මැල්ලුම් කන්න කැමැති නැත්නම් මේක ටිකක් බලන්න World Beyond World සමබල ආහාරයකට එකතු විය යුතු ආහාර වර්ග අතරින් පලා වර්ගවලට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ගම්බද ව ජීවත් වන්නෙකුට නම් තමාගේ ගෙ වත්තෙන් බොහෝ පලා වර්ග පහසුවෙන් සොයා ගත හැකිය. නගරබදව ජීවත් වන්නෙකුට නම් එළවළු අළෙවි කරන ස්ථානයකින් පහසුවෙන් හා අඩු මිලට පලා වර්ග මිලට ගත හැකිය. අප මිලට ගන්නා එළවළු අතුරින් අඩුම මිලට ගත හැකි එකම වර්ගය ද ‛පලා’ ...
අයියා මොනවද මේ කුඩු? World Beyond World මරදාන පොලීසිය ඉදිරිපිට පදික වෙළෙන්දෙක් සිටී. ඔහු විකුණන්නේ රෙදිවල පැල්ලම් යැවිය හැකි කුඩු වර්ගයකි. බසයෙන් බැසගත් මගියෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේය. මගියා - “මේ අයියා, මොනවද මේ කුඩු?” වෙළෙන්දා - “මේ කුඩුවලින් ඕනම පැල්ලමක් යවන්න පුළුවන්” මගියා - “අයියා, මගේ දත්වල පැල්ලම් තියෙනවා. ඒවත් යවන්න පුළුවන්ද?” වෙළෙන්දා මොහෙතක් මගියා දෙස බලා සිටියේය. වෙළෙන්දා - “දත්වල පැල්ලම්? දත්වල පැල්ලම් යවන්න ගාගනිං මේක ...
දුරකතනයට අලුත් බැටරියක් ගන්නට පෙර මේ ගැනත් හිතන්න - Before you buy a new battery for your Android World Beyond World අද කාලේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. මේවායෙන් කරගන්නට පුළුවන් වැඩ බොහොමයි. ලෝකෙම අත උඩ තියාගෙන ඉන්නවා වගෙයි දැනෙන්නේ. කොහොම වුනත් ස්මාර්ට් දුරකතන බොහොමයක, විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති දුරකතනවල තියෙන ගැටලුව තමයි ඉක්මනින් බැටරි බැස යාම. සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකතනයක් තියෙන කෙනෙකුගෙන් අහන ප්‍රශ්නයක් තමයි,“කොයි තරම් කාලයක් බැටරිය අල්ලලා හිටිනවාද?” කියන එක. වැඩි දෙනෙක් දෙන උත්තරය තමයි ...
විවාහයට හොඳම වයස් පරතරය මොකක්ද? World Beyond World විවාහයකදී කාන්තාවක හා පිරිමියකු අතර පැවතිය යුතු වයස් පරතරය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ නොයෙක් ආකාරයේ අදහස් පවතිනු බැව් පෙනේ. වයස අවුරුදු 21 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට විවාහ වීමේ නීතිමය අයිතිය හිමි වේ. කෙසේ නමුත් කාන්තාවගේ වයස කොපමණ විය යුතුද හෝ පිරිමියාගේ වයස කොපමණ විය යුතුද හෝ යනුවෙන් නීතියේ අර්ථ දැක්වීමක් එතැනදී සිදු කොට නැත. එම වයස් සීමාව සම්පූර්ණ ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 15 කොටස - New Gadgets for New World Part 15 World Beyond World මේක තමයි අලුත්ම වතුර බෝතලේ අපට ලොකු ජල හිඟයක් නැතත් පිරිසිදු ජලය බොන්න කැමති බොහෝ දෙනෙක් කොහේ ගියත් වතුර බෝතලයක් අරන් යන එක නම් දැන් පුරුද්දක් වෙලා. උණුකරලා නිවාගත්ත ජලය වුනත් සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්නයි කියන්න බැහැ. ඒ නිසා මේ අලුත්ම වතුර බෝතලය ගැන දැනගෙන ඉන්න එක හොඳයි. මේක හඳුන්වන්නේ Black+Baum Eau Good Water Bottle නමින්. සෞඛ්‍යයට හිතකර, ඉතා සැහැල්ලු ප්ලාස්ටික් ...
අහිතකර බව ඔබ නොදන්නා නිවසේ ඇති රසායනික ද්‍රව්‍ය World Beyond World නිවසේ එදනෙදා වැඩකටයතුවලදී භාවිත වන නොයෙක් රසායනික වර්ග තිබේ. මේ කිසිවක් අපට හිතකර ද එසේත් නැත්නම් අහිතකරදැයි අප කිසිවිටෙක සිතන්නේ නැත. එසේ නොසිතා භාවිත කිරීමෙන් අවසානයේ අපගේ සෞඛ්‍යයට හානි සිදුවෙයි. ඇතැම් විට යම් අසනීප තත්වයක් ඇතිවෙද්දී එයට හේතුව මෙම රසායනික ද්‍රව්‍ය යැයි අප නිකමට හෝ සිතන්නේ නැත. ඇතැම් ඒවා කිසිවිටෙක අහිතකර වේ යැයි අපට සිතනේනේ ද නැත. මේ නිසා නිවෙස්වල ...
ෆයිල් ටික කොපි වෙන්න දාලා නිදාගන්න World Beyond World වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙදි අපට ෆයිල් කොපි කරගන්න කියලා වෙනමම මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නෑ. වින්ඩෝස්වලම ඒකට පහසුකම තියෙනවා. වෙන දෙයක් ගැන හිතන්න අපට කොහොමටවත් ඕන වෙන්නේ නෑ. නමුත් පෞද්ගලිකව මට ෆයිල් කොපි කරන වෙනත් විදියේ මෘදුකාංගයක අවශ්‍යතාවය අවස්ථා කිහිපයකදිම ආවා. ඒ අවශ්‍යතාවය නිතරම වගේ තියෙනවා. සමහර විට මෙය කියවන ඔබ මේ ගැන දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් මේ අවශ්‍යතාවය තියෙන, මෙවැන්නක් ගැන ...
බ්‍රෙසියරයේ කතාව - Story of the brassier World Beyond World ගැහැණියට ලස්සන පපුවක් දුන්නේ සොබා දහමයි. ඒ පපුව ලස්සන කළේ අයිඩා රොසෙන්තාල්ය. 1906 දී අයිඩා රොසේන්තාල් මිනිස්කිහී සිට ඇමෙරිකාවේ පදිංචියට යද්දී බ්‍රසියරය කියා දෙයක් තිබුණේ නැත. එවකට 19 හැවිරිදි ඇය ඇමරිකාවේ නිව්ජර්සි හි පදිංචි වී ඇදුම් සාප්පුවක් ඇරඹුවාය. ඇය ඇදුම් සාප්පුව පවත්වාගෙන යද්දී බ්‍රසියරය උපන්නේය. එහෙත් ඒ බ්‍රසියරයේ කාර්යය වූයේ අදට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් තරුණියන්ගේ පියයුරුවල උස්බව නැතිකොට ...
ඩේටා නැතිව ඉන්න තැන හොයාගන්න සිතියම - MAPS.ME – Map & GPS Navigation World Beyond World අපි සාමාන්‍යයෙන් ජංගම දුරකතනයෙන්, අපි ඉන්න තැන හොයා ගන්න භාවිත කරන්නේ Google Map එක. මේක භාවිත කරන කොට GPS වගේම Dataත් අවශ්‍ය කරනවා. Data නැතිව මේ සිතියම භාවිත කරන්න බැහැ. ඒක ටිකක් පාඩුයි. Data නැතිව මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වාසියක්. අන්න ඒ වැඩේට තමයි MAPS.ME කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක තියෙන්නේ. මේ ගැන බොහෝ දෙනෙක් දන්නවා බව නම් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 14 කොටස - New Gadgets for New World Part 14 World Beyond World එළවළු පලතුරු ආරක්ෂාවට අලුත් ක්‍රමයක් එළවළු සහ පලතුරුවල නැවුම් බව පවත්වාගෙන යන්න අපි කරන්නේ ඒවා ශීතරකණයකට දාලා තියන එක. නමුත් එය එතරම් සාර්ථක නැති බව පෙනෙන්නට තියෙන්නේ ඇතැම් විට මේවායේ ඇති තෙතමනය ඉවත් වන නිසයි. මේ ගැටලුවට විසඳුමක් විදිහට අලුත් උපකරණයක් දැන් හඳුන්වා දී තිබෙනවා. මෙය හඳුන්වන්නේ Water Shade නමින්. මෙය ආහාර වසා තබන වට්ටියක පෙනුමට සමානයි. නමුත් විනිවිද පෙනෙනවා. ...
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් - Good News for Cancer Patients World Beyond World මෙලනෝමා තත්වයන් අප පිළිකා යනුවෙන් පොදුවේ හඳුන්වන රෝගය ‛මෙලනෝමා’ (melanoma) සහ ‛කාසිනෝමා’ (carcinoma) යන කාණ්ඩ දෙකට වර්ග කෙරෙනවා. එයින් මෙලනෝමා යනු සම මතුපිට ඇතිවන පිළිකා වර්ග වන අතර කාසිනෝමා යනු සිරුර තුළ ඇතිවන පිළිකා වර්ගයි. පොදුවේ සියලු පිළිකා සුවකිරීම සඳහා නිතිපතා විවිධ පර්යේෂණ සිදුවෙමින් පැවතියත් ඒ බොහෝ ඒවායෙන් සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ලැබී නැහැ. නමුත් මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදු ...
වැරදුණු ජනපතිවරණ අනාවැකි World Beyond World 2019 ජනපතිවරණය පිළිබඳ විවිධ අය විවිධ අනාවැකි ඉදිරිපත් කළහ. ඒවා අතර දේශපාලනමය වශයෙන් සහ ජ්‍යොතිෂමය වශයෙන් වූ අනාවැකි බොහෝ විය. නමුත් ඒවා වැරදී ගියේය. කෙසේ නමුත් රටේ සාමාන්‍ය මිනිසුන් සිතන පතන ආකාරය ගැන දැනුවත්ව සිටියේ නම් දේශපාලනය හෝ ජ්‍යොතිෂය නැති වුව ද නිවැරදි අනාවැකි පළකරන්නට පුළුවන් කම තිබිණි. අපට උපදෙස් දෙන්නට මාධ්‍යවලින් පැමිණෙන මොවුනට නැත්තේ ද ඒ අවබෝධමය. එසේ හෙයින් ...
ඔසප්වීම සම්බන්ධ ගැටලු - Menstrual Problems World Beyond World ස්වභාවික සංසිද්ධියක් වුව ද මාසික ඔසප්වීම යනු කාන්තාවන් බහුතරයකට මිහිරි අත්දැකීමක් නම් නොවේ. මාසික ඔසප්වීමේදී දැනෙන වේදනාව, එමෙන්ම වෙනත් අසාමාන්‍යතා මගින් අපට නොපෙනන රෝග පිළිබඳ තොරතුරු ලබාදෙන බව වෛද්‍ය විද්‍යාව ඔස්සේ සොයාගෙන තිබේ. එබැවින් මාසික ඔසප්වීමේදී දැනෙන වේදනාව හෝ වෙනයම් අසාමාන්‍යතා යනු වේදනාව දරාසිටීමෙන් පමණක් අමතක කරදැමිය හැකි ඒවා නොවේ. මෙම ලිපියේ අරමුණ ඔබගේ අරමුණ එවැනි පොදු කරුණු කිහිපයක් කෙරෙහි ...
මල්ලී, කිරි පැකට් එකයි - පලතුරු බීම දෙකයි ගේන්න! World Beyond World ගම්පහට කිට්ටුව රතුපස්වල පැත්තේ මගේ අතිජාත මිත්‍රයෙක් ඉන්නවා. දැනට අවුරුදු ගාණකට කලින් මිනිහ වැල්ලවත්ත පැත්තේ තැනකින් කොම්පියුටරයක් ගන්නවා කියලා මටත් එන්න කිව්වා ඒක ගැන පොඩ්ඩක් බලන්න. මිනිහා මේක ගත්තේ නම් සෑහෙන්න ආමාරුවෙන්. ගෙදරින් සල්ලි ඉල්ල ගත්තා. ගෙදර තිබුණු තවත් මොනවද වික්කා. ණයට ගත්තා. අන්තිමේදී කොම්පියුටරේ ගන්න වෙලාව වෙනකොට අතේ සතේ නැති වෙනකල්ම සල්ලි හිඳුණා. මේ හින්දාම තවත් යාළුවෙක් කැමති වුණා ...
සිංහලයන් පිටසක්වලයන් හා කතා කළාද? - Sinhalese People's Connection with the Aliens World Beyond World ලෝකයේ ජනප්‍රියතම මාතෘකා පිළිබඳ සොයා බැලුවහොත් එයින් එකක් වන්නේ පිටසක්වල කාරණාය. එනම් පිටසක්වල ජීවීන්, පිටසක්වල යානා, පිටසක්වල ග්‍රහලෝක ආදිය මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේවා මෙතරම් ජනප්රියවීමට මේ සම්බන්ධව ලියැවුණු පර්යේෂණ ග්රන්ථ, නවකතා, සිනමා නිර්මාණ ආදිය විශාල පිටිවහලක් ලබාදී ඇත. ඊට අමතරව මේවා ඇසින් දුටු සාක්ෂි සහිත පුද්ගලයන් ලෝකයේ බොහෝ ස්ථානවල සිටීම තවත් හේතුවකි. ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ ‛ඒරියා 51’ නමින් ...
ගල් බබෙක් ඉපුදුනු වගයි - Woman Delivers ‘Stone Baby’ After 60 Year Pregnancy World Beyond World හුවෑන්ග් යිජින්මේක 2008 අවුරුද්දෙ චීනයෙන් අහන්න ලැබුණේ අරුම පුදුම ප්‍රවෘත්තියක්. 92 හැවිරිදි හුවෑන්ග් යිජින් කියන කාන්තාවට දරුවකු ලැබුණා. ඒක ටිකක් පුදුමයක් තමයි. ඒත් ඊටත් වඩා පුදුම දේ තමයි මේ ලැබුණු දරුවා ඉපදෙනකොටම ගලක් බවට පත්වෙලා හිටිය එක. වෛද්‍යවරු මේ ගැන හොයලා බැලුවා. එතකොට හොයා ගත්ත දේ තමයි මේ දරුවා පිළිසිඳගෙන තිබුණේ 1948දී වීම. ගලක් බවට පත්වුණු මේ බිළිඳා අර කාන්තාවගේ ...
ඩෙනිම් ගහන ගමන් ඩෙනිම් කියවමු - Story of Denim World Beyond World ‛ඩෙනිම’ යනු අපූරු ඇඳුමකි. ගැහැනු සහ පිරිමි වෙනසක් නැතිව ඩෙනිම් අඳිති. නමුත් ගැහැනු හා පිරිමි යනුවෙන් වෙන වෙනම ඩෙනිම් තිබේ. වෙනත් ඇඳුමක් ඇන්දාට වඩා ඩෙනිමක් ඇඳි කල අමුතු ‛ස්මාර්ට්’ පෙනුමක් ලැබෙන්නට පටන් ගනී. නමුත් කාර්යාලයට හෝ උත්සව, විවාහ මංගල වැනි අවස්ථාවන්ට සාමාන්‍යයෙන් ඩෙනිම් ඇඳගෙන එන්නේ නැත. කෙසේ නමුත් වර්තමානයේ පවතින ‛කැෂුවල් ෆ්‍රයිඩේ’ සඳහා ඩෙනිම් අඳිනු පෙනේ. ඇඳුම් සෝදා ඇඳීම ගුණත්වයට ...
ෆේස්බුක් එකේ ජනප්‍රිය හිනා මුහුණ කාගෙද? - Yo Ming the person behind the Facebook smiling face World Beyond World ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල, විශේෂයෙන් ෆේස්බුක් අඩවියේ නිතර සැරිසරනවා නම් මේ මුහුණත් ඒ තරමටම දැක ඇති. ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග්ගේ පින්තූරේ දැකපු නැති අයත් මේ මුහුණ දැකලා ඇති. මේ මුහුණේ ඇති සිනහව විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ද ආරෝපණය කරමින් සකස් කළ පින්තූර බෙහොමයක් සමාජ ජාල වෙබ් අඩවිවල පවතිනවා. ඇත්තටම කවුද මේ පුද්ගලයා. ඔහු තමයි යෝ මිංග්. 1980 සැප්තැම්බර් 12 වැනිදා උපන් ...
ෆේස්බුක් ගිණුමක් ඔබේ මරණින් පසු අනුස්මරණීය වන හැටි - Remembering Facebook Accounts World Beyond World පසුගිය දවසක් දෙහිවලදී දුම්රිය අනතුරකින් මිය ගිය ඉමේෂි යසාරා පෙරේා සහ ෂෙරින් ස්වෙලීන් යන තරුණියන් දෙදෙනාගේ දුක්බර කතාව ඔබේ මතකයේ තවමත් ඇති. මේ අනතුර සිදුවී කිහිප දෙනෙක් ගතවන විට ඒ එක් තරුණියක් වන ඉමේෂි යසාරාගේ ෆෙස්බුක් ගිණුම යම් වෙනස්කමක් සිදුවුණා. ඒ නිසාම කවුරුත් ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම ඇගේ ෆේස්බුක් ගිණුමේ සිදුව තිබුණු වෙනස්කම තමයි එහි ඇගේ නමට ...
මිස් කෝල් එකක් දීපන් මචං ! World Beyond World දිනක් මගේ දුරකතනයට ‛මිස් කෝල්’ එකක් ආවේය. මිස් කෝල් දෙන්නේ කවුදැයි සොයා බලන්නට උපන් ගෙයිම කම්මැලිකමක් ඇති බැවින් දුරකතනය දෙස නොබලා මගේ වැඩක්පලක් කරගන්නට පටන් ගතිමි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් යළිත් එම අංකයෙන්ම මිස් කෝල් එකක් ආවේය. මේ ආකාරයෙන් කිහිප වරක්ම මිස් කෝල් පැමිණි බැවින් මේ කවුදැයි සොයා බලන්නට මම දුරකතන ඇමතුමක් ගතිමි. අනෙක් පැත්තේ දුරකතනයෙන් යමෙක් කතා කළේය. “ආ ...