වැස්සට නැති කුඩය Pahasaranee ඊයේ අනෝරා වැසි ඇද වැටුණි...කුඩයක් අත නොවූ මාමහා වැස්සෙන්තෙත් බරිත වීමී...කා වැදුණු සීතලඋහුලා ගත නොහීවෙවුලුම් කන්නට වියමුළු සිරුරම...තෙත් බරිත වුනුඇදුම් බර දරන්නට නොහීමගේ දෙපාකිමිදෙන්නට වියමඩ වුණූ මහ පාර මැද...හදිසියේ දුටුවෙමි...විසල් කුඩයක් යටදෑස ද විසල් කරගෙනඔබ බලා සිටිනවානොතෙමී ...අද මහ වැසි නැත.සෞම්‍යය පරිසරය.නමුත් ... ... ...අඬගසයි ඔබ සෙවණ දෙන්නටඔබේ විසල් කුඩයේ...විසල් කරගෙනමගේ දෑසසිතමි මම ...පෙරදා වැස්සටසෙවණ නොලැබුණකුඩයේ සෙවණකුමක් කරන්නදවැසි නැති දා ...
අපි පරක්කු වුණා සුනිල් සර් Pahasaranee එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර් ඇවිත් බලලා යන්න වැඩ ගොඩ උනා අතපහු උනා මේ පාර නම් එන්නමයි හිටියේ ආයේ සැරයක් කතාවක් අහල යන්න විද්‍යාව විතරක් ඉගැන්නුවනම් අමතක කරලා ඉන්න තිබ්බා සර් ඉගැන්නුවේ ජීවිතේ දහස් ගානකට ලෝභ නැතුවම බෙදලා දුන්නේ ආදරේ සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි බෙදන්න තරම් ආදරේ ගොඩක් සර්ට තිබුණු හන්දමයි ආයේ ...
මඟුල් පරක්කුව Pahasaranee පහුගිය දවසක රැකියාවේ වැඩකට මිරැන්ඩා හේමලතා මහත්මිය මුණගැහෙන්න යන්න අපට සිද්ධ වුනා. අපි ඇගේ නිවසට ගිය අවස්ථාවේ ඇය අපේ පැරණි ජන ක්‍රීඩා උපකරණ කිහිපයක් අධ්‍යයනය කරමිනුයි හිටියේ.ඇය අධ්‍යයනය කරමින් හිටිය උපකරණ සියල්ල මුල් උපකරණ අදේශයෙන් ඇය විසින් තනා ගත් ඒවා. ඒ අතර තිබුණු මඟුල් පරක්කුව ගැන ඇය අපට රසවත් කතාවක් කිව්වා."මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න බාවිතා කරපු ...
ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත... Pahasaranee චිත්‍රය : www.nation.lkසුරංගීට දුක සිතුනේ බොහොමත් කාලයකට පෙරය. ඇගේ දුකට ගැලු කඳුළු ගංගාවක් දිගේ මහ මුහුදට ගලා ගොස් මුතු බෙල්ලෙකු කුසයේ රැදුනි. කල් ඇවෑමෙන් ඒ කඳුළු මුතු විය. ඒ මුතු කන්වල පැළඳ සිටින මුත් සුරංගී තවමත් දුකිනි . මේ සුරංගී, සුරංගී ද අල්විස්ය. කඳුළු මුතු බවට පත්කළ ඇගේ පියා ප්‍රේමකීර්ති ද අල්විස් ඇයට අහිමිව ගොස් අදට වසර විසිපහකි. "අම්මා කියන ...
පෙරළුණු රළ Pahasaranee එදා මට හිතුනේ මහ මුහුද තරම් ලස්සන තව තැනක් මහ පොළොවේ වෙනනම් නැහැයි කියලා ... හීතල හුළඟට දාඩිය නිමෙනවා රැල්ල පාගනකොට මගේ හිතත් නිමෙනවා ... මහ දවල් අවුවට පාර මැද්දෙත්පේනවා මහ මුහුද ඒ දවස් වල තනියම හිනා මටදැන් නම් ඒ අව්වට පිච්චිලා යනවා මාව.එදා අපි මූදු වැල්ලේ නම් ලිව්වා ඊළඟ රැල්ලටම ඒ නම් මැකිලා යද්දී හිතන්න තිබ්බා අපිට සතුට කොහොමත් ...
"ඔබ ඔය කියන 'ප්‍රේමය' ගැන මමත් හොඳින්ම දන්නවා" Pahasaranee (i)එක් සිකුරාදාවක ඉඳන් තවත් සිකුරාදාවකට නොඉවසිල්ලෙන් දින ගැනපු කාලයක් කාලෙකට පෙර මටත් තිබුණානොඇසුවාට කවුරුත්...වැසි බර අහස් කුස දෙස නියවමින් බලමින් වැහි දෙවියන්ට නෝක්කඩු කියනසතියේ අග දවස් බොහෝමයක් තිබුණාකාලෙකට පෙර නොදැක්කාට කවුරුත්...****************(ii)ප්‍රේමය විෂයයෙහි මා කිසිත් නොදනිතැ'යිපාරම් බාන ඔබැ'විත් උදුරා ගන්න කළියෙන් 'මට' අයිති සිකුරාදාවල් බොහෝමයක් තිබුණාමට... නොදන්නවාට කවුරුත්! ***************** (iii)වැස්සත් නොවැස්සත් හැම සිකුරාදා ම දැන්වැහි දෙවියන් ඉන්නේහිතේ සැනසිල්ලෙන්! ...
උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන් Pahasaranee කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි ...
ගුවන් ටිකට් පත එපා කියා ගුවන ජයගත් සිඟිත්තී - නන්දා මාලිනී Pahasaranee පිංතූරය: චන්දන විජේසිංහ www.nation.lk“මම පුංචි කාළේ ගුවන් විදුලියේ එයාර්ශිප් කියලා ගායනා තරගයක් තිබුණා. අද වගේ සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහනක් නෙවෙයි. ගුවන් විදුලියේ ආරියසේන මිල්ලවිතානාච්චි සහ පොස්පර් ප්‍රනාන්දු කියන මහත්ත්වරුන්ගේ උත්සහයක්. මේ තරගයේදි මම පළවෙනි තැන ආවා. මට තෑග්ග විදියට ලැබුනේ බොම්බායට යන්න ගුවන් ටිකට්පතක්.අපි හරි දුප්පත්, කන්න නෑ අපිට,අදින්න නෑ. තාත්තා ඉඳිකටු ඇන ඇන අපිට කන්න දෙන්නේ. ඉතින් කොහොමද ...
සේකර මහත්තය ස්ටේෂන් එකේ දැකපු කාලේ ඔහුගේ ගීතයක් ගයන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ - සුනිල් එදිරිසිංහ Pahasaranee පින්තූරය: චන්දන විජේසිංහ www.nation.lk අපි සියල්ලෝම සිහින දකින්නෝ වෙමු. නමුත් අප දකින සිහින සැබෑ කරගෙන ඒ පිළිබඳව උදම් අනන්නට හැකි වන්නේ අප අතරින් අතලොස්සකට පමණකි. සුනිල් එදිරිසිංහයන්ද කුඩා අවදියේදී සිහිනයක් දුටුවේය. ඒ කවරදාක හෝ ගායකයෙක් වීමට ලැබේවා යන්නයි. ඔහුගේ සිහිනය සැබෑ වුවා පමණක් නොවේ. ඔහු එම සිහිනයේ හිනිපෙත්තටම නැග්ගේය; ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ ගායකයා වුවේය. සිංහල ගීත රසවිදින සියල්ලන් ...
ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැඟුමක් ද ගීතය - බණ්ඩාර ඇහැලියගොඩ Pahasaranee පිංතූරය : චන්දන විජේසිංහ www.nation.lk"මගේ ගම ඇහැළියගොඩ, එල්ලාවල, පරණගම. ඉතාම සුන්දර, පිටිසර සශ්‍රීක ගම්මානයක්. සියලු ධන ධාන්‍යයන්ගෙන් පරිපූර්ණයි. කුඹුරු, තේ, රබර්, පොල් විතරක් නෙවෙයි මැණික් පවා තිබුණා. මගේ තාත්තා ගොවියෙක්. මම මුලින්ම ගියේ ගමේ පාසල, එල්ලාවල, පරණගම විද්‍යාලයට.පුංචි පාසලක්, එක ගොඩනැගිල්ලයි තිබුනේ. සමහර දවස් වලට අපි ඉගෙන ගත්තේ ඉස්කොලේ මිදුලේ අරලිය ගහක් යට. ගෙදර ඉඳල ඉස්කෝලෙට හැතැම්මක් විතර දුර ...
බක බක :( Pahasaranee ගෙම්බෙක්මි වලක් නැති සොයා යන මුදු වැල්ලක් සැපට ඉන්නට කපාගන්නට හොඳ වලක්එහෙට පැන මෙහෙට පැන හොඳ තැනක් හොයාගෙන අමාරුවෙන් කැපුව වලෙත් මේන් තඩි ගෙම්බෙක්කැපුවොත් අපි වලක් ගෙම්බෙක්නේ කවදටත් ! ...
ඇසිල්ල Pahasaranee සිනාසෙන විසල් දෑස් ළඟ මා දෑස නතර විය බර වූ හදවත කඩා වැටී පඩිපෙළ පාමුල පතිත වීය ඇසිල්ලකින් සිහිනයක් දුටුවෙමි.සිනාසෙමින් පැමිණි ඔබ මා හදවත අහුලා දුලී කුණු පිස දමා සිනාසෙමින්මමා වෙත පෑවේය ඇසිල්ලෙකින් සිහිනයෙන් මිදුණෙමි.පඩිය පාමුල මගේ හදවත මටම පෑගී තැලී පොඩිවී තිබුණි ...
මුතු ඇටයේ අපි Pahasaranee ගිලෙන නැවක ඉඳ ඉදිරිය බල බල කඳුළු සලන අපිමේ නැව අතහැර ඈතට ඈතට යන්න හිතන අපිනැවෙන් පිටට ...
කුලීකාර වස්තුව Pahasaranee Courtesy: http://cdn4.wn.com/ යන්න මාවත නොදන්නීතාර අතුරා අනුන් යන මඟදෙපස එලි කොට තනන්නී...ඇට ගැහුණු හිස් ළදරු කුස්නිතර සිහිකොට තැවෙන්නීරස මසවුලෙන් විසල් කුස් නිතර පුරවා තබන්නී...රළු ඉරුණු රෙදි අඳින්නීඅන් ගත එතෙන සුදු සිනිදු රෙදි පිළි මදින්නී...ඉන්න සෙවනක් නොමැත්තීඅන් හිසක සෙවනක සතුට සදමින් සෝ දුකින් කල් ගෙවන්නී… ...
සතුටු හිතෙන බස් කතා Pahasaranee www.deviantart.comබස් එකේ මගේ එහා පැත්තෙන් මැදි වයසේ පිරිමි කෙනෙක් වාඩි වුණා. වෙලාව රෑ 7 පහුවෙලා. කරුවල වැටිලා. බස් එක ඇතුලේ ලයිට් දාලා තිබුනත් එච්චර එළියක් තිබුනේ නැහැ. ඒ මනුස්සය වාඩි වෙලා මිනිත්තුවකින් වගේ කොන්දොස්තර ආව ටිකට් ගන්න. අර මනුස්සයා ඒකට කලින්ම ලෑස්ති වෙලා නොට්ටුවත් දික් කරගෙනයි හිටියේ."කිරිබත්ගොඩට"කොන්දොස්තර සල්ලි නොගෙන ටිකක් වෙලා බලාගෙන හිටියා."ඇයි අංකල් කිරිබත්ගොඩට යන්න ඔච්චර සල්ලි දෙන්නේ?"මේ මනුස්සයා ...
මහත්තයෙක් වෙන්න හැමදාම 'ටයි' එකක් අඳින්න Pahasaranee ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා. හැමදාම ලස්සනට අඳිනවා. කවුරුත් මුණ ගැහුනත් නැතත් ටයි එකත් අඳිනවා. කොන්ඩෙ ලස්සනට පාට කරලා පීරනවා. යන යන තැන බඩු මුට්ටු උස්සගෙන යන්න අතවැසියෙක් ඉන්නවා. තව මනුස්සයෙක් ඉන්නවා. එයා ලස්සනට අදින්නේ විශේෂ කටයුත්තක් තිබුනොත් තමයි. අනිත් දවසට සාමාන්‍ය කමිසයක් කලිසමක් සරල විදියට ඇඳගෙන වැඩට එනවා. සමහරවිට එකම කමිසය සතියට දවස් දෙකක් අඳිනවා. වැඩ වැඩි දවසට කොන්ඩේ උනත් ...
සිනාවට හේතුව! Pahasaranee එදාවියෝ දුක දුටුවෙමි හැඳින්නෙමිතනිවමසටන් කෙරුවෙමිපැරදුනෙමිදිනුවෙමිඅද එදා මගෙ දුක ගැනඔබ කම්පා වන විටඑදෙස බලාමා සිනා සෙනු මිසවෙන කුමක් කරන්නද?
අහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ! Pahasaranee අද අහස අඳුරුය.ඛේදසහගතය.මගේ හදවත වාගේයමොහොතකින් වැසි බිඳුවැටී මහා පොළොවටහෑල්ලු කරාවි ඔබේ බරමොහොතකින් යලි ඉරබබලාවී අහස මැදකිසිදිනක වැසි වලා නොදුටු සේකඳුළු මට නැතසිඳී ගොස් ඇතඉදින් මා හැමදාම අඳුරුයනොපායාවි නැවත ඉරඅහස මට ඔබ ගැන ඊර්ෂ්‍යා සිතේ! ...
තව වෙහෙසවනු කිම? Pahasaranee පෙම් බැඳි මුත් මහා සයුරට වෙරලබඩ සිට පාගනු මිසක රැල්ල පවසට දිය බිඳක්ලබන්නට නොහැකිය මට ඒ නමුත් බිඳෙන පෙරලෙන මුහුදු රැලි දෙස වශීකෘතව මා බලා සිටියෙමි මහා සමුදුර වෙතින් හමනා සිසිල දනවන සුළං පරදා ගිනි ගහන හිරු රැස් දවාලයි මා දෑසදෙතොල වියලී ඉරි තැලී පිපාසය ගෙනදෙයි මහත් පීඩාඅහෝ තේජස් මහා සමුදුර ඔබට නොහැකිය පවස නිවනට කුඩා දිය පහරකින්ලදොත් මා දිය ...