ඍතුවෙන් ඍතුවට.. සඳපහන අප්‍රියෙල් අහස ඉඹපිපිරිලා කැබලිවෙමිවෙසක් හුළඟක ඇලීතැන නොතැන විසිර යමිනිකිණි හිරු අබිමුවෙහිඋණුව දියවී ගලමිදුරුත්තේ හීතලට නිවී යළි කැටිගැහෙමිඒ කිසිම තොරතුරක් කිසිවිටෙක නොසඟවමිමුදා විසිතුරු සලුවඅගුලු නැති දොර හරිමිමිදෙන මං පෙනි පෙනීසුවපහසු මිහිදුමකපටලැවෙමි.. ...
අංකූරෝ සඳපහන හ්‍යුමස් රසට කෑදර තෘණ බුමුතුරුණු අතහැරනොනැවත මතුපිටින්කිඳා බසිනුව පහලටරලු ගල් බොරලු විනිවිදමුතු මැණික් රන් නිදන් නම් නොවමුල් ගැටෙනු නියමිත,මිනී ඇට කඳු ම යබොහෝ වධ විඳ වැළලුණඅසාගන් ඒ හැමවිට කතා හැම උන් මුමුණනවැඩී අතු හැම අතනිවා සනහන සව්සතඋඹ මහ ගහක් වනු ඇතලපැටි අංකුර හිතවත(Painting by Ion vincent) ...
හරි පුදුම හිර ගෙදර සඳපහන අසිරිමත් නිමැවුමකි,කලක් තිස්සේ තනා ළඟක දී වැඩ නිම කල..වැට කඩොලු මුර කපොලු මහ පවුරු, නිදහස් මතින් නළියන 'නැහැදිච්ච' උන්ට විතරක්ම පෙනෙන සිරගත බවක් නොම දත්මිලියන ගණන් රැඳවියන්,බරපතල වැඩ අතර ලැබෙන මද ඉසිඹුවේ දෙන දෙයක් වළඳන්න තැටි අරන් හැඳි අතැති අය සොයා පෝලිමේ ගාටන මායිම් වෙරල අසබඩ ලෝකෙටම පෙනෙන උසකින් මහ පුවරුවක ලියවුන "සිරකරුවෝ ද මනුෂ්‍යයෝ" යන වග... ...
ලිලිපුට්ටෝ සඳපහන මරණයේ යෝද කයහෙලූ හෙවනැල්ල යටඅපි...අසරණ ලිලිපුට්ටන්..බේත් හේත්, වෙද හෙද කම්ඉදිකටු කඩු කිණිසි රැගෙන..යුද සැලසුම් සකසනු දැකදුටුවෙද අවමන් සිනහවගලිවර මුහුණත මතුවුන.. ...
සීතල ගමනාන්තය සඳපහන ලෙහාගෙන දෙතොල් පැටලුම්, අදට සමුදී අවසාන අසුනට ,වීසි කර කාණුවට තවත් දුර යන්න බැරි ටිකට්..ඇවිළෙන දුලී අතරින් බොඳවී දුරස් වෙයි ,අඩකින් නිවුණු ..පෙම්වත් සිරුරු.. ...
නිදි නැති රැයක සඳපහන සඳ බොඳ වෙලා..මැකෙමින් තරු ගිලිහිලා..හුරුපුරුදු කඳුලක් නෙතගේ..මග බල බලා ...පිණි ගැලවිලා.. අහසින් බිම ඉහිරිලා..දිව ගිලුණු පොලවේ වැතිරී..සරදම් කළා..සීතල ගලා.. ඇවිදින්සියොළඟ වෙලා..උණුහුම් සිතුම් යලි කලතා.. රැය දිගු කළා.. ...
නික්ම යමි සඳපහන අන්න ඈතින් පෙනෙයි අවසාන දුර්ගයට එපිටින් ආ මගෙහි කෙලවර..මුදාලන මා මේ රුදු ගමන් වෙහෙසින්..ඉර හෙවිලි කර ඉහට හඳ අවුළුවා රෑ ටනොනැවතී යා යුතුය නොබලා ම වට පිට..පමාවට කොහොමවත් සමාවක් නැතිකොට..ඉදිරියෙන් හුඟක් පසුපසින් ටිකක් මගියෝම වෙති තවත් මා වැනිම.. මිරිකුණ..හිනැහෙන හඬන හැටි පවා.. ඇතැමෙකුට අමතක වුන.ඉදින් මා නික්ම යමි..පුරුදු බර කරට ගෙන,සොයා ඒ නැවතුම ..දැන දැන වුව ද එය අලුත් වෙහෙසක ...
වියත්-මං සඳපහන වියතක් පළල මංපෙතවියතක් දුරද නොපෙනෙනඇවැතක් පවා නොතකනපිරිසක් තබති පියවරඅඳුරෙන් අඳුර වෙතටම අඩියෙන් අඩිය පිවිසෙනපසුපස නොසිට පසුකරඅනෙකෙක් යතත් ඔරවනඅහසක් උසැති මිනිසුන්මහ මං තනනු වෙහෙසෙනවියතක් නූස් ‘වියතුන්’පටුමං වෙතම පිවිසෙන(Oil Painting by Karen Luke) ...
මධු මත් මතක ... සඳපහන චන්ද්‍ර මඬල නමට පිදූමතක වස්ත්‍ර වළා පොටෙන්මුවා නොවුණු තරුවක ඇස්කතා කරනවා..පාලමෙන් එගොඩ දිලිහෙන පරාදීසයේ පැහැසර මීදුමේ ඇලී බොඳ වී හෙමින් මැකෙනවා..දෑල දෙගොඩ පඳුරු තලාමුහුද සොයා දිව එන්නට ඌලකින් උනන දිය කෙඳි පාර අහනවා..ඔබා මධු බඳුන් පතුලකනුරා විත් ඇනුණු හදවතබොහෝ දිගු ගැඹුරු නින්දකකෙනෙක් නිදනවා..painting by Leonid Pasternak ...
රාජා භවතු ධම්මිකෝ සඳපහන අතොරක් නැතිවම මල්ටි බැරල් ගහනකොට දැක්කේ අපි කැඩෙන හැටි නාඹර තල් කරටි විතරයි ඒ වුනත් ඇත්තටම හිල් උනේ අපේ නිල් අහසයි ..!ඇවිදින බෝම්බ ඇවිදින් බ්ලාස්ට් කරගත්තාම අපි දැක්කේ ගැලවිච්චි ඔලු, අත් , කකුල් විතරයි ඒ වුනත් ඇත්තටම හිල් උනේ අපේ නිල් අහසයි ..!"දේවෝ වස්සතු කාලෙන" පීකර් කටින් කිව්වට කොහේ එකතු කරන්ඩ ද වස්සන්ඩ වතුර ටික ඔය හිල් වෙච්ච අහසේ දෙවියෝ ...
ලොවෙන් අඩක් තනි යායකි සඳපහන රෑ දවසෙත් ඇහේ ඇනෙයිගනකම් අඳුරෙන් ඉස්සීවැට කොටු කටු කම්බි පවුරුහඳ දැක ඇහැරුන ගැස්සීඅමාවකේ වළා ගලාතරු ගිනි පුපුරු ද හිස් වීලොවෙන් අඩක් තනි යායකිකලුවර යට කැටිගැස්සී ...
සිසිරයේ පළමු සන්ධ්‍යාව... සඳපහන Pix by Manjula Wediwardhanaඅකාලේ ඇස් ඇරිය සුසුදු ටියුලිප් මලක් මිදී නටුවෙන් ,මිදුණු පොළොව මත දණගසයි කැරලි ගැහි ගැහි අවුත් කැලරි දියකර දමන උකු හුළඟ , තැටිය මත කුසගින්න කොත ගසයි පුරුදු තැන වකුටුවුණු නකුටු තනි මකන්නා නිහඬකර නිහඬ බව වැරෙන් කන්පට ගසයි පත්‍ර ගලවා දැමූ නග්න මේපල් තුරක් තුරුණු හිම වැස්සකට ආයෙමත් අඬගසයි ..! ...
කුසිනාරා වඩිති බුදුන් ! සඳපහන දහම් සබා මණ්ඩපයේ කවුරුත් නෑ බණ අහන්න ඊයේ උන්නු ටිකත් ගිහින් කොතක ගලන කිරි බලන්න පාට කරපු ගඩොල් පිළිම වල රැස් දැක සාදු කියන ඇස් මේ මහ කල්පෙදි වත් ඇත්තට බුදුරැස් දකී ද? නරක් වෙච්ච පින්තුරේක දේව බ්‍රහ්ම බෝල දකින ඇස් මේ මහ කල්පෙදි වත් ඇත්තට දෙවියන් දකී ද ? "සාසනේ රකිමු" දෙසමින් බීසනේ බීජ වපුරන හිස් මිනිසුන්, නසනු මිසක ...
කියන්න... සඳපහන පාට ගිය සිහින සලුවක එතෙමින්නේ රෑට යහන පිට උඩුබැල්ලෙන් ඉන්නේ ඈත ඇහෙන පියවර හඩ ලංවෙන්නේ සීත වැඩිකමට ගැස්සී අහැරෙන්නේහුළඟක ඇලුණු සුවඳක ඉඟි සොයමින්නේ දොරවල් ජනෙල් කට බලියාගෙන ඉන්නේ සඳවල් පිරි පිරී මැරි මැරි උපදින්නේ තාමත් කොහෙද? මොකටද? හැංගී ඉන්නේපංකා තටුව නිසසල බව බිඳිමින්නේ කම්පාවෙන් වගේ දිනපොත පෙරළන්නේ හිස් කොළ මතට දේදුනු පැහැ ඉසිමින්නේ කවද ද ආයෙ කවියක් අරගෙන එන්නේ ...
ණය සඳපහන බොහෝ ණයගැති වෙමි ඔබ හට,පැණි වරකා ගස් මුදුන අකුණකින් දැදිරි වන්නට ඉස්සර .. සන්සුන් සුදු වළා කැට කුණාටුවකින් කැකෑරෙන්නට ඉස්සර ..නිල් විල් තලය ඇවිලී පිළී ගඳ නැගෙන්නට ඉස්සර .. පළාපෙත්තෙකු ගැන බමරෙකුට ඉරිසියා දැනෙන්නට ඉස්සර ..සියුම් මල් පෙත්තක් රිදෙන තුරු නැවි නැවී, හද රිදුම් පිරිමැදි,ඒ නිමා වුන ඍතුවට ..ඔව් , ඒ නමක් නැති ඍතුවට .. ...
විහඟෙකු දුටුවා ද? සඳපහන පැණි පිරුණු මල් වලට වාගේම පැණි උරන සමනලුන්ටත් පෙම් කල දවසකට දෙකකට අත්විඳි අපරිමිත ප්‍රේමයක් පිලිබඳ එපාවෙන තරමට ගී කියන කටකාර විහඟෙකු දුටුවා ද?අසම්මත හීන දුටු වරදට පින්කාර අත්වලින් ගල් මුගුරු පහර දී කටු ඔටුනු පැළඳ වූ කුරුසිපත් නොකළ මුත් හදවතට ඇණ ගැසූ පව්කාර විහඟෙකු දුටුවා ද?මේ කර්කශ ම ඍතුවේ කලාතුරකින් හමුවෙන කොළපාට තුරු පතක් ගානේ තුඩින් ඇන ඇන ලියන ...
????? සඳපහන සිතිවිලි පාට හඳුනන තෙලි තුඩ පුරුදු අතකට පපුවක් සිදුරු කරනට අසිපත් තුඩක් කුමකට? දෙවියන් මැරුණු යුගයක මිනිසුන් යලිත් මවනට කවියන්ට පෑනෙන් මිස අවියෙන් හරඹ කුමකට? හදවත් තියෙන, ඇහැරුණ වැසියන් මිසක රටකට "උතුමන්" අණට අවනත සෙබළුන් තවත් කුමකට? ? ...
ඒත් නොරිකෝ., සඳපහන පොතේ හැටියට කබුකි, නෝ නැතුවට වලේ නළුවක රසින් ඉපිලී රිදෙන තුරු තැලුමට අපට අත්පොඩි තිබුනා ..කඩදාසි ලන්තෑරුම් වලමඳ මුදු එලිය නැතුවට තුරු වියන අස්සෙන් පෙරී ආ ලස්සනම හඳ රැස් බිංදු පොළොන්නරුවට වැටුනා..පසුබිමෙන් ස්වර වැයෙනා කෝපි හල් වල කෝපි නැතුවට නුවර ටවුමෙදි තිබහ දැනුනම සීත කෝලා පෙන කැට අපේ තොල කට තෙමුවා..“ඉක්මනින් හොයාගන්න,ඔයාට ගැලපෙන කෙනෙක්..පුරුදු වෙයි නැත්තන්,නරක දේවල් වලට “පොතේ නැති ...
කිලිටි කවි පොත අතැතිව සඳපහන එකම කඳුළු එක පිට එකඑකම මතක එක පිට එකවැටී ඇලී එක පිට එක දුඹුරු ගැහුණි එක එක පිට සුරා කල්පයක කහට සිදුරු නොකර සුද මතු කොට ඉඩ දෙන නෑඹුල් කවක ට සියුම් අතක් අවැසිය මට..!! ...
ඇවිත් යන්න.. සඳපහන සතුට යනු කුමක් දැයි හරියටම දැනගන්න ඉගිල 'ඒ' මායිමෙන් සරසවිය වෙත එන්න...පිනි වැටෙන සැඳෑවකපටු මඟක ඇවිද ගොස්රොබරෝසියා මලක්සීරුවට සිපගන්න...ජීවිතය කුමක් දැයිහරියටම දැනගන්න රළු පොළොව මත කෙලින්දිගු ගමන අරඹන්න...හති දැනුනු, පය රිදුනුඇද වැටුනු වෙලාවටසහෝදර අත් පහුරුවෙලෙනයුරු දැකගන්න...වියෝ දුක කුමක් දැයිහරියටම දැනගන්නමේ සොඳුරු බිම් පෙදෙසහැර යන්න සැරසෙන්න...ගලහ හංදිය ලඟදිමතු දාක හෙලනු වස් හන්තාන තරම් බර සුසුමක් අරන් යන්න... ...