යථාවත සඳපහන අන්වීක්ෂ - දුරේක්ෂපසෙක ලා මෙහි එන්නමේ විසල් කැඩපතින් යථාවත දැකගන්න අපි අපේ තරමින් මඒ තරම් දුරකින් මඅර ඉන්න අපූරුව! ප:ලි :-වම දකුණ - දකුණ වමවෙනස් බව දැනගන්න ...
ඉගිල්ලෙන මාලු ? සඳපහන තහනම් කල යුතුය මේ අහස උන් හට, නිසැකවම සියොතුනට කල ලෙසටම...ඉගිල්ලෙන අතර තුර සුළු දිය බිම හෙලා කැත කෙරුවොතින් හෙම දූපත වැහෙන්නම එලූ අගේ ඇති කැමා සළුපට...
බිඳුණු කැඩපත සඳපහන ගෙයින් එළිය ට බැසදෙපයින් ඇවිද එන විටකඩුල්ල ලඟදි අම්මාදෝතින් දුන්න වස්තුවසීයගෙත් සීය ටවගෙ ම වෙනසක් නැතිව මබැලූ හැම විට මටමාව පෙන්නූ කැඩපතබර පොත් මිටි උසටපොටෝ කොපි පිරිවර කොටතිබූ පාඩම් මේසයඇදපු දා ඇඳ අසලටසැනින් පැන පොළොවටකැබලිවී උඩුබැල්ලටඅහුලන්න ගිය විටකැපුනි හද රේඛාව හරහටරාමුව පමණි දැන්ඒ ඇණයේම එල්ලුනකිළිටි බිත්තිය විතරක්රවුම් කර කර පෙන්නනඒ වුනත් එකපාරටවිසිකරන්නේ කොහොමද උරුමය නොවෙද එය මගේ නූපන් පුතු හට?? ...
පමා වූ අළුයම සඳපහන ඔහේ ඉර හඳ පායාමැරී වැළලුණ දවසකකොහේ හරි ගුලිවීහීන තොල ගෑ හවසක..බඹර තුඩුගක පැටලීඇඟිලි ඉදිමුණ මොහොතකපන්හිඳ ඉකි ගැසූකඩදාසි කඳුලු බිව් යුගයකකෙළවර උදාවියපමා වූ අළුයමපෙරඹර සුරත් පෑ ගෙනගලාගෙන ආ උණුහුමහපා කොටකර මිසකපා නැති , මතක ඇති දවසකහිනා වෙයි සුදු මල් වැවී එන නිය අහුරක ...
ඝාතකයින් අතර සඳපහන “තව ගොඩක් කල් ද බංමිඩ්වයිෆ් මිස් කියපු දවසට?ආසයි දැකගන්ඩ අලුත් කිරිකැටි මූණඋඹේම ලෙයින් ඉපදෙන”ඉක්මෙන්නටත් ඉස්සරපළමු තුන් මාසය දනිතරම අසති විමසති නොඉවසිලිකම් පාතිහිතමිතුරු වෙස්ගෙන,ඝාතකයෝය උන්අහිංසක විදියට හිනැහෙනවසඟ වී ඒ බහටකුලුඳුලේ ගැබ්දරනගර්භාෂ බිත්තිවලමස් පේශි කිතිකැවෙනකල්තියා විළි වැළඳගබ්සා කළල වපුරන“අහෝ! කොතරම් සිනිඳු දමේ මූණු අත පය මෝරාපු ඒවා වගෙ ද?”උඩ පහළ පැද්දෙන නිල් පාට තොටිල්ලකනොමේරූ ළදරු මස නිදිකරඋඩින් අතපතගගා විමසනඝාතකයෝය උන්අහිංසක විදියට හිනැහෙන“සැකයි ...
පහනක් විතරක්.. සඳපහන පොත් පිටු පෙරලා අකුරු අහුලලා එනකොට හොඳට ම හවස් වෙලා..දළදා මළුව ට කිරි ගඟ ගලලා උඩු මාලෙට දුර හුඟක් වෙලා..ඕලු නෙලුම් නිල් මානෙල් වතුසුදු සේරම පුදසුන් මත පිදිලා..ඉස්සර වාගේම මේ භවයෙත් මම පහනක් විතරක් පත්තු කළා.. ...
'' ඔව....ඒත්, ඒ හැම දේටම හේතුවක් තිබුණා '' සඳපහන එකෝමත් එක රෑක 'කැතම කැත' හීනෙකින් ඉක්මනට නැගිටින්න බැරි වෙලා තිබුණා කළු රෝස පඳුර ළඟ මල් පිපෙනු බල බලා අත් තැලූ තනි අතේ කටු පොකුරු අනුණා කාටවත් නොතේරෙන කවි හුඟක් ගොඩ ගසාතැනූ වෙහෙර ට ඉබේ ගිනි අරන් තිබුණා තෙත පිටින් ඇවිළෙමින් දුම් නඟයි හාත්පසආයිමත් ඇස් වලට දැවිල්ලක් දැනුණා ...
තොටුපොල අද්දර සඳපහන දිගු කල පා ඇඟිලි තුඩින් නිසසල නිල් දිය මතුපිට කවියක් කර ඔබ ලියුවිට මිහිර ආදරේ..අහුලන් ගල් කැට එක එක විසිකර ඉගැඹුරු පතුලට කැලතුන රළ ගෙන මැව්වෙමි රිදුම් ආදරේ..තවමත් තොටුපොල අද්දර ඉඳහිට තනිවෙන හවසට ඇඳී මැකෙනයුරු විඳිනෙමි අපේ ආදරේ.. ...
වසන්තේ කෙලවර සඳපහන රොබරෝසි ඉපල් අගඅලුතින් ගෙපැල් අටවනකරව් කරනා මිතුරන්,බෝ වැඩ අතර වුවඇඳ තිබුණි මල්- මඟ කිසිත් අඩුවක් නැතිව විසිරි වසුරින් හැඩකොටවසන්තේ කෙලවර මලක් අතකින් අරගෙනහෙමි හෙමින් ඇවිද එනයුරු දැක ...
දූලි මල සඳපහන අහු මුලු අමදිමින්ගෙවා දැමු මුත් බොහෝ දවසක්රන් සුණු නොලදියෙන්සුන් ව ගිය සඳ සිහින සහසක්මැටිකර දහදියෙන්සොයා ගෙන ආ දූලි අහුරක්ඉතා සියුමැලි විලසින්අඹාගත්තෙමි රෝස කුසුමක්වීනස් දෙවොල මලසුනපිදුනු රන් මල් කිනිති දහසක්අතරින් තැබූ කලමහත් වෙහෙසක කුසුම් ලකුණක්වහා එදෙසට දිගුවීනොබිඳි රන් වන් නොබැඳි දෑතක්වඩාගත් සඳ මලදැනුණි දිවමන් සුසුම් පහසක් ...
හිම පියල්ලක් සඳපහන සීත බටහිර අහසගින් බිමට බට සුසුදු හිම පියල්ලක්පාව යයි ඔබ මොබ ..උණුසුම් පෙරදිග සුළං රැලි මැද රතට හැරෙමින් දියවෙයි, ටිකෙන් ටික ,සිසිර නින්දෙන් සුදුමැලිව ගල් ගැසී තිබු මහද.. ...
තෙතබරිත හවසක සිතුවිළි සඳපහන උරහිසත් හිසත් මැදහිරකරන් පොඩි කුඩයපොද වැස්ස යටට වීවලාකුළු බැම්ම ළඟමම..කෝ ඔබ ?දුම් දමන කඩල මුලලොකු වැඩියි තනි අතටහීල් වෙන්නට ඉස්සරදැන් එන්න මේ ඉවුරටපොරි අහුරකින් කිතිකැවුණනොඉවසිලිමත් දැඟලිලිවැව් වතුර මත බොඳවුණුඋරුම නැති ලෝකයක හෙවනැලිඇහෙනවද?මින නුවනක නොගැටීහීතලේ පෑරෙනකඩල ඇටයක මැසිවිලි ? ...
සඳෙන් අසමි සඳපහන දිගු සංචාරයට පෙර,සමුගතිමිවත්ත පහළින් ගලනඇලේ මැඩි මිතුරන්ගෙන්කුටිය අද්දර තුරු මතගී ගැයූ රැහැයියන්ගෙන්හිරු නිවීගිය කළපිටත් වනු පිණිසකඩුල්ල කරා ආ මටඇහෙන නෑහෙන ගාණටසුසුම්ලන හඬ ඇසුණිසමුදුන් ලබැඳියන්වටහාගනිමි එය,දුකකි පිය විප්පයෝගයඒත් ඇයි මේපිනි කඳුළු ?මාත් එක්කම යනසඳේ ඇස්වල.. ...
වැහිවලට ඉස්සර.. සඳපහන සීතකළ අවන්හල සීතලම කෙලවරක හීතලට ගෑවෙවී ඉඳගන්න, ඇඟිලි දිග හිමකිරම දිය වෙවී ගලනයුරු විඳගන්න ලජුබරව බිම බැලෙන රතු ගැහෙන මුහුණ ළඟ කැපුචිනෝ උගුරකින් පිච්චෙන්න කඳු මුදුනකින් ගෙනා මඟ වෙහෙස කසල බඳුනෙහිලන්න සංවහන වැසිවලට ඉස්සර ඉස්පාසුවක් වෙයිද හමුවෙන්න? කවුරුවත් නොකියවූ ගිම්හාන කවි, එකම හුස්මකට හුවමාරු කරගන්න... ...
ඉඩ ඇත ... සඳපහන මේ සීත මැදියමේ වුව සිහිනෙන් දොඩන කොවුලෙකුඉමිහිරිම ස්වරයෙන් ගීයක් ගයන්නට ඉඩ ඇත වාලුකාවට ඉහළින් පාලු අහසේ ඇවිදින තද හිතැති මේ කුලට ද ඉකිගැසී ඇඬෙන්නට ඉඩ ඇත නින්දත් නොනින්දත් මැද සියුම් ඉඩකඩ අතර කල්පයක කල්පනා සිරකරගන්න ඉඩ ඇත අද හෙට ම නොවුනත් අනිද්දා දවසක ප්‍රේමය පවා මුහුණට මුණගැහෙන්නට ඉඩ ඇත ...
බැරිද ඇවිදින් යන්න සඳපහන හිම මිදුනු තුඟු ගිරගසුසුමකින් අවුලන්නගිනිතියා හීතලටඈතකට එලවන්නකුලුඳුලේ හාදුවක රිදුම සිහිකැඳවන්න නෙත් කෙවෙනි හිස්, මිහිරි කඳුලකින් පුරවන්නබිළිඳු පෙම තව දුරක්වඩා ගෙන් ගෙට යන්න එපා! ඔබ කියයි, බැහැහිස් අතින් යළි එන්නනොමළ බව මම, මටමමතක් කර දී යන්න ඉස්පාසු වෙලාවක බැරිද ඇවිදින් යන්න ...
වධක භූමි සඳපහන පැත්තකට හිස නැමුනු - නිල්පාට කුරුසයේඅදත් උං කවුද ගැටගහලාදුර උනත් පැහැදිලිව - දැකගන්න හැකි වෙන්න අත්වලට පුංචි ඇස් දීලාචෝදනා ලියවිල්ල- බෙල්ල මුල එල්ලලාඉස් මුදුනෙ කටු ඔටුනු දාලානිදහසට කාරණා තියෙනවා ඇති,ඒත්කොයි කවුද විමසන්නෙ හාරාකිසිම වරදක් නොකල - කෙනෙක් පළමුව ගසනු!කවුද කිවා ,ගොදුර පාලාගල් මුගුරු වැස්සකින් - අහස ඇහිරී ගියාසෙනඟෙ නිවැරදි තරම පාලාලේ ගලන ,ඇට බිඳෙන- මස් තැලෙන ,හිස් පැලෙන“අසිරි” දැක දැක ...
බිතෝවන් එනවා සඳපහන සියුම් සැතකින් පලා අටකටසොසේජස් සහ කුකුළු බිජුවටඔබා බනිසක බඩේ කොනකටබිතෝවන්* එනවා ගෙයින් ගෙටසීනි ඇට තෙත ඇඟේ ඇලවුනකිඹුල් පැටවුන් අලුත ඉපදුනකූඩු වීදුරුවට දතින් ඇනඉඟිමරා බඩ පොඩිති අඬවනඅට අනූවක් රෝග එන මඟඒත් තනුවට කටට කෙල එනඑලයිස්* - පැව්ලෝ* දෙඅත් පටලන් කඩුලු ලඟ බලු නගුටු නටවන“එන්න ලාබයි ගන්න මේවා”විශ්ව බසෙකින් කෑගසාගෙනසිම්ෆනික සුවඳක් විදාගෙනබිතෝවන් යනවා හරෝගෙනබිතෝවන් (Ludvig Van Beethovan ) යනු විශ්ව කීර්තියට පත් ...
මතක පැහැසර සඳපහන විරංජිත විජිතයේ කැලතෙනවියලි සුදුමැලි සුලං දල රළඔක්සිකාරක හුස්ම විසි කරසැනින් උණුකර හරිත පැහැසරදේදුන්න - සමනල පියාපතමල් පෙත්ත - ලා දළු ඉහින තෙත නිල් අඳුර - රතු තැඹිලි දහවලසිතුවමකි තව නොමැකි හදබිත බිරම් සිහිනෙකි සැබෑවට මෙය බලන් ඇස්පිය ඇර ඇතුලු හිතකලු - සුදුය හිඳහිටක අලු වෙත එකම අතකට වෙනම ඇවිදිත ඉස්කෝල පොත් පිටක හිරවුණු සප්රාණවාචී වු මතකෙක සොප්රානෝ ස්වරයකින් ඇවිලෙනශ්වේත හස ...