අලුත් ලෝකයට අලුත් ගැජට් 5 කොටස - New Gadgets for New World Part 5 World Beyond World නව ලෝකයට අලුත් විදිහේ පාපැදියක්පාපැදි කිව්ව ගමන් අපට හිතට එන රූපයට වඩා වෙනස් ආකාරයේ ඒවා අද වන විට ඕනෑ තරම් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඒවා සාමාන්‍ය යතුරු පැදියකටත් වඩා උසස් තත්වයක පවතිනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම පාපැදියක් ගැනයි. මේක තවම නිෂ්පාදනය වී නැහැ. නමුත් ලබන වසරේදී මිලට ගන්න පුළුවන් කියලයි කියන්නේ. අලුත්ම තාක්ෂණයක් සමග එන නිසා මුළින්ම ...
නිවෙස් ඉදිරියේ "සොහොන් මල්" පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද? World Beyond World සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ.ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය.ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. සොහොන් මල් නැතහොත් මූසල ...
හිනා යයි කියල හිතෙන කතාවක් 2 - My Joke Stories World Beyond World අපේ ගෙදර වතුර කරාමයක් කැඩිලා. අලුතින් එකක් දාන්න ඕන වුණා. ඒකට මුළින්ම වතුර වහලා ඉන්න ඕන නේ. මම ගේට් වෑල්ව් එක වහන්න ගියා. මීට කලින් වතාවක ගේට් වෑල්ව් එක වහන්න ගිහින් ඒකේ එක අණ්ඩක් කැඩිලා තිබුණේ. මම ඉතිරි අණ්ඩට පයිප්ප කෑල්ලක් දාලා ගේට් වෑල්ව් එක වහන්න ගියා. හුටා පටස්! ඒ අණ්ඩත් කැඩුණා. දැන් මොකද කරන්නේ? වතුර වහන්න විදිහක් නෑ. යාළුවකුගේ ...
සුපර් ස්ටාර් තල්මස්සු හෙවත් ගී ගයන තල්මසුන් - Singing Whales World Beyond World මහ සයුරේදී ඇසිය හැකි මිහිරිතම හඬ කුමක්ද කියා ඇසුවහොත් ඔබ එයට විවිධ පිළිතුරු ලබාදේවි. බලන්න මේ පිළිතුරත් ඒ අතරේ තියෙද කියලා. මහ මුහුදේ නිතර සැරිසරන්නන්ගෙන් ඇසූවිට ඔවුන් පවසන්නේ මේ මිහිරිතම නාදය නම් හම්ප්බැක් තල්මසුන්ගේ ගී ගයන හඬ යන්නයි. මොවුන් දිය යටදී ගී ගයන අතර දිය මතුපිටදී ඔවුනට නැගිය හැකි එකම හඬ වන්නේ සිය පිට මත ඇති වා සිදුරු මගින් නිකුත් ...
අපේ ගමේ මෑතකදී සිදුවූ මරණ විශ්ලේෂණය World Beyond World අපේ ගමේ මෑතක දී සිදු වූ මරණ පිළිබඳ විශ්ලේෂණයක් පහතින් ඉදිරිපත් කෙරේ. එහි ඇත්තේ මරණයට හේතුව යැයි අප සිතන දේ සහ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව පවසන කාරණාව බව කරුණාවෙන් සැලකිය යුතු ය.1. සිමියොන් මාමාගේ මරණයසිමියොන් මාමාගේ වයස අවුරුදු 78 කි. වකුගඩු අමාරුවකින් කාලයක සිට පෙලුනේ ය.මරණයට හේතුවගමේ අය හිතන හැටිනාන කාමරයේ ඇද වැටී හිස බිම වැදීම නිසාවෛද්‍ය වාර්තාවනාන කාමරයේ ඇද ...
ඔබේ ලොක්කා ද ‘මුදුනා‘ වීමේ රෝගයෙන් පෙළෙන්නෙක්ද? - What kind of boss do you have? World Beyond World විවිධ ආයතනවල සේවය කරන බොහෝ දෙනෙක් නිතර නගන මැසිවිල්ලක් වන්නේ, “ලොක්ක එක්ක ඉහ ගහගෙන ඉන්න බෑ අප්පා. එපා වෙනවා.” වැන්නකි. මෙයට හේතුව ආයතන ප්‍රධානියා සෑමවිටම ‘ලොක්කා’ හෝ ‘මුදුනා’ බවට පත්වීමට ගන්නා උත්සාහයයි. එවැන්නන් බොහෝ විට සෙසු සේවකයන්ගේ අදහස් පයිසයකට හෝ මායිම් කරන්නේ නැත. සාමාන්‍යයෙන් ආයතනයක ඉදිරි වැඩ සැලසුම් කරගැනීම සඳහා රැස්වීම් පවත්වනු ලබයි. මෙහි අරමුණ වන්නේ සිදු කළ කාර්යයන්, අතපසු ...
හමාස් ත්‍රස්තයින් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ’ - Will the Sponge Bomb finish the Hamas completely? World Beyond World ඊශ්‍රායල් ගොඩබිම් හමුදාව ගාසා තීරයට ඇතුළුවීම ආරම්භ කළ මොහොතේ සිට ‘ඊශ්‍රායල ආරක්ෂක බලකායට’ (Israel Defense Forces - IDF) මුහුණ දෙන්නට සිදුව ඇති විශාලතම අභියෝගය සහ බාධකය බවට පත්ව ඇත්තේ හමාස් ත්රස්තයන්ගේ උමං මාර්ග පද්ධතියයි. බිම් මට්ටමින් මීටර් 40 - 80 ක් පමණ යටින් පිහිටා ඇති මේවා කිලෝ මීටර් සිය ගණනක් දිගින් යුක්තය. මේ උමං පද්ධති හමාස් ත්රස්තයන්ට ආරක්ෂාවන්නට ඇති හොඳම ...
'පඩයක්' තරම්වත් ගණන් නොගන්නා පඩ ගෙඩි සහ පඩ වැල් - Pada gedi alias Passiflora foetida World Beyond World පඩ ගෙඩිප්රසිද්ධියේ කියන්න ටිකක් මොකක්ද වගේ වුනත් පඩ ගෙඩි සහ පඩ වැල් කියන්නේ කැලෑ බදට වෙන්න වැවෙන වැල් වර්ගයක්. කොහොම වුනත් මේ පින්තූර ටික නම් මම ගත්තේ අපේ ගෙවල් ළඟ වත්තක වැවුණු පඩ වැලකින්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Passiflora foetida. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Wild water melon නමින්. කැලෑවල්වලදී පිපාසය නිවන පලතුරක් බව ඒ නමින්ම හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රසිද්ධ නමට ...
සැම්සුන් ගැලැක්සි S4 (E330S) කොරියන් දුරකතනය සඳහා මාෂ්මෙලෝ රොම් එකක් - Marshmallow ROM for Samsung Galaxy S4 (E330S) World Beyond World සැළකිය යුතුයිමෙම ROM එක් ස්ථාපනය කළ පසු නැවත Lollipop හෝ Kitkat ROM එක Flash කිරීමේදී අපට අවශ්‍ය ආකාරයෙන් Custom ROM එකක් ස්ථාපනය කිරීමට තරමක් අපහසුයි. මුළින්ම සැම්සුන් Firmware ලබා දෙන නිල වෙබ් අඩවියෙන් (https://samsung-firmware.org/ ) නිල Lollipop හෝ Kitkat Stock Firmware එක ස්ථාපනය කළ යුතුයි. එසේ නොමැතිව Custom ROM එකක් ස්ථාපනය කළ නොහැකියි. මේ සඳහා පහත ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්නROM එක ...
කර්ණ ශංඛ බද්ධය යනු කුමක්ද? - What is Cochlear Implant Surgery? World Beyond World අප රටේ ප්‍රථම වරට රජයේ රෝහලකදී කන් දෙකම සඳහා වූ සාර්ථක ‛කර්ණ සංඛ අරෝපණ බද්ධයක්’ (Cochlear Implant Surgery) කිරීමට පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායමට හැකි වූ බව පසුගිය දිනවල අසන්නට ලැබිණි. ශ්‍රවණාබාධයක් සහිත කුඩා දරුවකු සඳහා සිදුකෙරුණු මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍යවරයා සඳහන් කළේය. මෙම සැත්කම ...
කෘෘර ලෙස ඝාතනය වූ සුනඛයකු වෙනුවෙන් මොස්කව්හි ඉදි කළ ස්මාරකය - The Malchik Monument in Moscow Metro World Beyond World ඇල්ල පාර (රාජධානි පිවිසුම් මාර්ගය) ඔස්සේ ගල්ගමුව පසු කොට අනුරාධපුරය දෙසට යන ඔබට එහි පූලංචිය වැවට මායිම් ව පිහිටි ගිමන් හල පරිසර උද්‍යානය තුළ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දැක ගත හැක. මේ නගරය හරහා ගමන් කරන බොහෝ පිරිසක ගේ එක් සංචාරක ස්ථානයක් බවට ද මෙය පත් වෙමින් පවතී. මේ ස්මාරකයෙන් ප්‍රධාන වශයෙන් ම සංකේතවත් වන්නේ ...
ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙන්න මේකයි - The cause of eternal hatred between Israeli Jews and Muslims World Beyond World ඊශ්‍රායල් යුදෙව්වන් සහ මැදපෙරදිග කලාපයේ මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම සහ වෛරය අද ඊයේ, හදිසියේ ඇති වූවක් නොවේ. එයට ඉතා දීර්ඝ ඉතිහාස කතාවක් තිබේ. එය එකම පවුලක ඉපිද දෙපසට වෙන්ව ගිය දරුවන්ගෙන් ඇති වූ පරම්පරා දෙකක ගැටුමක් හා සමානය. එය අපට කෙටියෙන් මෙසේ විස්තර කළ හැකිය. මේ කතාව ආරම්භ වන්නේ ආබ්‍රහම් (ඒබ්‍රහම්) ගෙනි. ආබ්‍රහම් යනු යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ...
ලොව මුලින්ම මුද්‍රණය වූ පොත කුමක්ද? World Beyond World ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක් කියලද හිතෙන්නේ. මුද්‍රණ යන්ත්‍රයක් මුලින්ම හොයා ගත්තේ ජර්මනියේ ජොහැන්නස් ගුටෙන්බර්ග් නිසා මොකක් හරි ජර්මන් පොතක් තමයි මුලින්ම මුද්‍රණය කරන්න ඇත්තේ කියලා බොහෝ දෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක්ද කියන එක හොයා ගෙන යද්දි හමු වෙන්නේ වෙන මොනවත් දෙයක් නෙවෙයි බෞද්ධ සූත්‍රයක්. ඒ තමයි ‘වජ්ර සූත්‍රය’. ‘වජ්ර’ කියන්නේ දියමන්තිවලට ...
ජීවිතය කියන්නේ මොකක්ද? Sad Fate of Nisha Ghimire World Beyond World මේ පින්තූරයේ ඉන්නේ නිෂා ගිමිරේ. ඇය නේපාලයේ හිටපු මෝස්තර නිරූපණ ශිලිපිනයක් වගේම රංගන ශිල්පිනියක්.2018 වසරේ දී ඇය තම වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තටම එනවා.විශාල සමාගම් තමන්ගේ සන්නාම තානාපතිනිය බවට ඇයව පත්කරගන්න පොරකනවා. නේපාලයේ සහ ඉන්දියාවේ දේශපාලනයට සහ කලාවට සම්බන්ධ අතිශය ප්‍රසිද්ධ පුද්ගලයන් ඇගේ අවධානය ලබාගන්නට, ඇගේ ඇසුර ලබාගන්නට නොකරන දෙයක් නැහැ. 2019 ජනවාරි මාසයේ ඇය මෝස්තර නිරූපණය සහ කුසලතා කළමනාකරණය සම්බන්ධ හැකියාවන් ...
ඇගේ හිස්කබලේ කොටස් ආමාශයේ තැන්පත් කළා World Beyond World හිස්කබලේ අස්ථි කැබලි ටිකක් පරිස්සමට ආමාශයේ තැන්පත් කරපු කතාවක් ගැන කිව්වොත් මේ මොන විකාරයක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඒ කතාව ගැන දැනගන්න පුළුවන්. මේ සිද්ධිය වුණේ ජේමි හිල්ටන් ට. ඇය වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රාන්තයේ රූ රැජින බවට ද පත් වුණා. 2012 ජූනි 6 වැනිදා ඇයත් ඇගේ ...
උස් අඩි පාවහන් නිතර පැළඳීම අහිතකරද? - Is it bad to wear high heels ? World Beyond World ගැහැනියයනු සහජයෙන්ම විලාසිතාවන්ට ප්‍රිය කරන්නා වූ සත්වයෙකි. මෙය ලොකු කුඩා බාල මහළු යන කොයි කවුරුත් අතර අඩුවැඩි වශයෙන් පවතින බැව් පෙනේ. තම රුව කැපී පෙනීම සඳහා පවතින සෑම විලාසිතාවක් අනුගමනය කරන්නට ඔවුන් අකැමතිවන්නේ නැත. නමුත් මේ පවතින ඇතැම් විලාසිතාවන් එහි බාහිරින් දකින සුන්දරත්වය පසුපස අවදානම් සහිත අවස්ථා ද පවතින බැව් ඇතැමුන් දන්නේ නැත. එසේ නොදැන සිටීම සෞඛ්‍යය අතින් ගත් ...
ඉඳගන්නා ඉරියව්වෙන් හෙලිවන ගතිගුණ World Beyond World Body Language එහෙමත් නැත්නම් ශරීරයෙන් ඇඟවෙන භාෂාවට පුළුවන් වචනවලට වඩා වැඩි දෙයක් කරන්න. විවිධ අය ඇසුරු කරද්දි මේ ශාරීරික භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට වචනවලින් කියවෙන්නේ නැති දේවල් ශරීරයේ අංග චලනවලින් වඩාත් හොඳින් කියවෙනවා. විවිධ පුද්ගලයන් ඉඳගන්න ඉරියව් කියන්නෙත් මේ වගේ ශරීරයෙන් ඇඟවෙන දෙයක්. ඒ ඉරියව්වලින් අපට කියන්න පුළුවන් ඒ පුද්ගලයා මොනවගේ කෙනෙක්ද කියන එක. පළමු ඉරියව්වමේ පෙනෙන ඉරියව්වෙන් ...
සූසැටබරණ හෙවත් සිව්සැටබරණ ගැන දන්නවාද? - What is Soosatabarana or Siwsatabarana, the sixty four jewelleries World Beyond World ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න. ඔටුන්න තමයි සූසැටබරණවලට අයත් ප්‍රධානතම ආභරණය.‛හැට හතර’ කියන්නේ අපේ රටේ, බොහෝ විට සිංහලයාට සුවිශේෂී අංකයක් කියා තමයි සිතෙන්නේ. මොකද හැට හතර මායම්, හැට හතරක් වූ කලාවන් වගේම හැට හතරක් වූ ආභරණ ආදියත් අපේ සංස්කෘතියේ නිතර කියැවෙන නිසා. මෙයින් මුළින් සඳහන් කළ ඒවා ගැන විස්තර තවමත් හරිහැටි හොයාගන්නට නොලැබුණත් හැටහතරක් වූ ආභරණ, එහෙමත් නැත්නම් ‛සිව්සැට ආභරණ’, ...
මධුසමයක් වදසමයක් කළ ආදරණීය කොට්ටෝරුවා - වුඩි වුඩ්පෙකර් - Story of Woody Woodpecker World Beyond World කොට්ටෝරුවකු අපූරු සිනහවක් ද සමගින් තිරය පසාරු කරගෙන පැමිණෙන සුප්‍රකට කාටූන් චිත්‍රපටය කුමක්දැයි ඇසුවහොත් ඔබ සියලු දෙනා එයට නොපැකිළව ‛වුඩි වුඩ්පෙකර්’ යනුවෙන් පිළිතුරු දෙනු නිසැකය. ලොව පුරා ලොකු කුඩා බාල මහළු සියලු දෙනා කිසිදු වෙනසක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ එකසේ රසවිඳි කාටූන් චිත්‍රපට ඇත්නම් ඒ අතරට මෙය ද එක්වන්නේ නිතරගයෙනි. ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආදරණීය චරිතයක් වූ මේ අපූරු කොට්ටෝරුවාගේ ...
අඩු වයසේ නායකයෝ - World's Youngest Leaders World Beyond World නායකයෙක් වන්නට නම් බොහෝ ජීවිත අත්දැකීම් තිබිය යුතුය. රටක නායකයෙක් පිළිබඳ සැලකීමේ දී මෙය අනිවාර්යය. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්වීමේ දී වයස සලකා බැලෙන්නේ මේ නිසාය. අප රටේ වුව ජනපති ධුරය සඳහා තරුණ වියෙහි පුද්ගලයකු ඉදිරිපත් වන්නේ කලාතුරකින් වන අතර යම් හෙයකින් ඉදිරිපත් වුව ද ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්නට බොහෝ දෙනෙකු තුළ එතරම් කැමැත්තක් නැත. නමුත් සෑම විටම එසේ වන්නේ ද නැත. ...