බණට බණක් නැත මෙහෙම බණක් නැත වහරක හිමිගේ බණ වාගේ Yakaagea Daviya මෙවැනි වීඩියෝ වලට යූටියුබ් හා ෆේස්බුක් හි දමන කොමෙන්ට් කියවීමම පට්ට ආතල්ය.මට මේ හාමුදුරුවෝ රිවිර පත්තරේ පලකල බන ලිපි කියවීමට අවශ්‍ය වුවද නොහැකි විය. පිටුවක් පුරාම බණ පළකළ අතර ඒවායේ වටිනාකම මිළ කළ නොහැක. පද නිරුක්ති ඥානයේ කෙලපැමිනි අප ස්වාමීන් වහන්සේ කිඹුලා ( කිඹි උලා )ලෙසද බළලා ( බලයට කෑදර ) ලෙසද මීයා ( පොලව ගැන තන්හාව ) ලෙසද හදුන්වා ...
2020 ජනාධිපතිකමට නීල් ධම්මික නරකද Yakaagea Daviya කොමෙන්ට් 1470 ක්. මෙහි කොමෙන්ට් කියවීමෙන් ඔබට ලොකු විනෝදයක් ලැබේවි. නිවේදකයා සිනාව ආයාසයෙන් මැඩලගෙන සංවාදය කරගෙන යයි.
සූවස් ඇළට විකල්පයක් Yakaagea Daviya ආසියාව හා යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආක්ටික් ප්‍රදේශයෙන් මීර්ස්ක් නම් රුසියානු නෞකාව ගමන් කර ඇත. මෙය ප්‍රවාහන ක්ෂේත්රයේ විප්ලවකාරී පියවරක් වන අතර මෙයින් සූවස් ඇල හරහා වූ දීර්ඝ මාර්ගය වෙනුවට විකල්පයක් ලැබේ. එහෙත් අභියෝගය සම්පූර්නයෙන්ම ජයගෙන නැත. උතුරු මුහුදු මාර්ගයක් විවෘත වීම චීනයේ සිට යුරෝපයට සකස් කෙරෙන දුම්රිය මාර්ගය සේම ලෝකය යා කෙරෙන ප්රගතිශීලී ව්‍යායාමයකි ...
මහ මුහුද හින්දන සැලැස්ම Yakaagea Daviya මෙය උපුටා ගත්තේ බුකියෙනි. මිනිසුන් ලොව වෙනස් කලේ මේසා යෝධ අමුතු අදහස් ඇති මිනිසුන්ය.මධ්‍යධරණි මුහුදේ වේලී බැඳ, මුහුදු ජල මට්ටම බස්සවා නව භූමියක් නිර්මාණය ඇතුලු දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘතියකට සැලසුම් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?විද්‍යා ප්‍රබන්ධය අතික්‍රමණය කරමින් ලොව මෙතෙක් යෝජනා වූ දැවැන්තම සංවර්ධන සැලැස්මක් ලෙස සැලකිය හැකි ඇට්ලැන්ට්රොපා ව්‍යාපෘතිය, 1920 දශකයේදි පමණ ජර්මානු නිර්මාණ ශිල්පි හර්මන් සෝගල් ගේ යෝජනවකි.ජනගහනය වර්ධනය, ...
ඇඹිලිපිටියේ බිලිබොයිලා ජාලිය ඈපාලා සහ බුද්ධිකලා Yakaagea Daviya 87/89 ජවිපෙ භීෂණය අපේ ප්‍රදේශයට තදින් දැණුනේ නැත.ඇත්තටම මා දැක තිබුනේ ටයර්මත පිලිසුන එක් සිරුරක් පමණි. එයද භීෂනය අවසන් යුගයේ ය. එහෙත් ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල භීෂණය ඉතා දරුණුව පැවති බව අප දැණගත්තේ දිවයින පත්තරේ පලවූ භීෂණ යුගයේ කතා ලිපිපෙල මගිනි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම මා මහත් කණස්සල්ලට පත් කළ සිදුවීමකි. ඊට හේතුව විදුහල්පති වරයාගේ පුත්‍රයා ...
ඇඹිලිපිටියේ බයි ඛේදවාචකය Yakaagea Daviya බයියන් යනු වර්තමානයේ මෙරට විශාලතම දේශපාලන කණ්ඩායමයි. එම කණ්ඩායමේ අධ්‍යාත්මික නායකයා හිටපු ජනාධිපතිවරයායි. මෙය යුධ ජයග්‍රහණයට පෙර සිටම ගොඩනැගුන ප්‍රතිරූපයක් වුවද එය මනෝවිද්යාත්මකහා සමාජ විද්‍යාත්මක සාධක මතින් යෝධ පෞර්ෂයක් බවට පත්වුනේ යුධ ජයග්රහණයෙන් පසුවය.ඇඹිලීපිටියේ බයියන් පන්සලක බුදුපිලිමයක් විවෘත කිරීමට ඇරයුම් කළේ එබදු රජෙකුටය. බයියන් එළවා ගත්තේ එම රජුද දනගසා අවුරුද්දට බුලත් දෙන ඔහුගේ වැඩිමහලු සොයුරාවය. මෙය තුල නිකම් අමුත්තක් අමුත්තක් ...
ඉම් රාන් ඛාන් Yakaagea Daviya ඉම් රාන් ඛාන් මහතා ගේ පක්ෂය පාකිස්ථාන මහමැතිවරණයෙන් ජයගෙන තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදීව පාකිස්ථානයේ බලය හුවමාරුවුන දෙවන අවස්ථාවයි. මෙහි සුවිශේෂ වැදගත්කම වනුයේ ප්‍රධාන පක්ෂ දෙක පරදවා වෙනත් පක්ෂයක් බලයට ඒමයි. මෙය ලොව කිසිම රටක පහසුවෙන් සිදුවන්නක් නොවේ. ප්‍රංශයේද එමානුවෙල් මැක්රොන් මහතා ජයගත්තේ මෙයට සමාන ආකාරයකටය. එහෙත් පාකිස්ථානය යනු පසුගාමී ආගමික අන්තවාදයන් හා හමුදා පාලන සහිත රටක් ලෙස පිළිගැනෙන පසුබිමක පාකිස්ථාන ජනතාව ...
ක්‍රෝඒෂියාව ලංකාවට වඩා පෝසත්ද Yakaagea Daviya ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් අවසාන වටයට තේරුන නිසා ක්රො ඒෂියාව ගැන කවුරුත් කතා කරන්නට වූහ.එම රට ගැන කතා කරන්නට තවත් හේතුවක් වුනේ එරට සිටින ලාබාලම රූමත් ජනාධිපතිවරිය නිසයි. පැරණි යුගෝස්ලාවියානු සමූහාණ්ඩුවක් වූ ක්රො ඒෂියාව ස්වාධීන රටක් වුනේ ඊනියා සමාජවාදී කදවුර බිදවැටුන පසුය. ඉන්පසු ක්‍රීඩා ක්ෂේත්රයේ එම රට ලබා ඇති ජයග්රහන පුදුම සිතෙන තරම්ය.ක්රො ඒෂියාව හා ශ්‍රී ලංකාව සංසන්දනය කරන උත්සාහයන්ද ...
මාදම්පෙ සිට කුරුණෑගලට කෝච්චියක් Yakaagea Daviya මෙරට දුම් රිය සේවය ප්‍රසාරණය කිරීමේදී කළ යුතු ඉතා වැදගත් ඉදිකිරීමක් නම් මාදම්පෙ හෝ හලාවත සිට කුරුණෑගල දක්වා දුම් රිය මාර්ගයක් ඉදිකිරීමයි. අවශ්‍ය වන්නේ මාදම්පෙ හා කුරුණෑගල අතර දුම් රියක් නැති අඩුව පිරිමැසීමයි. මෙහිදී එක්කෝ හලාවත බිංගිරිය,හෙට්ටිපොල ,වාරියපොල හරහා හෝ මාදම්පෙ ,දුම්මලසූරිය ,කුලියාපිටිය ,නාරම්මල හරහා අලව්වට සම්බන්ධ කිරීමෙන්ද එය කළ හැක. විශාල ජනගහනයක් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කය මැදින් කෝච්චියක් යන එක ...
චීනයෙන් ලැබුන මානව ෆොසිල නිසා මානව පරිණාම කතාව නැවත ලියන්න සිදුවේද Yakaagea Daviya https://www.scmp.com/magazines/post-magazine/long-reads/article/2154934/how-fossils-found-asia-could-rewrite-historyමානවයා අප්‍රිකාවේ සම්භවය වී ලොව පුරා පැතිරුන බව ජනප්‍රිය මතයයි. එහෙත් පීකින් මානවයා ලෙස හැදින්වෙන මානවයන් මීට බොහෝ කලකට පෙර භාවිතා කළ උපකරන ලැබීමත් සමග ඒ මතය වෙනස් වී තිබේ. ඇතැම් විට හෝමෝ සාපියන් නැඑනහිර ආසියාවේ පරිණාමය වී ඇති අතර එසේ නැත්නම් මානවයාට අප්‍රිකානු තොටිල්ලට අමතරව තවත් තොටිලි තිබෙන්නට ඇත. ...
ඇමති මණ්ඩලය සීමා කරන හැටි Yakaagea Daviya පාර්ලිමේන්තුවේ සාමාජික මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වීම බ්‍රිතාන්‍ය උරුමයකින් අපට ලැබුන වෙස්ට්මිනිස්ටර් ක්රමයේ ලක්ෂණයකි. මෙහිදී ව්‍යවස්ථාදායකයේ කොටසක් විධායකයේද වෙයි. සමානයන් අතර ප්‍රමුඛයෙක් වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එරට විධායකය වෙයි .ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විධායකය වුවත් ඊට අගමැති හාකැබිනට් මණ්ඩලයද අයත්ය.. ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත් කරන්නේ ව්‍යවස්ථාදායකයෙනි. බැලූ බැල්මට මේ ක්‍රමය ඉතා විද්‍යාත්මකය.බ්‍රිතාන්‍ය ඇමරිකාව වැනි රටවල දේශපාලකයන් පමනක් නොව ජනතාවද ...
ලාබයි ලාබයි වියට්නාම් කිරි හරක් Yakaagea Daviya දින 90 ක් තුල ගෙනත් බාන බවට සහතික වෙමු.අමතර ගාස්තු නැත.අවුරුද්දක් ඇතුලත ලනුව කඩාගෙන පැන ගියොත් අලුත් එකක්.නරක නෑ නේදචීනයේ පිරිමින් අඩුවීම නිසා මනාලියන් ලෙස වියට්නාමයෙන් කාන්තාවන් පැහැරගෙන ඒම කලෙක සිට පවතින ජාවාරමකි. මෙය නීත්‍යනුකූලවද සිදුවේ. ඒ චීනුන් වියට්නාමයේ බින්න බැසීම නිසාය. වියට්නාමය යම් දිනක චීනයට අයත් වීමට පවා ඉඩ ඇති තරම් මෙය බරපතල බව සමහරු කියති. ...
කෙස් වලු පූජාව Yakaagea Daviya කෙස් කාගෙවත්ය පාගන්නේද කවුරුවත්ය එසේනම් කාටවත් ඇයි වේදනා ?ප්රශ්නය මේකයි. බෝධිපූජා සහ නිර්මාංශ ව්‍යාපාරය මෙන් මෙයද රැල්ලක් වුනොත් ඇයි ඉතින් දීපංකර බුදුන්ට සුමේධ තාපසය මෙහෙම පූජාවක් කළේ ?ඒ බුදු කෙනෙකුට . මේ සිවුරු දාගත්ත කොල්ලො සෙට් එකක්. හෙට අනිද්ද බැරියර් පෙරලලල පෙළහර පාන්න හෝ ජොබ් එකක් සෙට් වුනාම සිවුරු අරින්න යම් ඉඩක් තියෙන අය.හරි ඉතින් ඒත් මොකද ?ප්‍රශ්නයක් නම් නෑ ...
සම්පූර්ණ නම : විශාල තන් ඇත්තා Yakaagea Daviya සද්ධාතිස්ස රජුගෙන් පසු මෙරට රජවූයේ ථුල්ලත්තන නම් කුමරෙකි. ඔහුගේ නමේ තේරුම විශාල තන් ඇත්තා යන්නයි. ඇත්තෙන්ම එවැනි විසුළු නමක් ඔහුට වැටුනේ කෙසේද? ඔහු ද්විලිංගිකයෙක් වෙන්න බැරිද? එසේත් නැත්නම් පුරුෂ සිරුරක් තුල සිරවී සිටි ස්ත්‍රියක් (ට්‍රාන්ස්ජෙන්ඩර් ) කෙනෙක් වෙන්න බැරිද?ඔහුගේ ලිංගිකත්වය රජවීමට ඔහුට බාධාවක් නොවීම විශේෂත්වයකි.ඇත්තෙන්ම එවකට සිටි ඇමතිවරු හා භික්ෂූන් වහන්සේලාගේ තේරීම වුනේ මෙම කුමරුය.ඔහු කුඩාකළ සිටම පන්සල් ආශ්‍රිතව සිටි ...
ඩයිනමෝරා Yakaagea Daviya ඩයිනෝ ලා මානව රූපී වීම යනු අපූරු පරිකල්පනයකි. එහෙත් එය විය ඒ තරම්ම අසාමාන්‍ය නැත. මන්ද ලේනුන් උනහපුලුවන් හයිනාවුන් වැනි සතුන් පවා කකුල් දෙකෙන් සිටගෙන අත් සංචරණයෙන් බැහැර කර යම් යම් ක්‍රියා කරන බැවිනි.ඉන් පසු දියුණු සංස්කෘතියක් අවශ්‍යය.ඩයිනෝ ලාද සමාජ ජීවීහු යැයි සිතමි. දැනටමත් තිබෙන ප්‍රාථමික සංස්කෘතිය දෑත් සංචරණයෙන් නිදහස් වූ පසු සංවර්ධනය කර ගත හැකි.https://www.facebook.com/permalink.php?story_fbid=1354716611296741&id=1317737654994637 ...
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලී සුද්ද ගෙනත් දෙන සල්ලී චීන ගෙනත් දෙන සල්ලී සල්ලි තමා දෙයියගෙ මල්ලී Yakaagea Daviya ගෝලීය ප්රාග්ධනයේ තේජස මොනවට පැහැදිලි වුන දින වකවානුවකි. ඇත්තෙන්ම එවැනි කාලයක් මින් පෙර තිබුනාද කියා සිතේ.සියලුම පක්ෂවල ජනතා නියෝජිතයන් මිලට ගෙන බහුපක්ෂ ප්රජාතන්ත්රවාදය විහිලුවක් බව පෙන්වා දීම ගැන ඇලෝසියස් මහතා ට ස්තුති වන්ත විය යුතුවෙමු. ඊට විසදුම ශක්තිමත් ශක්තිමත් විධායක ධූරයක් යැයි අප කියන්නට සැරසෙන විටම චීනා ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියා කෑ ගැසීය. අපි කවදත් ශ්‍රීලංකා අපි කවදත් යූ ...
බොරුව සිතින් දුරලා හොද විරේකයක් කරලා ඉමු රටට වැඩක් කරලා ( කිං කරිස්සන්ති තාරකා / අහසේ තරු රටා වල කවර නම් අර්ථයක් තිබේද පෙරේරා මහත්තයෝ ) Yakaagea Daviya දුම් රිය ට පැන සියදිවිහානිකර ගැනීම සුබ දෙයකි. එවැන්නක් වූ විට අපට ට්‍රේන් එක ලේට් වේ. එවිට හවසට ලේට් කවරකරන්නට සිදුවේ. එහෙත් සියදිවි හානිකරගත් තැනැත්තා එය කළේ සෙල්ලමකට නොවේ. ඔහුගේ ප්‍රශ්න වලට වෙන විසදුමක් නුදුටු නිසාය. ඇයි අපේ කෝච්චියටම පැන්නෙ කියා ඔහුට දෙස් දෙවොල් තබමු.පසුගිය සදුදා හවස කට්ටුව හරියේදී කෙනෙක් දුම් රියට පැන තිබුනි. කොටුවෙනුත් ලේට් වූ කෝච්චිය මේ නිසා ...
හරක් මස් කමු Yakaagea Daviya රාවයේ පළවූ ලිපියකි. අහම්බෙන් හමුවිය. අද අධිවෙසක් පොහොය දින මන්දපෝෂනය දුරලීමේ කුසල් සිතින් පුණ්‍ය කටයුත්තක් ලෙස පළ කළෙමි. පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්…පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට සීත-උෂ්ණ කියලා. නැත්නම් පිත අඩු-වැඩි ආහාර කියලා. ලංකාව වගේ ...
ඩිස්ටි ඩිඩින් නැති ලෝකයක් Yakaagea Daviya ආතර් සී ක්ලාක් මහතාගේ අනාගත කැලැන්ඩරය කාලයක් යනතුරුම මා සතුව තිබිනි. 2001 දී මිනිස් ක්ලෝන නිර්මාණය කරනු ඇතැයි ඔහු පැවසීය . එහෙත් 2018 දීවත් එය සැබෑ නොවීය. තවද ආරක්ෂිත බලශක්ති ක්‍රමවේදයක් භාවිතයට එනු ඇතැයි අනාවැකි පළකලද එයද සැබෑ නොවීය. එහෙත් අතත්‍ය අවකාශය මගින් මිනිසුන් සම්පූර්නයෙන්ම ලිංගික ක්‍රියාවලින් මුදාගන්නට හැකිවනු ඇත.යාන්ත්‍රික ජීවන රටාවකට හුරුවී ඇති ජපන් ජාතිකයන් ලිංගික ක්‍රියාවලට එතරම් කැමැත්තක් ...
කාබන් ජාතිකයන් හා සිලිකන් ජාතිකයන් අතර සහජීවනය Yakaagea Daviya මේක කවදාවත් ඉගෙන ගෙන ඉවරයක් කරන්න පුලුවන් දෙයක්නම් නෙමෙයි මොකෙක් හරි එහෙම කියනවනම් ඌ බොරුකාරයෙක්. ඒක හින්ද මේක පුලුවන් තරම් හොදට ඉගෙන ගන්න. - රියදුරු පුහුණු උපදේශකයෙක්ඔහු මෙය කීවේ රියදුරු පුහුණුවට ගොස් මා රියදුරු අසුනේ ඉදගෙන සුක්කානම අතට ගත් මොහොතේය. රියදුරන් රහිත වාහන ගැන ඔහු කෙනෙක් කීවත් විශ්වාස නොකරනු ඇත.ට්‍රැක්ටරයක් ගලවල හයිකරන්න පුලුවන් කියන්නෙ ඉතින් තව මොනවද .තමන්ගෙම ට්‍රැක්ටරයක් තියෙනව ...