බෛයනායක සඳපහන අවදිව බලන විට වටපිට ඇසක කොනේකාලය විසින් යටකල ඇටසැකිළි ඇනේඅමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේග්රහයා කවුරුමුත් එළඹෙන දවස් වල හැම නිවෙසකම එක එළියකි සවස් කල“කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කලරස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළතැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මතතව තව පිදුරු විසිරූ “පින්කරන” අතපපුවට තඩිබබා සැප දැයි අහන කැතඑක මීමෙක් නෙවෙයි දාහක් එතන ඇතපැජරොයි ...
ඇරයුම්.. සඳපහන නායේ ගියපු පොත් කන්ද ට යට වී නොමැරී තිබුන ද තැලී සව් පතක් තරමට තුනී වෙලා ඇත හදවත හැඩ තල හැම සමතල වී ගනකම අඩුවී හොඳටම පැතලි වෙලා ඇත හදවත ගිනියම් හුළඟට පැටලී තෝන්තු වී ඇත හදවත වසා අඩ අඳුරු කුටිය ම උඩුබැල්ලෙන් නිදි හදවත .............සත් කුළු පව් තරණය කර ඔබ දැන් පැමිණිය යුතුවැත සිලිටි දෙපා කඩිනම් කොට සැනෙකින් පැමිණිය ...
ඉනික්බිති සඳපහන වසාලයි ඔබ පැමිණඒ සියලු කුස්තූරමහද බිත පුරාවටකැතට විසිරී තිබුණපෙඳ පාසි අතර පිපිපෙනෙන නොපෙනෙන පුෂ්පදැනෙන නොදැනෙන තරම්ක්ෂුද්ර සුවඳක් සැදුවනිදාහුන් ලැගුම්හල,වැසී යයි එකින් එකතැවරෙමින් සෙනේ දියබදාමය සේ සැදීසියුමැඟිලි තුඩ මිදෙනපිරියම් ව සුද මැදීඔප වැටී තිබෙන සඳඅසයි ඔබසොයම් මමඒ කුඩා කුසුම් ඉඩ ...
ගෝලයාගේ කවිය සඳපහන නවා දණ වඳින විට පිටත් වී යන වෙලේකතා නැති ගුරු තරුව බොඳවුනා කරුවලේනොපා අත කිසිවෙකුට දිවි සටන දිනු වෙලේඑපා හිත හූරන්ඩ ඇයි එහෙම මට කලේඉස්සරහ පේලි වල හිටි දුවන පන්තියේඅස්සයින් දුර ගියා සිප්ලැබූ සන්දියේමාළුවෝ මං වගේ කකුල් නැති ගැංසියේපීනන්ඩ පුරුදුවුනෙ තනියෙමයි හංදියේනොයෙක් හණගැසූ දඬුමොණර වල තටුගසනකොතෙක් අය පැමිණේද දාර හොට බිම ඇණුනඋනුත් ඔය වගේමයි ඇඳුනුවත් නොහඳුනනමජං ඔය හැටි විසද මචං ...
කිරි, පැණි හඳෙන් ම ය .. සඳපහන රෑ හඳ අහසට දෑතම දිගු කර ඉල්ලපු කිරි පැණි ඒ බාලේ දෙන්න හිතාගෙන ඔන්න ගෙනල්ලලු ඇවිත් නිසා පුර පස කාලේ කූඩු වෙලා පණිවිඩයක් යවපන් ඒවි හොයන් සුවඳට ආලේ අරන් ඇවිත් පැණි, ගෙනෙයි යලිත් කිරි අලුත් තරුව උපදින වේලේ ...
............!!! සඳපහන කෑ ගසා සිනාසුනු දහවලකෙළිදෙලෙන් ගෙවී ගොස්එළැඹෙයිසීතලට සුසුම්ලන රාත්‍රිය..ඉකි ගසා අඬන්නට සැරසෙනදුක, සිහින අතර දියවී යන ..මතක අමතක වෙනඅමතක මතක ඇහැරෙනඉර නැගෙනයලි මියෙනසඳ පිපෙනපරව යනඑකට කෙටි නමක් දෝජීවිතය ??? ...
ආයෙමත් වැස්ස සඳපහන අන්න අහසම අයිති කරගෙන උන්න ඉර කළු අඳිනවාපන්න පන්නා සිරුර ඇවිලූ ගින්න ටික ටික නිවෙනවාඉන්න බෑ කටු අනියි වැහි පොද දන්න බව නුඹ දන්නවාඑන්නදෝ මල් කුඩේ හෙවනට ඔන්න ආයෙත් වහිනවා ...
ඉදින් මා කවියෙකු විය.. සඳපහන අමුතුවෙන් නොහිතා වැඩි යමක් ඔහේ කටු ගෑවෙමි..බොහෝ දේ..මා දකින ඇසිල්ලෙන් මලක් සේ පිපී ආ,සඳ කිඳුරු මුව ගැන..දෝතින්ම ගෙන මගේ නොවටිනා තිළිණයක්,මහා මෙරක් ලද ලෙසින් විස්මයෙන් ඉස්සුණු ඇස් ගැන..එකම එක වතාවක් සීතලට දැනුණු, මුදු ලපටි නා දළු ගැන...අහිමි කරගෙන ඒ හැම,අකාලේ මියගොසින් අපාගත වූ මගේම හිත ගැන..නුඹ ද, ඒ මතකය ද..කවියක් ම විය..ඉදින් මා කවියෙකු විය. ...
හැන්දෑ කව සඳපහන සිහිල් තුරු වදුළු යට වැටුණු මල් සිනාසෙයි.. වෙරළ කුඩා මුවාවෙහි කිරි කාවඩි කතාවෙයි ..රඟහලෙහි රහස් කියු මඳ අඳුර මතක් වෙයි..මහළු ඉරබටු තරුව සිතිජ ඉම මියෑදෙයි.. ...
නොමියෙන මතක සඳපහන කෙලෙස සම කරන්න ද ඔබ, සුපිපි මලකට..රුව සුවඳ තිබුනාට,මියෙනතුරු මට මතක,මිහිරිතම උණුහුම..අඩු නිසා මල් පෙති ළඟ..කෙලෙස සම කරන්න ද ඔබ, සරා සඳකට...මුදු එලිය හැලුවාට,මියෙනතුරු මට මතක ,හිත පිරෙන සිනහව..අඩු නිසා සඳවත ළඟ..කෙලෙස ගී ලියන්න ද තවත් නම් නුඹ හට..සියක් පද හිතුනාට, මියෙන තුරු මට මතක ඒ මියුරුතම වදන..අඩු නිසා කවි හිත ළඟ.. ...
නොපිපි මල සොයා සඳපහන පිපෙනු පින් මඳ වුවද උපන් දූපත මත ඉඩ හසර කොතරම් ද මේ විසල් මිහිකත එන දිනෙක සුවඳ අරගෙන වඩින හදවෙත නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත ෆුජි කඳු මුදුන ඈතින් පෙනෙන මානෙක ඇවිලෙනා වැලි කතර ක්ෂේම බිම් හෙවනක යකඩ අයිෆල් ඇසට අසුවනා නගරෙක නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත ඇලවෙනා කුලුන අසබඩ ගෙවතු උයනක සොඳුරු වැසි වනපෙතක ඇස නොගැසි පෙදෙසක ...
සීත සමයෙහි නවතිමි!! සඳපහන හිම හිස්වැසුම් ගලවාවසන්තය සිපගනිතිඋණුසුම්කඳු මුදුන්..පෙනෙයි රළු පරළු ගල් උල්,තැනින් තැන පොඩි මල්..ගැහි ගැහී ඇඳි සිතුවම,කුඩා කවුළුව වසාඅලවමි..සීත සමයෙහි නවතිමි!! ...
අවුරුද්ද එනකොට සඳපහන නොයෙක් සිනහ සිහිවී පැමිණි ගම රට මසක් වටින පඩි පත මිටක දිය කොටනොතිත් දන සරන මහ නුවර වටපිටඩමිත් හෙලුවෙන් ය අවුරුද්ද එනකොට
පස් වසරක් සරසවියේ... සඳපහන පැතුම් පොකුරු පොදි බැඳගෙන ඇවිදින් හද සන්තානේ පස් වසරක් ගෙවී ගිහින් කඳු පාමුල හන්තානේ ටික දොහකින් නිමා වේවී අග හරියයලු මේ හීනෙ එතෙක් සිඹිමි කහ මල් පෙති මොහොතක් මොහොතක් ගානේ ...
ලිහිණියෙකුගේ මරණය සඳපහන වතුර පොදටත් තිබුණු අයිතිය නොහිතු දවසක ඇහිරුණේ තැවුණු අසරණ ලිහිණි සෙනඟක් දිය සොයා ගෙන ඉගිලුනේ අණට කීකරු තුවක්කුවකට ඉලක්කය නැත වැරදුණේ රුධිරයෙන් පස රතට හරවා තුරුණු පපුවකි නැවතුනේ උරාගෙන උණු රුහිරු පොළොවට එතැන බිජුවකි පැළවුණේ හිනාවෙනු ඇත මලක් මතු කර හෙට අපට අමතක දිනේ ...
කවියාගේ(ම) කවිය.. සඳපහන වසා දොරගුලු, පිටත පොරකනසුලං රැල් ගැන කතා කියනෙමිරුදුරු නිරුදක කතර සරමින්සීත වැහිපොද සිහින බෙදනෙමිගලන කඳුරක දිලෙන නිල ගැනකාණු පතුලක කවක් පබඳිමිටිකෙන් ටික පණ අදින අතරේ මියෙන ගතකට හුස්ම පිඹිනෙමි ...
ප්‍රේමය(1) සඳපහන බලා නෙත් අගින් බැල්මක් දාහක් මල් පූදනු හැකි රවා යන්තමින් සැරයක් දවා භෂ්ම කරලනු හැකි හිතක් ලොවේ කොතැනක හරි ඇති බව දැනගත් දවසේ හොරෙන්ම ඉපදී වැඩෙනා අහංකාර සන්තෝසෙකි..!! ...
නත්තලට ඉඩ දෙන්න! සඳපහන කොයිතරම් නම් දවස් ගෙවුනාද?කුරුසගස පැළවෙලා දළුලන්නකල්වාරි කලුවර කපාගෙනමුදුන තරු පොඩිත්තක් පූදින්නපොරෝකරුවනි , වඩුවනි,ආයෙමත් හිතේවිද නුඹලාටඑතුර සිඳ කුරුසයක් තනවන්න?නොතිත් වධ වේදනාඉවසන්න හැකි නමුත්,නොහැක යළි මරණයෙන් නැගිටින්න..දෙයියන්ගෙ නාමයෙන්මේ දෙසැම්බර් අගටනත්තලට එළඹෙන්න ඉඩ දෙන්න! ...
විල් තෙම සඳපහන මුහුණටම වීසිකලලොකු කුඩා කැට කැබලිතිග්ලුප් හඬින් ගිලදමන ඉගැඹුරු සුනිල විල්තෙමසියුම් දිය රැල්ලකිගැටෙනා තැනින් ඉපදෙනමඳ දුරක් දිවගොස්බොඳවී මැකීයනනැත අන් සලකුණක් ඒ කිසි මිනිස් වෙහෙසකමඳ මඳ ඉහල එසැවෙනදිය කඳ පමණි අපමණ ...