පෙම් බැඳි මුත් මහා සයුරට
වෙරලබඩ සිට පාගනු මිසක රැල්ල
පවසට දිය බිඳක්
ලබන්නට නොහැකිය මට
ඒ නමුත් බිඳෙන පෙරලෙන
මුහුදු රැලි දෙස වශීකෘතව
මා බලා සිටියෙමි
මහා සමුදුර වෙතින් හමනා
සිසිල දනවන සුළං පරදා
ගිනි ගහන හිරු රැස්
දවාලයි මා දෑස
දෙතොල වියලී ඉරි තැලී
පිපාසය ගෙනදෙයි මහත් පීඩා
අහෝ තේජස් මහා සමුදුර
ඔබට නොහැකිය පවස නිවනට
කුඩා දිය පහරකින්
ලදොත් මා දිය බිඳක්
නිමවේය මේ පවස
පෙරලෙන ඔබේ රළ බලා
තව වෙහෙසවනු කිම
සොයා යන්නෙමි
සිසිලස පිරුණු කුඩා දිය දහරක් ...
No comments:
Post a Comment