Courtesy: http://cdn4.wn.com/ |
යන්න මාවත
නොදන්නී
තාර අතුරා
අනුන් යන මඟ
දෙපස එලි කොට
තනන්නී...
ඇට ගැහුණු හිස්
ළදරු කුස්
නිතර සිහිකොට
තැවෙන්නී
රස මසවුලෙන්
විසල් කුස්
නිතර පුරවා
තබන්නී...
රළු ඉරුණු රෙදි
අඳින්නී
අන් ගත එතෙන
සුදු සිනිදු
රෙදි පිළි
මදින්නී...
ඉන්න සෙවනක්
නොමැත්තී
අන් හිසක සෙවනක
සතුට සදමින්
සෝ දුකින් කල්
ගෙවන්නී…
No comments:
Post a Comment