ජයලලිතා - ශෂිකලා අසම්මත ප්‍රේමය සහ තමිල්නාඩු දේශපාලනය World Beyond World ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනියව සිටි ජයලලිතා පසුගියදා මිය ගියාය. නිළියක ලෙසින් හඳුනාගත් ඇය මිය ගියේ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙසිනි. හිටපු දකුණු ඉන්දීය නළුවකු වූ එම්.ජී. රාමචන්ද්‍රන්ගේ නොනිල බිරිඳ ලෙස ප්රකටව සිටි ඇය ඔහුගේ මරණින් පසු ඔහුගේ උරුමය වු සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකාව බවට ද පත්වූවාය. ඇගේ දේශපාලන ජීවිතය පසුපස සිටි දැවැන්තම සෙවනැල්ල වූයේ රාමචන්ද්‍රන් වුවත්, ...
සමාජ වෛරය නිසා බිහි වන විකෘති ජීවීන් World Beyond World අපි සියලු දෙනා එකම ආකාරයකින් මේ ලොවට බිහි වුව ද සමාජයත් සමග ගැටෙද්දී විවිධාකාර පුද්ගල චරිත බවට පත් වන්නෙමු. දෙමාපියන්ගෙන් අපට ලැබෙන ආදර්ශයන්ට වඩා බොහෝ දේවල් අප ලබාගන්නේ සමාජයෙනි. මෙසේ සමාජානුගත වන ජීවියා ඇතැම් අවස්ථාවල දී කුමක් හෝ හේතුවක් නිසා සමාජය සමග යම්කිසි නොමනාපයක් ඇති කර ගනියි. මෙය සුළු සිද්ධියක් හෝ විශාල සිද්ධියක් විය හැකිය. කෙසේ නමුත් මෙයට මුහුණ දෙන ...
ඒකාධිපතියකුට පවා මරා දැමිය නොහැකි වූ යුරෝපයේ ඉපැරණිතම භාෂාව - යුස්කාරා - Euskara, Europe Oldest Language World Beyond World බැස්කේ නාවික නගරය ‛යුස්කාරා’ යන වදන ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන. බොහෝ විට අසා නැති වන්නට ද පුළුවන. යුස්කාරා යනු යුරෝපයේ ඉපැරණිතම භාෂාව වේ. ලෝකයේ එක් එක් රටවලට, එක් එක් කලාපවලට ආවේණික වූ ඉපැරණිතම භාෂාවන් තිබෙන මුත් යුස්කාරා බස පසුපස ඇත්තේ අපූර්ව වූ කතා පුවතකි. දැනුම සොයා යන්නවුන්ට මේ කතාව අපූර්වත්වයක අත්දැකීමක් එක් කරනු නො අනුමාන ය. ලොවෙන් වියැකී ...
ගුවන් අනතුරින් මිය ගිය නිළිය ශ්‍රී ලාංකිකමද? - Is Shuba Jay Really a Sri Lankan? World Beyond World පසුගිය ජූලි මාසයේ 17 වැනිදා යුක්රේනයට ඉහළ අහසේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව විනාශයට පත් මැලේසියානු මගී ගුවන් යානය පිළිබඳ මතකය තවමත් අපේ මතකයෙන් බැහැරට ගොස් නැහැ. දිගින් දිගටම සිදු වූ ගුවන් අනතුරු නිසා ලෝකයේ බොහෝ දෙනෙක් තවමත් මේ පිළිබඳව කතා කරනවා. ශ්‍රී ලංකාවට අයත් කිසිදු මගියෙක් එහි ගමන් නොකළ බැව් මේ අනතුර සිදුවූ වහාම ප්‍රවෘත්තිවලින් කියැවුණා. නමුත් අනතුරු සිදුවී දින කිහිපයකින් ...
බබා ලැබෙන එකත් රියැලිටි වුණු හැටි - Born in the Wild, the newest reality show World Beyond World යූටියුබ් හි ඇති වීඩියෝවෙන් උපුටාගත් දර්ශන කිහිපයක්අද අප රටේ ජනප්‍රියතම රූපවාහිනි වැඩසටහන් වර්ගය කුමක්දැයි සමීක්ෂණයක් කළහොත් එහි මුල් තැනටම ඇත්තේ ‛රියැලිටි’ වර්ගයේ වැඩසටහන්ය. සාමාන්‍ය වැඩසටහනක් සඳහා යම්කිසි පිටපතක් ඇති මුත් එවැනි පෙර සූදානමක් නොමැතිව ඒ අවස්ථාවේ ඇති තත්වයට අනුව ඉදිරිපත් කෙරෙන වැඩසටහන් මේ නමින් හඳුන්වනු ලබයි. මේවායේ ආරම්භය 1990 දශකයේ මැද භාගය කරා දිව යයි. ඇමරිකාවෙන් ආරම්භ වුණු මේ වැඩසටහන් ...
උතුම් ගුණාංග සහිත සුනඛ ධේනුවක් - Story of Lilica, an amazing dog in Brazil World Beyond World මහා බෝසතාණන් වහන්සේ වානර භවයක ඉපිද සිය අඳ මෑණියන් වෙනුවෙන් පලවැල නෙළා ගෙන එමින් ඇය පෝෂණය කළ කතාවක් පන්සිය පනස් ජාතක පොතෙහි දක්නට ලැබේ. එමෙන්ම උන් වහන්සේ ගිරා භවයක ඉපිද සිය අඳ මාපියන් වෙනුවෙන් දිනපතා වී කරල් රැගෙන පැමිණි කතාවක් ද අපි අසා ඇත්තෙමු. සතුන් විසින් මෙවැනි උතුම් ක්‍රියාවන් සිදු කෙරෙන්නේ පන්සිය පනස් ජාතක පොතෙහි පමණක්දැයි ඇතැම් විට යමෙකුට සිතෙන්නට ...
කිවිසුම පසුපස ඇති විශ්වාස - Beliefs behind Sneeze World Beyond World අද එතරම් ප්‍රචලිතව නැතත් දැනට කලකට ටික කලකට පෙර කිවිසුමක් පිටවූ සැනින් සියලු දෙනා පවසන්නේ “කවුරු හරි මතක් කරනවා වගේ” කියාය. නමුත් දැන් ජංගම දුරකතන ඇති බැවින් මතක් වූ සැනින් කිවිසුමක් යන්නටත් පෙර කතා කරන්නට පුලුවන් නිසා එවැනි කතා අද ඇසෙනවා අඩුය. නමුත් බිළිඳු වියේ දරුවන් කිවිසුම් පිටකරන විට ‛ආයුබෝවන්’ කියන පුරුද්ද තවමත් අප අතරින් ඈත්ව ගොස් නැත. කතෝලික ජනතාව ...
ලෝකයේ වැඩියෙන්ම වහින තැන හෙවත් චෙරාපුන්ජි - Cherrapunji, the wettest place on earth World Beyond World පායන කාලෙට වැස්ස තරම් වෙන කිසිම දෙයක් හොඳ නැහැ. වැස්ස කාලෙක පායන එක තරම් කිසිම දෙයක් හොඳ නැහැ. පහුගිය කාලේ අපට පුදුම වැස්සක් වැස්සේ. දැන් පායනවා. වහින කොට වැස්සට පුදුම විදිහයට තමයි බනින්නේ. ඒ වුණත් ලෝකයේ හැමෝම වැස්සට දොස් කියන්නේ නෑ. වැස්සට හරිම ආදරයක් දක්වන අයත් ඉන්නවා. ඔබට ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබුණොත් මේ අයව හම්බවෙලා කතා බහ කරලා එන්න ...
කෙල්ලන් කසාද බැඳගත් වයසක මිනිස්සු - Famous Men Who Married Much Younger Women World Beyond World මෙය මඟුල් සක්වළක් යැයි පවසන්නේ කට කහනවාට නොවේය යන්න තහවුරු කරන්නට ඕනෑ තරම් කාරණා සොයා ගන්නට තිබේ. යන්තම් වචනයක් ලිස්සා ගියත් “මොන මඟුලක් ද?” කියා අසන්නේත් ‛මඟුල්’ අපට ඉතා සමීප කටයුත්තක් නිසා විය හැකිය. මේ නිසා මඟුල් කන්නට කාලයක්, වේලාවක්, තරාතිරමක්. වයසක් හෝ වෙනත් බාධාවක් අවශ්‍ය නැත. සාලිය කුමාරයා අශෝකමාලාවන් කරකාර බැඳගත්තේත් එඩ්වර්ඩ් රජුට රජ කිරුළ අහිමි වූයෙත් මේ ‛මඟුල්’ ...
සාක්ෂි මෙතරම් තිබියදීත් තවමත් විසඳී නැති ගම්පොළ නදීෂාගේ ඝාතන අභිරහස - Unsolved Murder case of Gampola Nadeesha World Beyond World දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් ඒවායේ ඇති ප්රවෘත්ති අතර අපරාධයන් සමබන්ධ ඒවා ද කිහිපයක්ම වෙයි. මේවා අතුරින් ස්ත්‍රී ඝාතන පිළිබඳ ප්රවෘත්ති අපට නිතර අසන්නට ලැබේ. ඇල්පිටියේ සරසවි සිසුවියගේ ඝාතනය, මාතලේ වරාපිටියේ උපාධිධාරිනියගේ ඝාතනය, අනියම් ඇසුරක් නිසා ගම්පොළදී සිදුවූ ස්ත්‍රී ඝාතනය අපට මෑතකදී අසන්නට ලැබුණු මෙවැනි අපරාධ කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය. මේ අතුරින් පසුගිය මැයි 25 වැනිදා සිදුවූ මාතලේ වරාපිටියේ උපාධිධාරිනියක ...
ලෙනින් මිය ගියේ සිපිලිස් රෝගයෙන් - Secret Behind the Lenin's Death World Beyond World සාර් පාලනයෙන් කොමියුනිස්ට් පාලනයක් කරා රුසියාව රැගෙන යන්නට මුල් වූ රුසියානු විප්ලවය හෙවත් ‛බොල්ෂෙවික් විප්ලවය’ මෙහෙයවනු ලැබුයේ අද ද කොමියුනිස්ට් ලෝකයේ වීරයකු බවට පත්ව සිටිනා වී.අයි. ලෙනින් විසිනි. ලෙනින් මිය ගියේ ආඝාත තත්වයක් හෙවත් මොලයේ රුධිර කැට ගැසීමක ප්‍රතිඵලයක් ලෙසිනි බව පොදු පිළිගැනීමයි. නමුත් මෑතකදී හෙළිකරගනු ලැබූ සාධක අනුව මෙම මරණයට හේතුව මෙය නොවේ යැයි පවසනු දැකිය හැකිය. මෙම නව ...
ෆෙන්ග් ෂුයි කියන්නේ ඇත්තටම මොකක්ද? - What really is Feng Shui? World Beyond World වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතය අධ්‍යාත්මික දෙසට වඩාත් නැඹුරු කරගැනීමට බොහෝ දෙනා බොහෝ දේ කරති. ආගම දහමට යොමුවීම එවැනි එක් දෙයකි. ඇතැම් දෙනෙක් තරගකාරී රැල්ල ඔස්සේම ඉදිරියට ඇදෙන්නට, මේ තරගයෙන් ජයගන්නට අධ්‍යාත්මික ලෙස වාසනාව සොයා යති. වර්තමානයේ මෙසේ අධ්‍යාත්මික දෙසට නැඹුරුවෙමින් වාසනාව සොයා ගන්නට අප රටෙහි ජනප්‍රියව පවතින එක් මාර්ගයක් වන්නේ චීන ජනතාව අතර ද ඉතා ජනප්‍රිය ‛ෆෙන්ග් ...
පැණි උගුළකට අහුවුණොත් ඔබ ඉවරයි - Honey Trap is waiting for you! World Beyond World එක්තරා සුප්‍රකට පාසලක සුප්‍රකට විදුහල්පතිවරයකු විය. ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් යම් යම් නොමනා ක්‍රියාවන් නිසා ප්‍රකට වන අතරේ මේ විදුහල්පතිවරයා ප්‍රකට වූයේ ඔහුගේ සෘජු හා නිර්භය ප්‍රතිපත්ති නිසාය. ඔහුගේ පාසලට කිසි දිනෙක නියමිත පටිපාටියෙන් බැහැරව පළමු වසරට සිසුන් ඇතුළත්කරගැනීමක් සිදුවූයේ නැත. සිය සමීපතම ඥාතීන්ට හෝ හිතවතුන්ට පවා ඔහු සළකන ලද්දේ මේ ආකාරයටමය. ඔහු සිසුන් ඇතුළත්කරගැනීම සඳහා කිසි විටෙක අල්ලස් ගත්තේ නැත. ...
සිටුවර යාචකයෝ - The Rich Beggars World Beyond World කොළඹ ගම්පහ අතර දුම්රිය මාර්ග ගමන් සීමාව තුළ වසර 25 ක් තිස්සේ සිඟා කෑ අන්ධ පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් පුවතක් පසුගිය දිනෙක පුවත්පත් කිහිපයක දක්නට ලැබුණා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිඟමන් යැදීම තහනම් දෙයක් වූ නිසයි. නමුත් ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයේ දී අපූරු තොරතුරක් හෙළි වුණා. 65 හැවිරිදි මේ පුද්ගලයා ...
පිරිමින් බලුවටින තැනට වැටෙන මාතෘමූලික සමාජ - Matriarchy Societies in the World World Beyond World ඉපැරණි සුමේරියාවේ කාන්තාවන් දේවත්වයෙන් ඇදහූ බව දැක්වෙන ප්රතිමාවක්ලෝකයේ පවතින සියලු සමාජයන් දෙස නෙත් යොමුකළ හොත් අපට පැහැදිලිව දක්නට හැකි දෙයක් වන්නේ ඒ සියල්ලෙහි අධිකාරිත්වය පිරිමින් විසින් දරනු ලැබීමයි. ගැහැණුන් සමතැන හෝ නිසි තැන ඉල්ලමින් නිතර උද්ඝෝෂණ සිදුකරන්නේ එබැවිනි. මෙවැනි සමාජයක් හඳුන්වන්නට සමාජ විද්‍යාවේ යොදා ගැනෙන්නේ ‛පීතෘ මූලික’ යන වදනයි. මෙහි විරුද්ධ පදය වන්නේ ‛මාතෘ මූලික’ යන්නයි. එනම් සමාජය ගැහැණුන් විසින් ...
ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන නළුවන් අකල් මරණවලට පත්වනවාද? Does Portraying Jesus Foretell DEATH? World Beyond World ජේසුස් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණ සඳහා ඉදිරිපත් කළ ලෝක ප්‍රකට නළුවෝ බොහෝ වෙති. අප රටේ ද නිෂ්පාදනය කළ ‛ක්‍රිස්තු චරිතය’ සිනමා නිර්මාණය සඳහා සුප්‍රකට නළු විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වූවේය. කෙසේ නමුත් ඔහුට අත්වූවේ අකල් මරණයකි. ජේසුස් වහන්සේගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන ශිල්පීන් අකල් මරණයකට පත්වන අප රටේ ද කසුකුසුවක් ඇති වූ අතර ලෝකයේ බොාේ දෙනෙකු අතර ද එම ...
ලිංගිකව දුබල නම් යුගදිවියත් කොට උඩලු - Negative Sex Feelings and Marriage World Beyond World ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ රටවල කාන්තාවන් අළලා කළ පර්යේෂණ කිහිපයකින්ම හෙළි වී තිබෙන එක් සුවිශේෂී දෙයක් මෑතකදී වෙබ් අඩවි කිහිපයකම පළවී තිබිණි. එයින් කියැවුණේ යුග දිවියේ ගැටළු ඇතිවීමට කාන්තාවන් තුළ ඇතිවන යම් යම් ලිංගික දුබලතාවයන්ගේ සෘජු බලපෑමක් ඇතිබවය. නමුත් කාන්තාවන් මේ පිළිබඳව සඟවාගෙන සිටීම නිසාම ලිංගිකත්වය කෙරෙහි ඇති ඇල්ම අඩුවී යන බවත් එහි සඳහන්ව තිබිණි. බොහෝ කාන්තාවන් ජීවිතයේ විවිධ වයස් ...
දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනේ ද සිංහල නායකයකුටමද? World Beyond World Source : https://en.wikipedia.org/wiki/2019_Sri_Lankan_presidential_electionමෙවර ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව සමාජ ජාලවල සහ තවත් බොහෝ වෙබ් අඩවිවල පැතිර යමින් පවතින එක් කරුණක් වන්නේ ලංකාවේ සුළු ජාතීන් සියලු දෙනා එක් රොක් වූයේ දෙමළ හෝ මුස්ලිම් නායකයන් වටා නොව සිංහල නායකයන් වටා යන්නය. ගෝටාබය රාජපක්ෂ ජනපතිතුමා රුවන්වැලි සෑය අසලදී පැවසූයේ තමා ජයග්‍රහණය කළේ සිංහල ඡන්දවලින් ය යන්නය. මෙය මෙය ඇතැමුන්ට වහකදුරු මෙන් තිත්ත කතාවක් බවට ...
මනමාලකම ඉහවහා යාමෙන් ඉල්ලං කාපු පිරිමි World Beyond World මැද ඉන්නේ ඩොනල්ඩ් ට්රම්ප්ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති තරගයට සටන් වැදී සිටිනවුන් අතරින් පෙරමුණේ වැජඹෙන අපේක්ෂකයෙක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ හැකිය. ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ප්රබලව අදහස් දැක්වීම නිසා ඔහුට එරට බහුතරයකගේ කැමැත්ත පළවෙමින් තිබිණි. නමුත් හදිසියේ ඔහුගේ වාසනාව කණපිට පෙරළෙමින් පවතීදෝ වැනි සැකයක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙමින් පවතී. ඒ ගැහැනුන් සම්බන්ධව ඔහුට ඇති ඉතිහාසය කිසිසේතම යහපත් නොවන බව කෙමෙන් ...
සුජීගේ ෆෝන් කතාව හා බල්ලාට ගිය මනුස්සකම World Beyond World පෞද්ගලික ජීවිත සමාජ ගතකිරීම තරම් නිහිීන ක්‍රියාවක් තවත් නැත. යමෙක් එවැන්නක් සමාජ ගතකිරීමෙන් බලාපොරොත්තු වන්නේ එක්කෝ පලිගැනීමකි. එක්කෝ ‛කුණු රසයකි’. ඒවා කෙතරම් කුණු රසයකින් යුක්ත වුව ද, එය කුණු රසයකින් යුක්ත බව දැනදැනම සමාජයේ සියලු තරාතිරම්වල පුද්ගලයන් අවිචාර ලෙස ඒ රසය විඳීමට කැමැත්තක් දක්වති. අවසානයේ එයින් අපහාසයට, අවමානයට ලක්වන්නේ එකී පෞද්ගලික ජීවිතයට හිමිකම් කියන තැනැත්තාය. මෙයට ලක්වන්නා අවසානයේ කුමන දුෂ්කරතාවයකට ...