නැකැත් ගැන - 2015 වෙසක් කළාපයෙ දෙවෙනි ලිපිය ඩ්රැකී ජාතක කතා පොතේ දැක්වෙන 46 වන ජාතක කතාව වන නක්ඛත්ත ජාතකය මෙවර වෙසක් කළාපයෙන් ඉදිරිපත් කරනවා.http://www.silumina.lk/2015/04/12/af15041214.jpgබුදුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලයක, එක් ආජීවකයෙක් පිළිබඳව මේ කතාව දේශනා කළා.සැවැත්නුවර එක් ගෙදරක දියණියක්, අසළ ගමක එක් තරුණයෙකුට යෝජනා කරලා, කැන්දාගෙන යාමට දිනයකුත් නියම කර ගත්තා. මනමාලයාගේ පියා ඒ දිනයේ නැකැත් තියේද යන්න ගැන එක ආජීවකයෙකුගෙන් විමසුවා. ඒ ආජීවකයා, 'මගෙන් අහන්නේ නැතිව තමන්ම ...
සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්) ඩ්රැකී මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි ගෙ පොතක් ඉදිරිපත් කරනවා.මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි. මෙයිට වඩා හොඳ කියමන් අනික් පර්ච්ඡේද වල දැකගන්නට මේ පොත බාගත කරගන්නා හුදී ජනයාට පුළුවන් වනවා ඇත. විශේෂයෙන්ම දෙවි දේවතාවුන් අදහන බහුද්දයන්ට රෙද්ද පල්ලෙන් යන්නට බැට දී ඇති මුල් පරිච්ඡේදය විශේෂ ය. ඉන් පස්සේ "කැතම සතා" ...
ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා... ඩ්රැකී පිදුමඅතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට...එක්තරා කාලෙයක් තිබුණ, මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය යන්තං වැඩවසම් ක්‍රමයෙන් එපිටට පරිවර්තනය වෙමින් ආව කාලෙ - ඉස්කෝලෙ මහත්තුරු කියල ජාතියක් බිහි වුනා. එයිට කලිං ගමේ වැදගත්තු විදිහට හිටියෙ නිලලත් චණ්ඩි.චණ්ඩි කිව්වහම මතක් උනා කතාවක්. ඕං එක්තරා ගමක උන්න ගිරිගෝරිස් කියල චණ්ඩියෙක්. ඒ කාලෙ චණ්ඩි කියන්නෙ අර හතර පෝයට ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මතකරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත ඩ්රැකී ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉහළ නැංවීම මානව හිමිකම් මණ්ඩලය 25/1.එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ පරමාර්ථ සහ මූලධර්ම නැවත තහවුරු කිරීම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයත්, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තියේ සහ අනෙකුත් අදාළ ආයතනයන්හි ම`ග පෙන්වීම මත 2006 මාර්තු 15 60/251 මහාමණ්ඩල යෝජනාව සිත්හි තබාගෙන,2007 ජූනි 18 ආයතන ගොඩනැගීම පිළිබඳ 5/1 දරන මානව හිමිකම් මණ්ඩල යෝජනා සහ 5/2 දරන ...
අලි ප්‍රෙහ්ලිකා අංක 1 - පිළිතුරු සහ ජයග්‍රාහකයෝ ඩ්රැකී පහු ගිය සතියේ කල් ගැනීමක් විදිහට දාපු අලි ප්‍රශ්න අට ට ඉතා උනන්දුවෙන් උත්තර බැඳපු සහ කමෙන්ට් කරපු හැමෝටම පුළුවං උනා, මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණ වැඩිම කමෙන්ට් ගාණ ස්කෝර් කරන්න. ඒ ගැන මුලිම්ම ස්තූති පූර්වක කුරුතඤ්ඤ (උපුටා ගැනීම - රොමාගේ වාසනාව - අනුවාදක කර්තෘ ඒ. ආර්. එරත්න) බාවය ප්‍රකාශ කරනවාය.කලිං පෝස්ටුවේ උත්තර, කලිං පෝස්ටුවේ ම පහතින් කමෙන්ට් එකක් හැටියට ...
බාප්පගේ පතෝලේ - ගජබින්නාලංකාරය ඉවර නෑ... ඩ්රැකී ඩ්‍රැකියා හෙණම සත්යවාදියෙකි. ඌ කට ඇරියොත් කියන්නේ පට්ටපල් හෙණම ඇත්තකි. අපේ සමාජයෙන් ඈත් වී යන ජනශ්රැතියේ අංගයක් ලෙස හඳුනාගත හැකි ගජබින්න එකතු කිරීමට ඩ්‍රැකියා හිතුවේ කෞතුක දේට තියෙන ආසාවට සහ ඒවායේ ඇති දේශපාලනමය වටිනාකම නිසාය. ගජබින්නාලංකාරයේ කලින් කොටස් මේ ලිංකුවෙන් ගිහිං බලාගත හැක.මේං ගජබින්නාලංකාරයේ කතා සැට් එකඅද අපි කියවන්නට යන්නේ ඩ්‍රැකියාගේ සුප්‍රකට බාප්පා කන්තලේ ගොවි රජාව සිටි කාලයේ (ඒක නං ...
කාලෙකින් ගජබින්නාලංකාරයේ තවත් දිගහැරුමක් ඩ්රැකී පහුගිය දවස් වල ඌවේ පැවතුණු, ලෝකෙ ලොකුම පළාත් සභා මැතිවරණය කියන්නෙ ඉතිං අපේ ගජබින්න කැළේ යන සෘතු විපරියාසයකි. ඒ නිසා ඩ්‍රැකියා ලියන එක තාවකාලිකව අඩු විය. පශ්චාත් මැතිවරණ බේගලුත් ඉවර වීගෙන යන අවස්ථාවේ, අපේ බාප්පාගේ පුතා සම්බන්ධ මහා ගජබින්නයක් ඇද බාන්නට හිතුවෙමි ය.http://www.tumblr.com/photo/1280/fyeahhowtotrainyourdragon/1577019891/1/tumblr_lbwjp09LBy1qbbz9iබාප්පා හරි හරි වැඩ කරන සූර මිනිහෙක් බව රට පුරා ප්‍රසිද්ධ කාරණයකි. ඒක ආරංචි වුණ මරඳගහමුල යකඩයා කියන ...
ලබ්බෙ කානිවල් එක - ගජබින්නාලංකාරයේ තවත් හරවත් කොටසක්... ඩ්රැකී කලකට පස්සේ වෙලකට බැස්සේ කියාගෙන, ඩ්‍රැකියා ආපහු බ්ලොග පැත්තට ආවා. ඩ්‍රැකියාගෙ සූර වීර මුතුන් මිත්තන්ගෙ කෙරුවාවල් ගැන ඩ්‍රැකියත් එක්ක ඉන්න හැමෝම දන්නවනෙ. දන් නැති කෂ්ඨිය මෙතනින් ගිහින් කියවලම ආවොත් පංකාදුයි...මේං ලිංක් එක කලින් කතා වලටඩ්රැකියගෙ බාප්පා කන්තලේ හිටිය කාලේ, එක සැරයක් කානිවල් එකක් ආවනෙ කන්තලේ ටවුමට. කානිවල් එකක් ය කියන්නේ, ඒකෙ තිබ්බා අරුම පුදුම දේවල් පෙන්නන ප්‍රදර්ශනයක්, සර්කස් එකක් එහෙමත්. ...
හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා... ඩ්රැකී http://static.fjcdn.com/pictures/King_8b19de_327898.jpgඕං දවසක්දා රාජ භෝජන වළඳලා එහෙම, විටක් හප හපා හිටපු කැකිල්ලෙ සජ්ජුරුවන්ට මරු අයිඩියා එකක් පහළ උනා. සජවරුන්ට මරු මරු අයිඩියා පහළ වෙනව තමා ඉතිං කාලෙං කාලෙට."රටේ ඉන්න හොඳම කම්මැළිය තෝරල ඌට සම්මානෙයක් දෙන්ඩ ඕනෙ" ඒක තමා කැකිල්ලෙ රජ්ජුරුවන්ට ආපු අදහස. ඉතිං පහුවදා ම රාජසභාවෙදි ආඥාවක් නිකුත් කළා.ඒ අණට අනුව රාජපුරුෂයො, පස්ස කැඩිච්ච කඩි වගේ, ටාගට් කවර් කරන්ඩ බැරිවෙච්ච පොලිස් ...
අලි ප්‍රහේලිකා අංක 2 - අලි කූඹි කතා... ඩ්රැකී මෙන්න ඔබ පුල පුලා - තල තලා බලා සිටි, අලි ප්‍රහේලිකා අංක දෙක අරන් අදත් ඔබේ නිවහනට ගොඩවදින්නේ ඔබේ සුමිතුරු ඩ්‍රැකියා. සමහර උදවිය දැනටමත් හොඳින් දන්නා පෞරාණික කතන්දර කීපයක් අරගෙනයි මේ ආවේ. ඔන්න එහෙනං පුරස්න...01.අලි දෙන්නෙක් කැලයක් මැදින් ගමනක් ගියා. ඉන් එක අලියෙක් කුරුම්බ ගහකට නැගලා, කුරුම්බා ගෙඩි හතඅටක් කඩලා, කීපයක් බීලා, අනිකටත් බොන්න කිව්වා. ඒත් අනික් අලියා බිව්වෙ නෑ. ...
යක්කුංගෙ නිධානය - බුරුම ජනකතාවක් ඩ්රැකී ඉතිං ඔන්න කාලෙකින් බ්ලොග් එකට ආව. පහුගිය ටිකේ ඩ්‍රැකියානි විභාගයකට පාඩම් කළා. මම ඔය විභාගෙට පාඩම් කළේ 2017දි. ඒ දවස්වල මම හැම ඉරිදම පන්ති ගියා. හැමදාම රෑ 9 විතර ඉඳන් 12 විතර වෙනකං පාඩම් කළා. ඒ කාලෙ අපේ පුංචිරාළට අවුරුදු දෙකයි වයස. ඉතිං මට ඒ පාඩම් වැඩවලට පහසු වෙන බබා බලාගෙන, ගෙදර දොරේ මා අතින් වෙන්න තිබුණු දේවලුත් සම්පූර්ණ කරගෙන, ...
කවුරු - කාටද? ඩ්‍රැකියාවෙලී විග්රහයකි... ඩ්රැකී දවසක් පිස්සෙක් පිහියක් අමෝරාගෙන තව පිස්සෙක් පස්සෙං එළවන්නට විය. ඒ පිස්සා ද පණ එපා කියා දුවන්නේ ය. පිහිය අතැති පිස්සා එක එක දේ කියමින් කෑගහමින් ළඟ - ළඟම එළවං එයි."තෝ කනව යකෝ!""ඔහෙ හිටපිය!""මරණව තෝ!""කනව යකෝ කටු පිටිං!"ආදී භයානක තර්ජන කරමින් අර පිස්සා මාරාවේශයෙන් වගේ එළවං එද්දී, අනික් පිස්සා බල්ලට මෙන් හති ලමින් දුවන්නේය.ඌ දුවගෙන දුවගෙන කොහොමින් හරි තාප්ප මුල්ලකට කොටු ...
බාප්පගෙ කතන්දර - 3 කොටස... ඩ්රැකී නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. “එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)(ඔන්න ඔහොමයි කලින් කතාව නතර ...
නීලකළපුව ඩ්රැකී වික්ටෝරියානු යුගයේ දී... දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට ...
සුනිල් පෙරේරා ට සමුදෙමු. ඩ්රැකී අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ සිව්දෙස සඟරාවක පළ කෙරුණා සුනිල් පෙරේරා එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්. ඒක කරල තිබුණෙ ශ්‍රී ලාල් ප්‍රියන්ත. ප්‍රශ්න සහ සාකච්ඡාව පළ කරලා තිබුණු විදිහෙන්, ඒ වගේම ඒ ලිපියට දාල තිබුණු මාතෘකාවෙන් පේනව සඟරාවෙ අරමුණ වුනේ සුනිල් පෙරේරා සහ ඔහු නියෝජනය කරපු රසවින්දනාත්මක සමාජ ස්තරය පහත් බව ප්‍රකාශ කරන්න බව. වැඩි කතා නැතුව පහළින් දාන්නම් ඒ ලිපිය. ...
උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් - සහ අලි ප්‍රහේලිකා අංක 3 ඩ්රැකී "බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි."ආදර්ශ පාඨයකිං ලියවිල්ල ආරම්භ කිරීම ක්ලැසික් ගතියකිමේ අපි කවුරුත් හොඳින් දන්න අඳුනන වල් මදාවියා හෙවත් විසිටරයා විසින් මා අරභයා දේශනා කරන ලද ආදුරුස පාටයකි.මේ ආදුරුස පාටය දේශනා කරන්නට යෙදුන නිමිත්ත වූයේ මා පහුගිය දෙසතියේ අම්බානකට බිසී වීම නිසා බ්ලොග් ලෝකයේ වූ දේවල් (තියා නිවුස් මොනවක්වත් පවා) කිසිම දෙයක් නොදන්නා තත්ත්වයකට පත්වීමය.ඩ්‍රැකියානිත් මාත් ...
අවසානයක් නොවේ - දහ තුන් වන කොටස... ඩ්රැකී පළවෙනි කොටසතුන් වෙනි කොටසදොළොස් වෙනි කොටස"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට ...
බෞද්ධයෙක් කියන්නේ කවුද? - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 3 කොටස ඩ්රැකී බුදුන් සරණ යන කෙනෙක් ළඟ ඇති ගුණාංග ගැන බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රෙය් දේශනා කරනවා.බුදුන් ගේ අදහස අනුව, බෞද්ධයෙක් කියන්නේ,1. ආත්මය කිළිටි කරන කරුණු 4 කින් ඈත් වුණු,2. කරුණු 4 ක් නිසා කරන පවු වලින් වැළකුණු,3. වස්තු විනාශයට හේතු 6 කින් වැළකුණු,4. සදිසාවන් මනාව පවත්වාගන්නා, තැනැත්තෙක්.1. ආත්මය කිළිටි කරන කරුණු: (අ) පණ නැසීම, (ආ) සොරකම, (ඇ) අනිසි කාම සේවනය, (ඈ) බොරුකීම ...
හොඳ, නරක, කැත මිනිස්සු ඩ්රැකී ඇමරිකාවේ 1860 ගණන්වල සිවිල් යුද්ධය පැවති කාලය...ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමීරස්: එක්සත් ජනපදයේ කවුන්ටි දා හතරකින් උවමනා කර තිබෙණ; මිනී මැරුම්, මිනිසුන්ගෙන්, බැංකුවලින් සහ තැපැල් කන්තෝරුවලින් ආයුධ සහිතව සොරකම් කිරීම්, පූජනීය දේ සොරකම් කිරීම්, රජයේ බන්ධනාගාරයක් ගිණි තැබීම, බොරුවට දිවුරුම් දීම, බහු විවාහ කර ගැනීම්, භාර්යාව සහ දරුවන් අත්හැර යාම, ගණිකා වෘත්තියට පෙළඹවීම හෝ බල කිරීම, පුද්ගලයන් පැහැරගෙන යාම, ...
පරණ (ඇන්ටික්) කාටුන් ටිකක් ඩ්රැකී පහුගිය ජනාධිපතිවරණය, 77 මහ මැතිවරණයට සමාන කරලා තිබුණා දැක්කා. ඒ මැතිණිගෙ පාලනයෙන් මහත් පීඩනයකට පත්වී සිටි ජනතාව ඒ පාලනය වෙනස් කරන්නට පාරට බැහැපු අවස්ථාවක්. ඩ්‍රැකියාගේ දිවංගත තාත්තා එකතු කරපු කාටුන් ටිකකින් ඒ ගැන මතකය අලුත් කරන්නට හිතුණා.මේ මැතිණිගෙ පාලනය තිබුණු කාලය... (රිවිරැස පත්තරේ)මහ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී දෙපාර්ශවයට කියන්න තිබුණු දේවල්...කලින් මහ මැතිවරණය එක්ක සංසන්දනයක්...මහ මැතිවරණයෙදි චන්දදාසට කියන්න තිබුණු දේවල්...මහ මැතිවරණය ...