පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 2, 2023

ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙන්න මේකයි - The cause of eternal hatred between Israeli Jews and Muslims



ඊශ්‍රායල් යුදෙව්වන් සහ මැදපෙරදිග කලාපයේ මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම සහ වෛරය අද ඊයේ, හදිසියේ ඇති වූවක් නොවේ. එයට ඉතා දීර්ඝ ඉතිහාස කතාවක් තිබේ. එය එකම පවුලක ඉපිද දෙපසට වෙන්ව ගිය දරුවන්ගෙන් ඇති වූ පරම්පරා දෙකක ගැටුමක් හා සමානය. එය අපට කෙටියෙන් මෙසේ විස්තර කළ හැකිය. 

මේ කතාව ආරම්භ වන්නේ ආබ්‍රහම් (ඒබ්‍රහම්) ගෙනි. 

ආබ්‍රහම් යනු යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ඇතුළු ආබ්‍රහම් ආගම්වල පොදු හීබෘෘ පූජක පීතෘවරයාය. යුදෙව් ආගමේ, ඔහු යුදෙව්වන් සහ දෙවියන් අතර විශේෂ සම්බන්ධතාවයේ ආරම්භක පියාය. ක්‍රිස්තියානි ධර්මය තුළ, ඔහු යුදෙව් හෝ යුදෙව් නොවන සියලුම ඇදහිලිවන්තයන්ගේ අධ්‍යාත්මික පුරෝගාමියාය. ඉස්ලාමය  තුළ ඔහු ආදම්ගෙන් ආරම්භ වී මුහම්මද් තුමාගෙන් අවසන් වන ඉස්ලාමීය අනාගතවක්තෘවරුන්ගේ දාමයේ එක් පුරුකකි.

හීබෲ බයිබලයට අනුව ආබ්‍රහම් උපත ලබන්නේ චල්ඩීස් හි ඌර්වලය. එය වර්තමාන ඉරාකය යැයි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය සමාගමේ හමුදා නිලධාරියකු, දේශපානලඥයකු සහ පෙරදිගවාදියකු වූ හෙන්රි රෝලින්සන් වර්ෂ 1862 දී හඳුනාගනු ලැබිණි. ආබ්‍රහම් මිය යන්නේ හෙබ්රන් හි ය. එය වර්තමාන බටහිර ඉවුරයි.

ආබ්‍රහම්ගේ බිරිඳ වන්නේ සාරා ය. ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර ගැටුම ආරම්භ වන්නට හේතුව සාරා බව ඉතිහාස කතා විමසා බැලීමෙන් පැහැදිලි වේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන්නේ සාරා ලවා පුතකු ලබා දෙන බවය. නමුත් දෙවියන් වහන්සේගේ සහ ආබ්‍රහම්ගේ කැමැත්ත ඉටු කරන්නට සාරාට හැකි වන්නේ නැත. එනම් ඇයට දරුවකු පිළිසිඳ ගන්නේ නැත. මේ නිසා ආබ්‍රහම්ට දරුවකු ලබා ගැනීමේ කැමැත්ත ඉටු කරනු වස් සාරා සිය ඊජිප්තු මෙහෙකාරිය වූ හාගර් සිය කැමැත්තෙන්ම ආබ්‍රහම්ට ලබා දෙන්නීය. එහි ප්‍රතිඵලයක් ලෙස හාගර් පුතකුට උපත දෙන අතර ඔහු ඉෂ්මායෙල් නම් විය. කෙසේ නමුත් ඉෂ්මායෙල්ගේ උපතින් වසර කිහිපයකට පසු සාරාට ද පුතකු උපත ලබන අතර ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව උපත ලබන පොරොන්දු වූ දරුවාය. ඔහුට ඊසාක් ලෙස නම් තබනු ලබයි. මෙයින් පසුව ආබ්‍රහම් සිය සිය බිරිඳගේ මෙහෙකාරිය වූ හාගර් සහ ඉෂ්මායෙල් නිවසින් සහ ප්‍රදේශයෙන් පිටමං කරයි. 

අල් කුරානයේ සඳහන් වන කතාව මෙයට වඩා හාත්පසින්ම වෙනස් බව සැලකිය යුතුය. පොරොන්දු ප්‍රාකාරව ආබ්‍රහම්ට ලැබුණු පුත්‍රයා සැබවින්ම කවුද යන්න පිළිබඳ ගැටුම්කාරී විස්තරයක් ඉදිරිපත් කරයි. හීබෲ ලියවිලිවලට අනුව පැවසෙන්නේ පොරොන්දු පුත්‍රයා ඊසාක් මිස ඉෂ්මායෙල් නොවන බවය. 

කුරානය පවසන්නේ ආබ්‍රහම් ගිනි පූජාවක් සිදුකරමින් දෙවියන් වහන්සේ කෙරෙහි වූ සිය භක්තිය පෙන්වන්නට බිලි දෙන්නට සැරසෙන්නේ ඊසාක් නොව ඉෂ්මායෙල් බවය. මේ කතාව බයිබලයේ පරණ ගිවිසුමේ උත්පත්ති පොතේ 22 වැනි පරිච්ඡේදයේ එන විස්තරයට වඩා හාත්පසින්ම වෙනස්ය. එම පරිච්ඡේදයේ 3 වැනි පදයේ මෙසේ සඳහන් වේ.

“ ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.” 

අද අප මේ අත්දකින සියලු ගැටුම්වලට හේතු කාරණාව වන්නේ පොරොන්දු වූ සැබෑ පුත්‍රයා කවුද යන්න පිළිබඳ ඇති වූ මතභේදකාරී කාරණයයි. 

බයිබලයේ අලුත් ගිවිසුමේ ගලාති පොතේ 4 වැනි පරිච්ඡේදයේ 28 සහ 29 වැනි පදවල මෙසේ සඳහන් වේ. 

“ 28 ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.

29 නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.”

එයින් පැවසනේනේ ඊසාක් පොරොන්දු දරුවා බවත් ඊෂ්මායෙල්ගේ දරුවන් මොවුන්ට පීඩා කරන බවත්ය. 

පැරණි ගිවිසුමේ උත්පත්ති පොතේ 16 වැනි පරිච්ඡේදයේ 11-12 පද මෙසේ පවසයි.

“ 11 ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, ඔබ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ ඔබේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් එනම්, දෙවියන්වහන්සේ අසනසේක. යන නාමය තබන්න.

12 ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක.”

බයිබලයේ පැරණි ගිවිසුමේ සෙකරියා පොතේ 12 වැනි පරිච්ඡේදයේ 1 - 4 පද මෙසේ පවසයි. 

1 ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

2 බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය.

3 ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.

4 ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් අරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.”

බහුතරයක් වූ මුස්ලිමුන් හෝ පල්ස්තීනුවන් පැවතෙන්නේ ඉෂ්මායෙල්ගේ පරම්පරාවෙනි.

ඔවුන් වන්දනාමාන කරන්නේ සහ අදහන්නේ මුහම්මද්තුමාය. ඔවුන් විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ යනු අනාගතවකතෘවරුන් රැසක් අතරින් එකු අයකු පමණක් බවය. ඔවුහු ජේසුස් වහන්සේ යනු දෙවියන්ගේ පුත්‍රයා යැයි විශ්වාස කරන්නේ නැත. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ කතාව ද ඔවුන් පිළිගන්නේ නැත. 

ඔවුන් ආබ්‍රහම්, ඊසාක් හෝ ජාකොබ් පිළිගන්නේ ද නැත. 


වැඩිදුර කියවීම්

හමාස් ත්‍රස්තයන් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ‘

ඊශ්‍රායලයේ සහායට පැමිණි නෞකාවන්ට ඉරානය පහර එල්ල කරයිද?


5 comments:

  1. අජිත් ධර්මකුමාර - මොස්කව්November 2, 2023 at 3:07 PM

    ඕක පිළිගන්නේ නැති එකනේ නිරංජං තියෙන ප්‍රශ්නේ.

    මේ ගැන යුදෙව් භාෂාවෙන් සහ අරාබි භාෂාවෙන් ලිපියක් ඔයාට ලියන්න පුළුවන් නම් ඒ ජනතාවත් මේක බලන් ඇත්ත තේරුම් අරගෙන ඔය රණ්ඩු නවත්තයි කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස්වලට ස්තුතියි

      Delete
  2. හරි දැන් මෙච්චරයි...

    ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..

    එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..

    ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.

    මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.

    ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .

    ( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )

    ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.

    ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
    සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍

    එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.

    ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.

    ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️

    දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...

    තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..

    ReplyDelete
  3. මට ඉස්සර ගැටලුවක් තිබුනා ඇයි? ඉස්ලාමය හදන්න, දෙවියන් වහන්සේ යක්ෂයාට ඉඩ දුන්නේ කියලා.
    එයට හේතුව ඉදිරියේදී වන අමගිදලොන් යුද්ධය සඳහා මුළු ලෝකයම ඉස්රායරයට එරෙහිව මෙහෙයවන්න අවශ්‍ය නිසා.
    hellowලුවා

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න