අසංක්ෂිප්ත අත්පිටපතකින් කොටසක් !!! සඳපහන සුබ පැතුමකට පුළුවන් ද සුව කරන්නට රිදුමක් ඇද අකුරකට නැති වෙයි ද ඇස පිසින්නට වරමක් තරු ඇබින්දකට පුළුවන් ද විනිවිදින්නට කළුවක් රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි ද හිත හදයි ලොකු බොරුවක් නග්න පය වැද පෙරලී භග්න වුනු හද බඳුනක් ලස්සන ම මල් අහුරක් !ඒ, කල් ඉකුත්වුණු පැතුමක් ඇත්ත ..... මම වැරදියි අමතක වුණා මොහොතක් 'ආදරේ' කියන්නෙ ම ඉරිසියාබර ගණුදෙනුවක් අත්මිදෙන්නට ...
කරගැට සඳපහන ආකහේ නිල් පාටගොයම් ළා කොළ පාටමජං කලු, බුලත් කෙළබිම අඳින රතු පාටතවත් නෙක දැක පුරුදුපෙට්ටියේ නැති පාටඑකිනෙක මුසුව - වෙන්වසියුම් රේඛා අතර අපිළිවෙළකට ඇඳුනතවම තෙත එ සිතුවමඇස් පුරා විඳිනතරබිඳ දමා සිත් දැහැනසිත්තරා මහ හඬින්හඬගසන හඬ ඇසිණ"හෙළිකරමි මෙහි රහසබලව් මේ දෑත් දෙසපින්සලය මනාකොටහසුකර දෙවන කරගැට"චිත්රයේ ගනකමටතැවරී තිබෙන දහදියදුක් ලැබ බොහෝකොටනහර ඉල්පුන හදවතදිස්වෙන නමුදු විනිවිදවර්ණ රේඛා හැඩතල සිත්තම අසල දැන්කිසිවෙක් නොමැත කියවන ...
කවියාගේ පෙම්වතිය සඳපහන "රට වටේ ගෑනුන්ට" ඔහු ලියන පද වැනුම් ඉරිසියා නැති ඇහෙන් බලන්නී... වතාවක් ඈ නමට ලියා එවූ පද හතර රන් පිඩක් සේ තවම රකින්නී... ගටගැහුණු , පටලැවුණු අකුරු එකිනෙක ලියා එළිවැට ලඟින් පෙලට තබන්නී... ඉඩ පිරුණු, ලොකු හිතක නිදහසේ ඇවිදිමින් සැලමුතු පෙමක මිහිර විඳින්නී.. ...
නොකල වරදක් සඳපහන පුවතක්- “සිපවැළඳගැනීමක් වළක්වා නොගැනීමේ” චෝදනාවට නිළදරුවෙකුට එරෙහිව පරීක්ෂණයක්.හය හතර තේරෙනවයසේ පටන් දඟ ඇතිකොතරම් වරක් එ’වරදවළක්වා ගතිමු ද අපිපැහැබර සිලිටි මල් පෙතිපොළොවෙන් මහ දුරක නැතිඅතු අත නටා හිනැහෙනමැරී ඉපදෙන මුත් නිතිමඟ හැර ආමු සිතමින“රොනෙන් කිවිසුම් ඇවිලෙති”ලොකුම ලොකු ඇස් ඇතිළදරු පුරු පුරු මොළකැටිඋඩපැන කරට ගොඩවෙනඅදර කෙළිලොල් “බලු ගති”මඟහැර ආමු කියමින“උන් හරි අපිරිසිදු ඇති” පෙම්බස් නිතර තෙපලූවියළි වෙවුලන තොල්පෙතිපපුවේ මහ ඉඩක් ගත්පුමිතිරි කොපුල් ...
පොසොන් සිරි සඳපහන දුනු ඊතල කෙටේරි ගෙන අවම බලය පෙන්නා දර්ම චක්ර වැදි පිරිවර හංදි ගානේ උන්නා සොයාගෙන මිනිස් ඉස් ගෙඩි හී සැර ඉගිලෙන්නා අලුත දැමූ කාපට් පිට උණු ලේ ඉහිරෙන්නා අම්මලාගෙ කඳුලු වලට ගම් බිම් යට වෙන්නා රක්ත තප්ත පඬුපුල ලඟ දෙය්යො ගිනි තපින්නා වසී බෝල අතේ තියන් මිහිඳු බණ අහන්නා හාව අරන් පොසොන් හඳත් තිසා වැවට පැන්නා ...
වියළි සඳපහන කුඩමැහි පිළී ගඳ පණ අදිනා වැවකකට කාරවන කිවුලැති ලිඳක පතුලකඅව පැහැ උතුරු සලුවෙන් වැසුණු පපුවකසෙවුවෙමි නමුදු නොදිටිමි ඒ කිසිතැනකපොළොං දළ ඇණුනු මඩ තැවරුණු පයකමිතුරු තොමෝ ලය හැඳි කිණිසි පහරකදෙකම්මුල් තැලුණු සිරිකතක මුවගකඅජාසත්ත ‘අතගෑ’ පැසුණු සිරසකගලනා අනවරත රත මිස අන් තැනකකොයිදෑ තෙතක් මේ සා වියළි පොළොවක ...
හරි රහයි! සඳපහන මොනොසෝඩියම් ග්ලුටමේට්දෝතක්ම අරගමිඋගුරට දෙකට ගිලගමි..සිහි නැතිවෙන්න ඉස්සර“ජීවිතේ හරි රහයි” පවසමි!
මචං ඇට්ලස් සඳපහන කවුරුවත් නෑ බං දැන්කරගහන්නට මේවට,ලෝකයයි කියන්නේ ආයෙමත් මුංපැතලිම පැතලි දේකටකේබල් දිගේ පැතිරුණුසිග්නල් ලෙසට විසිරුණුස්ක්රෝල්* කරතහැකි යමකට..*Scroll
පෙත් මඟක මගියෙක් සඳපහන ඉමක් නොපෙනෙනා පෙත් මඟනිමක් නොදන්නා ගමනකඅව් වැහි යට සිනහමුවිනතනිකර මිනිහෙක් දුර යනකඳු පල්ලම්බැස නගිමිනනැග බසිමිනයළි නගිමිනඋජාරුවෙන් ඔජවඩමින්ඉගිලෙන තරු ඉදිඹුවෙකුටසෙවල හලාගෙන දිව එනගොලුබෙලි-හංගොලු කෙනෙකුටඉඩ දී අයිනකට වෙමිනහෙමින් යදඬු පා ඔසවනමඟ අයිනක පිපී නටනසුවඳ පාට මල් මූණකසිනිඳු ගතිය ළඟ පමණක්ඉඳහිට හෝ පය නවතිනවළාකුළක් ඉහලාගෙන මීදුමෙන් ජටා පළඳිනහඳ පලුවක හැඩ එලියෙන්රෑටත් ඉර අරගෙන යනඉමක් හොය හොයා පෙත් මඟනිමක් දකිනු රිසි ගමනකඅව් වැහි යට ...
මේ සා විකල් නගරෙක සඳපහන තොග ගනන් මිනිස් - හිස් පණපිටින් තම්බන බම්බු අස්සෙන් විදින හුමාලෙට හුලඟකැ'යි පැවසෙනඋයන් බැම්මෙන් එපිට ඇස් ඇර බැලූ වරදට කාරා ගැසූ කෙළ තලි පිපි එන මල් මුහුණු මතුපිටපල් දියෙහි රැලි මතුකොට ඉබාගාතේ පීනන හංසයෝ ගිල දැමූ පණුවන්ය - නර දුගඳ නොදැනෙනදියපට්ට මතුවුණ පස්සාපැති පෝලිමේ අරගෙන බොහෝ සක් දෙවිවරු ඉස්පිරිතාල ගතකළමේ සා විකල් නගරෙක බේරාගන්න හදවත නිකං ම කවියෙකුට කොතෙක් වැයවිය ...
සඳ පැමිණි සඳ සඳපහන සඳ පැමිණි සඳ ,අවසන මහළු ව තිබුනි අරුණසවස මැදිවියේ පසුවිනහෙන්දිරික්කා මුහුණු වැහැරුණහොඳටෝම යෞවන,කඩුපුලක් කටපුරා හිනැහිනසඳ බිඳක් තොල අගක දිළිසුනසඳ ඇඟිලි තුඩු වලින් එසැවින"හරි රහයි" නොදැනීම කෙඳිරිනඒ හඬට නිදි ඉරට ඇහැරිනඉරිසියාවෙන් රතට ඇවිළින වෙලාවට කලින් වෙනදට එන කබ පිටින් කඳු මතින් එසැවින ...
කවි කැකුළු (5) සඳපහන කඳු පෙළ මතට හවසට ඇද වැටෙන්නට නියමිත තද දම් අහස නළියන සරුංගලයක සුදපෙනෙයි, පොත් මේසය ලඟට .."සරසවි දිවියේඅවසාන දෙදවස".
අඩක් දුර.. සඳපහන තුංග ගිරි සිකරයෙහිඅඩක් දුර නැඟුන තැනවිසල් තැනි බිමක් වෙයිහරිත පැහැයෙන් නිලනවඩා වෙහෙසක් නැතිවකඩාගෙන කනු පිණිසඅතේ දුර ඉදී ඇතිනොදත් නෙක පළවැල යබෑවුමෙහි අගට විත්පහළ බැලුවොත් කෙළින් අතැර ආ පෙදෙස් වෙයි කාකි පැහැයෙන් දැවෙන කුහුඹුවන් තරම් වෙනමුහුණු හඳුනනු නොහෙනමිනිස් හැඩ කඩිසර ව පොළොව හා යුදවදිනසිහිව පුංචි ම දවස්පපුව හිරවෙන විටෙක නොකෑ ගෙඩියක් දෙකක් අත්හරිම් ඒදෙසට බේරිලා මට මගෙන් හදාගනු පිණිස හිත කුඩා ...
සුබ උදැසන සඳපහන කළු කූඹි හාදු මැද නිදි කිරයිතේ බඳුන .. රැවුළු කොට තව ටිකක් දික්වෙලා වෙනසකට..වහලේ උළු අත ගගා වැහි සිදුරු හොයාගෙන..රිංගලා ඉර,අදත් ඇහැරවයි ඇහැට ඇන!
ආදරණීය ගෲෂා සඳපහන එදා මහ මැද මිදුලෙදි,(නාට්ටිය බලං හිටි)කාටවත් නොපෙනෙන්නඋඹ දුන්න කරදහියේලේ ගඳට දාඩියට හුරුවුන,බෝල අත් අකුරු කැටඅත් පටලවං තදටහිටියෙ හැම තිස්සේමවෙඩි සද්ද අස්සෙත්වෝල්ට්ස් නැටුං නට නටකන්දෙකත් වැහෙන්නමඔතාගත්තාම, එවපුරතු බැලැන්කෙට්ටුවනින්ද ආවා සැරටසැර බාල කරගෙනහිම මිදෙන මරණීය හීතලපිටපතේ විදියටහෙට්ටු කෙරුවට කිරි කඳුලකටදන්නවනෙ මං කිරි එරෙන වගකාගෙ මුත් පොඩි එකෙක් දැක්ක හැටියෙම උඹේ පපුවටවසන්තෙදි වත් ඉදුන ඇපල් ගැන නාහනලියමනක් එනතුරා දින ගැනං ඉවසනඑන නේන බවක් ...
වලාකුළු උපදිනා තැන සඳපහන පළල් වෙන පාරේ වැලමිටි වංගු කෙළවර කිසිදාක ගින්දර නොනිමෙන වලාකුළු උපදිනා තැනබිම තබා ඇවිත් කිරි දරුවන් කෙසඟ අම්මාවරු හුණු කූඩ වඩාගෙන දුම් වැදී තැම්බිච්ච මූණ හරවා කහට පාටට හිනාවෙන 'නැගෙන මග' වැඩ හිටපු වරදට හණ ගසා අතපය කපාහළ රුක් දෙවි මළකඳන් ගරුසරුව චිතකයට වඩම්මන කුදු ගැහුණු පිරිමි කොඳු කලාතුරකින් දිගෑරෙන කිළිටි කුණු සේරෝම වහගන්න වුවමනා හැමෝටම සෑහෙන්න කිළිටි අත්වල කරඟැටසුදු ...
වැළපෙන්නිය සඳපහන මරීයා* නම් ඔබයස්වර්ගයේ දොර වැසුණසදාකල් මෙලොවපරලොව අතර සිරකෙරුණනොනවතින වැළපුමකඉඳහිටක ඉකිගැසුනකාලයේ ඉම තෙක්මඇවිද යනු! අණ ලැබුන ලිහීඑන සළුව ඇඳදරු දරාගෙන යනෙන හඬා බිහිසුණු හඬින් අංකිරට පැන දුවන සාපලත් පරපුරට තාම දිවි දොස් ගෙනන ලිහිණි හෙළ පතුලෙ ඉඳඅඬගසන හඬ අසනඔබේ සොයුරියෝ වෙතිඑක කුසක නොඉපදුනලොවෙහි දෙකොණක උවදඑකම කොණ උරුම වුන(* La Lorona නොහොත් වැළපෙන්නිය යනු මෙක්සිකානු පුරාවෘතයකි. සිය සැමියා විසින් රවටනු ලැබීම නිසා ...