කාලෙකට කලින් යාලුවෙක් මට උපදෙසක් දුන්නා. "දන්නවද, බස් එකේදී ඉතුරු සල්ලි උනත් සමහර විට ඉල්ලන්න ඕනේ. නැත්තන් ලැබෙන්නේ නෑ" එයා එදා කතා කලේ ඉතුරු සල්ලි ඉල්ල ගැනිල්ලක් ගැන නෙවේ උනත් ඒ උදාහරණෙ මගේ හිතට තදින් දැනුනා. මොකද මම සතියට දවස් 7ක් උදේ හවා බස් එකේ එහෙට මෙහෙට යන නිසා. හැමදාම යන්නේ එකම මාර්ග අංකේ තියන බස් එකක යන නිසාත්, පොඩි සල්ලි ටිකකට ලොකු රණ්ඩුවක් අල්ලන්න සිද්ධ වෙන්න පුළුවන් කමක් තියන නිසාත් සමහර දවසට ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව කට පියන් එන හොඳ/නරක පුරුද්දක් මට තියෙනවා. සමහර විට මේක වෙන්නේ අමතක වීමත්, වෙනම ලෝකෙක ජීවත් වීමත් හින්ද. (රුපියල් සීය දීල ඉතුරු නොගෙන බැහැපු අවස්ථා ගැන කතා නොකර ඉමු)
මේ වගේ කාරණා නිසා යාළුවගේ උපදෙස මට හොඳට මතක හිටියා. උපදෙසට මුල් වෙච්චි කාරණාවට මොනවා වුනත්, දැන් මට බස් එකේ යද්දී ඉතුරු ගන්න අමතක වෙන්නේ නෑ . ඉතුරු ඉල්ලගන්න තියන දවසට ඔලුවේ ඔය වචන ටික තැටිය එක තැන කැරකෙන සින්දුවක් වගේ.
අදත් ඒ වගේ දවසක්. 25ක ටිකට් එකට (ඇත්ත ගාන 24 යි. මට ඉතුරු රුපියල ලැබිච්චි දවසක් නෑ ) මම රුපියල් 50ක් දුන්න කොන්දොස්තර අයියාට*. මාරු නෑ කියල එයා රුපියල් 5ක් ඉල්ලුව. මේ දවස් වල මාරු සල්ලි අර්බුදයකට මුණ දීල ඉන්න නිසා මට දෙන්න 5ක් තිබ්බේ නෑ. ඉතුරු දුන්නෙත් නෑ. මුකුත් කිව්වෙත් නෑ. අයියා මාරු. එයා හිතන්න ඇති කන්නාඩි දාන නිසා එයාගේ අතේ තිබ්බ කාසි පේලිය මම දැක්කේ නෑ කියල. හෑන්ඩ් ෆ්රී කනේ ගහන් නිසා හිතන්න ඇති සාක්කුවේ කාසි හෙලවෙන සද්දේ ඇහෙන්නේ නෑ කියල. එත් මම දැක්ක. මට හොඳට ඇහුණා. බස් එකේ ගමනාන්තයටම මමත් යන නිසා පස්සේ ඉල්ලගන්නම් කියල මම හිත හදාගත්ත.
දැන් කිලෝමීටර් 12ක් විතර දුර එනකම්ම යාළුවගේ වචන මට මතක් වෙනවා. ඔලුවට හරි වදයක්. බැරිම තැන කිලෝමීටර් 9-10 කට විතර පස්සේ මම ඉතුරු සල්ලි මතක් කළා. ලැබුනද? නෑ!
එවෙලේ නම් පැහැදිලිවම අයියා අතේ මාරු තිබ්බ. එයාට දෙන්න ඕනේ කමක් නෑ. රුපියල් පහේ කතාව අහල අයියා අපහු මාරු.
ඉන් පස්සේ එයා කීප සැරයක් මං හිටි තැනින් එහා මෙහා ගියා. වැරදිලාවත් මගේ දිහාවේ නොබලන්න එයා පරිස්සම් උනා. මමත් දිගටම රවාගෙන ආවා. වැඩ ඇරිලා එනකොට මහන්සියි. හොරෙක් බෑග් එක අරන් දිව්වත් අරන් පලයන් කියල නිකම් ඉන්න තරමට මහන්සියි. ඉතින් රුපියල් 25කට වචන නාස්ති කරන්න බැහැ.
අනික සමහර දාට බස් එකට නගින හිඟන අයට රුපියල් 20 ට වඩා දෙන වෙලාවල් තියනවා. ඒ නිසා ඕක නොලැබුනත් හිගන්නෙක්ට දුන්න කියලා හිත හදාගත හැකි.
හැබැයි මට කේන්තියි. ඉල්ලලත් මාරු නොදෙන්න තරම් උගේ කොන්ද හයියයි. මොකද මූට කරන්නේ, මගේ ඔලුවට තවත් අමාරුයි. අන්තිමේ මම තීරණයක් ගත්ත අපහු ඉතුරු නොඉල්ලන්න. එයා මාරු නොදී මාරු වුනේ තියන හොර හිතට. මම බලෙන් ඉතුරු ඉල්ල ගත්තොත් එයා හොරෙක් වෙන්නේ නෑ.
"උබට ඕනේ වුනේ හොරෙක් වෙන්නනේ. හොරෙක් වෙලා ඕනේ අපායක පලයන්" කොන්දොස්තර නැති දොර බලලා බස් එකෙන් බැහැල එන ගමන් මගේ ඔලුවේ තිබ්බේ ඔය වචන ටික.
හරියට හරි...............
ReplyDeleteඔය අපායේ යන එවුන් නිකන් බේරන්නට යන්න එපා... රුපියලකින් දෙකකින් අපායේ යන මිනිහෙක් බලාගන්න පුළුවන් වෙන එකත් කොච්චර දෙයක් ද ????
එකත් ඇත්ත. රුපියල් 26 පාඩු නෑ එහෙනම් :D
Deleteමාරු සල්ලි එකතු කරල තටුට බංගලා ගහන්න බෑ දන්නවද හලෝ
ReplyDeleteඔහැක් මට මතකු වුණේ ඕක මට ඕකුන් එක්ක ඇරගන්න බැරි හන්ද කොමොහ හරි මාරු ඇරං ගොඩවෙන්නෙ කවදාවත් අඩුවෙන් නං දීල නෑ... ඒත් වෙලාවකට ඔයඔක්කම කණපිට වදින වෙලාවල් තියේ
මාත් මාරු නැතුව යන්නෙම නෑ . එත් මේ දවස් වල උග්ර මාරු සල්ලි හිඟයක්
Deleteඑල ද බ්රා
ReplyDeleteඋඔ කරපුවා උඔ ගෙනියයි මම කරපුවා මම ගෙනයයි
යේස් යේස් !!
Delete//මේක වෙන්නේ අමතක වීමත්, වෙනම ලෝකෙක ජීවත් වීමත් හින්ද// same here.
ReplyDeleteහැබැයි දවසක් මාරු තිබුනෙම නැතුව රුපියල් පන්සීයකුයි තව රුපියලේ දෙකේ ඒවයින් ගානට මාරුයි දීපු දවසක කොන්දා ඉතුරු 450 නොදී පනින්න යද්දි මම කෙලින්ම ඩ්රයිවර් අංකල්ට ඉදිරිපත් කලා පැමිණිල්ල. කොන්දට සුද්ධ සිංහලෙන් අමතල එයා මට මාරු ඉල්ලල දුන්න. ඔයත් එහෙම කරල බලන්න.
උසේ හැටියටද වැඩ ? :P
Delete50කට වැඩ ඉතුරු තිබ්බ නම් යුද්ධ ප්රකාශ කරනවා. එදා මුඩ් හරි නෑ.
Deleteවෙනම ලෝකෙක ජීවත් වීම ගැන කතා කරලා වැඩක් නෑ බස්සි. Auto Pilot Mode හරියට වැඩ කරන නිසා හොඳ වෙලාවට ගෙදරටම එනවා. නැත්තන් කොහේ යයිද දන්නේ නෑ
ඔකුන් ගැන කියන්න නොම්මර තියෙනව නේද.හැබැයි මමනම් ඔහොම එන්න නැ.වෙන කාටහරි දෙන්න කියනව.ඔහොම ගොඩක් ඉස්සර දවසක මට 5ක් නොදි ඉන්නකොට තව එකෙක්ටත් ඔකම කරනකන් බලන් ඉදල මම කිවුව මගෙ ඉතිරු 5 මෙයාට අඩුකරන්න කියල.කොන්දට පට්ට මල
ReplyDeleteසමහර කොන්දොස්තරලා කියන්නේ හොර්කමටම උපන් මිනිස්සු වෙලා, හැමෝම නෙවෙයි . අනික ඔය සුළු ගැන නැතිවුනා කියලා ඔයා හින්ගමට වටුනේවත් , එක ගත්තා කියලා ඌ රජ වුණේවත් නෑනේ, ඔන්න් ඔහේ අල්ලලා දාලා ඉන්න
ReplyDeleteඒක ඇත්ත කතාව!
Deleteමම ලංකාවේ බස් එකේ හොරෙන් යන නිසා මට ඔය ඉතුරු සල්ලි ප්රශ්න, මාරු සල්ලි ප්රශ්න අදාල නැහැ :D
ReplyDeleteමම ඉන්න රටේ අගනගරයේ බස්වල දැන් මුදල් ගණුදෙණු ඇත්තෙම නැහැ. සියල්ල ප්රි පේඩ් ක්රම.
ඔය හොරකමට මම තරයේ විරුද්ධයි..ඔය රුපියල ලැබුණේ නෑ කියලා අපිට කන්න නැතිවෙන්නේවත් ලැබුණා කියලා එදාට බුරියානි කන්නේවත් නැතිබව ඇත්ත..ඒ වුණාට අපි හැමෝම හම්බකරන්නේ දුක් මහන්සියෙන්...කොන්දොස්තරත් සෙනග අස්සේ තෙරපිලා කෑ ගහලා තමයි හම්බකරන්නේ...ඒක ඇත්ත...ඒත් එහෙම නොකළට ගෙදර එද්දි පාන් කියාගන්නවත් බැරිතරමට මහන්සි වෙලා තමයි අපිත් හම්බකරන්නේ...මං නම් බොහෝ වෙලාවට ඉතුරු ඉල්ලනවා...දවසක් මට එකෙක් කෝචෝක් එකක් දාලා මම උන්දැට දුන්නා පණ්ඩිත ටෝක් එකක්...නැති සල්ලි ඉබේම සාක්කුවෙන් මතුවුණා...මිනිස්සු කරබාගෙන ඉන්න නිසා තමයි ඕක දැන් පුරුද්දට ගිහිං තියෙන්නේ..
ReplyDelete