කාලිදාස ජාමෙ බේරගත්ත හැටි ඩ්රැකී කාලිදාස ගැන මුල්ම කතාව ආටිකල්ස් බ්ලොගේ තිබ්බා දැක්කා. ඒ දැකලා සංස්කෘත සාහිත්‍ය ප්‍රේමී ඩ්‍රැකියට කසන්න ගත්තා. ඉතිං මේ කොට කතාව දාන්න හිතුනා බ්ලොගේ පාළුව යන්නත් එක්කම.කාලිදාස කවියා සේවය කළේ භෝජ රජතුමාගෙ රාජ සභාවෙයි. ඒ රාජ සභාවෙ හිටිය කවියන් හැමෝටම වඩා දක්ෂතා පෙන්නපු නිසා රාජ සභාවෙ හිටිය ගොඩක් දෙනා කාලිදාසට හිත යටින් නුරුස්සන ගතියක් තිබ්බා. දවසක් අනිත් කවියො සෙට් එකක් එකතු ...
විදුලි පුටුව සහ දෙබිඩි රාජ්ජේ ඩ්රැකී http://1.bp.blogspot.com/_X24iO8Ixh9k/SFdDX1aMw1I/AAAAAAAAAEs/0WeimdU5Zjc/s400/chrc%2Belectric%2Bchair.jpgසකල සිරින් පිරි සිරි දූපතේ නැත්තේ මොනවාද? මේ ප්‍රශ්නෙට උත්තරේ මේ පෝස්ටුව අවසානය වන විට අපිට එකතු කර ගන්න පුළුවන් වෙයි කියා හිතමු.මුලින්ම ඕං තිස් අවුරුදු යුද්ධයක් තිබුණේය. ඒකේ අවසාන බාගයේ, මානුෂික මෙහෙයුම් හිටු කියා දියත් වුනෙමු. මානුෂික මෙහෙයුම් ය කියන්නේ මොකද්ද?දෙමළ ඊළාම් විමුක්ති අරගළයක් කියා එකක් කරමින් - ඒ කියන්නේ:1. තමන්ගේ සංවිධානය එක්ක එකටම ඇති වුණු අනිත් සංවිධාන වල ...
අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම...) ඩ්රැකී අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළවුනු ශ්‍රී සඟරාවක් මගේ මතකයේ තිබුණා. පහුගිය සති අන්තයේ තමයි ඒක හොයාගෙන ස්කෑන් කරන්නට වෙලාවක් ලැබුණේ. මේ පළවෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව...පින්තූර උඩ ක්ලික් කරල ලොකු කරගන්න.මේ දෙවෙනි පිටුව කපල තියෙන්නෙ ඉතිං මංතුමා ම තමයි පොඩි කාලෙ. අපසාදෙ...ඒ එක්කම, මීට කලින් “සාගරයක් මැද - අමන රටක් ඇත“ පොත හඳුන්වා දුන් පෝස්ටුවේ කමෙන්ටුවක් කොටමින් කටුසු හදවත, ...
ගජබින්නාලංකාරය 15 වන කොටස... ඩ්රැකී මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම...1. බාප්පගෙ මිරිස් වගාව2. ඉඩෝරෙට වෙලේ ළිඳක්3. අලිමාලය4. සුවාරිස් මුත්තගෙ දඩයම්5. ඉර හඳ පල්ලා බොරු නෙමේ6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම7. වට්ටක්කා සහ පතෝල8. ලබ්බෙ කානිවල් එක9. කන්තලේ මහ වන මැද10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා11 බාප්පයි පුතයි12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්14. බාප්පගෙ හේනෙ විත්තිකාලෙකට පස්සෙ ලියන්න යන්නෙ, ...
කන්තලේ මහ වන මැද - ගජබින්නාලංකාරයෙන්... ඩ්රැකී ගජබින්නාලංකාරයේ පාඨකයන් හට ඩ්‍රැකියාගේ හත්මුතුපරම්පරාවේ වීරක්‍රියා ගැන අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැතැයි සිතෙන්නේය. බාප්පාගේ මිරිස් වගාව, වට්ටක්කා, පතෝල සහ දියලබු පළදාව, අලිමාලය, සුවාතාගේ දඩයම්, ඉර හඳ ඇතිවුණ හැටි, අන්දිරිස් ආතාගේ මුහුදු වික්‍රම, බාප්පයි තාත්තයි ළිඳක් කැපූ හැටි ආදී ඇත්ත කතා මීට කලින් පෝස්ටු වලින් කියවා ගත හැකිය. මුල සිට සරළව කියවීම සඳහා ලිංකුව මෙතැනඇත. අද ඩ්‍රැකියාගේ අඩවියට පිවිසෙන ඔබට කියා ...
පරණ රසකතා ඩ්රැකී අද මා ඔබට ගෙන එන්නේ පරණ ශ්‍රී සඟරා දෙකකින් උපුටා ගත් රස කතා සහ කාටුන් ටිකක්...මෙහි කාටුන්, අපේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වන ජනක රත්නායක ගේ. ඔහුගේ අත්සන දැකපු විට මටත් පුදුම හිතුණේ, මෙයා මෙච්චර පරණ කෙනෙක්ද කියන හැඟීමෙන්...ඊට පස්සෙ තව ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත විහිළු කතා දෙකක්... මුල්ම කතාවෙ නං, හිනා යන්නෙ කතාවටත් වඩා ඔසීගෙ කාටුන් චිත්‍රයට... ...
ලබ්බෙ මගුල ඩ්රැකී මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම:මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගුලක් වේවා!කිරි පැණි සේ එකට වාසය කරන්නට හැකි වේවා!!සාලිය - අශෝකමාලා, රෝමියෝ - ජුලියට්, ඩ්‍රැකියා - ඩ්‍රැකියානි වාගේ ඉතිහාසගත ප්‍රේමයකින් දිවි ගෙවන්නට හැකිවේවා!!!කියා ප්‍රාර්ථනා කරන්නේ හදවතිම්මය...එකෝමත් එක දවසක මට නොදන්නා නම්බරේකිං කෝල් එකක් ආවේය. ඒ ආවේ මේ සම්මජ්ජාතියෙ මං අහලා ...
බාප්පගේ සත්ත්ව පාලනය - ඉවරයක් නැති ගජබින්නාලංකාරයෙන් ඩ්රැකී බ්ලොගර් මුත්තා මට එවලා තිබ්බා කවියක්...අනේ ඩ්‍රැකි මල්ලේඋඹටත් බ්ලොගක් ඇත්තේමොකදැයි කරන්නේපොස්ට් නැතිවී වේලියන්නේ...කියලා.ඒක දැකපු ගමං මටත් බ්ලොගක් තියෙන බව මතක් වුනා.ඕං ඉතිං කාලෙකිං බාප්පගෙ තවත් කතාවක් අරගෙන මේං මං ආවා.මේ කියන්නෙ බාප්පලා කන්තලේ ගස් කැපිල්ලට පස්සෙ, කන්තලේ වගා කිරීමටත් පස්සෙ, ආපහු ගමට ඇවිත් ගෙදර වත්ත පිටියෙ වගා කරගෙන දැහැමෙන් සෙමෙන් අඩියක් පුඩියක් ගහගෙන හිටිය කාලෙ. ඩ්‍රැකියගෙ බාප්පගෙ හොඳම යාලුවෙක් තමා ...
කෝපය ගැන බුදුන්ගේ අදහස් - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 2 ඩ්රැකී ඩ්‍රැකියා පටන් ගත්ත වෙසක් කළාපයෙ පළවෙනි ලිපිය ගැන ගොඩක් දෙනා අදහස් දක්වලා තිබ්බා. ඉතින් ඩ්‍රැකියා කල්පනා කළා දූතීය ආඝාත පටිවිනය සූත්‍රයේ පළවෙනි කොටස වන ආඝාත පටිවිනය සූත්‍රය ඇසුරින් කෝපය ගැන ම තවදුරටත් කතා කරන්න.කලින් ඩ්‍රැකියා කතා කරපු කරුණු සැරියුත් හාමුදුරුවන්ගේ අදහස් (බුදුන් ගේ අනුමැතියට යටත්ව) වුනාට, ආඝාත පටිවිනය සූත්‍රයේ සඳහන් වෙන්නෙ කෙළින්ම බුදුන් වහන්සේ ගේ ම දේශනයක්. බුදුන් කෝපය ගැන ...
ඒක්තරා අැත්ත කතාවක්... ඩ්රැකී රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හිරු කිරණ බසයේ කවුළුවෙන් පෙරී විත් ඇගේ කළුවන් හිසකේ අගිස් රන්වන් පැහැ ගැන්වීය. “රාස්සිගේ අව්ව වැටී දඹරන් වුණු ඔබෙ කෙහෙරැළි - සුළං සමඟ පොරබැදුවා....” රෝෂන් මානෙල්ගේ කණට මිමිණීය.ඇය සිනාසුනි. “ඔබට මතක නැති වුනාට - ...
රුහිරෙන් පුදමි - තුන්වන කොටස ඩ්රැකී (මෙතෙක් කතාව කියවලම එමු නේද?)පූර්විකාවපළමුවෙනි කොටසදෙවෙනි කොටස‘‘...... මම අහල යවපු ඩිපාට්මන්ට් එකේ කීප දෙනාගෙන් තවම තොරතුරක් ලැබුනෙ නෑ.’’ විකුම් කීවේය. ‘‘මං ඇතුලෙ උන්නනම් මොනවහරි දැනගන්න තිබුණ. මේක මේ විදිහෙ දෙයක් වෙච්ච පළවෙනි වතාව වෙන්න බෑ.’’මිතුරෝ දෙදෙන ගුරු පාරක් දිගේ ඇවිද යමින් සිටියහ. උදෑසන වුවද හාත්පස වූයේ මළාණික බවකි. පාර දෙපස වූ විවිධාකාර තාප්ප වලින් සහ මල් වැට වලින් නිවාස සිරගතවී ...
දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන් ඩ්රැකී ‘‘....කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු, නිපුණ අතකින් සාදන ලද ඒවා විය. කූඩුවෙහි එක් මුල්ලක කුරුල්ලකුගේ මළ සිරුරක් වැතිර තිබිණ. තවත් මුල්ලක දිය සිඳී ගිය බඳුනක් ද, ධාන්‍ය ඇට නොමැති තැටියක් ද විය.‘‘නිහැඬියාවෙන් මඬිනු ලැබ නැඟී සිටි මම, කුරුලූ මළ සිරුර තුළ ද, දිය පාරේ හඬ තුළ ...
නලීන් දිල්රුක්ෂ - ජනතාවට පුවත් දැන ගැනීමට ඇති අයිතියට අත නොතබනු ! ඩ්රැකී පුරාණ කාල වල රජවරුන්ගේ කතා, ප්‍රේම කතා, යුද්ධ කතා, වීර කතා ආදිය ගී විරිත් වලින් (අතිශයෝක්තිය සහ අලකංකාර බහුල ශෛලියෙන්) ගොතා ජනතාව රැස්වෙන තැන්වල ගායනා කළ කවියෝ සිටියෝය. ඉලියඩ් ගොතපු හෝමර්, රාමායණය ගොතපු වාල්මිකී, මහාභාරතය ගොතපු වේදව්‍යාස ඒ අතරින් දැවැන්තයෝය. රොබින්හුඩ් ගෙ කතාව පවා මුල්ම කාලීන ජන කවි පේළියක් කියා කියන්නේය. මුල්ම කාලීන ඉතිහාසය බොහොම ආශ්චර්යමත් සිදුවීම් වලින් පුරවලා කවියට, ...
නීතිය, යුක්තිය සහ ආදරය - නත්තල් කළාපය 2019 ඩ්රැකී ඉෆිජියානා බිළීදීම - ලෙයොනාර්ට් බ්‍රැමර් ගේ චිත්රයක්උපුටාගැනීම - (https://commons.wikimedia.org/wiki/File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg)ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා. ඒක සමූහයක් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලිික බැඳීම කැප කිරීමක් වගේම, පවුලට සහ පුද්ගලයෙකුට එරෙහිව කරපු අපරාධයක්.අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වුණේ, යුද්ධය දිනා ආපිට තම ගෙදරට ආ අගමෙම්නෝන් රජු, ඔහුගේ භාර්යාව මෙන්ම අර බිළිදෙනලද
මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්... ඩ්රැකී ඊජිප්තුවේ වහලුන් වී සිටි ගෝත්‍ර 12 කට අයත් ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝ වරුන්ගේ පාලනයෙන් මුදවාගෙන, ඊශ්‍රායල් භූමිය වෙත කැටුව ආ මෝසෙස්, ඒ එන අතර මඟ සීනායි කඳු ප්‍රදේශයේදී, සිය ජනතාවට ජීවත් වීමේදී පිළීපැදිය යුතු ව්‍යවස්ථාවලියක් ලබා දුන්නේය. එය බෛබලයේ නික්මයාම පොතේ 20 පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.THE TEN COMMANDMENTS චිත්‍රපටයේ මෝසස් ගේ චරිතය නිරූපණය කරන චාල්ටන් හෙස්ටන්http://i.dailymail.co.uk/i/pix/2008/03_01/mosesHeston2703_468x611.jpgදෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ...
කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ කතා මාලාව - අංක 1 - පුදුම සතා ඩ්රැකී කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය. එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි.කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ඇතුළත් ළමා පොතක් මට උරුම උනේ අපේ අම්මාගේ අම්මාගෙනි. එයින් මගේ හිතට තදින්ම ඇල්ලූ කතාව මුලිම්ම පළකරන්නට අදහස් කරමි.එක්තරා කාලයක, එක්තරා රටක ...
ඉර හඳ පල්ලා බොරු නෙවේ... ගජබින්නාලංකාරයේ පස් වන අදියර ඩ්රැකී මේ ගජබින්නය එකතු කළේ සරුබීජ ලියන අපේ පර්යේෂක මහත්තයා. පන්සලක ඉන්න ඇබිත්තයෙක් තමා මේ ගජබින්නයෙ නිර්මාතෘ. මොඩිෆයි කළ ස්ටෝරියේ අයිතිය පරම සත්‍යවාදී ඩ්‍රැකියා සතුයි.ඉර හඳ හැදුනෙ කොහොමද කියන එක විවිධ ආගම් වල සහ ජනශ්රැතියේ විවිධාකාරයේ කතා මඟින් පැහැදිළි කරනවා. ඒ වුනාට ඇත්තම ඇත්ත සිද්ධිය තමයි මේක.ඕං අපේ සුවාතා දවසක් දඩයමේ ගිහිං නොසෑහෙන්න රෑ බෝ වෙලා, හිස් අතින්ම ගෙදර ආවා. එනකොටම, ...
මල්බෙරි පඳුර වටේ යාම, වයසක මිනිසා සහ වීසල්... ළමා කවියක අඳුරු ඉතිහාසය. ඩ්රැකී බටහිර ළමා කවිවල ඉතිහාසය ගැන මීට කලින් ලියූ ලිපිවල තවත් කොටසක් හැටියට, අද මම ඉදිරිපත් කරනවා තවත් කවි කීපයක්.මෙන්න පළමුවෙන් ම, මල්බෙරි පඳුර වටේ යාම...මේ කවියේ විවිධ එකතු කිරීම් සහ විවිධ පදවැල් තිබුණත්, ඒ සියල්ල පටන් ගන්නේ මල්බෙරි පඳුර වටේ යාමෙන්. ඒ කවියේ තේරුම ගැන මත දෙකක් තිබෙනවා.ආර්. එස්. ඩන්කන් වැනි ඉතිහාසඥයන් අදහස් කරන්නේ 18 වන සියවසේ වේක්ෆීල්ඩ් සිරගෙයි තිබූ ...
අවසානයක් නොවේ - නව වන කොටස ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසඅට වෙනි කොටසhttps://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs/images/content_images/four-riders/FourRiders4.jpg"රාසිං දෙවියන් ගේ වාසලට ඔබගේත්, ඔබ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" රජවාසලේ පණිවුඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. යටිකයට ඇඳි සුදු පැහැ ධෝතියත්, ඉණ පටියේ පැළඳි කැටයම් කළ මිට සහිත කඩුපතත් දැරූ අශ්වාරෝහක දූතයා පෑවේ නිසග තෙදවත් බවකි. වෙද මුදළි තුමා පණිවුඩකරු ගෙනැවිත් තිබූ අමතර අශ්වයා දෙස බලා මඳහසක් හෙළුවේ ය."මට නං ...
සංගීතය මිය ගිය දිනයක් ඩ්රැකී http://st1.bollywoodlife.com/wp-content/uploads/2013/10/Manna-de-241013.jpgපණහේ දශකයේ සිට අසූව දශකය දක්වා හින්දි රිදී තිරය සංගීත රසයෙන් පුරවාලූ මන්නා ඩේ (1919 - 2013) පසුගිය ඔක්තෝබර් 24 දින අප අතරින් සදහටම වියෝ වූ පුවත සැළවිය. ඔහු 1942 සිට මේ දක්වා ගීත හාර දහසකට වඩා ගායනා කර තිබේ. 1971 දී ඉන්දීය රජය විසින් පිදෙන පද්ම ශ්‍රී සම්මානයෙන් ද, 2005 දී පද්ම භූෂන් සම්මානයෙන් ද, 2007 දී දාදාසහීබ් පල්කේ ...