක්‍රම ක්‍රමයෙන් ජවිපෙට අවශෝෂනය කරගන ඕන.ඒකට යූඇන් පී ආන්ඩුවක් තියෙන්න ඕන. ඊට පස්සෙ ආණ්ඩු විරෝධී සටන ජවිපෙ අතට ගන්න ඕන. ඉන් පසු ශ්රීලනිපය දියවෙලා ප්‍රධාන එජාප ...
අද පෝයදා සිත දහමට බර කර ගනිමු. Yakaagea Daviya අද වප් පෝය දින බණ පදයක් කියන්න සිතුවෙමි. වැදගත් වන්නේ චේතනාව නොව ප්රතිඵලයයි. මන්ද සිතිවිලි ඇථිවෙන්නේ බාහිරය නිසා බැවිනි. අපේ සිතිවිලි ඇතිවන්නේ බාහිර පරිසරය ඇසුරිනි. අපේ සිතිවිලිවලට බාහිර පරිසරයෙන් වියුක්තව පැවතිය නොහැක. සිත සියල්ලටම ප්‍රධාන නොවේ.ප්‍රධාන වන්නේ අපෙන් වියුක්තව පවතින බාහිර ලෝකයයි. අපෙන් වියුක්තව පවතින ලෝකය සත්‍ය වන්නේ කිසියම් පරාසයක් තුල පමණි. උදහාරණයකට අප දකින ලෝකයට වඩා කුරුල්ලෙකු දකින ...
පිදුරුආරච්චි සහ ගොමා ගෝත්‍රිකයෝ Yakaagea Daviya ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගොමා ගෝත්‍රයේ ප්‍රාදේශීය නායකයෙක් කළ ප්‍රකාශයක් නිසා සමාජ ජාලවල ගිනි ඇවිලී ගියේය. මොහුගේ නම පැදුරු ආරච්චි කියා ටයිප් කළද එය පිදුරුආරච්චි ලෙස ෆොන්ට් එක සකස් විය. සමහර අවස්ථාවල මගේ වචන වලට වඩා ෆෝන් එකේ ෆොන්ට් එකේ යෝජනා ලස්සනය. මෙයද එවැන්නකි.එනිසාමමද පිදුරු ආරච්චි යන නම භාවිතා කරමි. ගොමා ගෝත්‍රිකයන් තමන් අති සුවිශේෂී පිරිසක් ලෙස විශ්වාස කළද පිදුරුආරච්චි සේ ...
ආර්ථික වර්ධනයේ කෙළවර කොහිද Yakaagea Daviya A කොම්පැනියේ භාණ්ඩ මිලදීගැනීමට අවශ්‍ය මුදල් B කොම්පැනියේ සේවය කරන අයට ලැබෙන්නේ B කොම්පැනිය ලබන ලාභයෙන් කොටසක් ලෙසය එනම් වැටුප් ලෙස B සේවකයන් ලබන මුදලිනි.Bකොම්පැනියට ලාභ ලැබෙන්නේ ඔවුන් නිපදවන භාන්ඩ A කොම්පැනියේ සේවයකරන අය විසින් මිලදී ගත්තොත්ය. ඒවා මිලදී ගැනීමට A කොම්පැනියේ වැඩකරන අයට අවශ්‍ය මුදල් ලැබෙන්නේ A කොම්පැනිය ලබන ලාභයෙනි.එනම් Aකොම්පැනියේ වැඩකරන අය ලබන වැටුපෙනි.ලාභය ලැබෙන්නේ A භාණ්ඩ ...