කිසිදා මල නොබැඳෙන දිල්ලියේ යකඩ කුලුණ - Mysteriuos Iron Pillar in India World Beyond World අරුම පුදුම ලෝකයේ කතාකරන්නට බොහෝ දේවල් තිබේ. එයින් එකක් වන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ කුටුබ් චතුරශ්‍රයේ පිහිටි ‛අභිරහස් යකඩ කුලුණ’ යි. මෙය මීටර් 7ක් හෙවත් අඩි 23ක් උසින් යුක්තය. පොලොව යටට මෙය තවත් මීටර් 1.07 ක් හෙවත් අඩි 3 අඟල් 8ක් ගිලාබැස තිබේ. විෂ්කම්භය සෙන්ටිමීටර් 41ක් හෙවත් අඟල් 16.9 කි. මෙය ටොන් හයකටත් වඩා බරින් යුක්ත යැයි ගණන් බලා තිබේ. මෙතරම් ...
අපට හරියන ආර්ථික ක්‍රමය කුමක්ද? - What is the right economic system for us? World Beyond World තව ලිබරල්වාදය ලොවට හඳුන්වා දෙන්නට මුල් තැන ගත්තේ රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් වැනි නායකයින්ය.අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන පක්ෂය පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගත්ත ද රටක් වශයෙන් අප මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය තිරසාර උපක්‍රම හා සැලසුම් ...
අත බලා බ්ලොගයෙන් සාස්තර කියමු World Beyond World අත බලා ශාස්ත්‍ර කීම අප බොහෝ විට දැක ඇත්තේ අහිගුණ්ඨික ගැහැනුන්ගෙන් නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳ සිතන්නේ ඉතා සරල ආකාරයෙන්. මෙය එතරම් පලක් ඇති දෙයක් නොවේ යැයි ඇතැම් විට සිතෙන්නට පුළුවන්. අප සාමාන්‍යයෙන් අත බලා ශාස්ත්‍ර කීම යැයි හැඳින්වුවත් මෙය හඳුන්වන නිවැරදි ආකාරය වන්නේ ‛සාමුද්‍රික ශාස්ත්‍රය’ යන්නයි. ඉතා පුරාණයේ ‛පාර්වතී’ දේවියගේ අනුග්‍රහයෙන් ‛නන්දි’ දිව්‍ය රාජයාට ද, ඔහුගෙන් ‛කමලමුණි’ නම් ඍෂිවරයාට ...
කම්මැලිකමට ලියැවෙන ඈණුම් කවි World Beyond World කුමට ඇරියාද ඇණුමක්බලියාගෙන කටඋසාවියේගෑවා නම් කුරුටුඇණයකින්වත්කුරුටු ගී වැසෙන්නට තරම් සීගිරියේමැරුණා නම් කොටි දෙනකව සිට නිදහස්වගැසුවා නම් බෝම්බනුඹ ගැනත් කවි ලියයිනුඹ ගළවාගන්නට පැමිණෙයි පෙරට දහසක්එහෙත් නුඹ ඇරියේ ඈණුම්යකට බලියාගෙනයදැන් ඉඳපන් මලේ මාස අටක්මහ උළු ගෙදරගෙදර අයවත් ලියාවි කවියක් ...
සීනි පමණ දැන පැණි බීම බොන්න - Drinks and Sugar Level World Beyond World වෙළෙඳ පලේ අළෙවි කරන්නට ඇති සියලු පැණි බීමවල ඇති සීනි මට්ටම කොතෙක් ද යන්න සඳහන් කොට ඇති ලේබල් එම බීම ඇසුරුම්වල අලවා ප්‍රදර්ශනය කළ යුතුය යනුවෙන් නීතිමය විධි විධානයක් ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත. මෙම නීතිය බලගැන්වෙන්නේ 1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරය. මෙය රජය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ඉතාමත් ...
ලෝකයේ කුඩාම නත්තල් ගස් - World's Smallest Xmas Trees World Beyond World මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලෝකයේ ලොකුම නත්තල් ගහ ගැන. ඒක හදන්න ගිය මුදල් කන්දරාව ගැන. සමහරෙක් හොඳ කියනවා. තවත් සමහරෙක් නරක කියනවා. මේක හොඳ හෝ නරක් වෙලා තියෙන්නේ මේ සඳහා අධික මුදලක් වියදම් කරන්න සිදුවුණු නිසානේ. මේ තරම් වියදම් නොකර නත්තල් ගස් හදලා ලෝකයේ ගෞරවයට පාත්‍ර වුණු අයත් ඉන්නවා. ඒ අය හැදුවේ ලොකු ඒවා නෙවෙයි.පොඩි ඒවා. පොඩි කියන්නේ පොඩීඩීඩීඩීඩීම ...
කපුටු සාත්තරේ - Crow Astrology World Beyond World තොරතෝංචියක් නොමැතිව කපුටෙක් හඬද්දී, ‘අද නම් නෑයෙක් එනවා‘ යැයි කියන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් දැන් මේවා මිනිසුන්ගෙන් ඈත් වුව ද අතීතයේ මේ පුරුදු අප අතර බෙහෙවින් තිබිණි. මා කුඩා කාලයේ වැඩිහිටියකු කපුටු සාස්තරය ගැන අපූරු කවියක් මට කියා දුන්නේය. මේ ළඟදී දිනෙක මට ඒ කවිය මතක් විය. එබැවින් යළිත් අමතක වන්නට පෙර මේ කවිය ලියා බ්ලොග් අවකාශයට මුදා හැරිය යුතු ...
විනාකිරි හිතන තරමටම නරකත් නැහැ - Vinegar is not so bad as we think World Beyond World සිංහල අලුත් අවුරුද්දට අප නිවෙස්වල අච්චාරුවක් වැරදුනේ නැත. මැලේ අච්චාරුවට වඩා අපට සුපුරුදු සිංහල අච්චාරුවට අපි බොහෝ කැමැත්තක් දක්වන්නෙමු. මෙතරම් කැමැත්තක් පැවති අච්චාරුව එක් සිංහල අවුරුද්දකදී පිළියෙල කරන්නට ඕනෑකමක් දක්වනු පෙනුනේ නැත. එයට හේතු කුමක්දැයි සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ අච්චාරු තැනීමට ගන්නා ‛විනාකිරි’ කෑමට හිතකර දෙයක් නොවන බැවින් අච්චාරු සාදන්නේ නැති බවය. තවදුරටත් සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ ...
හෙළ කලා අඹරට පායමින් තිබියදී මීරියබැද්දේ පස් කඳු අතරේ සැඟවගත් යොවුන් තරුව - ප්‍රසාද් දිනෙත් World Beyond World
කොන්ද කැක්කුම ගැන කතා කරමු - Lets Know about back pain World Beyond World අපට නිතර වැළදෙන පොදු ලෙඩරෝග කිහිපයක්ම තියෙනවා. බඩේ කැක්කුම, ඔළුව කැක්කුම, කොන්ද කැක්කුම වගේ ලැයිස්තුවක් කියවාගෙන යන්න පුළුවන්. මේ අතුරිනුත් ලෝකයේ වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නේ. ඒ නිසා අපි ඒ ගැන යමක් කතා කරන්න හිතුවා. සාමාන්‍යයෙන් පැවසෙන විදිහට නම් ලෝකයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 80%ක්ට පමණ ජීවිතයේ එක්වරක්වත් කුමක් හෝ කොන්ද කැක්කුම් තත්වයක් ඇතිවී තිබෙනවා. වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ...
හේමමාලී කුමරිය දළදා වහන්සේ හංගාගෙන පැමිණියේ ඇයි? - Why did Prince Hemamali hide the tooth relic in her hair? World Beyond World අපේ රටේ බෞද්ධයින් වැඳුම් පිදුම් කරන ස්ථාන අතරින් අතිශය ගෞරවාදරයට පත් වුණු ස්ථාන දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි ජය ශ්‍රී මහා බෝධන් වහන්සේ. අනෙක් තමයි ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ. මෙම සිද්ධස්ථාන හැඳින්වෙන්නේ සමස්ථ ලෝක බෞද්ධවාසීන්ගේම මුදුන් මල්කඩ නමින්. මේ පූජනීය වස්තූන් අතරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අප රටට වැඩම කරවාගෙන පැමිණියේ සඟමිත් මහ රහත් තෙරණියයි. ශ්‍රී මහා බෝධීන් ...
රීචාර්ජබල් විදුලි කෝෂ නැති වෙයිද? - Future of NI-CD rechargeable Batteries World Beyond World වර්තමානයේ අප භාවිත කරන ජංගම දුරකතන, ලැප්ටොප් හා විද්‍යුත් මෝටර් රථ යන සියල්ල සඳහාම බලය ලබාගන්නේ නැවත නැවත ආරෝපණය කළ හැකි විදුලි කෝෂවලිනි. ලෝකයේ ඇති සැහැල්ලුතම ලෝහය වන ලිතියම් මේ සියල්ල නිපදවීම සඳහා යොදාගනු ලබයි. මේ ලෝහය ඔබේ මොලය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරන බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකිය. උමතු විෂාදය සඳහා ප්‍රතිකාරකිරීමේදී යොදාගනු ලබන ඔසු අතර ක්‍රියාකාරී ද්‍රව්‍යයක් ...
පරණ ජංගම දුරකතන එකතුවක් - Old Mobile Phone Collection World Beyond World මම සැරින් සැරේට පාවිච්චි කළ ජංගම දුරකතන කීපයක ඡායාරූප ටිකක් කාලෙකට කලින් මම අරන් තියා ගත්තා. ඒ ටික මට අද හම්බ වුණා. මෙයින් එකක් නම් ඡායාරූප ගන්න දවසවල වැඩ කළත් දැන් නම් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේවා හද්ද පරංගි කාලේ ජංගම දුරකතන. පේනවනේ බැලූ බැල්මටම. පරණ ඒවා මතක් වෙන්නත් එක්ක මේ විදිහට බ්ලොග් එකට දාන්න හිතුණා. Alcatel BF4Ericsson GA628Ericsson T18d ...
ප්‍රමිලාට පෙම් කළ දස්කොන් හෙවත් ගස්කොන් - Love Story of Daskon and Pramila World Beyond World අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ ‛දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් - නො එනා ගමනකි යන්නේ’ යන ගීතය කුඩා සමයේ ඇසෙද්දී මේ පවසන්නේ කුමක් ගැන දැයි වටහා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් තරමක් කල් ගත වෙද්දී, පොත පත කියවද්දී දස්කොන් - ප්‍රමිලා ප්‍රේම වෘතාන්තයක් ගැන ද දැනගන්නට ලැබුණා. එසේ වුවත් මේ කවුද? කිම්ද? මන්ද? කියා නිරවුල් තොරතුරක් හමුවුණේ නැහැ. කෙසේ හෝ පාසල් කාලයේදීම ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 2 කොටස - New Gadgets for New World Part 2 World Beyond World හිරු එළියෙන් සිංදු අහමු සංගීතය ලෝකය තුළ සෝනි ආයතනයට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන් සංගීතය සඳහා නව තාක්ෂණය එකතු කරන්න නිතරම අත්හදාබැලීම් කරන නිසයි. ඔවුන් මේ විදිහට අත්හදා බැලීම් සිදුකරන අතරතුරේ අලුත් නිෂ්පාදනයක් කළා. ඒ තමයි හිරු එළියෙන් ක්‍රියාත්මක කරන් සංගීත වාදකයක් නිර්මාණය කිරීම. මේ සඳහා සංකල්පය ඉදිරිපත් කොට තිබෙන්නේ හොවෑන්ග් එම් ගුයෙන්. ඒ නිසා එය නම් ...
පොත් ප්‍රදර්ශනවල ආනන්දයෙන් ප්‍රඥාව ලැබේද? World Beyond World ‛කියවීම මිනිසා සම්පූර්ණ කරයි’, ‛ආනන්දයෙන් ප්‍රඥාව ලැබේ’ වැනි කියමන් අපි කොතෙකුත් අසා ඇති මුත් මේවා ඇත්තටම ඇත්තදැයි ඇතැම් විටක සිතේ. තැනින් තැන අසන්නට ලැබෙන බොහෝ දේවල් නිසා මෙසේ සිතන්නට පෙළඹේ. එසේ සිතන්නට පෙළඹුණු මෑතකදීම දක්නට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වූයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. මට මෙසේ සිතෙන්නේ ඇයි? පොත් ප්‍රදර්ශනයේදී අපට විවිධ පොත් කියවන්නට ලැබේ. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නේ සැබැවින්ම පොත් පෙම්බරයන් ...
බොරු අල්ලන මැෂිමේ කතාව - Story of Lie Detecting Machine/Polygraph World Beyond World මේ ලෝකේ හිටිය ලොකුම බොරු කාරයා චේතිය රජ්ජුරුවෝ කියලා තමයි කියැවෙන්නේ. මුවින් මහනෙල් මල් සුවඳ විහිදුනත් බොරු කියපු නිසා මුවින් දුගද හැමුව බවත්, අවුරුදු විසි දහසක් ආයුෂ ලබාගෙන ඉපදුනත්, බොරු කියාපු නිසා ඒ ආයුෂ අඩුවුණ බව පොත පතේ සඳහන් වෙනවා. හැබැයි අද දේශපාලඥයන් චේතිය රජ්ජුරුවන්ටත් වැඩිය බොරු කියන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම කිසිම බොරුවක් නොකියපු පුද්ගලයෙක් ඉන්නවා නම් ...
මාස්ක්වාදය Vs. මාක්ස්වාදය - Maskism Vs. Marxism World Beyond World මාක්ස්වාදය සොයා ගත්තේ කාල් මාක්ස් ය. නමුත් මාස්ක්වාදය සොයා ගත්තේ චීන වෛද්‍යවරයකු වූ ‘වූ ලියන්ඩේ’ ය. මාක්ස්වාදයටත් වඩා මාස්ක්වාදය දැන් ලෝකයේ පැතිරිලා ය. ඒ නිසා මාස්ක්වාදයේ අනුගාමිකයෙකු වීමෙන් ජීවිත දානය ද හිමි වන්නේ ය.2020 වසර එළැඹෙද් දී මාක්ස්ටත් වඩා මාස්ක් ලෝකයේ ජනප්‍රිය වේ යැයි මාක්ස්වාදීන් ද සිතන්නට නැති ය. 2020 වසරේ ලෝකයේ වැඩියෙන්ම මාකට් වී ඇත්තේ මාස්ක් ය. මාක්ස්වාදීන්ට පවා ...
මල්වරවීමත් සමග දෙව්ලොවින් බිමට වැටෙන නේපාලයේ ජීවමාන දේවතාවියෝ - The Fascinating World Of Kumari, Nepal's Living Goddesses World Beyond World ‛කුමාරි’ යනු අපේ රටේ සාමාන්‍ය නමක් වුව ද නේපාලයේ නම් එසේ නොවේ. එහි කුමාරි යනු දෙවඟනකි. ඇය ප්‍රතිමාවකට සීමා වූ දෙවඟනක නොව ජීවමාන දෙවඟනකි. ඔබ අප බොහෝ දෙනෙක් ටිබෙටයේ ජීවමාන බුදුන් වූ දලයි ලාමා තුමා පිළිබඳ අසා තිබෙනවා වුව ද නේපාලයේ ජීවමාන දෙවඟන පිළිබඳ අසා නැතිවාට සැක නැත. ඇය පිළිබඳ අප කතා කරන්නට සිතුවේ එබැවිනි. ‛කුමාරි’ හෝ ‛කුමාරි දේවි’ යනු ...
ලොව සුප්‍රකට පුද්ගලයන් සැනසිල්ල ළඟාකරගත් බෞද්ධ භාවනා ක්‍රමය - Buddhist Meditation and World Famous People World Beyond World භාවනාව යනු බොහෝ ආගම්වල ඉගැන්වෙන්නකි. එසේ වුවද ඒ කිසිදු ආගමකින් මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් කොට නොමැති බැව් පෙනේ. ආගමික ශාස්තෘවරුන් යම් යම් අවස්ථාවලදී භාවනාවෝගීය සිටි බැව් විවිධ ආගමික ග්‍රන්ථවල සඳහන වුව ද, එය සිදු කළේ කුමන ආකාරයෙන් ද, ඒ සඳහා පිළිපැදිය යුතු උපදෙස් මොනවාද වැනි දේ ඒ කිසිවක පැහැදිලව අඩංගු නොවේ. නමුත් බෞද්ධ දර්ශනයේ සඳහන් වන භාවනාව එසේ නොවේ. ...